Posts

Showing posts from September, 2026

මියගිය නන්දා මාලිනීගේ භූමිකාව

Image
  ලංකාවේ ගීත කලාව තුළ ගැඹුරු මුද්‍රාවක් තැබූ ගායිකාවක වන නන්දා මාලිනී 2026 අගෝස්තු 20 වන දින පස්වරුවේ නාවල පිහිටි ඇයගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වූවාය. ඇයගේ අභාවයත් සමග ඇය විසින් දායක වූ නිර්මාණ පිළිබඳ සංවාදයක් ආරම්භ විය.   මාලිනීගේ සංගීත නිර්මාණ සහ ඇයගේ ජීවන භාවිතාව පිලිබඳ ඇගයීමකට වඩා එකී සංවාදයට මැදිහත් වීම වඩා වැදගත් වේ. එම සංවාදයේ ප‍්‍රධාන පැතිමාන දෙකක් නිරීක්ෂණය කළ හැකිය. එකක් කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව සම්බන්ධයෙන් මතුපිටින් ගිය සංවාදයයි. අනෙක ඊට ගැඹුරින් තිබු සමාජය ප‍්‍රගතිශීලී සහ ප‍්‍රතිගාමී ලෙස දෙකට බෙදුණු සංවාදයයි. පළමුවැන්න සඳහා නන්දා මාලිනී වස්තු බීජයක් වීම වටහා ගත හැකිය. ඒ ඇයගේ ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’   වැනි දේශපාලන අරුත් රැුගත් නිර්මාණ සමුච්ඡුයන් හරහා ඇය එක්තරා ආකාරයකින් ලංකාවේ ප‍්‍රවණතාත්මක කලාවේ සංකේතයක් බවට පත්වී සිටීමයි. නන්දා මාලිනීට අමතරව ලංකාවේ එවැනි සංකේතාත්මක භුමිකාවකට පණ පෙවූ ගායකයෙකු සිටියේ නම් ඒ ගුණදාස කපුගේ පමණි. ගීතයක් හෝ වෙනත් යම් කලා නිර්මාණයක් යම් සමකාලීන අරමුණු සමග සමපාත විය යුතුද , නැතිනම් ඒවා එම නිර්මාණ බිහිවූ යුගය ඉක්මවා සර්වකාලීන මනුෂ්‍ය ග...

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

Image
  සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ දිනවල සාහිත්‍ය සම්මාන උළෙල , පොත් ප‍්‍රදර්ශන , සාහිත්‍ය දේශන සහ සංවාද පිරී ඉතිරී යනවා. නමුත් සාහිත්‍ය ක්ෂේත‍්‍රය ඔසවාලීම සහ කියවීමේ අගය ගැන කණ පිරෙන්නට ලැබෙන පුරාජේරු කතා යථාර්ථයක් කර ගැනීමට තිබෙන බාධාව ගැන වැඩි කතාවක් නෑ. ඒ බාධාව මූල්‍ය බාධාවක්. පොත්පත්වල මිල මෑත කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. දැන් සාමාන්‍ය නවකතාවක මිල රුපියල් 2000 සීමාව පැන ඇති අතර අවම පිටු සංඛ්‍යාවක් සහිත කවි පොතක් රුපියල් 500 -750 අතර මිල වෙනවා. විවිධ විෂය සම්බන්ධයෙන් ලියැවුණු පොත් ඊටත් වඩා මිල වැඩියි. පොත්වල මිල මෙතරම් ඉහළ යන්නේ ඇයි ? ඒ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යටත්ව ආණ්ඩුව පනවා තිබෙන ඉතාම අසාධාරණ බදු. අපි මේ ගැන සවිස්තරාත්මකව බලමු. ආණ්ඩුව මේ වනවිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද අය කිරීමේ සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 60 ක සීමාවේ තිබෙනවා. එය වාර්ෂිකව රුපියල් මිලියන 36 ක පිරිවැටුම දක්වා පහත හෙළීමට අපේ‍්‍රල් මාසයේදී යෝජනා කළත් පැමිණි දැවැන්ත විරෝධතා නිසා එය හකුළා ගත්තා. වාර්ෂිකව රුපියල් මිලියන 60 ක පිරිවැටුම තේරෙන භාෂාවෙන් කියනවා නම්...

ඒ අපේ ශක්තියයි වන්දනා ලබන්නේ

Image
  ලාංකීය ගීත සාහිත්‍ය තුළ අමරණීය සටහන් තැබූ කලාකරුවෙක් සහ කලාකාරිනියක් පසුගිය අගෝස්තුවේ අප අතරින් වියෝ වුණා. ඒ නන්දා මාලිනිය සහ රඹුකන සිද්ධාර්ථ හිමි. මේ දෙදෙනාගේම විශේෂත්වය තමයි සමාජයේ පාතමාලයේ මිනිස්සුන්ගෙ හඬ ගීතයට නැගීම. බෞද්ධ භික්ෂුවක් විදිහට රඹුකන හිමියන්ගෙ කලා භාවිතාව විශේෂයි. නච්ච ගීත වාදිත තහනම් වෙච්ච සංස්කෘතික හිර ගෙදරක ඉඳන් ගී පද ලියපු අතලොස්සක් භික්ෂූන්ට රඹුකන හිමි පුරෝගාමී වුණා. සාම්ප‍්‍රදායික බෞද්ධ සමාජයෙන් එල්ල වූ විරෝධය නොතකා ගීත ලියපු රඹුකන හිමි සමාජය ඉදිරියේ ‘සිංදු ලියන හාමුදුරුවෝ’ වුණා. ඒ ගීතවල වචන භාවිතය සරලයි. ඒ වගේම සාහිත්‍යයික ගැඹුරක් සහිතයි. විශේෂයෙන්ම දේශපාලනිකයි. නමුත් අභාවයෙන් පසු රඹුකන හිමියන්ගෙ පද රචනා ගැන විද්‍යුත් , මුද‍්‍රිත මාධ්‍යවල වගේම සමාජ මාධ්‍ය තුළත් ඇති වූ සංවාදය ඇතුළෙ හිතාමතාම ඒ දේශපාලනය යටගැහුවා. බොහෝ මාධ්‍ය වැඩසටහන්වල රඹුකන හිමි නිකම්ම බොදු බැති ගී ලියපු හිමිනමක් බවට පත් වුණා. රඹුකන හිමි මුල් කාලෙ හිටියෙ ගංගාරාමේ. ගංගාරාමය UNP තිප්පොලක්. දේශපාලනික , ප‍්‍රභූ භික්ෂු පරම්පරාවක නියෝජිතයෙක් වුණත් රඹුකන හිමිගෙ සහයෝගය ලැබුණෙ වාම ධාරාවට. භීෂණ ය...