කළ නොහැකි දේ කිරීමේ අනුරාගය Flight of the Phoenix
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වූ නොවැම්බර් 17 වනදා රාත්‍රියේ ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසි සහිතව හොලිවුඩ් චිත්‍රපටයක් විකාශනය වුනා. ඒ ජෝන් මුවර් විසින් අධ්‍යක්ෂණය කළ 2004දී තිරගත් වූ චිත්‍රපටයක් වන ‘ෆීනික්ස් ගුවන්ගත කිරීම’ හෙවත් Flight of the Phoenix චිත්‍රපටය. එහි කතා සාරය වෙන්නේ ගුවන් අනතුරකට ලක්ව දිවි බේරා ගත් පිරිසකගේ ගැලවීමේ මෙහෙයුමක්. චීනය සහ මොන්ගෝලියාව වසා පැතිර තිබෙන ආසියාවේ විශාලතම කාන්තාරය වන ගෝබි කාන්තාරයේ පිහිටි තෙල් ළිඳක් වසා දැමීමෙන් පසු එහි සේවය කළ අමෙරිකානුවන් පිරිස ගුවන් මඟින් චීනය බලා පිටත් වෙනවා. ඔවුන්ගේ ගුවන් යානය ගෙනයා හැකි ප්‍රමාණයට වඩා වැඩි බරක් රැුගෙන යන අතරම එය කාන්තාරය මැදින් යද්දී වැලි කුනාටුවකට හසු වෙනවා. වැලි කුනාටුව නිසා ගුවන් යානයේ එන්ජින් දෙකෙන් එකක් ක්‍රියා විරහිත වෙනවා. ඒ වගේම එහි අවර පෙති සහ බඳට හානි සිදු වෙනවා. පාලනයක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානය කාන්තාරයේ ගල් කුලක ගැටීමෙන් එහි පිටුපස කොටස මුළුමනින්ම වාගේ විනාශ වෙනවා. මේ අනතුරුවලදී කිහිප දෙනෙක් මිය ගියත් යානයේ නියමු ෆ්රෑන්ක් ටවුන්ස් සහ සහය නියමු ඒ.ජේ. යානය කාන්තාරය මැදට ගොඩ බස්වනවා.
අවසානයේ ඔවුන් වටහා ගන්නේ තමන් කිහිප දෙනෙකු ගෝබි කාන්තාරයේ මැද තනිවී අත අතරමං වී සිටින බව. දුර අඩුම පැත්තට ඇවිද ගියත් ඔවුන්ට කිලෝමීටර් 200ක දුරක් ඇවිද යන්නට සිදු වෙනවා. ඒ වගේම ගෝබි කාන්තාරය වටා පිහිටි කඳු පද්ධතියේ කාන්දම් ස්වභාවය නිසා මාලිමාවකින් නිසි මග සොයා ගන්නට බැහැ. ඒ නිසා කාන්තාරය මැදින් ඇවිද යාම ප්‍රායෝගික නැහැ. ඒ වගේම ගලවාගැනීමේ කණ්ඩායමක් එනතුරු සිටීමත් ප්‍රායෝගික නොවන්නේ ඔවුන් සතුව දින 30කට පමණක් ප්‍රමාණවත් ජලය තිබීම සහ ඔවුන්ගේ සන්නිවේදන උපකරණ සියල්ල විනාශ වීම නිසා. ඔවුන්ට ජීවිත බේරාගෙන කාන්තාරයෙන් පිටවීම සඳහා කිසිදු ප්‍රායෝගික විසඳුමක් නැහැ. අවසානයේ ඔවුන් සමග සිටින එලියට් කිසිදු ප්‍රයෝගිකත්වයක් නැති යෝජනාවක් කරනවා. ඔහු යෝජනා කරන්නේ හානිවූ ගුවන් යානයේ කොටස් උපයෝගී කරගෙන අලූතින් කුඩා ගුවන් නිර්මාණය කර කාන්තාරයෙන් එතෙර වීම. එය බැලූබැල්මට කළ නොහැකි දෙයක්. නමුත් වෙනත් විකල්ප කිසිවක් නැහැ. ගුවන් නියමු ටවුන්ස් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළත් පසුව එලියට්ගේ පසුනොබසින උද්ඝෝෂණය හමුවේ එයට එකඟ වෙනවා. විශාල බාධාවන් මැද ඔවුන් නව ගුවන් යානයක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා.
අකුණක් වැදී ඉන්ධනවලින් විශාල ප්‍රමාණයක් අහිමි වීම, කාන්තාරයේ එෙඬ්ර ගෝත්‍ර සමඟ ගැටුමක් ඇති වීම, විවිධ ආපදාවලින් තවත් කිහිප දෙනෙකු මියයාම වැනි අධෛර්ය කරවන සුළු බාධාවන් මධ්‍යයේ ඔවුන් ගුවන් යානය ගොඩ නගනවා. ඔවුන් සිතා සිටින්නේ තමන්ට උපදෙස් දෙන එලියට් ගුවන්යානා නිර්මාපක ඉංජිනේරුවෙක් බව. නමුත් ඔහුගේ බෑගයේ තිබු සඟරාවකින් හෙළිවන පරිදි ඔහු ඉංජිනේරුවෙක් නොව ගුවන්යානාවල ආකෘති තනන නිර්මාණ ශිල්පියෙක්. පිරිස නැවත අධෛර්යමත් වෙනවා. මේ නව ගුවන්යානය පෙනුමින් ගුවන් යානයක් වුවත් එයට පියාසර කළ හැකිදැයි සැකයක් මතු වෙනවා. එහෙත් වෙනත් කිසිදු විකල්පයක් නැහැ. ඔවුන් යානයේ කටයුතු නිම කරනවා. කාන්තාරයේ විසු මරා පිලිස්සු පසුවත් යළි මරණයෙන් නැගී සිටින ෆීනික්ස් පක්ෂියාගේ නම ඔවුන් සිය දෑතින් තැනු යානයේ බඳේ පින්තාරු කරනවා. මේ අසීරු කාර්යය සිදු කෙරෙන්නේ සාමූහිකත්වයෙන් පමණක් නෙවෙයි. ඒ අභියෝගයට උරදෙන පිරිස අතර විවිධ මතභේද, ගැටුම් ඇති වෙනවා. එලියට් අනෙක් අයට තිබෙන ජලය සොරාගෙන මේ ව්‍යාපෘතියේ නායකයා තමන් නිසා තමන්ට විශේෂ වරප්‍රසාද හිමි බව පවසන්නේ සියලූ දෙනා වික්ෂිප්ත කරවමින්. නමුත් එලෙස අනෙක් අය සතු ජලය පැහැර ගන්නා එලියට් තවත් විටෙක අනෙක් අය වෙනුවෙන් සිය ජීවිතය අවදානමට හෙළනවා. යානය ගුවන්ගත කරද්දී ඔවුන් සමඟ ගැටුමක් නිර්මාණය කරගත් එෙඬ්ර ගෝත්‍රිකයන් යානාවට වෙඩි තබා එහි තට්ටක ඇමිණුමක් ගැලවී යනවා. වෙඩි ප්‍රහාර මැද තටුවට ගොඩවී එය යළි අමුණන්නේ එලියට්. චිත්‍රපටය අවසන් වන්නේ මේ පිරිස රැුගත් ඔවුන්ම අතින් තැනු ගුවන් යානය කාන්තාරය පසුකර නගරයක් වෙතට පියාසර කරන දර්ශනයකින්.
ත්කසටයඑ දෙ එයැ ඡුයදැබසං චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ එලස්ටන් ට්රවෙර් එනමින්ම ලියු නවකතාවක් ඇසුරු කර ගනිමින්. එම නවකතාව ඇසුරින් මීට පෙර 1965දී මේ නමින්ම චිත්‍රපටයක්ද නිර්මාණය වී තිබුනා. එය සම්මානිත අධ්‍යක්ෂක රොබට් ඇල්ඩි්රච්ගේ නිර්මාණයක්. කෙසේ වෙතත් මේ චිත්‍රපටය අපට සංවාදශීලී වීමට මාතෘකා ගණනාවක් සපයනවා. කාන්තාරයක් මැද අතරමං වූ පසු, ජීවිත බේරා ගැනීම සඳහා වෙනත් කිසිදු විකල්පයක් නැතිවූ පසු අපට කළ හැක්කේ කුමක්ද? අපට කළ හැක්කේ කළ නොහැකි යැයි සම්මත දේ, ප්‍රායෝගික නොවේයැයි සම්මත දේ කෙසේ හෝ කිරීම පමණයි. ධනවාදය දැවැන්ත පාරිසරික ව්‍යසනයක් හරහා හෝ න්‍යෂ්ටික යුද්ධයක් හරහා මානව වර්ගයා මිහිතලයෙන් අතුගා දමන අවදානම ඉදිරියේ අප සිටියදී, ධනවාදය මෙලෙසම තිබෙන අතරතුර ඒ සඳහා සම්පාදනය කළ හැකි කිසිදු විකල්පයක් නැතිව තිබියදී, එකම විසඳුම සමාජවාදය පමණක් නම් කළ යුත්තේ කුමක්ද? එය කළ නොහැකි
බවට කෙතරම් තර්ක තිබුනත්, එය ප්‍රායෝගික නොවන බවට, මනෝරාජික බවට කෙතරම් අවලාද නැගුවත් විසඳුම එය පමණක් නම් අපට එම ව්‍යාපෘතිය වෙනුවෙන් අපේ ජීවිත ආයෝජනය කිරීම හැර අන් විකල්පයක් නැත. අප ඉදිරියේ ඇත්තේ ෆීනික්ස් ගුවන්යානයේ වීරයන් සතුව තිබු තේරීම් දෙක පමණයි, ඒ විනාශ වී යාම හෝ උත්සාහ කිරීම.
විමුක්තිය සඳහා වන ව්‍යාපෘතිය දියත් කරද්දී අපට ලැබෙන්නේ ඒ සඳහා විශේෂඥතාව සහිත අප ප්‍රාර්ථනා කරන වර්ගයේ මිනිසුන් නෙවෙයි. ගෝබි කාන්තාරයේ අතරමං වූ පිරිස ගැලවී යන ගුවන්යානය නිර්මාණය කරන්නේ ගුවන්යානා නිෂ්පාදන ඉංජිනේරුවෙක් නොව ගුවන්යානා ආකෘති සලසුම්කරුවෙක්. ඔහු
කියන්නේ ආකෘති පවා සැබෑ ගුවන්යානාවල සාරය අන්තර්ගත කරගෙන තිබෙන නිසා තමන්ට ගුවන්යානයක් නිර්මාණය කළහැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බවයි. ඔවුන් තුළ ඇත්තේ දක්ෂතාව හෝ විෂය ප්‍රවීණතාව නොව උවමනාව, කැපවීම, සාමූහිකත්වය සහ විශ්වාසයයි. කාන්තාරයක අතරමං වූ පසුව මෙන්ම මිනිස් වර්ගයාම විනාශයක අභිමුව සිටින විට අපට විකල්පයක් පාදා ගත හැක්කේ එමගින් පමණයි. මේ විනාශයෙන් ගැලවී යාම සඳහා කළ නොහැකි බවට සම්මත දේ කළ යුතු වෙනවා. හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු කියා විප්ලවවාදී උදෘත පාඨයක් නිර්මාණය වී තිබෙන්නේ මෙය විශ්වීය සත්‍යයක් නිසා. කාන්තාරයක තනිවූ පසු ජීවිත ගලවා ගැනීම පමණක් නොව දේශපාලනයත් ප්‍රායෝගික යැයි සම්මත දේ ප්‍රායෝගික කිරීමක්. ඕනෑම අලූත් දෙයක් යනු යථාර්ථයේ නොපවතින දෙයක්.
එය යථාර්ථයක් වන්නේ එය නිර්මාණය කළ පසු. නිදසුනක් ලෙස මිනිසාට අහසේ පියාසර කිරීම 1903 දෙසැම්බර් 17වැනිදා රයිට් සහෝදරයන් විසින් පළමු ගුවන්යානය ගුවන්ගත කරන තුරුම යථාර්ථයක් නොවූ සිහිනයක් පමණයි. ඔවුන් කළේ සිහිනය යථාර්ථයක් කිරීම. ඊට පසු අද අහසින් ගමන් කිරීම යථාර්ථයක්. අප සතුව පවතින්නේ දැනටමත් යතාර්ථයක් ලෙස පවතින දේ මත යැපීමේ අභියෝගයක් නොව නව යතාර්ථයක් නිර්මාණය කිරීමේ අභියෝගයක්. ඒ නිසා අපි ඉතිහාසයේ නරඹන්නන් නොව ඉතිහාසයේ නිර්මාපකයන් වෙමු. ත්කසටයඑ දෙ එයැ ඡුයදැබසං චිත්‍රපටය ඒ සඳහා අපට ධෛර්යය, අනුරාගය මෙන්ම ප්‍රඥාවත් ගෙන එනවා. ඒ නිසා ව්‍යසනයෙන් ගැලවීමේ සිහිනය දකින ඔබ සැම, යථාර්ථයේ පටු සීමාවේ සිරවී නොසිටින ඔබ සැම අනිවාර්යයෙන් මේ චිත්‍රපටය නරඹන්න.
Comments
Post a Comment