Posts

Showing posts from October, 2023

කැළලිකාරයෝ - පශ්චාත් කැරලිකාර සමාජයක අලුතින් මතුවන කැළලි

Image
ඓතිහාසිකත්වය’ යනු යථාර්ථවාදී සාහිත්‍ය රීතියේ දී මග හැර යා නො හැකි යථාර්ථයකි. එබඳු යථාර්ථවාදී රීතියකින් සිදු වනුයේ කිසියම් නිශ්චිත යුගයක හා ප්‍රදේශයක මිනිස් සබඳතා ප්‍රතිනිර්මාණය කිරීම යි. එනයින් එබඳු නවකතාවක් ඓතිහාසික යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටෙනිසන් පෙරේරා, ගුණදාස අමරසේකර මෙන් ම එරික් ඉලයප්ආරච්චි ද එබඳු ඓතිහාසික යථාර්ථවාදී නවකතා රචනා කර ඇත. එහෙත් ‘ඉතිහාසය’ යනුවෙන් වෙන ම විෂයක් තිබිය දී මිනිසාට ඓතිහාසික යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වූයේ ඇයි ද, යන තීරණාත්මක ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීමට උක්ත ලේඛකයන් එතරම් උනන්දු වූ බවක් ඔවුන්ගේ නවකතාවන්ගෙන් දිස් වන්නේ නැත. ඔවුන් අතරින් ඒ සඳහා යම් මැදිහත් වීමක් සිදු කර ඇත්තේ එරික් පමණක් බව පැවසිය හැකිය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ රචනා වූ බොහෝ ඓතිහාසික නවකතාවන්ගෙන්, ලංකාවේ රචනා වී ඇති ‘ඉතිහාස කතාවෙහි’ දක්නට ලැබෙන ‘ප්‍රබන්ධයට’ වඩා ප්‍රබන්ධමය යථාර්ථයක් දක්නට නො ලැබීම යි. ෆ්‍රාන්ස් කෆ්කා හෝ ජේම්ස් ජොයිස් බඳු නවකතාකරුවකු ඉතිහාසය සමග ගනුදෙනු කරන ආකාරය සමඟ සැසඳීමේ දී ලංකාවේ ඓතිහාසික යථාර්ථවාදය නතර වී

කනත්ත පාර

Image
පද - සංගීතය - ගායනය - අර්ජුමාන් ද සේරම් කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයෙන් ප්‍රචාරය වෙච්ච මේ සින්දුව, පස්සෙ ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රිය වුණා. අපි හිතන විදියට මේ සින්දුව එහෙම ජනප්‍රිය වෙන්න හේතු කීපයක් ම බලපෑවා.  ඒ අතරින් ප්‍රධාන හේතුව විදියට අපි දකින්නෙ මේ සින්දුවෙ මෙලඩිය. පහුගිය කාලෙ සංජීව ලෝන්ලියස්ගෙ ආගමනයත් එක්ක වැඩිපුර කතාබහට ලක් වෙච්ච ‘අමු සින්දු’ කියන ප්‍රවර්ගයට තමයි මේ සින්දුවත් ඇතුළත් වෙන්නෙ. ඔය කියන අමු සින්දු, අමු නො වන සින්දුවලින් - ඒ කියන්නෙ පැහුණු, ඉදුණු සින්දුවලින් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් එක ප්‍රධාන ලක්ෂණයක් මේ සින්දුවෙ මෙලඩියෙත් තියෙනවා. ඒ තමයි අමු සින්දුවල දකින්න ලැබෙන මඳ ගද්‍යමය ගතිය.  ඇතැමුන් සුභාවිත ගීත ලෙස හඳුන්වන සින්දුවල තියෙන ‘සුගායනීය බව’ මේ අමු සින්දුවල තරමක් අඩු යි. ඒ අඩු බව වඩාත් අඩු සින්දුවක් විදියට අපට මේ සින්දුව හඳුන්වන්න පුළුවන්. ඒකට අපට ඕන නම් ‘නව සරල බව’ වගේ යෙදුමක් යෝජනා කරන්නත් පුළුවන්. ‘නව’ කියන විශේෂණය ඒකට යොදන්න වෙන්නෙ ශ්‍රී ලංකාවෙ ගුවන් විදුලියෙන් හඳුන්වා දුන්න පැරණි සරල ගීතයෙන් මේ සරල බව වෙනස් වෙන බව පෙන්නලා දෙන එක වැදගත් නිසා.  මොකද, ඒ පරණ සරල බව

උපන් බිම අහිමි ව පලායනවුන්ගේ කතාව - NOWHERE

Image
සරණාගතයන් පිළිබද ගැටලු‍ව අපට විටින් විට අසන්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට විදෙස් පුවත් වල කොහේ හෝ රටක යුද්ධයක් හෝ සිවිල් අරගලයක් නිසා මෙපමණ පිරිසක් සරණාගත භාවයට පත්වුණ බවට තත්පර කිහිපයක ප්‍රවෘත්තියක් බවට එය පත්වෙයි. සරණාගත ගැටලු‍ව අපට නුපුරුදු ම කරුණක් නොවෙයි. තිස්වසරක් පුරා දිග ඇදුණු යුධ සමයේ දහස් ගණනක් තමිල් ජනතාවට සරණාගතයන් ලෙස විදෙස් ගතවීමට සහ වසර ගණනාවක් මෙරට සරණාගත කඳවුරුවලට කොටුවී සිටින්නට සිදුවිය. එසේම අසූව දශකය අගභාගේ තරුණ අරගලයට එරෙහිව දියත්වූ භීෂණය හේතුවෙන් සහ ඉන් පසුව පවතින ආණ්ඩුවල විවිධ ව්‍යාපෘතීන්ට එරෙහිව කටයුතු කළ සහ ඒවායේ යථාව හෙළිදරව් කළ දේශපාලන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් ඇතුලු‍ විවිධ පිරිස් වලට තම ජීවිතය වෙනුවෙන් සරණාගත භාවයට පත්ව වෙනත් රටවල් වෙත පලායාමට සිදු විය. නමුත් මෙම සරණාගත ගැටලු‍ව ලෝක මට්ටමින් අප සිතනවාට හා අප එයට සංවේදී වනවාට වඩා ඉතා බරතපතළ මානව ඛේදවාචකයකි. සිරියාව, යුක්‍රේනය වැනි රටවල සරණාගත ගැටලු‍වක් ඇතිවීම ගැන අපට යම් අදහසක් ඇතිවා මෙන්ම ඒ සම්බන්ධයෙන් මාධ්‍යයන්ගෙන්ද වාර්තා කරනු ලබයි. නමුත් පසුගිය වසරක පමණ කාලය තුළ කොංගෝ ජනරජයේ මිලියනයකට ආසන්න පිරිසක් සරණාගත භ