Posts

නතාෂා සහ ICCPR

Image
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් බුදුන්ට කළ අපහාසයක් ලෙස ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. එම ප්‍රකාශය සහිත ප්‍රහසන වැඩසටහන විකාශය කළ සමාජ මාධ්‍ය හිමිකරු ලෙස බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගොස් ඇත. යම් අදහසක් ප්‍රකාශ කිරීමට හා ස්ථාවරයක් දැරීමට ඇති නිදහස ස්ථාපිත කෙරුනේ ලිබරල් නිදහසේ ධජය ඔසවාගෙන ආ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. නිර්මාණකරුවකුට හෝ වෙනත් අයකුට තමන් ඉදිරිපත් කරන අදහස ඉදිරිපත් කිරීමේ අයිතිය අවහිර කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පැහැර ගැනීමකි. එවැනි අය පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම්වලට මෙන්ම අධිකරණ කටයුතු හරහා සිරගත කිරීම් කරමින් මර්දනය යොදාගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු.  යම් ප්‍රකාශයක අදහසට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ක්‍රමවේදය වන්නේ එම අදහසට වෙනත් අදහස් මගින් ප්‍රතිචාර දැක්වීමත් අදහස් ප්‍රචාරය වීමේදී ඇතිවන බලපෑමක් විවේචනය මගින් නිවැරදි කිරීමත්ය. නිර්මාණකාරියකට ද සිය නිර්මාණාත්මක ප්‍රවේශය හරහා අදහස් පළකිරීමට සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම එම නිර්මාණය විවේචනය කිරීමේ අයිතිය ප්‍...

නූතන දෘෂ්ටියකින් පැරණි ආකෘති රැඩිකල්කරණය

Image
"ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය" - දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක් දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage) ස්වභාවය නිසාය.  පන්සිය පනස් ජාතක කෘතියේ එන ජාතක කතාවක් ඊට පාදක කර ගත්තද බෙහෝ නූතන පඨිතයන් ප්‍රමාණයක් සමග සමෝධානය වෙමින් එය සංකීර්ණ මනෝභාව සංකීර්ණයක් ගොඩනගනා බැවිනි. එබැවින් මේ පඨිතයන් අතර අන්තර්පාඨනයක් පාඨකයා වෙතින් පූර්වාපේක්ෂා කෙරේ. එකී අන්තර්පාඨනයේදී පාඨකයාට ලැබෙන ‘ඉඩ‘ විසින්ම ‘නොඉවසිලිමත් පාඨකයකු‘ මංමුලා වීමට ඉඩ ඇත. එහෙයින්, එකී මංමුලා වැල් පාගා නොගෙන කෘතිය කියවීමට සුවිශේෂ විනයක් කෘතිය විසින් පූර්වාපේක්ෂා කෙරේ.  ‘යුද්ධයෙන් දිනූ දකුණට විවේකය ලැබුණෙය කියවන්නට ජාතක අටුවා ටීකා ටිප්පණි ගැටපද වෙඩි හඬ  රතිඤ්ඤා හඬින් යටපත් කළ නියම්ගමක සිට මම කියවමි බන්ධන මොක්ඛ ජාතකය’ (පිටුව 23) කෘතිය ආරම්භයේදීම තමා බන්ධනමොක්ඛ ජාතක කතාව පදනම් කරගන්නා වගත්, එය සමකාලීන පශ්චාත් යුද දකුණු ලංකා සනදර්භයක පිහිටුවන බවත් කතුවාරයාම අපට පවසයි. යුද ජයග්...

Song Zone - "නඩුකාර මාමේ "

Image
 කන්තලේ පැත්තෙන් ඇහෙන අලු‍ත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ කොළමෙ වැඩේ ගැන පැහැදිලි කරන්න ඉඩ නැති නිසා අපි කෙළින් ම සින්දුවට යමු. ඇත්තට ම උදව් කරන්න වටින වැඩක් නිසා වැඩේට උදව් කරන්න කැමති අයට ‘රළ’ මාර්ගයෙන් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.  පහුගිය කාලෙ විද්‍යුත් මාධ්‍යවලත් යූටියුබ් අවකාශයෙත් ටිකක් ජනප්‍රිය වෙච්ච මේ සින්දුව ගැන කතා කරපු වැඩිදෙනෙක් මේ ගැන කිව්වෙ, දික්කසාදය දරුවන්ට බලපාන ආකාරය ගැන කතා කරන අතිසංවේදී සින්දුවක් කියලා. ඔව්... කීපදෙනෙක් ම සින්දුව අහලා අඬලත් තිබුණා; සමහර කසාද පිරිමි, තමන්ගෙ විවාහයට පරිබාහිර සබඳතා නවත්තලත් තිබුණා කියලා වැඩේට මැදිහත් වෙච්ච අයගෙන් අපිට දැන ගන්න ලැබුණා. ඒත් රළේ අපිට නම් මේ සින්දුවෙන් ඊට වඩා වෙනස් කලාපයක් ගැන කතා කරන්න ඉඩ හදලා දෙනවා කියලා හිතෙනවා.  මේ සින්දුව ලියවිලා තියෙන්නෙ අවුරුදු 12-14ක විතර දරුවෙක්(සින්දුවට අනුව දැරියක්) කියන විදියට. එයා සින්දුව කියන්නෙ තමන්ගෙ අම්මගෙයි තාත්තාගෙයි දික්කසාද වන්දි නඩුව අහපු විනිශ්චයකාරයාට. ඒ කියන්නෙ ආයෙත් මේ වින්ශ...

වසා දමන ලද ජීවිතයට එදිරිව ඇය - Burqa

Image
  ආගම් හා ඒ මත ගොඩනැගුනු සංස්කෘතීන් අපගේ ජීවිත උපතේ සිට මරණය දක්වා පාලනය කරනවා. බිළිදෙකුගේ රන්කිරි කටගෑමේ සිට මතක වස්ත්‍ර පූජාව දක්වා සියල්ල මෙම සංස්කෘතීන් තුළින් අපව හැඩගැස්වීමේ උපාංගයන් බවට පත්වෙනවා. පෙර පැවති සංස්කෘතීන්ගේ පැවති සියලු‍ සිරිත් හා හරයන් එකම නිරවශේෂයක් ලෙස බැහැර කිරීමට අපට හැකියාවක් නොමැති නමුත් එම සංස්කෘතික හරයන් ඒ ලෙසින්ම කරගසා ගෙන යාම අපව සමාජමය අර්බුදයක් කරා ගෙනයයි. අප ජීවත්වන වන ආසියානු අප්‍රිකානු කලාපයෙ මෙම සංස්කෘතික පසුගාමීත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර ආර්ථික දරිද්‍රතාවය වැනි කරුණු ඒ සදහා පදනම් වී ඇත.  කෙසේ නමුත් මෙම සංස්කෘතික රාමූන් තුළ පොදුවේ සියලු‍ දෙනා පීඩා විදින අතරම කාන්තාවන් විශේෂයෙන් පීඩා විදින බවක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඛේදවාචකය නම් එම පීඩාව පීඩාවක් ලෙසින් හෝ හදුනාගැනීමට බොහෝ කාන්තාවන් අසමත්වීමයි. ඇතැම් විටක ඇය මෙම සංස්කෘතික බාධක පීඩාවක් ලෙස හඳුනාගන්නා නමුදු ඇයම ඇයව රවටා ගනිමින් ඊට පිළිතුරු සෙවීම මගහැර යයි. ඇයට එම සංස්කෘතික සීමාවන් අභිබවන ජීවිතයක් පිළිබදව උපකල්පනය හෝ කළ නොහැකි වාතාවරණයක එවැනි ජීවන භාවිතාවකට එළැඹීමටත් ඉන්පසු සමාජයෙන් එල්ල...

ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා වූ ප්‍රකාශනය

Image
  කලාව හා දේශපාලනය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් විවරණය කෙරෙනු දක්නට ලැබේ. කලාව යනු කුමක්දැයි වටහා ගැනීමේ සිට එහි දේශපාලන කියැවීම් උදෙසා වන ප්‍රයත්නයන් ඉතිහාසය පුරා සිදු කරනු ලැබ ඇත. වමේ දේශපාලන ව්‍යාපාර විසින්ද කලාවේ ප්‍රභවය, පැවැත්ම හා විචාරය සම්බන්ධ සිදුකරන ලද විශ්ලේෂණ මෙන්ම කලාව අරුත් ගැන්වීම වනුවෙන් සහ එහි ප්‍රගතිය වෙනුවෙන් කළ සම්ප්‍රදානයන් බොහෝය. මෙවර අප ‘රළ‘ කලාපයේ පළ කෙරෙන පහත ලේඛනය, ස්වාධීන විප්ලවවාදී කලාවක් අරමුණු කරගෙන දියාගෝ රිවේරා සහ අන්ද්‍රෙ බ්‍රෙටන් විසින් අත්සන් කර පළ කරන ලද ඓතිහාසික ලේඛනයකි. මෙම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම ප්‍රතිපත්තිමය එකඟතා ක්‍රියාත්මක කිරීම පිණිස 1938 දී පිහිටුවන ලද සංවිධානය ‘ස්වාධීන විප්ලවවාදී කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය’ (FIARI) ලෙස හැඳින්වේ. පවතින ධනපති සමාජයේ කලාව පිළිබඳ ආස්ථානයන් ප්‍රතික්ෂේප කරමින් ස්වකීය විප්ලවවාදී දේශපාලන හා සංස්කෘතික ස්ථාවරයන් මත පදනම්ව  කෙටුම්පත් කළ මෙම ප්‍රකාශනය අන්ද්‍රෙ බ්‍රෙටන් සහ දියාගෝ රිවේරා විසින් නිල වශයෙන් අත්සන් කළා වුවද එය ලියොන් ට්‍රොට්ස්කි විසින් අන්ද්‍රෙ සමග  බවට සැලකේ. 1938 අප්‍රේල්...

ඉතිහාසය පීඩිතයාගේ ඇසින් දැකීම - 'ගාඩි'

Image
  ඉතිහාසය පිළිබඳ පසුකාලීන මාක්ස්වාදී කතිකාවේ එන එක් දීප්තිමත් අදහසක් වනුයේ ඉතිහාසකරණය හා ඓතිහාසික භෞතිකවාදය අතර වෙනසයි. ඊට අනුව, ඉතිහාකරණය සිද්ධීන්ගේ තත්‍ය අනුපිළිවෙළ අනුයන, රේඛීය කතිකාවතක් ගොඩනගන අතර ඓතිහාසික භෞතිකවාදය ඉතිහාසය වටහාගනුයේ ඊට වෙනස් ලෙසය. එය ඉතිහාසය වර්තමානය සමඟ මුහුණට මුහුණ ලා ඝට්ටනය කරන අතර ඒ අනුව, ඉතිහාසය නිර්වචනය කරයි. නිර්ණය කරයි. ඒ අනුව, ඓතිහාසිකකරණය ඒකරේඛීය කතිකාවක් වන අතර ඓතිහාසික භෞතිකවාදය, ස්වයංප්‍රතිවිරෝධී, සර්පිලාකාර, පුනරාවර්තනයන් සහිත සමාජ සංඝට්ටනයක් ලෙස ඉතිහාසය වටහා ගනී. ඒ අර්ථයෙන් ලංකාවේ පසුගිය යුගයේ බිහි වූ බොහෝ ඓතිහාසික කතා පුවත් රැගත් සිනමා නිර්මාණ ඉතිහාසකරණයන් මිස ඓතිහාසික භෞතිකවාදී දැක්මකින් නිර්මිත වූ සිනමා නිර්මාණ නොවන්නේය. පසුගිය දශක එකහමාරක් පුරා නිෂ්පාදනය වූ ‘රජ කතා’ සිනමාව අප අවබෝධ කරගත යුත්තේ මේ අර්ථයෙනි.  එහෙත්,  පාන්තික අර්ථයෙන් ඉතිහාසය ඛණ්ඩනය කර එය වර්තමානය සමග ඝට්ටනය කරවන සිනමා නිර්මාණයක් මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. ඒ ප්‍රසන්න විතානගේ සිනමාවේදියාගේ ‘ගාඩි’ සිනමා කෘතියයි. ඓතිහාසික යථාවක් සමග බැඳුණු තත්කාලීන සිනමා නිර්මාණයක් වන එය ...

''මාස්ටර් සර්''

Image
මුල් ඉංග්‍රීසි ගායනය - නෙවිල් ප්‍රනාන්දු / සැන්ඩ්‍රා එඩෙමා   නීලා වික්‍රමසිංහගේ ගායනය https://youtu.be/JCs4GTCq3aU නිමල් මෙන්ඩිස් සිංහල ගායනය https://youtu.be/6CGJggppqcw සංගීතය - නිමල් මෙන්ඩිස් පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) සිංහල ගීතය ගායනය - නීලා වික්‍රමසිංහ  සංගීතය - නිමල් මෙන්ඩිස්  පරිවර්තනය - කරුණාරත්න අබේසේකර ඊනියා නිදහස ලබලා අවුරුදු හැත්තෑපහකට පස්සෙ ලංකාව ඇතුළෙ නිදහස කියන සංකල්පය රැඩිකල් විදියට ප්‍රශ්න කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ. නිදහස ගැන මේ වෙනකං වර නඟමින් තිබූ අධිපති අදහස මේ අවුරුද්දෙ දි අභියෝගයට ලක් වුණා. පෙබරවාරි 04 වෙනිදා ලැබුණු නිදහස කියන්නෙ මේ රටේ ප්‍රභූ සුළුතරයකට මිසක් නිර්ප්‍රභූ බහුතරයට හිමි වෙච්ච එකක් නො වන බවයි, මේ පාර නිදහස් දිනය සමරන දවසෙ රටේ මහජනතාව දක්වපු ප්‍රතිචාරවලින් පෙණුනෙ.  ඒ යථාර්ථය රටේ පොදු ජන විඤ්ඤාණය විදියට පරාවර්තනය වෙන්න අවුරුදු හැත්තෑපහක් ගියාට නිමල් මෙන්ඩිස් වගේ කලාකාරයෙක් ඒ අදහස මීට අවුරුදු 45ටත් කලින් සින්දුවකින් ලියලා නෙවිල් ප්‍රනාන්දුට කියලා ගායනා කරලා තිබුණා. පස්සෙ විවිධ ස්වරූපවලින් මේ සින්දුව නැවත නැවත ගායනා වෙ...