සැහැල්ලූ කියවීමක සැනසීම වෙනුවට බැරෑරුම් කියවීමක වගවීම!
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ‘රළ‘ කලාපයෙහි එරික් ඉලයප්ආරච්චිගේ ‘රතු පළස’ නවකතාව පිළිබඳ අපගේ විචාරය ‘විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු’ මැයෙන් සනිටුහන් විය. දැන් මෙවර සැප්තැම්බර් රළ කලාපයේ ඔහුගේ අලුත්ම නවකතාව වූ ‘පේත’ පිළිබඳ අපගේ විචාරය සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.පේත, රතු පළස නවකතාවේ දිගුවක් ලෙස ගැනිය හැකි කෘතියකි. රතු පළස වූ කලී 70 දශකයේ මැද භාගයේ සිට ‘ජනතා විමුක්ති දේශපාලනයේ’ ඓතිහාසික ගමන් මඟ, තියුණු කලාත්මක සංකල්ප රූප පද්ධතියකට හසු කර ගන්නා, හුදු ඓතිහාසිකකරණයේ සීමා අතික‍්‍රමණය කරන නවකතාවකි. ඒ අතික‍්‍රමණය කිරීම කතුවරයා විසින් සිදු කරනුයේ හුදු ‘ඓතිහාසිකකරණය’ වෙනුවට, ඓතිහාසික භෞතිකවාදී ප‍්‍රවේශයක් අනුගමනය කිරීමෙනි. ඒ අනුව අඛණ්ඩව ගලායන ඉතිහාසයක් වෙනුවට නවකතාව තුළ අපට හමු වනුයේ, ‘නවකතාව - සැබෑ ලෝකය - නවකතාව’ ලෙස යළි ඒ වෙතටම ප‍්‍රත්‍යාවර්තනය වන සර්පිලාකාර ඉතිහාසයකි.
ඒ අනුව රතු පළස නවකතාව මඟින් කතුවරයා, උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලයේ ‘උගුරේ හිරවෙන කටුව’ (දිරවා ගත නොහැකි යම* ලෙස පීඩිත මුසල් මානුවාගේ පැවැත්ම ද, දකුණේ වාමාංශයේ ‘කකුලේ පැටලෙන රැුහැන’ ලෙස පීඩිත දෙමළ ජනයාගේ නිදහස පිිළිබඳ ගැටලූව ද ස්ථානගත වී ඇති ආකාරය අපි සාකච්ඡුාවට ලක් කළෙමු.
එමෙන්ම උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලය, විමුක්ති ව්‍යාපාරය ලෙයින් සහ යකඩින් මර්දනය කළ අවකාශයක ‘මුල්පිටපත අහිමිව’ පසු නූතන ‘විනෝද සාගරයක’ ගිලී ඇති අන්දමත් එකී ලිපියෙන් අපි සාකච්ඡුාවට භාජනය කළෙමු.
‘පේත’ නවකතාව ආරම්භ වනුයේ මෙකි සමාජීය මොහොත තුළ, ‘මහිමගොඩැල්ල’ නම් වූ ප‍්‍රත්‍යන්ත නගරයක, පැරණි සෝල්දර කඩයට රැුස්වෙන මානව හිමිකම් විමර්ශක කණ්ඩායමකගේ රැුස්වීමකිනි. රැුස්වීමේ අරමුණ ‘තිස් අවුරුදු යුද්ධයෙන් පසු ජාතීන් අතර සංහිඳියාව’ අරබයා වාර්තාවක් සකස් කිරීමය. ඒ සඳහා උක්ත සෝල්දර තේ කඩයම තෝරාගෙන ඇත්තේ එම කඩය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ නායිකාවකව සිටි ‘තේවානි’ නම් ගරිල්ලා සටන්කාරිනිය, පිළිකා රෝගයකින් ඔප්පළව, සිය අවසන් දවස් ගත කළ ස්ථානය එම කඩය වීමේ සමාජීය වැදගත්කමිනි. අනෙක් අතට එම පැරණි සෝල්දර කඩය ‘ලංකා සමසමාජ පක්ෂයේ’ සටන්කාමී ඉතිහාසයට ද සම්බන්ධ ස්ථානයකි.
මේ වූ කලි විමුක්තිවාදීන් හා විමුක්ති සංවිධාන මිය ගොස්, දේශපාලනය වෙනුවට, ‘පශ්චාත් මරණ පරීක්ෂණ දේශපාලනය’ කි‍්‍රයාත්මක වන මොහොතයි. මුල් පිටපත අහිමි වූ, අනුපිටපත් ප‍්‍රති නිෂ්පාදනය වන අවධියයි. නිෂ්පාදනය වෙනුවට ප‍්‍රතිනිෂ්පාදනය ආදේශ වූ අවධියයි.
”කාගෙදො විප්ලවයක් ජයගෙන ඇත. රජවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා පියවරුන් බලයෙන් පහ වී ඇත. ඔවුන්ගේ හිස් ගසා දමන ඝෝෂාවත්් ගිලටීනයේ මුවහත් තලය දඩස් ගා බිමට වැටෙන හඬත් ඇසේ”
-පේත- 97 පිටුව-
මේ සාංකාබරිත පසු නූතන සමාජ මොහොතට කතුවරයා විසින් අභිමුඛ කරනුයේ ලංකාවේ මෙතෙක් පැවති බරපතළම විමුක්ති කතිකාවන් තුනකි. එනම් සමසමාජ, ජනතා විමුක්ති හා දෙමළ විමුක්ති කතිකාවන් තුනයි.
මේ රැුස්ව සිටින මානව අයිතිවාසිකම් විමර්ශන කණ්ඩායම නවාතැන්ගෙන සිටින සොල්දර කඩය, මේ දේශපාලන සම්ප‍්‍රදායන් තුනටම අතීතයේ දී හා වර්තමානයේ දී රක්ෂිත ගෘහයක් :ී්ත්‍ඔශ ්‍යධඹීෑ* වූ ස්ථානයකි. කඩයේ වත්මන් හිමිකරු වු ‘පියසිරි’ගේ පියා සමසමාජයට ද, පියසිරි 70 දශකයේ ජනතා විමුක්ති පෙරමුණටද, පුතා වන සාලිය අධ්‍යතන වාමාංශය ද රැුහැන් ඇඳුනෝ වෙති. නවකතාව තුළ ‘සාලිය’ මෙකී අනෙක් චරිතවලට ඇති ඥාතිත්වයේ සංකීර්ණ කම, පැටලිල්ල අධ්‍යතන වාමාංශය සිය කලින් ප‍්‍රවේණියට ඇති ඥාතිත්වය තරම්ම පැටලිලිසහගත, ‘විපරීත’ සම්බන්ධතාවකි. එම ඥාතිත්වයේ ‘විපරීත බව’ සාම්ප‍්‍රදායික ඊඩිපස් පවුලේ ව්‍යාකරණ උල්ලංඝනය වීම මත පදනම් වන ඔහුගේ උපත සමග මෙන්ම, වාමාංශයේ පසු නූතන මොහොත සමඟඳ සම්බන්ධය.
”කුලසිරිගේ කට උත්තරය අනුව සාලිය අනෙක් මහල්ලාගේ එකම සොයුරියගේ එකම පුතාය. එනමුත් ජයසිරි නම් මහල්ලාට අනුව සාලිය ඔහුගේ ඥාති පුතා නොව, මුනුබුරා වන අතර ඒ තරුණයා විසින් ද ජයසිරි මහල්ලා අමතනු ලබන්නේ මාමා කියා නොව සීයා කියාය.”
-21 පිටුව - පේත-
නවකතාවට අනුව හිටපු ඛඔ-ඔෑ නායිකාව ‘තේවානී’ පුත්තලමේ දි ‘සේගු ඉසදීන්’ නම් මුස්ලිම් ජාතිකයා සමඟ විවාහ වීමේ සිදුවීම, මේ නවකතාවේ පළමු අර්ධය වූ ‘රතු පළස’ කෘතියෙ දී අපට මුණ ගැසේ. තේවානී හා සේගුු ඉසබීන්ගේ දියණිය වූ ‘ඇපලෝනියා’ පේත නවකතාවට ඈඳා ගන්නා කතුවරයා, ඇය සහ සාලිය අතර වන ‘ස්තී‍්‍ර - පුරුෂ සම්බන්ධය’ තුළ පසු නුතන වාමාංශයේ ‘ශූද්ධ වූ පවුල’ සොයා ගනී. එය නිසැකවම සිංහල - බෞද්ධ පවුල නොව, ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - කි‍්‍රස්තියානි’ මිනිස් පවුලයි. එය සමන්විත වනුයේ සාලිිය තුළ නියෝජනය වන සමසමාජ සම්ප‍්‍රදාය, ජනතා විමුක්ති සම්ප‍්‍රදාය හා ඇපලෝනියා තුළ වන ඉස්ලාම් හා දෙමළ විමුක්ති සම්ප‍්‍රදායෙනි. නවකතාව අවසානයේ ‘ඇපලෝනියා’ සහ ‘සාලිය’ අතර එළිමහන් වෙරළේ සිදුවන සංසර්ගය මෙකී සම්ප‍්‍රදායන් තුන එකිනෙක මත අතිපිහිත වීමයි.
”ඔහු තමා වෙත දිව එන කාමුක ගැහැනු අවතාරයට ඉඩ දුන්නේ, හුදකලා තෙත් බිමක රමණයෙහි යෙදෙන්නට ලත් අවස්ථාව පැහැර නොහරින උපන්ගෙයි සල්ලාලයෙකු ලෙසිනි.”
-පේත, 111 පිටුව-
මේ නව ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - කි‍්‍රස්තියානි’ පවුලේ ලිංගික ව්‍යාකරණය, පැරණි ජාතිකවාදී ශූද්ධ වූ පවුලේ ලිංගික ව්‍යාකරණය නොව, නව රැුඩිකල් සමාජයීය පවුලක ලිංගික ව්‍යාකරණයකි. මෙවැනි රැුඩිකල් ලිංගික ව්‍යාකරණයක් නවකතාව තුළ මීට කලින් අපට හමුවනුයේ, මෙහි පළමු අර්ධය වන ‘රතු පළස’ නවකතාවේ කුලසිරි, තේවානි සොයා මන්නාරම් ගිය පසු දිගහැරෙන ජවනිකාවේය. සිංහල ගරිල්ලා සටන්කරුවා වූ ‘කුලසිරි’ හා දමිළ විමුක්ති සටන්කාමිනිය වූ ‘තේවානි’ අතර එහිදී ඇතිවන ලිංගික සංසර්ගය ද මෙවැනිම ලෞකික, රැඩිකල්, අසාම්ප‍්‍රදායික ලිංගික ව්‍යාකරණයක් අනුයන බව මෙහිදී පාඨකයාට මතක් වනුයේ නිතැතිනි.
මෙහි පළමු අර්ධය වන ‘රතු පළස’ නවකතාව තුළ දී, දෙමළ විමුක්ති සටන් කාමිනිය සයනයිට් කා මිය ගියේ ද, මෙම නවකතාව තුළ රැුඩිකල් සිංහල වාමාංශිකයා වූ කුලසිරි ‘ජාතියට පිටුපෑ ද්‍රෝහියෙකු’ ලෙස හුදකලාව මියගියේ ද ‘ඇපලෝනියා’ සහ ‘සාලිය’ තුළින් සාක්ෂාත් වන දේශපාලනයේ මේ රැුඩිකල් අනාගත නිමේෂය වෙනුවෙනි. සම සමාජ, වාමාංශයේ, ජනතා විමුක්ති කතිකාවේ හා දෙමළ විමුක්ති කතිකාවේ උරුමකරුවන් වන, වර්තමාන විමුක්ති දේශපාලන ව්‍යාපාර විසින් මේ රැුඩිකල් නිමේෂය මග හරවා ගන්නේ නම්, එතැන් සිට ඔවුන්ට ඇත්තේ යථාවට පිටු පෑමේ ‘මනස් ඍෂ්ටික’ දේශපාලනයයි. හිටපු කැරලි කරුවෙකු වූ ජයසිරිගෙන් නියෝජනය වනුයේ යථාවට පිටු පෑමේ එම ‘අවතාර දේශපාලනය’යි.
”ඉර එළිය වැටී පිල්ලෑව රන් පාටට ආලෝකවත් වී අවතාර නොපෙනී ගිය පසු ජයසිරිට නැවතත් කල්පනාවක් පහළ විය. එය බොහෝ තියුණු කල්පනාවකි. අවතාර නොමැති ලෝකයක් තුළ ජීවත් වීමේ ගැටලූට ඔහු මුහුණ දී සිටියේය. ඔහු සෙමින් සෙමින් ගඟ දෙසට ඉක්මන් පියවර මැන්නේය. සැඩ පහරක් වී ගලායන ගං ඉවුරේ දවස ගත කළ ඔහු ? බෝ වූ විට නැවත පිල්ලෑවට පැමිණියේ පෙරදා දුටු අවතාර දෙක දකින වුවමනාවෙනි.”
-පේත, 112 පිටුව-
මළවුන් නිසි ගෞරවාර්ථයෙන් භූමදානය නොකළ විට ජීවත් වන වුන් මත අවතාර වේශයෙන් බලපවත්වන්නේ යැයි සුප‍්‍රකට සාහිත්‍යමය රූපකයක් වෙයි. ජයසිරි දකින අවතාරය සමසමාජ පක්ෂය 1964 දී ඉල්ලීම් 21 පාවාදී සභාගයට ගිය තැන ෆැක්ටරිය අතහැර යාපනයේ ගිය දෙමළ කම්කරු නායකයා රාජුගේය. මේ අර්ථයෙන් ලාංකේය වාමාංශය විසින් නිසි ගෞරවය පුද කර භූමදානය කළ යුතු මෘත කළේබරයන් දෙකක් වෙයි. වෙනත් විදිහකින් කියන්නේ නම් ලාංකේය ‘සිංහල වාමාංශය’ නිදහස් විය යුතු, වරදසහගත හෘද සාක්ෂ්‍යයන් දෙකක් වෙයි. එනම් පීඩිත ජාතීන්ගේ අරගලය මත හරියට හිට නොගැනීමෙන් උපන්වරද සහගත භාවය හා තීරණාත්මක අවස්ථාවේ දී කම්කරු අභිලාශයන් පාවා දීමෙන් උපන් වරද සහගත හෘද සාක්ෂියයි. ‘ඉපැරණි වම’ වූ සම සමාජයේ ඉතිහාසය තුළ, 53 හර්තාලය සහ 64 සමස්ත මහා වැඩ වර්ජනය පාවාදීමෙන් ද, එතරම්ම පැරණි නොවූ ජනතා විමුක්ති වාමාංශය තුළ 80 සමස්ත මහා වැඩ වර්ජනයේ දී අනුගමනය කළ කි‍්‍රයාමාර්ගයෙන් ද මෙම වරදසහගත හෘද සාක්ෂිය බිහිවිය. පීඩිත දෙමළ ජනයා මතට බෝම්බ හෙළීමට යුද වියදම් අනුමත කිරීමේ දීද, රජයේ සන්නද්ධ හමුදාවන්ට බංකර් තනා දීමෙන් ද මෙම වරදසහගත හෘද සාක්ෂිය සාමාන්‍යකරණය විය. ජයසිරි දකින අවතාරය මේ වරදසහගත හෘද සාක්ෂියේ නාටකීය ප‍්‍රාදුර්භූතයයි.
”ඒ ගැහැනු අවතාරය හමුවන්නට තවත් අවතාරයක් පිල්ලෑවට පැමිණ සිටියේය. එය තරුණ පිරිමි අවතාරයක් විය. ඔවුන්ගේ හමුවීම දෙස ඊර්ෂියාවෙන් බලා සිටි ජයසිරි දෙඩවිල්ල පටන් ගත්තේය.
‘ඒ අවතාරය මගේ මැරිච්ච අක්කගේ, අනෙක් අවතාරය රබර් ෆැක්ටරියේ දෙමළ යුනියන් ලීඩර්ගේ”
- පේත, 112 පිටුව-
කෘතියේ බොහෝ අර්ථ, පාඨකයා හා කෘතිය තලදර්පණ දෙකක් මෙන් මුහුණට මුහුණ ලෑමෙන් ගොඩනැෙඟන, අනන්ත ප‍්‍රතිබිම්බ සමුදායක් අතර පාඨකයෙකු විසින් සොයාගත යුත්තකි. මේ අර්ථයෙන් එහි ඇත්තේ ‘නාදයක් නොව අනුනාදයක් පමණි.’ ‘සැමුවෙල් බෙකට්ගේ’ ‘ගොඩෝ එනකම්’ නාට්‍ය අරඹයා එක් විචාරකයෙකු කී පරදි ‘එහි ඇත්තේ චලනයක් නොව, පුනර්වාචකයක් පමණි.’ මහා මිනිස් ව්‍යාපාර බිමට සමතලා කොට දැමූ, ජීවිතය වෙනුවට පශ්චාත් මරණ පරීක්ෂණය අධිනිශ්චය වූ, අපේ යුගයේ කලාවේ නව රූපය විය හැක්කේ එයයි. ඒ අනුව සාක්ෂි සටහන්, දිවුරුම් ප‍්‍රකාශ, පුවත්පත් වාර්තා සටහන් වැනි ආකෘති ඔස්සේ ඇදී යන නවකතාවේ ආකෘතිය, නිෂ්පාදනය වෙනුවට ප‍්‍රතිනිෂ්පාදන ද, ව්‍යවහාරය වෙනුවට කතිකාව ද අධිනිශ්චය වූ අපේ යුගයේ නවකතා ආකෘතියකි එය. කතුවරයාගේ ‘රතු පළස’ නවකතාව ‘ජනතා විමුක්ති කතිකාව’ සංස්ථාපිතව පැවැති 70 දශකයේ අත්දැකීමේ කලාත්මක ප‍්‍රකාශනයක් වුනිනම් ‘පේත’ එම විමුක්ති කකාවතේ නිශේධය නිශේධය වීම සටහන වූ අපගේ යුගය පිළිබඳ කලාත්මක කතිකාවකි.
ඒ අනුව කථන කෝණ (උත්තම පුරුෂ - ප‍්‍රථම පුරුෂ) මාරු කරමින්, කලින් සඳහන් කළ පරිදි සාක්ෂි සටහන්, දිවුරුම් ප‍්‍රකාශ, පුවත්පත් තීරු ලිපිවලින් නවකතාව ස්වකීය ආකෘතිය ගෙඩනඟා ගනියිි. මෙසේ නවකතාව ලෙස අපට ඉදිරිපත් වනුයේ පුද්ගල දෘෂ්ටිකෝණ, සාක්ෂි සටහන් හා ස්වයං ලේඛන සමූහයකි. එවිට නව කතාවේ ‘වෛෂයිකත්වය’ යනු පූර්වයෙන් පැවති දෙයක් නොව, අප විසින් ගොඩනඟාගත යුත්තක් ලෙස ඉතිරි වේ.
කෙසේ වුවද කතුවරයාගේ කලින් නවකතාව වූ ‘රතු පළසින්’ විනිර්මුක්තව ‘පේත’ කියවීම වෙනස්ම අත්දැකීමක් විය හැකිය. ඇතැම් විට අපහසු ද විය හැක. මන්ද, කතා වින්‍යාසයෙන්, චරිතවලින්, දෘෂ්ටිමය එළඹුම්වලින් එය ‘රතු පළස’ සමඟ තදාත්මක හෙයිනි. එහෙයින් ‘පේත’ විසින් අපට ගෙනෙනුයේ ‘සැහැල්ලූ කියවීමක සැනසීම නොව, බැරූරුම් කියවීමක වගවීම’ය.
Comments
Post a Comment