”සිංහල සංගීතයේ” නිෂ්පාදන ආර්ථිකය හා දේශපාලන ආර්ථිකය
(ක්ලැරැන්සියානු පොප් සංගීතය කෘතිය පිළිබඳ අදහසක්)මෑත භාගයේ ලංකාවේ සංගීත කතිකාව තුළ ජනපි‍්‍රය සංගීතඥයකු හා ගායකයකු වූ කැලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ උනන්දුවක් ඇවිළ තිබීම නිරීක්ෂණය කළ හැකි කාරණයකි. මේ සමාජීය උනන්දුවේම කොටසක් ලෙස අප පක්ෂයේ තරුණ සංගමය මඟින් ද ඔහු පිළිබඳ සම්මන්ත‍්‍රණ කතිකාවක් සංවිධාන කළ බව රළ පාඨක ඔබට මතක ඇති. ඊටත් පෙර ප‍්‍රවීණ කිවියර පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් ”ක්ලැරා” මැයෙන් ඔහු පිළිබඳ ග‍්‍රන්ථයක් ද කරන ලදී. මේ මෑත කාලීන ”ක්ලැරන්ස් උනන්දුවේ” අලූත්ම ප‍්‍රකාශ මානය වනුයේ නදීක ගුරුගේ සංගීතවේදියාගේ ”ක්ලැරැන්සියානු පොප් සංගීතය” කෘතියයි.
අපේ මතකය ට අනුව කැලැරන්ස් පිළිබඳ නදීකගේ උනන්දු ද ඉතා ඈත කාලයකට දිව යන්නකි. 90 දශකයේ අවසාන භාගයේ”සංයුග්ම” මැයෙන් නිකුත් වූ ඔහුගේ සීඞී ගීත තැටියේදී ද ඔහු ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක් අනුගායනා කොට තිබූ බව අපේ මතකයේ ඇත. කෙසේ වෙතත් ස්වකීය 20 වසකට අධික නිර්මාණ චාරිකාවේ හැදෑරීම සහ අත්දැකීම් පාදකට කොටගෙන ලියන ලද ”ක්ලැරන්සියානු පොප් සංගීතය” කෘතිය ”ක්ලැරන්ස් පිළිබඳ පමණක් නොව වර්තමාන ලංකාවේ සංගීත කලාව, කර්මාන්තය පිළිබඳවම බරපතළ මැදිහත් වීමක් බව අපේ අදහසයි. එබැවින් මෙවර රළ කලාපයෙන් ඒ පිළිබඳ සටහනක් තබනුයේ නදීකගේ කෘතිය ලංකාවේ සංගීත කලාව පිළිබඳව බරපතළ හැඟවුම් මතුකරන බැවිනි.
”.....”ක්ලැරන්ස්ගේ පහළවීම සිදුවනුයේ පූර්ව නිදහස් යුගයෙන් ඇරඹි, 50 දශකයෙන් පරිපාකයට පත්වන ලාංකේය, ”ජාතික - රාජ්‍යමය” දේශපාලන සංස්කෘතික මොහොතතකය. එහිදී කොම්ප‍්‍රදෝරුව විසින් අත්පත් කර ගන්නා ලද දේශපාලන සමාජීය හා ආර්ථික බල සංකේන්ද්‍රණයට විරුද්ධව 70 දශකයේ පරිපාකයට පත්වූ තරුණ දේශපාලනික සංස්කෘතික මොහොත යනාදී ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සමාජ හැරවුම් ලක්ෂ්‍යයන් දෙක අතරයි.”
ක්ලැරන්සියානු පොප් සංගීතය - 31 පිටුව
”නමුත් ඒ වන විට ලාංකේක සිංහල සංගීතය හැටියට වර්ධනයව ස්ථාපිත වී තිබූ උතුරු ඉන්දියානු ශාස්තී‍්‍රය සංගීත සම්ප‍්‍රදාය ම ත පදනම් වූ අධිපති සිංහල ශාස්තී‍්‍රය සංගීතයට එදිරිව නාගරික තරුණයන් නොසිතා සහ අගති විරහි ව ගැසූ සංගීතමය කැරැුල්ලක් හැටියට, අකෘතිමය වශයෙන් යම් දේශපාලන බලයක් ඒ ප‍්‍රවේශය තුළ ඇති බව පිළිගත හැක.”
-ක්ලැරන්සියානු පොප් සංගීතය- 31 පිටුව
කෙසේ වෙතත් නදීක සිය කෘතියේදී පුළුල් ලෙස විමසා බලන කාරණයක් නම් මෙම ”සංගීත කැරලි” පිටුපස පවතිනප‍්‍රාග්ධනය පිළිබඳ කාරණයයි. ඒ අනුව Acoustic සංගීතය Electric සංගීතය බවට පත්වීම, Electric සංගීතය ද විවිධ පටිගත කිරීම් තාක්ෂණයන් හරහා වර්ධනය වීමද මුළුමහත් සංගීත කලාවම ප‍්‍රාග්ධනයට සම්බන්ධ වීමද අදිරෙන් අදියර කෘතිතය තුළ විමසා බැලෙයි.
”පරිසරය (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය)ටඅනුගත වෙමින් පරිණාමය වූ ක්ලැරන්සියානු සංගීතය උච්තොන්නතියට පාත‍්‍ර වන විට, පරිසරය (වෙළඳපොළ ප‍්‍රාග්ධනයට අනුවර්තනය නොවුණු අනෙකුත් කණ්ඩායම් සංගීත ශිල්පී හු ප‍්‍රමුඛ සංගීත කණ්ඩායම් ක‍්‍රමිකව ක්ෂීණව ගියාහුය”
-ක්ලැරන්සියානු පොප් සංගීතය- 280 පිටුව
ක්ලැරස්ගේ පූර්වගාමීන් හා සමකාලිකයන් සංගීත තාක්ෂණවේදයෙන්, පටිගත කිරීමේ තාක්ෂණයෙන්, අවසාන නිෂ්පාදිතයෙන් හා සංගීත ආකෘතියෙන් ඒ ඒ සංගීත ආකෘති තුළ, අගතිගාමී ආස්ථානයන් හි සිරගත වීමත් ක්ලැරන්ස් පමණක් දශක කිහිපයක් ක්ෂේත‍්‍රයේ රැුඳ සිටීම ප‍්‍රාග්ධනය මූලික තර්කයකින් කියාව ගැනීමට කෘතිය අපට උපකාරී වෙයි. විශේෂයෙන්ම සංගීතය ඒ වන විටත් යාන්ති‍්‍රක ප‍්‍රතිනිෂ්පාදන අවධියකට පිවිස තිබූ ඔහුගේ යුගයේ දී ක්ලැරන්ස්ගේ නොනැසී පැවැත්මේ රහස හුදකලාත්මක කාරණාවලටම ඌනනය කරනු වෙනුවට, ඒ පසුපස ඇති සංගීත නිෂ්පාදන තාක්ෂණය සමඟ සම්බන්ධ කර විග‍්‍රහ කර ගැනීමට නදීක උත්සාහ දරයි.
"ක්ලැරැන්ස් වාදකයෙකු සහ ගායකයකු ලෙස ද්විත්ව අර්ථයෙන් තාක්ෂණය සමඟ සම්බන්ධ වෙයි. ෑජදිඑසජ Acoustic සංගීත භාණ්ඩ භාවිතයක සිටElectronic සංගීත භාණ්ඩ දක්වා ද, අවසාන කාලයේ එනම් 1985 සිට 1996 කාලය තුළදී තාක්ෂණය වෙත ඉතා ධනාත්මක ලෙස විවෘත වීම ද ක්ලැරැුන්සියානු සංගීතයෙන් විශද වේ.” 53 පිටුව
ඉන් නොනැවතී නදීක තම කෘතිය තුළ එම තාක්ෂණවේදය ප‍්‍රාග්ධනයට ඇති සබඳතාව තුළ ද කියවා ගැනීමට උත්සාහ කරයි.
”කලා ශිල්පියකු බිහිවීමේ ප‍්‍රධානතම පූර්ව අවශ්‍යතාව වනුයේ ප‍්‍රාග්ධනමය මැදිහත්වීමයි. එසේ නොමැති වූවහොත් ශිල්පියා හා සමාජය අතර සම්බන්ධතාවගොඩනැගෙන්නේ නැත. ශිල්පියා සහ සමාජය අතර සම්බන්ධතාව උදක්ම කලාව, සංගීත රසවින්දනය හේතු කොටගෙන සිදුවන්නකැ යැයි තීන්දුවකට ඒම අතිශය රෝමාන්තික හැඟීමක් විනා අන් කිසිවක් නොවේ. ප‍්‍රාග්ධනය මැදිහත් වන තෙක් යථෝක්ත සියලූ කරුණු අප‍්‍රධාන, ද්විතීයික කාරණා බවට පත්වේ. ක්ලැරැන්ස්ගේ සිද්ධියේදී ”ශී‍්‍ර සඟබෝ කොරයා” විසින් හඳුනා ගනු ලබනා තෙක් ක්ලැරන්ස් සහ ඔහුගේ සගයන්ගේ පැවැත්ම උදක්ම වියුක්ත පැවැත්මකි.
නිෂ්පාදකයා විසින් කලා ශිල්පියාව ජනතාව වෙත පතුරවා හරිනු නොඑසේව බෙදා දෙනු ලැබේ. එනම් නිෂ්පාදකයා විසින් කලා ශිල්පියාව බහු ගුණ කොට ඒ ඒ රසිකයන්ගේ පෞද්ගලික දේපළක් හැටියට අයිති කර දෙනු ලැබේ. අන්න එවිටය කලා ශිල්පියා ඓන්දී‍්‍රය චරිතයක් නොහොත් සමාජීය සංසිද්ධියක් බවට පත් වන්නේ.”
-ක්ලැරැන්සියානු පොප් සංගීතය- 277 පිටුව
මේ අර්ථයෙන් නදීක ලංකාවේ සිංහල පොප් සංගීතයේ නිෂ්පාදනය ආර්ථිකය ගවේෂණය කොට ඇත. නිෂ්පාදන ආර්ථිකය යනු දේවල් අතර සබඳතාවක් නම්, දේශපාලන ආර්ථිකය යනු මිනිසුන් අතර සබඳතාවකි. ආර්ථික ක‍්‍රමයක් දේවල් අතර සබඳතාවක් ලෙස ගවේෂණය කිරීම යනු පිටවීමට දොරක් නැති වංකගිරියක රවුම් ගැසීමකි. නමුත් ස්වකීය කෘතිය තුළ දී නදීක සංගීත කලාවේ ”නිෂ්පාදන ආර්ථික කටුව බිඳගෙන” එහි දේශපාලන ආර්ථිකය ගවේෂණය කිරීමට දරන උත්සාහයක්ද පෙනෙන්ට තිබේ.
නිෂ්පාදකයා විසින් කලා ශිල්පියාව බහු ගුණකොට පිටපත් ගැසීම කලා කරුවාව කම්කරුවාගේ ඉරණම හා සමපාත කිරීම වේගවත් කරනු ඇත. ඔහුගේ ”තලෙන්තුව” (Talent) ඔහුගෙන් උදුරා ගනු ඇත. අවසානයේ ශබ්දාගාර හා පටිගත කිරීමේ කාමරවලින් ඔහු එළියට විසිකරනු ඇත. සංගීතයේ මේ දේශපාලන ආර්ථිකය සාකච්ඡුාවට ගනු පිණිස නදීක උපයෝගී කොට ගනුයේ සුප‍්‍රකට අමෙරිකානු සංගීත කණ්ඩායමක් වූ Backstreet Boys කණ්ඩායමේම අත්දැකීමකි.
”අපේ බැංකු ගිණුම් දිහා බැලූවාම අපි කල්පනා කළා. අපි අහවල් ශාලාවේ ආසන 15, 000ක් පිරෙව්වා. අතන ශාලාවේ ආසන 10,000ක් පිරෙව්වා. අරහේ ශාලාවේ ආසන 20,000ක් පිරෙව්වා. (ඒත් කෝ මුදල්)” ක්ලැරැන්සියානු පොප් සංගීතය 285 පිටුව
ලංකාවේ සංගීත කලාව 1948 ප‍්‍රකාශ මාන වූ ලංකාවේ ජාතික රාජ්‍ය ව්‍යාපෘතියට සාපේක්ෂව 1950 දශකයේ වර්ධනය වූ සැටිද එහි තාක්ෂණික ඉදිරි පිමි ද සංගීත ශෛලීන් ද, සංගීත පෞරැුෂය සංසන්දනාත්මකව සාකච්ඡුා කොට ඇත්තේ සමාජ දේශපාලන මානයකින් ද යුතුවය. විශේෂයෙන්ම 50 දශකයේ ඇරඹෙන සුභාවිත සංගීත කලාවක් සොයා යාමේ ව්‍යපෘතියේ වූ ජාතිකවාදී මූලයන් ද, 60 දශකයේ පොප් සංගීතයේ තිබූ ලිබරල් සීමාව පිළිබඳ කතිකාවක් කෘතිය පසුබිමේ ඇති බව සූක්ෂම පාඨකයකුට ග‍්‍රහණය කර ගත හැක.
”ක්ලැරැන්සියානු පොප් සංගීතය” ලංකාවේ සංගීත කලාව පිළිබඳවම බරපතළ හැඟවූම් මතුකරතැයි අප මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළේ එබැවිනි.
Is there any way to download the book
ReplyDelete