ක‍්‍රීඩාවේ නීති සහ පලස්තීනයේ නිදහස

 



තම ක‍්‍රීඩා ඇඳුමේ සටන් පාඨයක් ප‍්‍රදර්ශනය කිරීම නිසා ලංකාවේ පාපන්දු ක‍්‍රීඩක මොහොමඞ් තිල්හාම්ට ආසියානු පාපන්දු සම්මේලනය :්ත්‍ක්‍* විසින් අමෙරිකන් ඩොලර් දෙදහසක දඩයක් නියම කළේය.

එතරම් සමාජ අවධානයකින් තොරව යටපත් වූ එම සිදුවීම මෙසේය කොළඹ රේස් කෝස් පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුර ජූනි මස 10 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර පැවති තරගයෙන් ලංකාව 3-1 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. එම ජයග‍්‍රහණ සංකේත හිමිකර ගැනීමෙන් පසු කණ්ඩායම සමූහ ඡුායාරූපයකට පෙනී සිටින අතරතුර, ආදේශක ක‍්‍රීඩකයකු වූ 19 හැවිරිදි මොහොමඞ් තිල්හාම්, ඔහුගේ නිල ක‍්‍රීඩා ජර්සිය ඔසවා තම කමිසයේ ලියා තිබුණු ‘නිදහස් පලස්තීනය වෙන්වෙන් යාඥා කරන්න’ යන අදහස ඇති ඉංග‍්‍රීසි බසින් ලියු වැකියක් ප‍්‍රදර්ශනය කළේය.

පලස්තීනයට සහයෝගය පළ කරමින් මොහොමඞ් තිල්හාම් සිදු කළ මෙම ක‍්‍රියාව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සම්මතයන්ට පටහැනි බව දක්වමින් මෙම දඩය නියම කර ඇත.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පවසා ඇති ආකාරයට වඩාත් දරුණු ද`ඩුවමක් විය හැකිව තිබුණත් සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලැබීමෙන් පසු ද`ඩුවම අවම කිරීමේ සාධක කිහිපයක් සළකා බලා ඇත. මෙම දඩය පියවීම සඳහා ක‍්‍රීඩකයාට මාසයක කාලයක් ලබා දී ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!