Posts

Showing posts from June, 2022

"ආකාස බින්දු"

Image
වැස්ස ගැන බොහෝ කවීන් කවි,සින්දු ලියලා තියෙනවා.ගුණදාස අමරසේකර,සරත් අමුණුගම,මඩවල ඇස්. රත්නායක,මහගම සේකර,ධර්මසිරි රාජපක්ෂ විතරක් නෙවෙයි සිරි ගුනසිංහත් වැස්ස ගැන ලියලා තියෙනවා.මේ බොහෝ දෙනෙක් වැස්ස වගේ භෞතික අත්දැකීමක් ඉදිරියේ ගමන් කරලා තියෙන්නෙ ආත්මීයත්වය දෙසට.වැස්ස දිහා බලා ගෙන සමාජීය මානයන් ස්පර්ෂ කරන්න පෙළඹිච්ච කවීන් හරි අඩු යි;නෑ නෙවෙයි. ප්‍රසාද්(වීරයා) වැටෙන්නෙ අන්න අර අඩු ගොඩට.අපිට හිතෙන විදියට වීරයා මේ කල්පනා කරලා තියෙන්නෙ පොඩි එකෙක් උගෙන් “වහින්නෙ ඇයි ?” කියලා ඇහුවොත් ඌට දෙන්න වෙන උත්තරේ.එහෙම නැත්නම් වීරයා මේ කරන්නෙ වැස්ස ගැන පොඩි කාලෙ ඉඳල ම අපි ඇතුළෙ හදන සාම්ප්‍රදායික සෞන්දර්ය චින්තන පද්ධතිය ප්‍රශ්න කරන එක.හැබැයි වීරයා ඒක කරන්නෙ සෞන්දර්යාත්මක විදියට. ඒකට වීරයා පාවිච්චි කරන ප්‍රධානතම සාහිත්‍යයික මෙවළම වෙලා තියෙන්නෙ උත්ප්‍රේක්ෂාලංකාර ය."අහස පොළොව නුහුලන අපරාද” කියලා ජනවහරෙ එන උත්ප්‍රේක්ෂාවට වීරයා සමාජීය අර්ථයක් සම්පාදනය කරනවා.අහසට පවා දරා ගත නො හැකි තරමේ අර්බුදයක් පහත තිබෙන බව අහසට පෙනෙනවා.ඒවා දරා ගැනීමට ම නො හැකි වූ තැන වැස්ස නිපදවෙනවා.නැහැ…කිසි තැනක වීරයා ඒකට වැස්ස කියන්නෙත්