Posts

අමෙරිකානු සිහිනය, බයිසන් සහ සිනහව අහිමි වීම : Butcher's Crossing

Image
Butcher's Crossing යනු 1960 දී ජෝන් එඩ්වඩ් විලියම්ස් විසින් රචනා කරන ලද එම නමින් ම වූ නවකතාව පාදක කරගනිමින් ගේබ් පොල්ස්කි විසින්  2022 දී අධ්‍යක්ෂණය කරන ලද ආඛ්‍යාන වෘතාන්ත චිත්‍රපටයකි. Nicolas Cage, Fred Hechinger, Xander Berkeley, Jeremy Bobb සහ Paul Raci යන නළුවන් සහ Rachel Keller නිළිය ඊට රංගනයෙන් ප්‍රමුඛ ලෙස දායක වී ඇත. මේ චිත්‍රපටයට මෙන් ම නවකතාවට පාදක වී ඇත්තේ 1860 - 1880 අතර කාලයේ බටහිර අමෙරිකාවේ සිදු වූ මහා ‘බයිසන්’ ගව ඝාතන ක්‍රියාවලිය යි. බයිසන් ගවයන්ගේ හම් ලබා ගැනීම වෙනුවෙන් සිදු වූ එම ඝාතන ක්‍රියාවලිය කෙතරම් බරපතළ වූවක් ද යත් 1860 වන විට බටහිර අමෙරිකානු ප්‍රදේශයන්හි සැරිසැරූ මිලියන 60ක් පමණ වූ බයිසන් ගව ගහනය දශක දෙකක් ගත වන විට 300කට වඩා අඩු වී තිබිණ. එහෙත් අද වන විට උතුරු අමෙරිකාවේ එම ගවයන් 30,000ක් පමණ ජීවත් වන අතර ඒ සඳහා සහය වී ඇත්තේ ශේෂ වූ ස්වදේශික අමෙරිකානු ගෝත්‍රික කණ්ඩායම් ය. එය මෙතෙක් ලෝකයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංරක්ෂණ ක්‍රියාවලීන්ගෙන් එකක් ලෙස සැලකේ. 2016 දී අමෙරිකානු රජය සිය ‘ජාතික ක්ෂීරපායී සත්ත්වයා’‍ ලෙස මෙම බයිසන් ගවයා නම් කිරීමට පවා හේතු වූයේ මෙම සංරක්ෂණ ක්‍ර...

Song Zone- සැමදාම අඬලා

Image
  ගායනය - එම්.එස් ප්‍රනාන්දු, දයානි සේනාරත්න  සංගීතය හා තනුව ආර් ඒ චන්ද්‍රසේන මේ පාර අපි ආයෙමත් පරණ සින්දුවක් ගැන කතා කරන්න තීරණය කළා. එම්.එස්.ගෙ ඉතා ම ජනප්‍රිය සින්දු ගොඩේ නිතර ඇහෙන්නෙ නැති සින්දුවක් වුණාට මේක රහ සින්දුවක්. සින්දුව ගායනා වෙන්නෙ ‘ඩුවට්’ එකක් විදියට. හැබැයි සාමාන්‍ය යුගල ගීයක දි හම්බ වෙන පෙම්වතී - පෙම්වතා කියන සම්භාෂකයන් දෙන්නා වෙනුවට මේ සින්දුවෙ දි ශ්‍රාවකයා ඉස්සරහට එන්නෙ වෙනස් දෙන්නෙක්. ඒ තමයි රසිකාවිය - ගායකයා කියන යුගල ය. ඒ වගේ ම මේ රසිකාවිය යි ගායකය යි අයිති වෙන්නෙ ගුවන් විදුලි යුගයට; ග්‍රැමෆෝන් යුගයට; අද වගේ ගායකයාගෙ ශරීරය රසිකාවියට සුලබව දැක ගන්න නො ලැබෙන කාලයකට. ඒ අර්ථයෙන් සැලකුවොත් මේ සින්දුවෙ එන සමහර පද අද දවසට ඒ විදියට ම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. “ඔබ කවුද කියලා නැත තාම දැකලා ඔබෙ ගීතෙ මගෙ ජීවිතේ” මේ,  අද වගේ දවසක මේ සින්දුව කළා නම් බොහෝ විට ලියවෙන්නෙ නැති උද්ධෘතයක්. මොකද, අද වෙනකොට ගායකයාව අවශ්‍ය නම් නිරුවතින් වුණත් බලා ගන්න තරමට තාක්ෂණය දියුණු(උත්ප්‍රාසයක් ද සහිතව) වෙලා. සමහර ගායකයො නම් එයාලා විසින් ම නිරුවත් වෙලා. ගායකයාගෙ ශරීරය එහෙම නිතර ද...

ධර්මිෂ්ට යුගයේ මතකයන් අවදි කරවන 'කොළඹ මතක'

Image
  කොළඹ සුර පුරයකි. සියලු සැප සම්පත් කොළඹට ය. විශේෂයෙන් ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයෙන් පස්සේ කොළඹ යනු සිතූ පැතූ සැප සම්පත් උපද්දවන සුරංගනා ලෝකයකි. කොළඹ ජීවත්වන්නෝ පිං කළ ඇත්තන්ය. මෙහි වසන්නන්ට ඔවුනගේ දරුවන්ට නෑ හිතමිතුරන්ට දෙවියන් දුන් තිළිණයකි. එය, පෙර කළ පිං මහිමයෙන් ඔවුන් ලද භාග්‍යයකි. කොළඹින් දුර ඈත වෙසෙන බොහෝ ජනයා කොළඹ පිළිබඳ මවා ගත් ආකල්පය එයයි. මෙහි ඇත්තක් නැතුවාමත් නොවේ. එය දේශපාලන ක්‍රමය විසින් කොළඹ කේන්ද්‍රීයව ඇති කළ තත්වයකි. නමුත් එය මතුපිට තත්වයයි. යටි තලයේ ඇති මීට හාත්පසින්ම වෙනස් තත්වය පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත.  ‘කොළඹ මතක’ කුමුදු කුමාරසිංහගේ අතීත මතක සටහන් තුළින් මතු කරන්නේ මේ අනවබෝධයේ අවබෝධයයි. ‘කැබලි මතක’ ලෙස ඇය මෙය හැඳින්වූවාට මේ තුළින් මතුවන්නේ ඇයගේ අතීත මතකම නොව ඉන් ඔබ්බට ගිය, මතුකරගත හැකි, මතු කරන්නා වූ ඒ කාල පරාසයන් හි දේශපාලන, සමාජ, සංස්කෘතික  සහ ආර්ථික තත්වයන්ය. බොරැල්ල, මරදාන, දෙමටගොඩ කේන්ද්‍රකොට ගෙන සමස්ත කොළඹ පිළිබඳ වූ චිත්‍රයන්ය. සංස්කෘතික විවිධත්වයත්, භෞතික මෙන්ම ආකල්පීය විවිධත්වයන්ද සහිත දෛනිකව වෙනස්වීම් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින කොළඹ යනු සංකීර්...

'සිවුපා කෘමි පනත'

Image
  පෙබරවාරි 4 වැනිදා ලංකාවේ පාලක පන්තිය ඊනියා නිදහස පුරාජේරු සහගත ලෙස සැමරීය. ඒ සැමරුමට සතියකට පෙර සමාජ මාධ්‍ය භාවිතා කර අදහස් ප්‍රකාශනයේ යෙදෙන්නන් දඬුකඳේ ගැසිය හැකි ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත’ පාර්ලිමේන්තුවේ සම්මත විය.  ඊට සති තුනකට පෙර සමාජ ක්‍රියාකාරීන් හා අරගලකාරී ජනයා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු  ගැසිය හැකි ‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවේ සභාගත කළ ආණ්ඩුව නිදහස සැමරුවේ මාධ්‍ය හීලෑ කරන ‘විකාශන නියාමන කොමිෂන් පනත’ සකස් කරන අතර ය. ‘මේ සමරන්නේ කාගේ නිදහසක්ද?’ යන්න වටහා ගැනීමට මේවා දෙස බලන අයෙකුට කිසිදු විශේෂ බුද්ධියක් අවශ්‍ය නොවේ. මේ සියල්ල කරන්නේ ‘ජාතික ආරක්ෂාවේ’ නාමයෙනි. ඒ ආරක්ෂාව කවර පන්තියක ආරක්ෂාවදැයි ලංකාවේ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.  ඊනියා නිදහස් සැමරුම වෙනුවෙන් මෙවර ‘රළ‘ මුල් පිටුවට එක් කෙරෙන්නේ මැලේසියානු කවි සිසිල් රාජේන්ද්‍රගේ කවියකි. ලංකාවද සිංගප්පූරුවේ හා මැලේසියාවේ මගම යා යුතු යැයි කියන නව ලිබරල් කේවට්ටයන්ට මේ කවිය වැදගත් වනු ඇත. සිසිල් රාජේන්ද්‍රගේ ‘සිවුපා - කෘමි පනත‘ නම් මෙම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එස්. ...

Song Zone - "සින්දු කියලා අපි හොයා ගත්තු සල්ලි"

Image
ගායනය/පද/සංගීතය සීදුව සකුරා ලංකාවෙ කණ්ඩායම් සංගීතය කියපු ගමන් මතක් වෙන නම් අතරෙ La Ceylonians, Los Cabelleros, The Moon Stones, Sunflowers, Gypsies, Mariens, Flash Back වගේ නම් ඉහළින් ම කියවෙනවා. මේ කියපු නම් තියෙන සංගීත කණ්ඩායම් ඔක්කොම 1990 වෙනකොට බිහි වෙලා අවසන්; සමහර සංගීත කණ්ඩායම් බිහි වෙලා, අවසන් වෙලත් අවසන්. 1991 මාර්තු පළමු වෙනි දා මේ සංගීත කණ්ඩායම් අතරට එන්න අලු‍ත් සංගීත කණ්ඩායමක් බිහි වෙනවා. ඒ තමයි ‘සීදූව සකුරා’. මේ කොළම ලියන ලේඛකයා වයස අවුරුදු එකළොහක දොළහක කුඩා කොලු‍ ගැටයෙකු විදියට ඒගොල්ලන්ගෙ මුල් ම කාලෙ ෂෝ බලල තියෙනවා. හැබැයි ඒ ගොල්ලො ඊට පස්සෙ ගොඩක් ජනප්‍රිය වුණේ කොළඹින් බැහැර ග්‍රාමීය පැතිවල. අද අපි කතා කරන්නෙ අන්න ඒ සකුරා අදින් අවුරුදු 9කට විතර කලින් කරපු සින්දුවක් ගැන. මේ සින්දුව ගැන ලියන්න ඕන කියලා හිතෙන්න බලපාපු එක කාරණයක් තමයි ඒක. ඒ කියන්නෙ මීට අවුරුදු 9කට කලින් කරපු සින්දුවක පවා අද දවසේ ලංකාවෙ සමාජයට අදාළ චිත්‍රය ම සටහන් වෙලා තියෙන එක. ඒක අපි දකින්නෙ අවුරුදු 9කට කලින් සකුරා අද දවස පරිකල්පනය කිරීමක් විදියට නෙවෙයි. ඒගොල්ලො කරන්නෙ හුදෙක් ම එදා ඒගොල්ලො ජීවත් වෙන සමාජය ගැන...

වීරත්වයේත් දුෂ්ටත්වයේත් කතාව - The Railway Men

Image
අප ජීවත්වෙන වෙළඳපල ධනවාදී සමාජය විස්තර කරන්න භාවිත වන ප්‍රසිද්ධ නිදසුනක්, ‘අවි ආයුධ අලෙවිය වෙනුවෙන් යුද්ධ නිර්මාණය කරන අතර ඖෂධ අලෙවිය වෙනුවෙන් ලෙඩරෝග නිර්මාණය කරනවා’ යන්න.  බොහෝ කර්මාන්ත හිමියන් අපගේ කලාපයට පැමිණීමට ප්‍රධාන හේතුවක් වන්නේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ලිහිල් නීති රීතීන්ය. අපගේ කලාපය පුරාම මේ සම්බන්ධයෙන් ඇති තරම් උදාහරණ ඇති නමුත් ඉංදියාවේ බෝපාල් ඛේදවාචකය ඒ අතරින් ඛේදනීයම වන්නේ එය මානව ඉතිහාසයේ එදා මෙදා තුල සිදුවූ දරුණුම කාර්මික අනතුර වන බැවනි. අදාල කර්මාන්ත ශාලාව අසළ පිහිටි දිළිඳු පැල්පත් නිවාස කොළණියේ මිනිසුන් සියල්ල මරණය වෙත ගෙන ගිය මෙම අනතුරින් ආසන්න වශයෙන් 15,000ක පමණ පිරිසක් මරණයට පත්විය. Railway Men මෙම ඛේදවාචකයේ ස්වාභාවයත් මිනිසුන් ඊට මුහුණ දුන් අකාරයත් පිළිබිඹු කරන කෙටි රූපවාහිනී කතා මාලාවකි. Jagmohan Kumawat බෝපාල් නගරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. ඔහු Union Carbide India Ltd කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයට ඇති අනතුර පිළිබඳ සිය පුවත්පත මගින් දිගින් දිගට කරුණු අනාවරණය කරයි. නමුත් තමන් පවසන කරුණු තහවුරු කිරීමට විශ්වාසදායක සාක්ෂියක් ඔහුට මෙතෙක් හමු වී නොමැත. එ...

රාමා - සීතා හරහා සමකාලීන පවුල කියවීමක් - "සුපර්ණකා"

Image
කංචුකා ධර්මසිරිගේ නිර්මාණයක් වන සුපර්ණකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සුපර්ණකාගේ චරිතය නිරූපණය කළ උමා අසෙනි හොඳම නිළිය ලෙස  සම්මාන ලැබූ අතර ජානකීගේ චරිතයට පණ පෙවූ ගීතා අලහකෝන් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ විය. අප මෙවර ‘රළ’ අතිරේකයේ ඉඩකඩ සුපර්ණකා වෙනුවෙන් වෙන් කරන්නේ එය රාජ්‍ය සම්මාන ලැබූ නිසා නොවේ. නාට්‍යයේ නිර්මාපක කංචුකා, මීට පෙර හොඳම පරිවර්තිත නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සම්මානය ප්‍රතික්ෂේප කළ නිර්මාණකාරියක වන නිසාද නොවේ.  අප සුපර්ණකා කෙරෙහි අවධානය යොමු කරන්නේ එය සමකාලීන පවුලේ අර්බුදය සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවයන්ගේ අර්බුදය පිළිබඳ සංවාද තේමාවක් අප ඉදිරියේ විවෘත කරන බැවිනි. ‘සුපර්ණකා’ නරඹන පළමු ඇසිල්ලේ එය කාලයක් තිස්සේ කලාකෘතිවල ඇති තරම් කතා කළ පුරුෂාධිපත්‍යය සහ ස්ත්‍රී පීඩනය පිළිබඳ සම්ප්‍රදායික ස්ත්‍රීවාදී කතිකාවක් ලෙස පෙනී යා හැකි නමුදු කෘතිය විසින් විවර කරන අවකාශය ඊට වඩා බෙහෙවින් විශාලය. මේ කුඩා උත්සාහය එම අවකාශය වෙත රළ පාඨකයා ප්‍රවේශ කිරීම උදෙසාය.  නාට්‍යයට පදනම් වන්නේ රාමායනය, ජානකීහරණය ආදී විශිෂ්ට කලාකෘතිවලට පදනම් වූ රාමා - සීතා - රාවණා පිළිබඳ ප...