Posts

Showing posts from June, 2016

සුළඟ ගිණි අරන් - මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්!

Image
විමුක්ති ජයසුන්දර සිනමාකරුවා සිය පස්වන සිනමා කෘතිය ලෙස නිර්මාණය කළ ‘සුළඟ ගිණි අරන්‘ කෘතිය පසුගිය දිනවල සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් සඳහා සිනමාහල්වලට නිකුත් විය. ඔහු කෘතීන් පහක් නිර්මාණය කර ඇතත් ලංකාවේ පේ‍්‍රක්ෂකයන් තවමත් දැක ඇත්තේ චිත‍්‍රපට දෙකක් පමණි. ඒ ඔහුගේ පළමු කෘතිය වන ‘සුළඟ එනු පිණිස‘ සහ මෙය පමණි. ‘සුළඟ ගිණි අරන්‘ නැරඹිය හැකි වුයේද ඉතා සීමිත පිරිසකටය. එය සිනමාහල්වලට නිකුත් වූයේ අනෙකුත් ඒවා අතර මැද ඇති දර්ශනවාර කිහිපයක් සඳහා පමණි. එසේ නැතිනම් මෙය නැරඹීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට අපට සිදුවනු ඇත. මේ ආකාරයට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන විට එය නැරඹිය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. ලංකාවේ සිනමාවේ මෙම අර්බුදය වෙනම කතා කළ යුතුය. කෙසේ වෙතත් අපි දැන් විමුක්තිගේ ‘සුළඟ ගිණි අරන්‘ වෙත හැරෙමු. ‘සුළඟ ගිණි අරන්‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව මරණයයි. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත දෙක වෛද්‍යවරයෙකු සහ බෞද්ධ භික්ෂුවකි. වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම කඩ කරන වකුගඩු ජාවාරමකට සම්බන්ධ අයෙකි. ඔහු දුප්පතුන් ආර්ථික හේතු මත විකුණන වකුගඩු අතරමැදියෙක් හරහා ලබාගෙන විශාල ලාභයක් තබාගෙන මුදල් ගෙවන රෝගී

‘ඇගේ ඇස අග’ - නැත, අපේ ඇස් අග!

Image
මේ දිනවල තිරගතවන අශෝක හඳගමගෙ චිත‍්‍රපටය, ‘ඇගේ ඇස අග’ - පැති ගණනාවක් තුළ සාක්ච්ඡුා කරන්න විචාරක ඇස යොමු කරන්න සමත් කෘතියක් ලෙස හඳුනාගන්න පුළුවන්. එක් පැත්තකින් ධනේශ්වර නීතියෙන් ඒකරාශි කර ඇති ගෘහස්ත ජීවිතවල මානව සම්බන්ධතා ගැටලූ පිළිබඳ සාකච්ඡුාවක් මේ චිත‍්‍රපටය තුළින් ආරම්භ කරන්න පුලූවන්. ඒක වර්තමාන සමාජය තුළ පවුලේ ඛේදවාචකය නිරූපිත තේමාවක් ලෙසත් විස්තර කළ හැකියාව කෙනෙකුට තියෙනවා. එසේම තව පැත්තකින් පියාගේ ආදරය රැුකවරණය ලබාගන්න නොහැකි වූ දැරියක් තරුණ වයසේදී සිය පියාගේ වයසේ කෙනෙකුගෙන් අහිමි වූ දේ සොයන්නට ගන්නා වෙහෙසක් ලෙස මනෝවිශ්ලේෂණාත්මක ප‍්‍රවේශයකින් සිනමා කෘතිය දෙස බලන්න පුළුවන්. ඒ වගේම වයස කියන සාධකය ආදරය වරනා මනුෂ්‍ය සබඳතාවකට බාධාවක් නොවන බව දක්වමින් මේ සිනමා කෘතිය ගැන කතා කරන්නත් කෙනෙකුට පුළුවන්. එහෙත් ‘වම’ පුවත්පත කියන්නේ නිර්ධනයාගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම පුවත්පත ලෙස සලකමින් ‘රළ’ අතිරේකයේ අපි උත්සාහ කරන්නේ ‘ඇගේ ඇස අඟ කෘතිය තුළ වෙනත් දේශපාලන කාරණා සාකච්ඡුාවට ලක් කිරීමටයි. එයින් අදහස් වන්නේ කලා කෘතියක් යම් න්‍යයාත්මක කෝවක් තුළ සාකච්ඡුා කළ යුතු බවට අවධාරණය කරන්න හෝ කලාකරුවාගේ නිර්මාණා