Posts

Showing posts from May, 2018

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

Image
'කූඹියෝ' සහ 'සහෝදරයා' ටෙලි නාට්‍ය දෙක දැන් අවසන් වී තිබෙනවා. නමුත් ඒ නාට්‍ය දෙක ගැන සංවාදය අවසන් වී නැහැ. ඒ නාට්‍ය දෙක මඟින් සමාජ සිතීමට කරන ලද බලපෑමත් අවසන් වී නැහැ. ඒ නිසාම අපට එම නාට්‍ය දෙකේ දේශපාලනය පිළිබඳ කතාබහ අවසන් කරන්නත් බැහැ. මෙවැනි නාට්‍ය පිළිබඳව විචාරයක් ගෙනෙද්දී මතුවන ප‍්‍රධාන ගැටලූවක් තිබෙනවා. ඒ අපි මේ කෘති විග‍්‍රහ කර ගන්නේ කුමක් ලෙසද යන ප‍්‍රශ්නය. මේවා කලා කෘතිද, නැත්නම් වෙළඳපොළට නිකුත් කරන වෙළඳ භාණ්ඩද? මේවායේ අරමුණ කලාවේ පුරුෂාර්ථ සමාජයට සමීප කරවන නූතනවාදී අරමුණුද, නැතිනම් හුදු ලාභ ගොඩ ගැසීමේ අරමුණුද? වර්තමාන ධනවාදී සමාජය තුළ කලාව ඒකාධිකාර සමාගම්වල ලාභ උල්පතක්, හුදු වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට තිබෙනවා. ඒ නිසා කලා කෘති වෙනුවට අපට මුණ ගැසෙන්නේ වෙළඳ භාණ්ඩ. කලාවේ ලක්ෂණ අන්තර්ගත කරගත් වෙළඳ භාණ්ඩ. කලාකරුවා වෙනුවට අපට මුණ ගැසෙන්නේ එම විනෝද කර්මාන්තයේ ප‍්‍රාග්ධන හිමියන් ළඟ භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන ශ‍්‍රමිකයකු. සමහර විට එම කලා ශ‍්‍රමිකයාගේ ඉරණම අනෙකුත් කර්මාන්තවල නිරත වැටුප් ශ‍්‍රමිකයාටත් වඩා අර්බුදකාරීයි. එවන් තත්වයක් තුළ අපට හමු වන්නේ කලාවේ දායාදයන් ස්වසන්තක ක