Posts

වැහි පීල්ලක අතරමංව - වංකගිරියක අතරමං වූ සමාජය පෙන්වන කැඩපතක් !

Image
  2025 වසරේ ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන පිළිබඳ මේ වනවිටත් ඉතාම බරපතළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ මේ වනවිට වෙනත් සම්මාන උළෙලක සම්මානයක් ලැබූ කෘති සම්මාන විනිශ්චයෙන් ඉවත් කිරීමට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය තීරණය කිරීම නිසා. මීට පෙර ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන සඳහා එවැනි සීමාවක් තිබුණේ නෑ. නිදසුනක් ලෙස 2024 රජත පුස්තක සම්මානය දිනු සමිත බී. අටුවබන්දෑලගේ ‘හිත හදාගත් කෙනෙක්’ ඊට පෙර ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග‍්‍රාහී කෘතිය. 2023 රජත පුස්තක හොඳම යොවුන් නවකතාව සම්මානය ලැබූ කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං‍’ 2022 ගොඩගේ අත් පිටපත් තරඟයේ හොඳම යොවුන් කෘතිය. 2023 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු චමිල් හර්ෂණගේ ‘සිරසාලාවන්‍යා‍’ කෘතිය ගම්පහ බණ්ඩාරනායක පුස්තකාල සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර වූ කෘතියක්. මෙවැනි උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. නමුත් මේ ලිපියේ අරමුණ පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ අර්බුදකාරී තීරණ ගැන කතා කරන එක නෙවෙයි. අප පසුගිය ‘රළ’ කලාපයේ සාකච්ඡුාවට බඳුන් කළ සමිත බී. අටුවබන්දෑලගේ ‘වනිගසේකර තිත් මුවෙක්’ කෘතිය ඇතුළුව ගයනි ගුරුගේගේ ‘පලායමි, එන්න එලියට‍’, ශ‍්‍රිලානි ප‍්‍රනාන්දුගේ ‘මම  වුය...

Mother of Civil Courage - ‘පුරවැසි ධෛර්යයේ මාතාව’

Image
  ‘පුරවැසි ධෛර්යයේ මාතාව’ (Mother of Civil Courage), නමැති මේ පිළිරුව නිර්මාණය කර ඇත්තේ ස්වීඩන් ජාතික කලාකාරිනියක් වන සුසානා අර්වින් (Susanna Helena Maria Arwin). ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කෙරෙන බවට වන විවාද සම්පන්න ප‍්‍රතිචාර නිසා ප‍්‍රසිද්ධ ස්ථානවල තැබීමට මහජන නියෝජිතයන් විරුද්ධ වීමෙන් පසු, දැනට එය ස්වීඩනයේ වර්බර්ග් හි ව්‍යාපාරිකයකු සතු පෞද්ගලික උද්‍යානයක ප‍්‍රදර්ශනය කෙරෙනවා.  මෙවැනි ප‍්‍රතිමාවක් නිර්මාණය කිරීමට පසුබිම් වූයේ 1985 අපේ‍්‍රල් 13 වැනිදා ස්වීඩනයේ වැක්ස්ජෝ හිදී ඇති වූ සිදුවීමක්. එදින ස්වීඩනයේ කොමියුනිස්ට්වාදී වාම පක්ෂයේ නායක ලාර්ස් වර්නර් විසින් වැක්ස්ජෝ නගරයේ කරන ලද ප‍්‍රසිද්ධ දේශනයක් අවසන් වීමත් සමග නවනාසිවාදී ‘නෝර්ඞ්ක් රියල්ම්‘ පක්ෂයේ රැලියක් පවත්වන්න නගර බලධාරීන් විසින් අනුමත කර තිබුණා. දක්ෂිණාංශික පෙළපාලිය ආරම්භ වීමටත් පෙර සිට වාමාංශිකයන් සහ නව-නාසිවරුන් අතර ගැටුම් ඇතිව තිබුණා. අන්ත දක්ෂිණාංශික ‘නෝර්ඩික් රියල්ම්‘ ආධාරකරුවන්ගේ පෙළපාලියකදි ඩනුටා ඩැනියල්සන් නමැති 38 හැවිරිදි කාන්තාව පෙළපාළිකරුවකුට සිය අත්බෑගයෙන් පහර දෙනු දැක එහි සිටි පුවත්පත් ඡුායාරූප ශිල්පී හාන...

'තම්රු' - ජේසුගේ රෝස කුසුම - අහවර නොවූ ඉතිහාසය

Image
  "ඉතිහාසය ලියන කතන්දරවලට අයිතිකාරයන් ඉන්නවා. ඒ හැම කතාවක් පසුපසම ඒ අයිතිකාරයන්ගේ සැඟවුණු උවමනාවන් හා න්‍යායපත්‍රයන් තියෙනවා. සුන්දර වචනවලට යටින් ඒ උවමනාව සැඟවිලා තියෙනවා. ”‍  (තම්රු - ජේසුගේ රෝස කුසුම, 19 පිටුව) එහෙත් එම උවමනාවට පිටින් ඉතිහාස කතා යළි කියැවීමට හැකියාවක් පවතී. ඒ අනුව, එක් කණ්ඩායමක උවමනාව විසින් වසන් කළ ඉතිහාසය හෙළිදරව් කරගැනීමෙන්ම ඉතිහාසය යළි අර්ථකථනය කළ හැකිය. ඇත්තෙන්ම ඉතිහාසය යනුම මෙසේ අර්ථකතනය කිරීමට, එකී අර්ථකථනය මත පදනම්ව ව්‍යවහාරයේ යෙදීමට තරම් විවෘත ක්ෂේත්‍රයකි. ඒ අනුව, ඉතිහාසය යනු සිදුවී අවසන් වූවක් නොව, තවමත් සිදුවෙමින් පවතින, විවෘතව පවතින ක්‍රියාවලියකි. මෙසේ සිදුවී අවසන් යැයි, පරිපූර්ණ යැයි සම්මත කොට ඇති ඉතිහාසයේ, අසම්පූර්ණ පැල්මවල් හරහා ඉතිහාසය නොනවතින විප්ලවීයකරණ ක්‍රියාවලියකට විවෘත කළ හැක. ඒ සඳහා ගත් බරපතළ කලාත්මක ප්‍රවේශයක් ලෙස චන්දිම කාරියවසම්ගේ ‘තම්රු-ජේසුගේ රෝස කුසුම‘ නවකතාව සැළකිය හැකිය.  වර්තමාන ක්‍රිස්තියානි සාහිත්‍යයේද අනෙක් සෑම ආගමික සාහිත්‍යයක් ලෙසම, නිශ්චිත බල අධිකාරයක් විසින් සම්මත, ඊට වෙනස් වූ කතිකාවන් සහිත බොහෝ ලේඛන බැහැර කොට ගොඩන...

වනිගසෙකර තිත්මුවෙක් - "සියවසක අස්වැන්නේ සාරඵල,"

Image
  සමිත බී අටුවබන්දෑලගේ දෙවන කෙටිකතා සංග්‍රහය අප අතට පත්වුයේ ‘විදර්ශන ප්‍රකාශන’ ආයතනයේ සාහිත්‍ය අත්පිටපත් ව්‍යාපෘතියට ස්තුතිවන්ත වන්නටය. සමිත අප අතර ප්‍රචලිතව සිටියේ කවියෙකු ලෙසිනි. පෞද්ගලිකව  ලියුම්කරු සමිත ගැන දැන ගත්තේ ඔහුගේ ‘තොරණේ බුදුරුව’ කවිය ගැන කළ විචාරාත්මක කතාබහක් හේතුවෙනි. මතක විදියට ඒ ලාල් හෑගොඩ කවියා ආධුනික කවි කිවිඳියන් වෙනුවෙන් කළ ‘කවි සියපත’ කාව්‍ය සංග්‍රහ ව්‍යාපෘතියේ එක පියවරකදී විය යුතුය. කෙසේවෙතත් ඉන් අනතුරුව ඔහුගේ කවි ගණනාවකට රසිකයා ආකර්ෂණය විය. එතනිනුත් වසර ගණනාවකට පසුව ඔහුගේ ‘සංසාර මාවත’ කවි පොත ඇස ගැටිණි. මේ සියල්ල සිදුවී දශක දෙකක්වත් වන්නට ඇත. සමිත ගැන පසු කාලයක අහම්බෙන් සිහිපත්වූයේ මේ ලියුම්කරුගේ මිතුරෙකුගේ ප්‍රකාශනයක් ලෙසින් ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය වන ‘හතරවන ජයසිංහ’ එළිදැක්වුණු අවස්ථාවේදීය. සමිත කවියෙකු පමණක් නොව දක්ෂ කෙටිකතාකරුවෙකු බව පසක් වුයේ එහි ඉතාම විශිෂ්ඨ කෙටිකතා කියවීමෙන් අනතුරුවය. එම කෙටිකතා පොත අද අප සතුව නැතත්, එම කෙටිකතා කියවා වසර ගණනක් ගියත් එහි එන පොල්ලකින් ගසා කකුලක් කඩා දමා අනතුරුව නගර සභාවේ බලු‍වෑන් එකට අල්ලා ගන්නා බල්ලාගේ කතාව (එහ...

දුයිෂෙන් අජිත් සහ අශෝක

Image
  ඉතාමත් මෑත කාලයේ වාර්තා වූ පුවත් අතර මේ පුවත් තුන ගැන අවධානය යොමු කරමු.  මේ ආකාරයට වාර්තා වූ සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ මේවා එකිනෙකට පරස්පර බව. ඒවා අතර අන්තර් සම්බන්ධයක් නැති බව. නමුත් ඉතා සියුම්ව බලන විට මේ පුවත් තුන ඇසුරින් කළ හැකි දේශපාලන කතාබහක් තියෙනවා.  තමන්ට ලැබුණු සම්මාන ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කිරීමේදී අජිත් තිලකසේන සාහිත්‍යවේදියා කල්පනා කරන්නට ඇත්තේ සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් ඔහුට ඇති ප්‍රවීණත්වය සහ ඔහු එම ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය හමුවේ සහතිකයක් එතරම් වැදගත් නැති බව වෙන්නට පුළුවන්. යම් විෂයයක් පිළිබඳව පවතින ප්‍රාමාණික අවබෝධයක්, යම් දැනුමක් හෝ කුසලතාවයක් ප්‍රයෝජ්‍ය වටිනාකමකින් යුක්තයි. එය සමාජයේ නිෂ්පාදන ජීවිතය, සේවාවන් සහ සමාජ අධ්‍යාත්මික ජීවිතය පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය දෙයක් නිසා. නමුත් විභාග සහතිකයක් හෝ උපාධි සහතිකයක් යනු හුවමාරු වටිනාකමක ප්‍රකාශනයක්. එය භාවිතා කෙරෙන්නේ සිය ශ්‍රම ශක්තිය වෙනුවෙන් උපරිම මිලක් ලබා ගැනීමේ අභිප්‍රායෙන්. ධනේශ්වර සමාජයේ දේශපාලන ආර්ථික පදනම තුළ හැමවිටම පාහේ හුවමාරු වටිනාකම අධිනිශ්චය වෙනවා. අධ්‍යාපනයට, දැනුමට, කුසලතාවයට සහ...

Alien- Romulus: ජීවිතය සොයා පළායන්නවුන්ගේ කතාව

Image
ලාභය පරමත්වයට ඔසවා තබන ලද සමාජයක් එනයින්ම විලෝපික සමාජයක් බවට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැකිය. මෙම විලෝපික සමාජයේ ‘දියුණුව’, ‘සාර්ථකත්වය’ අනෙකා ගොදුරු කර ගැනීම තුළ ගොනු වී ඇත. එවැනි සමාජයක සංවාද කරන සදාචාරය, ආදරය වැනි සියලු‍ දේ හුදු නාමික අලංකරණ පමණක් වන අතර එම සියල්ලෙහි මිලක් සඳහන්ව ඇත. එබැවින් මෙවැනි සමාජයක අනිවාර්යයෙන්ම ගොදුරු බවට පත්වන බහුතරයක් සිටිති. කෙසේ නමුත් වසඟය, රැවටීම තුළ එම ගොදුර බවට පත්වන්නන් පවා තමන්ව ගොදුරු කරගන්නා සමාජයේ ආරක්ෂකයන් බවට පත්කරගනිමින් මෙම සමාජය සිය පැවැත්ම තහවුරු කර ගනී. දුර ඈතක තිබෙන සිහිනයක් නිරන්තරයෙන් අප හමුවේ තබන අතර එම සිහිනය පසුපස අප දිවයාම තුළම මෙම ක්‍රමය පැවැත්ම තහවුරු කරගනී. මෙය අභිබවා යාමට නම් මෙම සිහිනයෙන් අවදි විය යුතුය. නමුත් ඉන්පසු අභිමුඛ වන යාථාර්ථයද පහසු සුමට වූවක් නොවේ. Alien යනු ලෝක සිනමා වංශකතාවේ සුවිශේෂී කඩඉමක් බවට පත්වූ චිත්‍රපට කතා මාලාවකි. 1979 දී ආරම්භවන මෙම චිත්‍රපට මාලාව එවකට පැවති තාක්ෂණික සීමාවන් තුළ ලබාගත් අද්විතීය ජයග්‍රහණයකි. Weyland-Yutani  නම් දැවැන්ත සමාගමට අයත් අභ්‍යවකාශ යානයක ගවේෂණ කණ්ඩායමකට ආගන්තුක ග්‍රහලොවක...

Song Zone - ගං ගං ගං

Image
  පද - සංගීතය - ගායනය - සුනිල් ශාන්ත ජනාධිපතිවරණ, මැතිවරණ වගේ විශාල, විශාල දේශපාලන භාවිත ඉවර වෙලා රට ආපසු පරණ තත්ත්වයට ම පත් වුණාට පස්සෙ ඔන්න ආපහු අපිත් ඒ පරණ විදියට ම ‘රළ’  ීදබට ’දබැ එක ලියන්න පටන් ගත්තා. මේ පාර අපි අරගෙන ආවෙ මේ රටේ බිහි වෙච්ච පළමු වෙනි පොප් ආර්ටිස්ට් කියලා කියන්න පුළුවන් සුනිල් ශාන්ත ගායනා කරන වැඩි දෙනෙක් අහලා නැති සුදුර්ලභ ගීතයක්. මේ සින්දුව ළමා ගීතයක් විදියට හඳුන්වනවට වඩා හොඳ ළඳරු(Nursery) ගීතයක් විදියට හඳුන්වන එක. ‘ළමයින්’ සහ ‘ළදරුවන්‍’ කියන වචන සිංහල භාෂාවේ සමාන පද විදියට භාවිත කරන්න පුළුවන් වුණාට අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ඒවා සමාන වෙන්නෙ නෑ. මේක වඩා හොඳින් තේරුම් ගන්න අපට ‘ළදරුවා’ වෙනුවට ‘මුල් ළමා විය’ කියන හැඳින්වීම යොදා ගන්න පුළුවන්. ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව අවුරුදු 18ට අඩු මානවකයන් ‘ළමයින්’ ලෙස හඳුන්වන්න පුළුවන්. හැබැයි ඒ නිර්ණායකයන්ට අනුව ම ‘මුල් ළමා විය’ කියන්නෙ අවුරුදු 8ට අඩු ළමයින්ට. ලංකාවෙ නම් මේ අවධිය ලෙස සලකන්නෙ අවුරුදු 5ට අඩු වයස් මට්ටම. සාමාන්‍යයෙන් ඕනෑ ම පුද්ගලයෙකුගේ බුද්ධි වර්ධනයෙන් 80%ක් සිද්ද වෙන්න මේ කියන මුල් ළමා වියේ දී. බුද්ධි ස...