Posts

Showing posts from June, 2023

නතාෂා සහ ICCPR

Image
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් බුදුන්ට කළ අපහාසයක් ලෙස ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. එම ප්‍රකාශය සහිත ප්‍රහසන වැඩසටහන විකාශය කළ සමාජ මාධ්‍ය හිමිකරු ලෙස බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගොස් ඇත. යම් අදහසක් ප්‍රකාශ කිරීමට හා ස්ථාවරයක් දැරීමට ඇති නිදහස ස්ථාපිත කෙරුනේ ලිබරල් නිදහසේ ධජය ඔසවාගෙන ආ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. නිර්මාණකරුවකුට හෝ වෙනත් අයකුට තමන් ඉදිරිපත් කරන අදහස ඉදිරිපත් කිරීමේ අයිතිය අවහිර කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පැහැර ගැනීමකි. එවැනි අය පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම්වලට මෙන්ම අධිකරණ කටයුතු හරහා සිරගත කිරීම් කරමින් මර්දනය යොදාගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු.  යම් ප්‍රකාශයක අදහසට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ක්‍රමවේදය වන්නේ එම අදහසට වෙනත් අදහස් මගින් ප්‍රතිචාර දැක්වීමත් අදහස් ප්‍රචාරය වීමේදී ඇතිවන බලපෑමක් විවේචනය මගින් නිවැරදි කිරීමත්ය. නිර්මාණකාරියකට ද සිය නිර්මාණාත්මක ප්‍රවේශය හරහා අදහස් පළකිරීමට සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම එම නිර්මාණය විවේචනය කිරීමේ අයිතිය ප්‍රජාත

නූතන දෘෂ්ටියකින් පැරණි ආකෘති රැඩිකල්කරණය

Image
"ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය" - දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක් දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage) ස්වභාවය නිසාය.  පන්සිය පනස් ජාතක කෘතියේ එන ජාතක කතාවක් ඊට පාදක කර ගත්තද බෙහෝ නූතන පඨිතයන් ප්‍රමාණයක් සමග සමෝධානය වෙමින් එය සංකීර්ණ මනෝභාව සංකීර්ණයක් ගොඩනගනා බැවිනි. එබැවින් මේ පඨිතයන් අතර අන්තර්පාඨනයක් පාඨකයා වෙතින් පූර්වාපේක්ෂා කෙරේ. එකී අන්තර්පාඨනයේදී පාඨකයාට ලැබෙන ‘ඉඩ‘ විසින්ම ‘නොඉවසිලිමත් පාඨකයකු‘ මංමුලා වීමට ඉඩ ඇත. එහෙයින්, එකී මංමුලා වැල් පාගා නොගෙන කෘතිය කියවීමට සුවිශේෂ විනයක් කෘතිය විසින් පූර්වාපේක්ෂා කෙරේ.  ‘යුද්ධයෙන් දිනූ දකුණට විවේකය ලැබුණෙය කියවන්නට ජාතක අටුවා ටීකා ටිප්පණි ගැටපද වෙඩි හඬ  රතිඤ්ඤා හඬින් යටපත් කළ නියම්ගමක සිට මම කියවමි බන්ධන මොක්ඛ ජාතකය’ (පිටුව 23) කෘතිය ආරම්භයේදීම තමා බන්ධනමොක්ඛ ජාතක කතාව පදනම් කරගන්නා වගත්, එය සමකාලීන පශ්චාත් යුද දකුණු ලංකා සනදර්භයක පිහිටුවන බවත් කතුවාරයාම අපට පවසයි. යුද ජයග්‍රහණ

Song Zone - "නඩුකාර මාමේ "

Image
 කන්තලේ පැත්තෙන් ඇහෙන අලු‍ත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ කොළමෙ වැඩේ ගැන පැහැදිලි කරන්න ඉඩ නැති නිසා අපි කෙළින් ම සින්දුවට යමු. ඇත්තට ම උදව් කරන්න වටින වැඩක් නිසා වැඩේට උදව් කරන්න කැමති අයට ‘රළ’ මාර්ගයෙන් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.  පහුගිය කාලෙ විද්‍යුත් මාධ්‍යවලත් යූටියුබ් අවකාශයෙත් ටිකක් ජනප්‍රිය වෙච්ච මේ සින්දුව ගැන කතා කරපු වැඩිදෙනෙක් මේ ගැන කිව්වෙ, දික්කසාදය දරුවන්ට බලපාන ආකාරය ගැන කතා කරන අතිසංවේදී සින්දුවක් කියලා. ඔව්... කීපදෙනෙක් ම සින්දුව අහලා අඬලත් තිබුණා; සමහර කසාද පිරිමි, තමන්ගෙ විවාහයට පරිබාහිර සබඳතා නවත්තලත් තිබුණා කියලා වැඩේට මැදිහත් වෙච්ච අයගෙන් අපිට දැන ගන්න ලැබුණා. ඒත් රළේ අපිට නම් මේ සින්දුවෙන් ඊට වඩා වෙනස් කලාපයක් ගැන කතා කරන්න ඉඩ හදලා දෙනවා කියලා හිතෙනවා.  මේ සින්දුව ලියවිලා තියෙන්නෙ අවුරුදු 12-14ක විතර දරුවෙක්(සින්දුවට අනුව දැරියක්) කියන විදියට. එයා සින්දුව කියන්නෙ තමන්ගෙ අම්මගෙයි තාත්තාගෙයි දික්කසාද වන්දි නඩුව අහපු විනිශ්චයකාරයාට. ඒ කියන්නෙ ආයෙත් මේ වින්ශ්චයකාරයට අහන්න

වසා දමන ලද ජීවිතයට එදිරිව ඇය - Burqa

Image
  ආගම් හා ඒ මත ගොඩනැගුනු සංස්කෘතීන් අපගේ ජීවිත උපතේ සිට මරණය දක්වා පාලනය කරනවා. බිළිදෙකුගේ රන්කිරි කටගෑමේ සිට මතක වස්ත්‍ර පූජාව දක්වා සියල්ල මෙම සංස්කෘතීන් තුළින් අපව හැඩගැස්වීමේ උපාංගයන් බවට පත්වෙනවා. පෙර පැවති සංස්කෘතීන්ගේ පැවති සියලු‍ සිරිත් හා හරයන් එකම නිරවශේෂයක් ලෙස බැහැර කිරීමට අපට හැකියාවක් නොමැති නමුත් එම සංස්කෘතික හරයන් ඒ ලෙසින්ම කරගසා ගෙන යාම අපව සමාජමය අර්බුදයක් කරා ගෙනයයි. අප ජීවත්වන වන ආසියානු අප්‍රිකානු කලාපයෙ මෙම සංස්කෘතික පසුගාමීත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර ආර්ථික දරිද්‍රතාවය වැනි කරුණු ඒ සදහා පදනම් වී ඇත.  කෙසේ නමුත් මෙම සංස්කෘතික රාමූන් තුළ පොදුවේ සියලු‍ දෙනා පීඩා විදින අතරම කාන්තාවන් විශේෂයෙන් පීඩා විදින බවක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඛේදවාචකය නම් එම පීඩාව පීඩාවක් ලෙසින් හෝ හදුනාගැනීමට බොහෝ කාන්තාවන් අසමත්වීමයි. ඇතැම් විටක ඇය මෙම සංස්කෘතික බාධක පීඩාවක් ලෙස හඳුනාගන්නා නමුදු ඇයම ඇයව රවටා ගනිමින් ඊට පිළිතුරු සෙවීම මගහැර යයි. ඇයට එම සංස්කෘතික සීමාවන් අභිබවන ජීවිතයක් පිළිබදව උපකල්පනය හෝ කළ නොහැකි වාතාවරණයක එවැනි ජීවන භාවිතාවකට එළැඹීමටත් ඉන්පසු සමාජයෙන් එල්ලවන අභියෝග