ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් ග‍්‍රීක යුගයට
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලා ඉතිහාසයේ තොරතුරු සොයා දැනගෙන ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක දෙවැන්නයි මේ.
පසුගිය කලාපයෙන් අපගේ සාකච්ඡුාවට බඳුන් වූ ආදිකල්පිත කලාව, නව පාෂාණ යුගයකට එළඹ ග‍්‍රීක යුගයේ දී මිනිසාට යළිත් අත්පත් කර ගත නොහැකි තරමේ අසාමාන්‍ය විශිෂ්ටත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා වූ කතා පුවත සොබාදම හා කලාව අතර වන අන්තර් විනිවිදීම හඳුනා ගැනීමේ දී අතිශය වැදගත් මඟහැරිය නොහැකි අවදියක් පිළිබඳ තොරතුරු හෙළි කරන්නකි. එය පන්ති විරහිත සමාජයක සිට පන්ති සහිත සමාජයක් දක්වා ගමන් කිරීමේ දී කලාව මුහුණ දුන් පරිවර්තනයන් හඳුනා ගැනීමට උත්සාහ දරන්නෙකුට ද අනිවාර්යයෙන් අධ්‍යයනය කිරීමට සිදු වන කතා ප‍්‍රවෘත්තියකි.
පැලියෝලිතික යුගයෙන් හෙවත් පැරණි ගල් යුගයෙන් නියෝලිතික යුගය හෙවත් නව පාෂාණ යුගයට එළඹීමත් සමග කලාව, මානව ප‍්‍රගමනයෙහි අලූත් වර්ධනයන් සමග සහසම්බන්ධ වන ආකාරය අධ්‍යයනය කිරීම සිත්ගන්නාසුළු අභ්‍යාසයකි. සොබාදහමේ ආධිපත්‍යයට එරෙහිව මිනිසා සිදු කළ අරගලයේ එක් කඩඉමක් ඒ වන විට පසු කිරිමට මානවයා සමත්ව සිටියේය. බරපතළ දුෂ්කර ක‍්‍රියාවකින් පසුව දමනය කර ගත යුතු සතුන්, තමන්ට අවශ්‍ය කවර හෝ අවස්ථාවක මාංශයක් බවට පත් කර ගැනීමේ හැකියාව මේ යුගයේ දී මිනිසාට හිමි විය.
මිනිසා, සංචාරක එෙඬ්රෙකු ද ස්ථිර කෘෂික වාසිකයෙකු ද බවට පත් වූයේ මේ යුගයේ දී ය. කුසගින්න සමග සිදු කළ සටන යම් ප‍්‍රමාණයකට ජය ගැනීමට මේ යුගයේ දී මිනිසාට හැකි වීමේ ප‍්‍රතිඵලය වූයේ ව්‍යවහාරික කලාවක් (Applied Art) වර්ධනය වීම ය. කලා කෘතියේ පෘෂ්ටය බවට පත් වූයේ ද තම ව්‍යවහාරය සඳහා භාවිත කළ මෙවලම් ය. එනයින් මේ යුගයේ කලා කෘතිවල පැවැත්ම ද ඒවායේ පෘෂ්ටය වූ මැටි භාජන, රෙදි ආදී භාණ්ඩයන්ගේ ආයු කාලය සමග බැඳී පැවතුණි.
ගොවි කලාවක්(Peasant Art) ලෙස හැඳින්විය හැකි මෙහි විශදව පෙනුණ ලක්ෂණය වූයේ අවෛෂයිකත්වය යි. නිෂ්පාදන ක‍්‍රියාවේ නව රූපය නිසා ගොඩනැගුණු මෙම අවෛෂකයිත්වය හේතුවෙන් මේ යුගයේ කලාවෙන් සොබාදහම සමඟ මිනිසාට පැවති ගැටුමෙන් යුතු ඒකත්වය ප‍්‍රදර්ශනය වූයේ අවම වශයෙනි; නැති තරම් ය. විවිධ ජ්‍යාමිතික රටා හා ශෛලිගත කරනු ලැබූ ස්වාභාවික රූප භාවිත කරමින් තම ව්‍යවහාරික මෙවලම් වර්ණවත් කිරීම හා ප‍්‍රභාවත් කිරීම මේ යුගයේ කලාවේ අරමුණ විය.
කලාත්මක ගාම්භීර්ය අතින් පැරණි පාෂාණ යුගයේ චිත‍්‍ර කලාව, ගොවි කලාවට වඩා නිර්මාණාත්මක මට්ටමක පැවතියේ මේ හේතුවෙනි. එහෙත් මේ අතර මේ යුගයේ දී මානව ඉතිහාසයේ අතිශය සුවිශේෂී සොයා ගැනීමක් කරළියට පැමිණෙමිණ් තිබුණි. ඒ මෙසපොටේමියානු සහ ඊජීප්තු ශිෂ්ටාචාර පසුබිමේ ලිඛිත භාෂාවක් බිහි වීම යි.
එහි ප‍්‍රතිඵලය වූයේ වෙළඳාම හා කෘෂිකර්මය තවදුරටත් ක‍්‍රමවත් වී ගෝත‍්‍රික ජාතීන් රජ්‍යයන් බවට පරිවර්තනය වීම යි. මේ හේතුවෙන් ශ‍්‍රම කාර්යයෙන් විතැන් වූ ප‍්‍රවිවේකී පාලක පන්තියක් බිහි වූ අතර ශ‍්‍රමය ශිෂ්ටාචාරයේ පසුබිමට තල්ලූ වී ගියේය. කායික ශ‍්‍රමය හා මානසික ශ‍්‍රමය අතර බෙදුම්කඩනයක් නිර්මාණය වීම පමණක් නොව මානසික ශ‍්‍රමයට, කායික ශ‍්‍රමය මත තම ආධිපත්‍යය තබමින් ශ‍්‍රමය සංවිධානය කරනු ලබන භූමිකාව කරා පැන ගැනීමට හැකියාව ලැබුණේ මෙම පසුබිමෙහි ය.
මින් සිදු වූයේ සමස්ත ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට නොහොත් මොළයේ වර්ධනයට හා ක‍්‍රියාකාරීත්වයට ද මූලික වූ හස්තය හා කායික ශ‍්‍රමය අල්පේශාක්‍ය වී මනස මහේශාක්‍ය තත්ත්වයට ඔසවා තබන දෘෂ්ටිවාද බිහි වීම ය. මෙම විඥානවාදී ලෝක දෘෂ්ටිය ම`ගින් කලාව ද මනසේ නිර්මාණයක් බවට ඌනනය කරමින් වෛෂයික සත්‍යය සහමුලින් සඟවනු ලැබිණ.
පුරාතන ග‍්‍රීක යුගය වන විට චිත‍්‍ර කලාව අත්පත් කර ගත් අසාමාන්‍ය විශිෂ්ටත්වයේ ඓතිහාසික පදනම එය ය. එය එතෙක් බිහි වූ කලාවට පමණක් නොව අද දක්වා ද පසු කර යා නොහැකි අග‍්‍රගණ්‍ය කලාවක් බවට පත් විය. ක‍්‍රි.ව. 4 - 3 සියවස් වන විට එම ග‍්‍රීක චිත‍්‍ර කලාව පරිපාකයට පත්ව ශෝභමානත්වයට පත් විය.
මානව ඉතිහාසය අවධීන් 4ක් ලෙස
සාමාන්‍යයෙන් මානව ඉතිහාසය අධ්‍යයනයේ පහසුව සඳහා ප‍්‍රධාන යුග 4කට බෙදනු ලැබේ. මෙම ඉතිහාසයේ එක් එක් අවස්ථාවල පැවති විශේෂත්වය හඳුනාගෙන චිත‍්‍රකලාවේ ඉතිහාසය සම්බන්ධ මෙම ලිපි පෙළ ඉදිරියට යාමේදී ප‍්‍රයෝජනවත් වනු ඇත.
ප‍්‍රාග් ඓතිහාසික අවධිය
මිනිසා විසින් ලේඛනය සොයා ගැනීමට පෙර අවධියයි. මෙය ගල්යුගය, යකඩ යුගය හා ලෝකඩ යුගය ලෙසත් මිනිසා බිහිවීම, ප‍්‍රාථමික මෙවලම් භාවිතය, කථනය, කෘෂිකර්මය යනාදී අවස්ථා මෙහිදී අවධානයට ලක් වේ.
---- ක‍්‍රි පු 3500 ලේඛනය හා ශිෂ්ටාචාරය ----
පුරාතන අවධිය
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහිවීම
ඊජිප්තු ශිෂ්ටාචාරය
පුරාණ ඉන්දියාව හා චීනය
දක්ෂිණ සාගර වෙළෙඳාම
ග‍්‍රීක හා රෝම සම්භාව්‍ය යුගය
-- ක‍්‍රිව 500 සම්භාව්‍ය ශිෂ්ටාචාර බිඳ වැටීම --
මධ්‍යතන අවධිය
යුරෝපයේ අඳුරු යුගය
ඉස්ලාමය බිහිවීම
මායා ශිෂ්ටාචාරය
මොන්ගොල් යුද ප‍්‍රයාම
පුනරුදය
-- ක‍්‍රි ව 1500 ගවේශන හා සොයාගැනීම් --
නූතන අවධිය
අමෙරිකාව සොයා ගැනීම
ධනේශ්වර/ලිබරල්වාදී විප්ලව
කාර්මිකකරණය
ලෝක යුද්ධ
අභ්‍යවකාශ තරණය
තොරතුරු තාක්ෂණය


Comments
Post a Comment