Posts

මධ්‍යකාලීන යුගයෙන් පුනරුදයට

Image
  Lamentation by Giotto di Bondone වැඩවසම් සමාජ-ආර්ථික පසුබිමත් ඒ මත ගොඩණැඟුණු මධ්‍යකාලීන යුගයේ චිත්‍ර කලාවේ පොදු ස්වරූපයත් පිළිබඳ සිදු කළ සංවාදයෙන් අනතුරුව මේ යුගයේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ කාර්යයන් වෙත පිවිසීමට දැන් අපට අවස්ථාව උදා වී ඇත. විශේෂයෙන් ම මෙතෙක් අපගේ අවධානයට ලක් වූ ආගමික චිත්‍රය, පුනරුද යුගයේ මානවවාදී දෘෂ්ටියක් සහිත කලා භාවිතයක් බවට පත් වූයේ කෙසේද, යන්න වටහා ගැනීමේ දී මෙම කලාකරුවන්ගේ නිර්මාණ භාවිතය විෂයෙහි ප්‍රවේශ වීම බෙහෙවින් වැදගත් ය. මෙහි දී ඉතාලියේ 13 වන සහ 14 වන සියවස්වල වුසූ Cimabue, Duccio di Buoninsegna සහ Giotto di Bondone යන කලාකරුවන්ගේ නිර්මාණයන්ට ඉහළ වටිනාකමක් හිමි කර දිය යුතුය. ඔව්හු බයිසැන්තියානු සම්ප්‍රදායේ සංකේතාත්මක හා ආගමික රූපකරණයෙන් වඩාත් ස්වභාවික, මානුෂීය සහ අවකාශීය චිත්‍රකරණයකට මාරුවීමේ වැදගත් පියවරක් තැබූහ. Giovanni Cimabue (ආසන්න වශයෙන් 1240–1302) මධ්‍යකාලීන ඉතාලි චිත්‍ර කලාවේ වැදගත් සංක්‍රාන්තික චරිතයකි. ඔහුගේ කෘති තුළ බයිසැන්ටයින් චිත්‍ර සම්ප්‍රදායේ ලක්ෂණ තවදුරටත් දක්නට ලැබුණ ද රූපවලට වැඩි සජීවී භාවයක් හා ප්‍රකාශන හැකියාවක් ලබාදීමට ඔ...

නා අරටු සිය දහසක් පසු කරමින් ගලන 'අලු පැහැ වැව් දිය'

Image
  'අ ළු පැහැ වැව් දිය’ සිසිර කුලතිලකගේ කුළුදුල් කාව්‍ය සංග‍්‍රහයයි. කිසිවෙකුගේ කුළුදුල් කාව්‍ය සංග‍්‍රහයකදී පාඨකයා කෙසේ වෙතත් විචාරකයා මුහුණ දෙන අභියෝගයක් තිබේ. කෘතිය පිළිබඳව දක්වන කවර අදහසක් හෝ කතුවරයාගේ ආධුනික බව යන මුඛ්‍ය කරුණ සිත්හි තබා කළ යුතු වන්නේ අවංක විචාරය යනු ඇතැම් විට දෙපැත්ත කැපෙන පිහි තලයක් සේ භයානක නිසාය. ‘අළු පැහැ වැව් දිය’ කෘතියට අදාළව යමක් සටහන් කරන්නට සිතන විචාරකයා එබඳු අබග්ගයකට මුහුණ නොපානු ඇත්තේ ලියා මතු කර පෙන්වන්නට තරම් සියුම් වූ ද ගැඹුරු වූ ද මනස්කාන්ත වූ ද කාව්‍යමය පරිචයක් සිය කුළුදුල් කෘතියෙහිම ලා ප‍්‍රදර්ශනය කරන්නට තරම් සිසිර සමත්ව ඇති බැවිනි. ඔහු කාව්‍ය සරණිය රසිකයා අබිමුව තබන්නේ තරමක දුලබ ආකෘතියක් යොදා ගනිමිනි. ‘දියවරක ආත්මීය චාරිකාව’ යනුවෙන් සරණිය සිව් වැදෑරුම් මාවතක ගලා යාමට සලස්වන්නේ ‘ගිරි මුදුන මගේ නිවහන’ වැනි කෘතියකදී සුනිල් විජේසිරිවර්ධන භාවිතයට ගත් ආකෘතිය සිහිපත් කරමිනි. සුනිල්ගේ කෘතියේ හැඳින්වීමේදී ඔහු කියා තිබුණේ ධාරා කීපයකට වෙන් කරනු ලැබුවද එහි සීමා හැම විටම එක් එක් ධාරාවකින් සපුරාම වෙනස් නොවන අතර සීමා බොඳ වීමේ සහ මුසු වීමේ ඉඩක්ද ඇති වගය. සි...

මියගිය නන්දා මාලිනීගේ භූමිකාව

Image
  ලංකාවේ ගීත කලාව තුළ ගැඹුරු මුද්‍රාවක් තැබූ ගායිකාවක වන නන්දා මාලිනී 2026 අගෝස්තු 20 වන දින පස්වරුවේ නාවල පිහිටි ඇයගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වූවාය. ඇයගේ අභාවයත් සමග ඇය විසින් දායක වූ නිර්මාණ පිළිබඳ සංවාදයක් ආරම්භ විය.   මාලිනීගේ සංගීත නිර්මාණ සහ ඇයගේ ජීවන භාවිතාව පිලිබඳ ඇගයීමකට වඩා එකී සංවාදයට මැදිහත් වීම වඩා වැදගත් වේ. එම සංවාදයේ ප‍්‍රධාන පැතිමාන දෙකක් නිරීක්ෂණය කළ හැකිය. එකක් කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව සම්බන්ධයෙන් මතුපිටින් ගිය සංවාදයයි. අනෙක ඊට ගැඹුරින් තිබු සමාජය ප‍්‍රගතිශීලී සහ ප‍්‍රතිගාමී ලෙස දෙකට බෙදුණු සංවාදයයි. පළමුවැන්න සඳහා නන්දා මාලිනී වස්තු බීජයක් වීම වටහා ගත හැකිය. ඒ ඇයගේ ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’   වැනි දේශපාලන අරුත් රැුගත් නිර්මාණ සමුච්ඡුයන් හරහා ඇය එක්තරා ආකාරයකින් ලංකාවේ ප‍්‍රවණතාත්මක කලාවේ සංකේතයක් බවට පත්වී සිටීමයි. නන්දා මාලිනීට අමතරව ලංකාවේ එවැනි සංකේතාත්මක භුමිකාවකට පණ පෙවූ ගායකයෙකු සිටියේ නම් ඒ ගුණදාස කපුගේ පමණි. ගීතයක් හෝ වෙනත් යම් කලා නිර්මාණයක් යම් සමකාලීන අරමුණු සමග සමපාත විය යුතුද , නැතිනම් ඒවා එම නිර්මාණ බිහිවූ යුගය ඉක්මවා සර්වකාලීන මනුෂ්‍ය ග...

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

Image
  සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ දිනවල සාහිත්‍ය සම්මාන උළෙල , පොත් ප‍්‍රදර්ශන , සාහිත්‍ය දේශන සහ සංවාද පිරී ඉතිරී යනවා. නමුත් සාහිත්‍ය ක්ෂේත‍්‍රය ඔසවාලීම සහ කියවීමේ අගය ගැන කණ පිරෙන්නට ලැබෙන පුරාජේරු කතා යථාර්ථයක් කර ගැනීමට තිබෙන බාධාව ගැන වැඩි කතාවක් නෑ. ඒ බාධාව මූල්‍ය බාධාවක්. පොත්පත්වල මිල මෑත කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. දැන් සාමාන්‍ය නවකතාවක මිල රුපියල් 2000 සීමාව පැන ඇති අතර අවම පිටු සංඛ්‍යාවක් සහිත කවි පොතක් රුපියල් 500 -750 අතර මිල වෙනවා. විවිධ විෂය සම්බන්ධයෙන් ලියැවුණු පොත් ඊටත් වඩා මිල වැඩියි. පොත්වල මිල මෙතරම් ඉහළ යන්නේ ඇයි ? ඒ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යටත්ව ආණ්ඩුව පනවා තිබෙන ඉතාම අසාධාරණ බදු. අපි මේ ගැන සවිස්තරාත්මකව බලමු. ආණ්ඩුව මේ වනවිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද අය කිරීමේ සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 60 ක සීමාවේ තිබෙනවා. එය වාර්ෂිකව රුපියල් මිලියන 36 ක පිරිවැටුම දක්වා පහත හෙළීමට අපේ‍්‍රල් මාසයේදී යෝජනා කළත් පැමිණි දැවැන්ත විරෝධතා නිසා එය හකුළා ගත්තා. වාර්ෂිකව රුපියල් මිලියන 60 ක පිරිවැටුම තේරෙන භාෂාවෙන් කියනවා නම්...

ඒ අපේ ශක්තියයි වන්දනා ලබන්නේ

Image
  ලාංකීය ගීත සාහිත්‍ය තුළ අමරණීය සටහන් තැබූ කලාකරුවෙක් සහ කලාකාරිනියක් පසුගිය අගෝස්තුවේ අප අතරින් වියෝ වුණා. ඒ නන්දා මාලිනිය සහ රඹුකන සිද්ධාර්ථ හිමි. මේ දෙදෙනාගේම විශේෂත්වය තමයි සමාජයේ පාතමාලයේ මිනිස්සුන්ගෙ හඬ ගීතයට නැගීම. බෞද්ධ භික්ෂුවක් විදිහට රඹුකන හිමියන්ගෙ කලා භාවිතාව විශේෂයි. නච්ච ගීත වාදිත තහනම් වෙච්ච සංස්කෘතික හිර ගෙදරක ඉඳන් ගී පද ලියපු අතලොස්සක් භික්ෂූන්ට රඹුකන හිමි පුරෝගාමී වුණා. සාම්ප‍්‍රදායික බෞද්ධ සමාජයෙන් එල්ල වූ විරෝධය නොතකා ගීත ලියපු රඹුකන හිමි සමාජය ඉදිරියේ ‘සිංදු ලියන හාමුදුරුවෝ’ වුණා. ඒ ගීතවල වචන භාවිතය සරලයි. ඒ වගේම සාහිත්‍යයික ගැඹුරක් සහිතයි. විශේෂයෙන්ම දේශපාලනිකයි. නමුත් අභාවයෙන් පසු රඹුකන හිමියන්ගෙ පද රචනා ගැන විද්‍යුත් , මුද‍්‍රිත මාධ්‍යවල වගේම සමාජ මාධ්‍ය තුළත් ඇති වූ සංවාදය ඇතුළෙ හිතාමතාම ඒ දේශපාලනය යටගැහුවා. බොහෝ මාධ්‍ය වැඩසටහන්වල රඹුකන හිමි නිකම්ම බොදු බැති ගී ලියපු හිමිනමක් බවට පත් වුණා. රඹුකන හිමි මුල් කාලෙ හිටියෙ ගංගාරාමේ. ගංගාරාමය UNP තිප්පොලක්. දේශපාලනික , ප‍්‍රභූ භික්ෂු පරම්පරාවක නියෝජිතයෙක් වුණත් රඹුකන හිමිගෙ සහයෝගය ලැබුණෙ වාම ධාරාවට. භීෂණ ය...

හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරය කොයිබටද? - අලුත්වන කලාවක් වෙනුවෙන්

Image
මේ සටහන, අගෝස්තු රළ කලාපයේ පළ කෙරෙනුයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විවෘත කෙරුනු 'හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරයට අදාළව මතුව ඇති විවාදය සම්බන්ධයෙනි. අද වන විට, කොළඹ, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත‍්‍ර කලා කෞතුකාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධ ඇතිව තිබෙන්නේ වියවුල් සහගත තත්වයකි.  මේ ආකාරයේ ගැටලුවක් සම්බන්ධ සාකච්ඡාවකදී නිරායාසයෙන් අවධානය යොමුවන ගැටලුවක්ද එහිදී සාකච්ඡාවට ගැනේ. කොළඹ අගනගරයේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස පැවති, ජාතික කලා භවන සහ ජෝන් ද සිල්වා රඟහල විධිමත් ලෙස විවෘත කර ජනතා අයිතියට නොපැවරීම සම්බන්ධ පැවති ආණ්ඩුවලට චෝදනා නැඟුණු අතර වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා පසුගිය වසරේ ප්‍රකාශ කළේ මෙම ආයතන ඉක්මනින් විවෘත කරන්නට තමන් වැඩ කරමින් සිටිනා බවය.  මේ වන විට ජාතික කලා භවන විවාත කෙරෙන නමුත් ජෝන් ද සිල්වා රඟහල විවාත කරන්නට නොහැකි බවට ආණ්ඩුවේ අදාළ බලධාරින්ගේ නවතම ප්‍රකාශවලින් හෙළි වේ.  ලෝකයේ කලා නිර්මාණ සංරක්ෂණය සලකා බලන විට ඒ ඒ රටවල රාජ්‍ය මැදිහත්වීමෙන් ජාතික මට්ටමේ ආයතනවලින් මෙන්ම වෙනත් ආයතනික මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් සිදුකරන බව දක්නට ලැබේ. ලංකාවේද චිත‍්‍ර කලා ඉතිහාසයේ ...

රෝමානෙස්ක් සහ ගොතික් චිත‍්‍ර කලාව මධ්‍යකාලීන යුරෝපයේ දෘශ්‍ය භාෂාවේ විකාශය

Image
මධ්‍යකාලීන යුගයට අදාළව පසුගිය කලාපයෙන් අප ‘මුල් මධ්‍යකාලයේ’ චිත‍්‍ර කලාවේ ලක්ෂණ පිළිබඳ  සෑහෙන තරමේ අවධානයක් ලබා ගත් බැවින් මෙවර අපගේ අවධානය ‘උසස් මධ්‍යකාලය’ වෙත යොමු කරමු. 11-13 සියවස්වලට අයත් උසස් මධ්‍ය කාලයේ දී යුරෝපයේ ඇති වූ කෘෂි ආර්ථිකයේ වර්ධනය, අතිරික්ත නිෂ්පාදනයකට ඉඩ සැලසූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත නගර සංවර්ධනය වීම ඇරඹුණු අතර විශාල දේවස්ථාන ගොඩනැෙඟන්නට විය. මධ්‍යකාලීන යුරෝපීය චිත‍්‍ර කලාවේ වැදගත් ප‍්‍රවණතා ලෙස සැලකෙන රෝමානෙස්ක් (Romanesque)  සහ ගොතික් (Gothic) යන කලා ශෛලීන් බිහි වනුයේ මෙම ඓතිහාසික පසුබිමෙහි ය.  මේවා හුදෙක් ශෛලීන් පමණක් නොව, සමාජයේ ආගමික විශ්වාස, දාර්ශනික අදහස්, දේශපාලන බලය සහ මනුෂ්‍යයා පිළිබඳ වූ අවබෝධය පිළිබිඹු කළ දෘශ්‍ය සංස්කෘතික පද්ධති ලෙස ද සැලකිය හැකිය. ක‍්‍රි.ව. 1000-1150 කාලයේ ප‍්‍රමුඛ වූ රෝමානෙස්ක් කලාව රෝම අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ සම්ප‍්‍රදාය හා ක‍්‍රිස්තියානි ආගමික සංකල්ප එක්ව ගොඩනැගුණු කලා ශෛලියකි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ සෞන්දර්යය පමණක් නොව, ආගමික ඉගැන්වීම් දෘශ්‍යමය වශයෙන් ජනතාව වෙත ගෙන යාම යි. ස්වාභාවික යථාර්ථයට වඩා සංකේතාත්මක නිරූපණය...