සිරගත කළ කවියාගේ ප්‍රකාශය


කෝකිල නාද පටලැවුණු
ගිනිගත් බක් මහක
අඹුදරුවන්ගෙන් වෙන්ව
මා සිටියේ සිපිරි ගෙයක

බුර්කාව සුළඟේ ගොස්
පඬුවස්නුවර පඬු පැහැ ගැන්වී
විශාලා මහනුවරක් වුණු පුරවර
‘අල්ලාහු අක්බර්‘ හඬ ඇසුණු
මහා දෙව් මැඳුරුවලින් නැගුණු
වෛරයේ ගිණිදැල්වලින්
අළුව ගිය මනුෂ්‍යත්වය

කළු ගැහුණු අළු යට
මා දුටු රතු සිහිනයේ
වෙඩි වැදී තිබුණා බුදු හිමිට
අවි දරා සිටියේ සුදු රෙදි පොරවාගත්
ගෝත්‍රික පිරිසකි

සුළු ලේ ඥාතීන්
රැකගත නොහැකි නම් රටකට
නැසේවා මගේ දැය!!!
නැසේවා මගේකම!!!
නැසේවා සිහලබව!!!

~ශක්තික සත්කුමාර~

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම