Posts

Showing posts from August, 2026

හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරය කොයිබටද? - අලුත්වන කලාවක් වෙනුවෙන්

Image
මේ සටහන, අගෝස්තු රළ කලාපයේ පළ කෙරෙනුයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විවෘත කෙරුනු 'හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරයට අදාළව මතුව ඇති විවාදය සම්බන්ධයෙනි. අද වන විට, කොළඹ, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත‍්‍ර කලා කෞතුකාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධ ඇතිව තිබෙන්නේ වියවුල් සහගත තත්වයකි.  මේ ආකාරයේ ගැටලුවක් සම්බන්ධ සාකච්ඡාවකදී නිරායාසයෙන් අවධානය යොමුවන ගැටලුවක්ද එහිදී සාකච්ඡාවට ගැනේ. කොළඹ අගනගරයේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස පැවති, ජාතික කලා භවන සහ ජෝන් ද සිල්වා රඟහල විධිමත් ලෙස විවෘත කර ජනතා අයිතියට නොපැවරීම සම්බන්ධ පැවති ආණ්ඩුවලට චෝදනා නැඟුණු අතර වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා පසුගිය වසරේ ප්‍රකාශ කළේ මෙම ආයතන ඉක්මනින් විවෘත කරන්නට තමන් වැඩ කරමින් සිටිනා බවය.  මේ වන විට ජාතික කලා භවන විවාත කෙරෙන නමුත් ජෝන් ද සිල්වා රඟහල විවාත කරන්නට නොහැකි බවට ආණ්ඩුවේ අදාළ බලධාරින්ගේ නවතම ප්‍රකාශවලින් හෙළි වේ.  ලෝකයේ කලා නිර්මාණ සංරක්ෂණය සලකා බලන විට ඒ ඒ රටවල රාජ්‍ය මැදිහත්වීමෙන් ජාතික මට්ටමේ ආයතනවලින් මෙන්ම වෙනත් ආයතනික මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් සිදුකරන බව දක්නට ලැබේ. ලංකාවේද චිත‍්‍ර කලා ඉතිහාසයේ ...

රෝමානෙස්ක් සහ ගොතික් චිත‍්‍ර කලාව මධ්‍යකාලීන යුරෝපයේ දෘශ්‍ය භාෂාවේ විකාශය

Image
මධ්‍යකාලීන යුගයට අදාළව පසුගිය කලාපයෙන් අප ‘මුල් මධ්‍යකාලයේ’ චිත‍්‍ර කලාවේ ලක්ෂණ පිළිබඳ  සෑහෙන තරමේ අවධානයක් ලබා ගත් බැවින් මෙවර අපගේ අවධානය ‘උසස් මධ්‍යකාලය’ වෙත යොමු කරමු. 11-13 සියවස්වලට අයත් උසස් මධ්‍ය කාලයේ දී යුරෝපයේ ඇති වූ කෘෂි ආර්ථිකයේ වර්ධනය, අතිරික්ත නිෂ්පාදනයකට ඉඩ සැලසූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත නගර සංවර්ධනය වීම ඇරඹුණු අතර විශාල දේවස්ථාන ගොඩනැෙඟන්නට විය. මධ්‍යකාලීන යුරෝපීය චිත‍්‍ර කලාවේ වැදගත් ප‍්‍රවණතා ලෙස සැලකෙන රෝමානෙස්ක් (Romanesque)  සහ ගොතික් (Gothic) යන කලා ශෛලීන් බිහි වනුයේ මෙම ඓතිහාසික පසුබිමෙහි ය.  මේවා හුදෙක් ශෛලීන් පමණක් නොව, සමාජයේ ආගමික විශ්වාස, දාර්ශනික අදහස්, දේශපාලන බලය සහ මනුෂ්‍යයා පිළිබඳ වූ අවබෝධය පිළිබිඹු කළ දෘශ්‍ය සංස්කෘතික පද්ධති ලෙස ද සැලකිය හැකිය. ක‍්‍රි.ව. 1000-1150 කාලයේ ප‍්‍රමුඛ වූ රෝමානෙස්ක් කලාව රෝම අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ සම්ප‍්‍රදාය හා ක‍්‍රිස්තියානි ආගමික සංකල්ප එක්ව ගොඩනැගුණු කලා ශෛලියකි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ සෞන්දර්යය පමණක් නොව, ආගමික ඉගැන්වීම් දෘශ්‍යමය වශයෙන් ජනතාව වෙත ගෙන යාම යි. ස්වාභාවික යථාර්ථයට වඩා සංකේතාත්මක නිරූපණය...

නිවුන්ගේ නිවීම

Image
  (‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ පිළිබඳ සටහනක්) වසන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ල සිය සාහිත්‍ය දිවියේ වසර 25 ක් පිරීම සනිටුහන් කළේ ඔහුගේ නව කාව්‍ය සංග‍්‍රහය වූ ‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ පාඨක පර්ෂදය වෙත දිගු කරමිනි. සමනල කන්ද (2001), සිතක උපන් කවි (2005), සුළ`ග(2009), ඔබ මට සිදුහත් (2011), නිහඬව ගලන මේ ග`ග (2015), මට දුරද මල් පිපෙන හදවත(2021), සුනිල මිණි (2025) යන කාව්‍ය සංග‍්‍රහයන් තුළින් ඔහු සිය කවි දිවිය සහෘද හදෙහි සටහන් කොට ඇත. පාසැල් පියස තුළ පේ‍්‍රමයෙන් තෙත ගුරු හදවතක විප්ප‍්‍රලම්භ දෝංකාරය මේ කවි පන්ති තුළ අපට නිරායාසයෙන් ඇස ගැටෙන්නට සලස්වයි. පරිස්සමට නිරීක්ෂණය කරන්නෙකුට මෙහි සැ`ගවුන නිවුණු නිවුන්ගේ අතීතකාමී සැරිසැරීම හසුවේ. එය කවි පොතෙහි මහා පොදු සාධකය වැන්න. සීතලයි දැන් සැඳෑ සුළඟ හෙන්දිරික්කා මල් පිපෙන සැඳෑ කල පාළුවක් දැනෙයි ඔබ මතකයට එන විට  ඔබ හලෝ කියනා හ`ඩ අන් අයට වඩා මිහිරිය කෙටිම කෙටි දිවියක ඉතා කෙටි කලකට මහද උයනෙහි ඇවිද ගිය ඔබේ පිය සටහන් හරිම ගැඹුරුය  .................. (30 පිටුව) පාසැල් සිසුන් අතර ගොඩනැගෙන ප්‍රේම කලාපය, පාසල් ප්‍රේමය, නමින් ජනප‍්‍රිය වහරේ හඳුන...

රිවස්ටන් - ඝාතකයා, සෞන්දර්ය ලෝකයෙන් සැබෑ ලෝකයට!

Image
  මැලේසියාවේ අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘විශිෂ්ටතම රංගන ශිල්පියා’ට හිමි සම්මානය දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත් වූ අතර ප‍්‍රියන්ත සිරිකුමාර ‘වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා’ ලෙසින් සම්මානයට පාත‍්‍ර විය. 09 වන වරට පැවැත්වූ මැලේසියා සිනමා උළෙලේදී මෙම ප‍්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනාම සම්මානයට පාත‍්‍ර වූයේ ‘රිවස්ටන්’ (Riverstone) චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි. මේ සටහන් කෙරෙනුයේ එම චිත‍්‍රපටය පිළිබඳ විවරණයකි. පාතාලය කුලියට මිනිසුන් ඝාතනය කරන අතර රාජ්‍ය සන්නද්ධ කල්ලි රාජ්‍යයේ අවශ්‍යතාවට විරුද්ධවාදී පුද්ගලයන් පැහැර ගැනීම හා ඝාතනය සිදු කරයි. මේ රිවස්ටන් චිත‍්‍රපටය ආරම්භක අවස්ථාව වන විට එහි ගලායාම සඳහා ප්‍රේක්ෂකයා තුළ අවධාරණය කරන අදහසයි. චිත‍්‍රපටයේ එක් අවස්ථාවක ‘නන්දිත’ (රන්දික රාජපක්ෂෙ) නමැති පාතාල සාමාජිකයා පොලිස් කණ්ඩායමේ නායකයාට ප‍්‍රකාශ කරන අදහසින් එය වඩා තහවුරු කෙරෙයි. චිත‍්‍රපටයේ ගලා යන්නේ කිසියම් නායකයකුගේ උපදෙස් මත පොලිස් නිලධාරින් තිදෙනෙක් විසින් පාතාල සාමාජිකයා ජීප් රථයක දමා මරා දමන්නට ඔහුගේ ගම් ප‍්‍රදේශය වූ රිවස්ටන් ප‍්‍රදේශයට රැගෙන යන අතරතුර සිදුවීම් පෙළක් ලෙසිනි.  රිවස්ටන්...