Posts

Showing posts from August, 2017

Nino Live - රියලිටිය නමින් ෆැන්ටසිය ගෙට ඒම

Image
'නිනෝ ලයිව්' චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය කරන ලදී. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පළමු කොටස ‘නිනෝ ලයිව්‘ නම් රියලිටි වැඩසටහනක නිෂ්පාදන කණ්ඩායමේ රූකඩයක් බවට පත් කොට සිටින නිනෝ නම් තරුණයා තමන් සිරකළ එම මායාමය අවකාශයෙන් මිදී සමාජයට පිවිසීමට දරණ උත්සාහයයි. දෙවැනි කොටස නිශාන්ත සහ රුචි නම් පහළ පාන්තික තරුණයා සහ තරුණිය රූපවාහිනී රියලිටි උන්මාදයෙන් මෝහනය වී සමාජයෙන් සහ තත්‍ය ජිවිතයෙන් මිදී එම ව්‍යාජ අවකාශයට පිවිසීමට දරන උත්සාහයයි. මෙහි පළමු කොටස පීටර් වෙයර් විසින් නිර්මාණය කරන ලද ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපටයේ සෘජු ආභාෂය ලබා තිබෙන බව පෙනේ. එම චිත‍්‍රපටයේද තරුණයා තමන් ගෙවන්නේ සැබෑ ජීවිතයක් නොව සුවිසල් චිත‍්‍රාගාරයක් තුළ සිරගතව, රියලිටි වැඩසටහනක චරිතයක් බවට පත්ව, සිය සමස්ත ජිවිතයම අනෙක් අයගේ නැරඹුම් වස්තුවක් බවට පත්වූ, වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමක පිටපතකට අනුව මෙහෙයවෙන ජීවිතයක් බව වටහාගත් පසු එයින් මිදී පලා යාමට තැත් කරයි. එහිදී ‘නිනෝ ලයිව්‘ සහ ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපට දෙකම යන්නේ එකම මාවතේය. දෙවැනි කොටස තුළ තරුණයා සහ තරුණියට