Posts

මනෝ - ඔහුගේ කලාව සහ දේශපාලනය

Image
මනෝරත්නට සමුදීම ජයලත් මනෝරත්න කලාකරුවා අප අතරින් සමුගැනීම නිමිති කරගෙන මෙවර ‘රළ‘ ඉඩකඩ මුළුමනින්ම ඔහුගේ කලා භාවිතය ගැන කියැවීමක් සඳහා වෙන් කරන්නට අපි තීරණය කළා. මෙය හුදු මනෝරත්න පිළිබඳ කියැවීමකට වඩා සමකාලීන දේශපාලන ගැටලූ පිළිබඳවද වන කියැවීමක්. මනෝරත්නගේ වේදිකා නාට්‍ය තුළ පොදු තේමාවක් ලෙස ධනේශ්වර ක‍්‍රමය විසින් කලාවට සහ කලාකරුවාට අත්පත් කරදෙන සෝචනීය ඉරණම ඔහු විසින් තෝරා ගැනීම මෙහිදී අපගේ අවධානයට ලක් වුණා. නමුත් ඒ විවේචනය ඉදිරිපත් කිරීමේදී සහ එම අර්බුදයට විකල්පයක් නිර්මාණය කර ගැනීමේදී මේ විශිෂ්ඨ නිර්මාණකරුවා සමාජමය සීමාවක සිර වුණා. ඒ සීමාව ග‍්‍රාමීය සම්භවයක් සහිත සුළු ධනේශ්වරය සහ පාලක ධනේශ්වර පන්තිය අතර සන්ධානයත්, එම සන්ධානය විසින් ග‍්‍රාමීය පීඩිතයා වෙත පටවා ඇති ආධිපත්‍යයත් සමග සම්බන්ධයි. ජයලත් මනෝරත්න පමණක් නොව අපේ යුගයේ කලාකරුවන් මේ සීමාව තුළ සිරව සිටිනවා. කලාව පමණක් නොව සමකාලීන දේශපාලනය පවා විසඳාගත යුතු මූලික ගැටලූ අතර මෙකී සුළු ධනේශ්වර ලෝක දැක්ම පිළිබඳ ගැටලූව තිබෙනවා.  අපි ජයලත් මනෝරත්නගේ භෞතික කයට සමුදීමට සූදානම් නමුත් ඔහුගේ සමස්ත ජීවිතයේ කලා භාවිතය තුළ මතු කරනු ලැබූ ගැට...

කළ නොහැකි දේ කිරීමේ අනුරාගය Flight of the Phoenix

Image
ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වූ නොවැම්බර් 17 වනදා රාත‍්‍රියේ ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසි සහිතව හොලිවුඩ් චිත‍්‍රපටයක් විකාශනය වුනා. ඒ ජෝන් මුවර් විසින් අධ්‍යක්ෂණය කළ 2004දී තිරගත් වූ චිත‍්‍රපටයක් වන ‘ෆීනික්ස් ගුවන්ගත කිරීම’ හෙවත්  Flight of the Phoenix චිත‍්‍රපටය. එහි කතා සාරය වෙන්නේ ගුවන් අනතුරකට ලක්ව දිවි බේරා ගත් පිරිසකගේ ගැලවීමේ මෙහෙයුමක්. චීනය සහ මොන්ගෝලියාව වසා පැතිර තිබෙන ආසියාවේ විශාලතම කාන්තාරය වන ගෝබි කාන්තාරයේ පිහිටි තෙල් ළිඳක් වසා දැමීමෙන් පසු එහි සේවය කළ අමෙරිකානුවන් පිරිස ගුවන් මඟින් චීනය බලා පිටත් වෙනවා. ඔවුන්ගේ ගුවන් යානය ගෙනයා හැකි ප‍්‍රමාණයට වඩා වැඩි බරක් රැුගෙන යන අතරම එය කාන්තාරය මැදින් යද්දී වැලි කුනාටුවකට හසු වෙනවා. වැලි කුනාටුව නිසා ගුවන් යානයේ එන්ජින් දෙකෙන් එකක් ක‍්‍රියා විරහිත වෙනවා. ඒ වගේම එහි අවර පෙති සහ බඳට හානි සිදු වෙනවා. පාලනයක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානය කාන්තාරයේ ගල් කුලක ගැටීමෙන් එහි පිටුපස කොටස මුළුමනින්ම වාගේ විනාශ වෙනවා. මේ අනතුරුවලදී කිහිප දෙනෙක් මිය ගියත් යානයේ නියමු ෆ‍්‍රෑන්ක් ටවුන්ස් සහ සහය නියමු ඒ.ජේ. යානය කාන්තාරය මැදට ගොඩ බ...

වාමාංශික - සිංහල රණකාමයේ උත්කර්ෂවත් අවසාන සැණකෙළිය

Image
විමල් කැටිපේආරච්චිගේ 'නැළවෙන ගී මැද  ඕවිල්ල (NGO)' කෘතිය පිළිබඳ විමසුමක් නූතන යථාර්ථවාදී නවකතාව එහි ලෝක සහ යුග පරිමාණ, විපුලතරම ප‍්‍රකාශවීම්වලදී පවා ‘නිරීක්ෂකයා, නිෂ්ක‍්‍රීය නිරීක්ෂකයකු වීම නවකතාව මුහුණ දුන් ඓතිහාසික අර්බුදයක් වූයේය. මේ ඓතිහාසික අර්බුදය ජයගනු වස් සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනගා ගැනුමට නවකතාකරුවා විසින් දරන ලද වෑයම විසින් නූතන යථාර්ථවාදී නවකතාව, පසු නූතන-ඉන්ද්‍රජාලික නවකතාව බවට පත් විය. පසුගිය සියවසේ නවකතාවේ සිදුවූ ආකෘතිමය, ෂානරීය වෙනස්කම්වල කේන්ද්‍රයෙහි ඇත්තේ මෙන්න මේ නිෂ්ක‍්‍රිය නිරීක්ෂකයා වෙනුවට සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනැඟීමේ දේශපාලන ව්‍යාපෘතිය යැයි සැලකීම වරදක් නැත. එබැවින් අපේ යුගයේ බිහිවන බොහෝ නවකතා වියමන අතින්, කර්තෘ මූලික වනවාට වඩා පාඨ මූලික වීම දැකිය හැක. මෙය සරලව නවකතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීවීමක් හැටියට දකිනවා වෙනුවට, ජනසහභාගීවීමක් හැටියටය අප වටහා ගතයුත්තේ. එනම්, නවකතාව විසින් ‘කලින් අනාවරණය කරගත් සත්‍යයක්’ වමාරනු වෙනුවට පාඨකයා හා ලේඛකයා මැදිහත්වීමෙන් සත්‍ය ගොඩනඟාගැනීමක්, අනාවරණය කිරීමක් මේ තුළ දක්නට ඇත. විමල් කැටිපේආරච්චි ලියූ ‘නැළවෙන ගී මැද  ඕවිල්ල...

සැහැල්ලූ කියවීමක සැනසීම වෙනුවට බැරෑරුම් කියවීමක වගවීම!

Image
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ‘රළ‘ කලාපයෙහි එරික් ඉලයප්ආරච්චිගේ ‘රතු පළස’ නවකතාව පිළිබඳ අපගේ විචාරය ‘විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු’ මැයෙන් සනිටුහන් විය. දැන් මෙවර සැප්තැම්බර් රළ කලාපයේ ඔහුගේ අලුත්ම නවකතාව වූ ‘පේත’ පිළිබඳ අපගේ විචාරය සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.  පේත, රතු පළස නවකතාවේ දිගුවක් ලෙස ගැනිය හැකි කෘතියකි. රතු පළස වූ කලී 70 දශකයේ මැද භාගයේ සිට ‘ජනතා විමුක්ති දේශපාලනයේ’ ඓතිහාසික ගමන් මඟ, තියුණු කලාත්මක සංකල්ප රූප පද්ධතියකට හසු කර ගන්නා, හුදු ඓතිහාසිකකරණයේ සීමා අතික‍්‍රමණය කරන නවකතාවකි. ඒ අතික‍්‍රමණය කිරීම කතුවරයා විසින් සිදු කරනුයේ හුදු ‘ඓතිහාසිකකරණය’ වෙනුවට, ඓතිහාසික භෞතිකවාදී ප‍්‍රවේශයක් අනුගමනය කිරීමෙනි. ඒ අනුව අඛණ්ඩව ගලායන ඉතිහාසයක් වෙනුවට නවකතාව තුළ අපට හමු වනුයේ, ‘නවකතාව - සැබෑ ලෝකය -   නවකතාව’ ලෙස යළි ඒ වෙතටම ප‍්‍රත්‍යාවර්තනය වන සර්පිලාකාර ඉතිහාසයකි. ඒ අනුව රතු පළස නවකතාව මඟින් කතුවරයා, උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලයේ ‘උගුරේ හිරවෙන කටුව’ (දිරවා ගත නොහැකි යම* ලෙස පීඩිත මුසල් මානුවාගේ පැවැත්ම ද, දකුණේ වාමාංශයේ ‘කකුලේ පැටලෙන රැුහැන’ ලෙස පීඩිත දෙමළ ...

සිරගත කළ කවියාගේ ප්‍රකාශය

Image
කෝකිල නාද පටලැවුණු ගිනිගත් බක් මහක අඹුදරුවන්ගෙන් වෙන්ව මා සිටියේ සිපිරි ගෙයක බුර්කාව සුළඟේ ගොස් පඬුවස්නුවර පඬු පැහැ ගැන්වී විශාලා මහනුවරක් වුණු පුරවර ‘අල්ලාහු අක්බර්‘ හඬ ඇසුණු මහා දෙව් මැඳුරුවලින් නැගුණු වෛරයේ ගිණිදැල්වලින් අළුව ගිය මනුෂ්‍යත්වය කළු ගැහුණු අළු යට මා දුටු රතු සිහිනයේ වෙඩි වැදී තිබුණා බුදු හිමිට අවි දරා සිටියේ සුදු රෙදි පොරවාගත් ගෝත්‍රික පිරිසකි සුළු ලේ ඥාතීන් රැකගත නොහැකි නම් රටකට නැසේවා මගේ දැය!!! නැසේවා මගේකම!!! නැසේවා සිහලබව!!! ~ශක්තික සත්කුමාර~

දඩයමට හසුවන වර්තමානයකට පැමිණි දඩයක්කාරයා

Image
‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය පිළිබද විමසුමක් ප‍්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය සීමිත සිනමාහල් ප‍්‍රමාණයක තිරගත වී ප‍්‍රමාණවත් පේ‍්‍රක්ෂක අවධානයෙන්තො ව ගැලවී ගියේය. ඒ නිසාම එය ප‍්‍රමාණවත් කලාත්මක හා දේශපාලන කියැවීමකින් තොරව ජනතාවගෙන් ඈත් කරනු ලැබූ නිර්මාණයකි. සිනමා කර්මාන්තයේ නියැලෙන සහ සිනමා රසික ජනයා අතර නිතරම කියැවෙන ‘ලංකාවේ සිනමාවේ අර්බුදය’ ඇසුරින් එය පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් එය එසේ තිබියදීම නිහඬතාවයෙන් යටපත් කිරීමේ ඉරණමට ගොදුරු කරවන ලද සහ නාගරික සහෘද පුංජයකට සීමා වූ කෘතිය පිළිබඳ සිනමා රසික සංවාදය දේශපාලනික තලයකට ඔසවා තැබිය යුතුව තිබේ. ඒ නිසා පේ‍්‍රක්ෂක ජනයා අතුරින් මෙන්ම පොදු ජනයාගේ සාමුහික හා හුදෙකලා ජීවන අරගලයෙන් ඈත් කරනු ලබන කලා රසවින්දනය අරමුණුකර ගෙන ඒ සිනමා කෘතිය කියවා බැලීම මේ සටහනේ අරමුණය. සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයාගේ කතාව’ කෘතිය කියැවීමෙන් ලැබූ උත්තේජනයකින් ප‍්‍රසන්න ජයකොඩි මෙම චිත‍්‍රපටය කළ බව පැහැදිලිවන කාරණයකි. ඔහු මේ කෘතියේ ගෙන එන කතා පුවත සයිමන්ගේ දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍යයේ උරුමක්කාරයා හෝ සංසාරණ්‍ය අසබඩ යන කෘ...

”සිංහල සංගීතයේ” නිෂ්පාදන ආර්ථිකය හා දේශපාලන ආර්ථිකය

Image
(ක්ලැරැන්සියානු පොප් සංගීතය කෘතිය පිළිබඳ අදහසක්) මෑත භාගයේ ලංකාවේ සංගීත කතිකාව තුළ ජනපි‍්‍රය සංගීතඥයකු හා ගායකයකු වූ කැලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ උනන්දුවක් ඇවිළ තිබීම නිරීක්ෂණය කළ හැකි කාරණයකි. මේ සමාජීය උනන්දුවේම කොටසක් ලෙස අප පක්ෂයේ තරුණ සංගමය මඟින් ද ඔහු පිළිබඳ සම්මන්ත‍්‍රණ කතිකාවක් සංවිධාන කළ බව රළ පාඨක ඔබට මතක ඇති. ඊටත් පෙර ප‍්‍රවීණ කිවියර පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් ”ක්ලැරා” මැයෙන් ඔහු පිළිබඳ ග‍්‍රන්ථයක් ද කරන ලදී. මේ මෑත කාලීන ”ක්ලැරන්ස් උනන්දුවේ” අලූත්ම ප‍්‍රකාශ මානය වනුයේ නදීක ගුරුගේ සංගීතවේදියාගේ ”ක්ලැරැන්සියානු පොප් සංගීතය” කෘතියයි. අපේ මතකය ට අනුව කැලැරන්ස් පිළිබඳ නදීකගේ උනන්දු ද ඉතා ඈත කාලයකට දිව යන්නකි. 90 දශකයේ අවසාන භාගයේ”සංයුග්ම” මැයෙන් නිකුත් වූ ඔහුගේ සීඞී ගීත තැටියේදී ද ඔහු ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක් අනුගායනා  කොට තිබූ බව අපේ මතකයේ ඇත. කෙසේ වෙතත් ස්වකීය 20 වසකට අධික නිර්මාණ චාරිකාවේ හැදෑරීම සහ  අත්දැකීම් පාදකට කොටගෙන ලියන ලද ”ක්ලැරන්සියානු පොප් සංගීතය” කෘතිය ”ක්ලැරන්ස් පිළිබඳ පමණක් නොව වර්තමාන ලංකාවේ සංගීත කලාව, කර්මාන්තය පිළිබඳවම බරපතළ මැදිහත් වීමක් බ...