Posts

Showing posts from April, 2017

‘මහජාතියේ යුතෝපියාව’ ජාතික රාජ්‍ය කරාමද?

Image
තම ඊනියා ස්වයංපරිපූර්ණත්වයට සැමවිටම බාධා පමුණුවන ‘අනෙකකු’ පිළිබඳ අදහස් අධිපති ජාතීන්ගේ මනස් තුළ සැමවිට රජයයි. අමෙරිකානුවාට මුසල්මානුවා මෙන් ලංකාව නම් ජාතික රාජ්‍ය තුළ සිංහල ජනයා විසින් දෙමළ ජනයාවද දෙමළ ජනයා විසින් මුස්ලිම් ජනයාවද මෙසේ වටහා ගනු ලබයි. එබැවින් මෙහි ජනකණ්ඩායම් දේශපාලනය තීරණය කිරීමේදී මෙසේ විනාශ කළ යුතු අනෙකා පිළිබඳ අදහස සෑහෙන කාර්යයක් ඉටුකරනු ලබයි. සිංහල ජනයා දෙමළ ජනයාවද දෙමළ ජනයා මුස්ලිම් ජනයාවද ස්වයංපරිපූර්ණත්වයට ඇති බාධාව ලෙස මෙසේ නාමකරණය කළද ඇත්තෙන්ම එම එක් එක් ජාතීන් තම අභ්‍යන්තරික පාන්තික ප‍්‍රතිවිරෝධතා සමහන් කරගනු ලබන්නේද මෙසේ බාහිර ප‍්‍රතිවිරෝධතා දෘෂ්ටිවාදාත්මකව ස්ථාපනය කිරීමෙන්මය.  නමුත් දෘෂ්ටිවාදයට පිටස්තරව සැබෑ ප‍්‍රතිවිරෝධතාවන් ස්ථාපිතව ඇත්තේ මෙහි නාමකරණය කරන ප‍්‍රතිවිරෝධයන්ට වෙනස්ව පමණක් නොව, හරියටම ඊට විරුද්ධ ආකාරයෙන්මය. මේ සාකච්ඡුාව මෙවර රළ කලාපයන් සාකච්ඡුා කිරීමට අප පොළඹවන ලද්දේ නිශ්ශංක විජේමාන්නගේ ‘හඳපළුව හා  තනිතරුව’ කෘතිය විසිනි. නිශ්ශංක විජේමාන්න වූකලී මෑතකාලීන සිංහල භාෂීය ප‍්‍රබන්ධ සාහිත්‍ය තුළ නවලිබරල් වෙළෙඳපොළ, පශ්චාත් නූතන සමාජ අවකාශය, අධිපති ජා