Posts

දෛනික ජීවිතයේ වරපට ලිහී යාම හෙවත් "අපෙ ගෙදර ගිනි තියයිද?"

Image
යම්කිසි සමාජයක නාට්‍යකරුවකු බිහිවීමෙහි ලා අඛණ්ඩ නාට්‍ය කලා භාවිතාවක යෙදීමට නාට්‍යකරුවකු සතු ධෛර්යය තීරණාත්මක වේ. විශේෂයෙන් ම ලංකාව වැනි ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් අව වර්ධිත සමාජයක විශිෂ්ට නාට්‍ය කලා පෞරුෂ බිහි නොවීමෙහි ලා මෙසේ අඛණ්ඩ කලාත්මක භාවිතයක යෙදීමට ඇති ඉඩප‍්‍රස්ථාවන්ගේ සීමාසහිතභාවය බරපතළ ලෙස බලපානු ලබයි. එහෙත් ඒ අතරම, කෙතරම් දුෂ්කර කොන්දේසි යටතේ වුව දිගින් දිගටම, සිය නිර්මාණාත්මක භාවිතාවේ, සෞන්දර්යාත්මක අරගලයේ නියැලී සිටින නාට්‍යකරුවන් අතළොස්සක ප‍්‍රමාණයක් වුවද නැතුවාම නොව, රාජිත දිසානායක මේ අතුරින් ප‍්‍රමුඛයෙකි. ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වනුයේ ‘අපේ ගෙදර ගිනි තියයිද?’ නාට්‍යයයි.  සුපුරුදු ලෙසම පෘථුල, සමකාලීන සමාජ දේශපාලන වාස්තවික පසුබිමක සිය කෘතිය පිහිටුවීමට උත්සාහ දරණ නාට්‍යකරුවා ඒ සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ 2022 ආර්ථික අවපාතය හා දේශපාලන අර්බුදය තුළ පැන නැගුණු ජනතා විරෝධතාවන්ගේ පසුබිමෙහි වූ සංසිද්ධියකි. සිය පූර්ව සන්තතික නිර්මාණය වූ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයේදී පාස්කු දින ප‍්‍රහාරය ආශ‍්‍රිත සිදුවීමක් පාදක කරගත් ආකාරයටම ඔහු මෙවරද ලංකාවේ සමාජ සන්දර්භයේ සමකාලීන වශයෙන් තව...

ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් ග‍්‍රීක යුගයට

Image
  මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලා ඉතිහාසයේ තොරතුරු සොයා දැනගෙන ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක දෙවැන්නයි මේ. පසුගිය කලාපයෙන් අපගේ සාකච්ඡුාවට බඳුන් වූ ආදිකල්පිත කලාව, නව පාෂාණ යුගයකට එළඹ ග‍්‍රීක යුගයේ දී මිනිසාට යළිත් අත්පත් කර ගත නොහැකි තරමේ අසාමාන්‍ය විශිෂ්ටත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා වූ කතා පුවත සොබාදම හා කලාව අතර වන අන්තර් විනිවිදීම හඳුනා ගැනීමේ දී අතිශය වැදගත් මඟහැරිය නොහැකි අවදියක් පිළිබඳ තොරතුරු හෙළි කරන්නකි. එය පන්ති විරහිත සමාජයක සිට පන්ති සහිත සමාජයක් දක්වා ගමන් කිරීමේ දී කලාව මුහුණ දුන් පරිවර්තනයන් හඳුනා ගැනීමට උත්සාහ දරන්නෙකුට ද අනිවාර්යයෙන් අධ්‍යයනය කිරීමට සිදු වන කතා ප‍්‍රවෘත්තියකි.  පැලියෝලිතික යුගයෙන් හෙවත් පැරණි ගල් යුගයෙන් නියෝලිතික යුගය හෙවත් නව පාෂාණ යුගයට එළඹීමත් සමග කලාව, මානව ප‍්‍රගමනයෙහි අලූත් වර්ධනයන් සමග සහසම්බන...

ක‍්‍රීඩාවේ නීති සහ පලස්තීනයේ නිදහස

Image
  තම ක‍්‍රීඩා ඇඳුමේ සටන් පාඨයක් ප‍්‍රදර්ශනය කිරීම නිසා ලංකාවේ පාපන්දු ක‍්‍රීඩක මොහොමඞ් තිල්හාම්ට ආසියානු පාපන්දු සම්මේලනය :්ත්‍ක්‍* විසින් අමෙරිකන් ඩොලර් දෙදහසක දඩයක් නියම කළේය. එතරම් සමාජ අවධානයකින් තොරව යටපත් වූ එම සිදුවීම මෙසේය කොළඹ රේස් කෝස් පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුර ජූනි මස 10 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර පැවති තරගයෙන් ලංකාව 3-1 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. එම ජයග‍්‍රහණ සංකේත හිමිකර ගැනීමෙන් පසු කණ්ඩායම සමූහ ඡුායාරූපයකට පෙනී සිටින අතරතුර, ආදේශක ක‍්‍රීඩකයකු වූ 19 හැවිරිදි මොහොමඞ් තිල්හාම්, ඔහුගේ නිල ක‍්‍රීඩා ජර්සිය ඔසවා තම කමිසයේ ලියා තිබුණු ‘නිදහස් පලස්තීනය වෙන්වෙන් යාඥා කරන්න’ යන අදහස ඇති ඉංග‍්‍රීසි බසින් ලියු වැකියක් ප‍්‍රදර්ශනය කළේය. පලස්තීනයට සහයෝගය පළ කරමින් මොහොමඞ් තිල්හාම් සිදු කළ මෙම ක‍්‍රියාව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සම්මතයන්ට පටහැනි බව දක්වමින් මෙම දඩය නියම කර ඇත. ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පවසා ඇති ආකාරයට වඩාත් දරුණු ද`ඩුවමක් විය හැකිව තිබුණත් සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරී...

ඔබ නැවත කෑම ඇනවුම් කරන හැමවිට ම Umami

Image
  උමාමි  'Umami' (2025) Emre Sahin විසින් අධ්‍යක්ෂණය කරන ලද  යන තුර්කි සිනමා පටයකි. එය, අන්තර්ගතමය(content) වශයෙන් මෙන් ම ස්වරූපමය(form) වශයෙන් ද අගය කළ යුතු වර්ගයේ කෘතියක් බව පැවසිය යුතුය. විශේෂයෙන් ම Jeo Babyගේ The Great Indian Kitchen (2021) චිත‍්‍රපටය සමග සසඳන විට මෙම සිනමා පටය උක්ත අංශ දෙකෙන් ම කෙතරම් ඉදිරිගාමී ද, යන්න ඔබට වටහා ගනු හැකි වනු ඇත. Umami නමැති ජපන් වචනයට ඇති එක් අර්ථයක් වන්නේ ‘පිස අවසන්’ බඳු අර්ථයකි. එසේ ම ‘සියලූ රස සමගිින්’ බඳු අර්ථයක් ද එහි ඇතුළත්ව ඇත.මේ කවර අර්ථයක් සැලකුව ද කෘතියේ මුඛ්‍ය තේමාත්මකයන් සමග ඒවායෙහි අදාළත්වය ප‍්‍රබල ය.  කතා ප‍්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම මෙන් ධාවනය වන්නේ සුපිරි ආපනශාලාවක විවෘත කුස්සියක්(open kitchen) පසුබිම් කර ගනිමිනි. මෙම ආපනශාලව පවත්වාගෙන යන්නේ ලසිනා බොරාල නමැති ප‍්‍රසිද්ධ කෝකියාගේ මූලිකත්වයෙනි. එහි කොටස් හිමිකාරීත්වයක් ද ඔහු සතු වන අතර එහි පැමිණෙන ඉහළ පාන්තික පාරිභෝගිකයන් ඉදිරියේ ප‍්‍රදර්ශන භාණ්ඩ සේ පෙනී සිටීමට ඔහුට හා ඔහුගේ සහායක කෝකියන්ට සිදු වී ඇත. එම ව්‍යාපාරයේ විශේෂත්වය සම්පූර්ණයෙන් ම පදනම් වී ඇත්තේ මෙම කෝකියාගේ...

වීසාචක භවයේදීත් මානවීයත්වය රැක ගැනීම

Image
 වැල්ලවත්තේ ‘පෙරියම්මා’ගේ නිවස තමන්ගේ තැනක් කියලා ‘අක්ෂරා’ට කවදාවත් දැනෙන්නෙ නැහැ. ඇගේ ස්වාධීනත්වයේ තටු පෙරියම්මාගේ නීති රීතිවලින් කැපී ගිහින් බොහෝ කල්. එය ආර්ථික ස්වාධීනත්වයක් සතු නොවීමේ ප‍්‍රතිඵලයක්ම නෙවෙයි. ඇය පෙරියම්මාගේ නිවසට කඩා වැටෙන්නේත් ඇය වැන්නියකගෙන් ආර්ථික ප‍්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකි ළමා වියේදී. එය තමන් ‘දෙමළියක්’ වීම නිසා සිදුවූ අවාසනාවක් බව තේරුම් ගන්නට තරම් ඇය දැනුවත්. දෙමළියක් වීම නිසා පීඩාවට පත් වන්නේ අක්ෂරා පමණකුත් නෙවෙයි. පෙරියම්මාද පෙරලා එහිම නියෝජනයක්. ‘පෙරියප්පා’ කැනඩාවෙදි සුද්දියක්ව කසාද බැඳගන්න  ඕන නිසා පෙරියම්මා දික්කසාද කරනවා. එය තවදුරටත් එකට දීග කන්න බැරි නුරුස්නාවක් නිසා වූවක් නෙවෙයි. කැනඩාවේ පුරවැසිබාවය රැුගෙන සිය පුතුන්ද එහි ගෙන්වා ගන්නට ඊට වඩා වෙනත් හො`ද ක‍්‍රමයක් පෙරියප්පාට හමුවන්නේ නැහැ. ඒ යථාර්ථය උපේක්ෂාවෙන් දරා ගන්නා පෙරියම්මා ගේ පීඩාව අක්ෂරාට නොපෙනෙනවා නෙවෙයි. දෙමළියක් වීම නිසා අක්ෂරාට අහිමි වන්නේ යෙෘවනයේ ප‍්‍රීති ප‍්‍රමෝදය පමණක් නෙවෙයි. ඇයට ඇගේ මව අහිමි වෙනවා. ඇය දන්නෙ බෝම්බයකට හසු වීමෙන් ඇගේ කෑලිවත් හමු නොවූ බවයි. අතක් අහිමි වූ එල්ටී...

Altamira : බයිසන් ගවයා (ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍ර)

Image
  මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලාවට වසර දහස් ගණනක් සහ බොහෝ සංස්කෘතීන් පුරා විහිදෙන දිගු හා පොහොසත් ඉතිහාසයක් ඇත. මේ උත්සාහය ඒ අපූරු ඉතිහාසයේ තොරතුරු සොයා දැනගන්නටයි. ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක ආරම්භයයි මේ. චිත‍්‍ර කලාව පිළිබඳ පැරණිතම නිදර්ශන හමු වනුයේ මීට අවුරුදු තිස් දාහකට පමණ ප‍්‍රථම ඉහළ පැලියෝලිතික යුගයෙහි දී ය. ඒ, සොබා දහම ජය ගැනීමට මානවයා විසින් යොදවන ලද ශ‍්‍රමය ද මෙවලමෙහි සිදු වූ වර්ධනය ද මනුෂ්‍යයාගේ කායික මානසික සංවර්ධනය ද අතිනත් ගැනීමේ විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස ය.  එනයින් පැරණි යුගයේ චිත‍්‍රය ද ඇතුළු සමස්ත කලාත්මක කාර්ය, ස්වභාව ධර්මය ජය ගැනීමේ ප‍්‍රධානතම මාධ්‍ය වූ දඩයම නමැති සමාජ නිෂ්පාදන කාර්ය සමඟ සම්බන්ධ වී පැවතිණ. ප‍්‍රාථමික යුගයේ කලාව සමස්තයක් ලෙස සමකාලීන මිනිසාගේ නිෂ්පාදන ක‍්‍රියාවෙහි අන්තර්ගතය(content) සහ ස්වරූපය(form) සම...

සිරුරෙන් ඔබ්බට නිළියක දැකීම

Image
  "පයිලට් ප්‍රේම්නාත්’ (චිත‍්‍රපටය) කරද්දි මට සිවාජි ගනේෂන් කිව්වා, මම Expressions (ආංගික අභිනයන්) දෙනවා මදි. වැඩියෙන් Expressions දෙන්න කියලා. ඒකට එයා මට කිව්වා භරත නාට්‍යම් ඉගෙන ගන්න කියලා. මොකද භරත නාට්‍යම්වල ෂාප්ව නර්තන මුහුණෙ Expressions වෙනස් කරනවා. ඒ ගොල්ලා අනුගමනය කරලා තිබුණෙ ඒක තමයි. ඒක ඒ රටේ සාර්ථක වුණාට ලංකාවට ඒක ගැළපෙන්නෙ නෑ. මම භරත නාට්‍යම් විදියට Act (රඟපෑම) කරන්න ගියා නං මම අද නෑ.!” මෙම ප‍්‍රකාශය, 2002, ‘හිරු’ පුවත්පතේ අප්‍රේල් 15-30 කලාපය සඳහා පසුගියදා අභාවයට පත් මාලිනී ෆොන්සේකා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි.  ඇය රුක්මණී දේවි, අනුලා කරුණාතිලක, පුණ්‍යා හීන්දෙනිය වැනි රංගවේදිනියන් විසින් වර්ධනය කරන ලද ලංකාවේ සිනමා රංග සම්ප‍්‍රදාය වඩා නූතනවාදී රංගවේදයකින් ඔසවා තැබුවාය. සිය රංග කලා දිවියෙහි මුල්කාලීනව හිමි කරගත් වේදිකා නාට්‍ය කලා පෙරහුරුවද සහිතව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වයෙහිම අපූර්ව චරිත නිර්මාණයන්ගෙන් සිය ප‍්‍රතිභාව පළකර සිටියාය. සිනමාවේ ජනප‍්‍රිය, සම්භාව්‍ය ආකෘති අභිභවමින් සිනමාව, රූපවාහිනිය යන දෙ මාධ්‍යයෙහි කුමන කලා ප‍්‍රවර්ගයක් තුළ වුවද ...