Posts

අරගලය සහ සතුට කවියකුගේ ඇසින්

Image
දුරෙයි ෂන්මුගම් තත්වයන්ගේ වෙනස්වීම, තත්වයන් වෙනස් කිරීම සම්බන්ධ මිනිස් මැදිහත්වීමේ ස්වරූපය කවරේද? තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන මැදිහත්කාරක ව්‍යාපාරයන්ගේ ස්වභාවය, තත්වයන් වෙනස්කිරීම කෙරෙහි බලපාන්නේ කෙසේද? සැබැවින්ම, මෙය න්‍යායික ප්‍රශ්නයකට වඩා ව්‍යවහාරික ප්‍රශ්නයක් බව මාක්ස්වාදයේ දැක්වෙන අදහසයි. එහෙත් කිසිවිටකත් න්‍යාය හා ව්‍යවහාරය යන දෙකෙන් එක් පාර්ශ්වයක්, පමණක් අධි අවධාරණයට ලක් කිරීමෙන් මිනිස් ක්‍රියකාරිත්වයේ ඒකාබද්ධතාව අහෝසි වෙයි. එහෙයින් තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන ව්‍යාපාර මේ අංශ දෙක පිළිබඳවම අවධානය යොමු කිරීම වැදගත්ය. එක් අතකින් න්‍යාය යනුම ව්‍යවහාරයේම සාමාන්‍යකරණයකි. අනෙක් අතින් න්‍යාය යනු, ව්‍යවහාරයේම ඉදිරි දැක්මකි. සමාජ විප්ලවයකදී විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ කාර්යය නම්, මේ ඉදිරි දැක්ම ඔස්සේ සමාජය සංවිධානය කිරීමය. පසුකාලීනව, මාක්ස්වාදී දාර්ශනික කතිකාව තුළ ආර්ථික, දේශපාලන, ආධිපත්‍යයට බුද්ධිමය හා සදාචාරාත්මක ආධිපතයයක් පිළිබඳ කතිකාවක් ඈඳුනේද මේ නිසාම විය හැක. සත්‍ය වශයෙන්ම සමාජ වෙනස එහි ස්වයංසිද්ධ සීමාවලින් එහාට වර්ධනය කළ හැක්කේ සවිඥාණික මැදිහත්වීමකිනි.  දුරෙයි ෂන්මුගම් නමැති...

'I Shot the Sheriff'

Image
පද  - Bob Marley, සංගීතය හා ගායනය - The Wailers, Bob Marley 1973 වසරේ බොබ් මාලේ එයාගෙ බෑන්ඩ් එකත් එක්ක පටිගත කරලා නිකුත් කරපු මේ සින්දුව ගැන අපි මේ වෙලාවෙ කතා කරන්න තීරණය කළේ 2022 වසරෙ ලංකාවෙ සිද්ද වෙච්ච මහජන නැඟිටීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන කරන දොරටුවක් මේකෙන් විවර කර ගන්න පුළුවන් කියලා හිතුණ නිසා.  බොබ් කියන විදියට එයාට ඕන වුණේ  I Shot the Police කියලා කියන්න වුණාට ආණ්ඩුවෙන් එල්ල වෙච්ච විරෝධය නිසා Police වෙනුවට Sheriff  කියලා දාන්න සිද්ද වෙලා තියෙනවා. ඒකෙන් අර්ථයේ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ. මොකද, පොලිස් කිව්වත් ෂෙරිෆ් කිව්වත් සංකේතවත් වෙන්නෙ අධිපති රාජ්‍ය ක්‍රමය ම යි.  සින්දුවෙ දි බොබ් කියනවා එයාට ෂෙරිෆ්ට වෙඩි තියන්න සිද්ද වුණේ ඇයි, කියලා. මුළු ජීවිත කාලෙ පුරා ම ඔය කියන ෂෙරිෆ් උත්සාහ කරල තියෙන්නෙ එයාව වැරදිකාරයෙක් කරන්න. ඒ විතරක් නෙවෙයි ෂෙරිෆ් ඉන්නෙ එයාගෙ පැත්තට තුවක්කුවකුත් දික් කරගෙන. ඒ වගේ වෙලාවක බොබ් අහන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාවට වෙඩි තියන්න සිද්ද වෙච්ච එක්ක වැරැද්දක් ද කියලා.  මුළු ජීවිත කාලෙ ම බිත්තිය මුල්ලට තල්ලු කරලා තිබ්බ ලංකාවෙ මිනිස්සු 2022 ...

අරගලය මගනොහැරෙන්නට නිරන්තරව අවදියෙන් ඉන්න! Train to Pakistan

Image
  තනි තනි ජීවන අත්දැකීම් මෙන්ම සමාජ අත්දැකීම් ප්‍රතිනිර්මාණයවන කලාව තුළ සමාජයීය ඉතිහාසයක් මෙන්ම සමාජ පරිවර්තනයන්ගේ රටාවත් නිරූපණය වෙයි. ඉන්දියාව යටත් විජිතභාවයෙන් නිදහස ලැබීමේ ක්‍රියාවලියේදී පාකිස්තානය වෙන්ව යාම හා සම්බන්ධ ප්‍රචණ්ඩ ඉතිහාසය හා මිනිස් ජීවිත වෙත කළ බලපෑම නිරූපිත Train to Pakistan සිනමා නිර්මාණය වෙත අප අවධානය යොමු කරන්නේ  සමාජ අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මිනිස් මැදිහත්වීම කොතරම් තීරණාත්මකද යන්න කෘතිය ඔස්සේ විමසා බැලීමටය. නවකතාකරු කුෂ්වන්ත් සිං සහ සිනමා අධ්‍යක්ෂිකා පැමලා රූක්ස් ඉතිහාසය පුරාත් වර්තමානයේත් අනාගතයේත් සමාජයේ බොහෝ සංසිද්ධීන් සිදුවෙයි. නමුත් එමගින් අනාගත ලෝකය හැඩගැස්වීමට වන බලපෑම තීරණය වන්නේ එම සිදුවීම්වලට මුහුණ දෙන මිනිසුන් එයට මැදිහත්වන අකාරය අනුවය. මෙහිදී එම සමාජමය සිදුවීම් නිවැරදිව කියවා ගැනීමත් ඊට නිසි වේලාවේ නිසි පරිදි මැදිහත්වීමත් වාමාංශික ව්‍යාපාර ඇතුලු සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයන්ට ඉතා වැදගත්ය.  පසුගිය සමයේ සහ මේ වනවිටත් අප මුහුණ දෙන සමාජ අර්බුදය හා ඊට එරෙහිව සමාජය තුළින්ම නැගී ආ අරගලයත් මෙම තත්වය හදුනාගැනීමට ලැබෙන අස...

FIFA! උන්මාදයට අමතක වූ මරණය!

Image
  උද්වේගයෙන් හා විනෝදයෙන් ‘ෆිෆා’ බලන අපට පෙනෙන්නේ ක්‍රීඩා තරුය.  ඔවුන්ගේ විවිධ ඉරියව් ටෙලිවිෂන් තිරයේ නරඹමින් අප පාපන්දු සැණකෙළියේ ප්‍රේක්ෂකයන් වන විට අපට නොපෙන්වන දේ තිබේ. ඒ ෆිෆා සැණකෙළිය අප වෙත ගෙන ඒමේ දීර්ඝ ක්‍රියාදාමය තුළ අනාරක්ෂිතව සේවයේ යෙදවීමෙන් මිය ගිය ඉදිකිරීම් කම්කරුවන් ගැන, ඔවුන්ගේ මරණ. සදාකාලික අකර්මණ්‍යභාවය ගැන අපට තිරයේ දිස්වන්නේ නැත. නමුත් ක්‍රීඩා සැණකෙළියේ වෙළඳ ප්‍රචාරයන් සමග ක්‍රීඩා සැණකෙළිය පැවැත්වෙන අතර අනුග්‍රාහක සමාගම්වලට ඩොලර් මිලියන ගණන් අලෙවි වාර්තාවල ජයග්‍රහණ මෙන්ම තවත් ඩොලර් මිලියන ගණන් වටිනා වෙළඳ ප්‍රචාරක වාසියද හිමි වේ. ඒ සත්‍ය වටහාගත් විට අපට නිදහසේ ක්‍රීඩාව විඳීමේ තෘප්තිය අහිමි වේ. ධනවාදයේ ලාභ ඉපදවීමේ ක්‍රියාවලිය හරහා ක්‍රීඩාව විඳින්නට සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස මිනිස් ජීවිත අවදානමේ හෙළා අප වෙත එන්නේ ක්‍රීඩාවේ විනොදාස්වාදය පමණක් නොවේ. අඩු වැටුපට ජීවිත කාලයම වැඩ කරමින් දුෂ්කර කොන්දේසි නිසා මරණය සමග සටන් කරමින් ධනවාදී සමාගම්වල ලේබලයෙන් එන විවිධ නිෂ්පාදන හා සේවා වෙළඳපොළේ තිබේ. අප ඒවා අපගේ අවශ්‍යතා වෙනුවෙන් මිලයට ගන්නා විට එය නිපදවන්නට ජීවිත කීයක් වෙහෙස...

ඉතිහාසය විසින් කතුවරයා දඩයම් කිරීම - 'ප්‍රේමානිශංස'

Image
සිංහල යව්වනයෙකුගේත් දමිළ යව්වනියකගේත් දෛවෝපගත හමුවීම, ජාතික ගැටලුව ප්‍රස්තුත කරගත් සිංහල නවකතාව විෂයෙහි සුලබ ආඛ්‍යාන උපායකි.එවැනි නවකතා අනුදත් වට්ටෝරුගත සන්දර්භයෙන් ‘ප්‍රේමානිශංස’ මිදී ඇත්තේ කතුවරයාගේ තියුණු චරිත වරණයන් ගේ පංති පසුබිම නිසාය.මෙතෙක් මෙබඳු නවකතා ඇසුරේ පාඨකයාට සම්මුඛ වු පීඩිත පාංතික හෝ පහල මැද පාංතික චරිත වෙනුවට මෙහිදී අප හමුවන්නේ ප්‍රභූ තරුණයෙකි. තරුණියකි. චරිතයන් හි මෙකී පංතිමය ස්වරූපය නිසා කතුවරයාට ලැබී ඇති අමතර වාසිය නම්, මෙතෙක් කිසිවෙකු අත නොගැසූ නොඉදුල් කලාපයකට පාඨකයා කැදවාගෙන යාමට සමත් වීමය. සිංහල දෙමල වර්ගීකරණයකින් තොරව අපගේ යුගයේ යව්වනයට මුහුණ පාන්නට සිදු වී ඇති ආර්ථිකමය ව්‍යසනයේ පීඩාකාරීත්වයෙන් මේ දෙපළ නිදහස්ය. එනිසාම අධ්‍යාත්මික අවශ්‍යතා සහ අනන්‍යතා ගවේෂණය කිරීමේ ඉස්පාසුව ඔවුන් සතු ය. සයුරුටත් නිරූටත් පුරාවිද්‍යාව පිළිබදව වන ප්‍රබෝධය ඉතිහාසය අරභයා වන ලාලසාවම නොවේ. ඔවුහු කිසිවක් සොයා යති. සිය පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගත හැකි යැයි ඔවුහු දැනට අනුමාන කරන යමකි ඒ. ඉතිහාසය පෑරීමෙන් සයුරු සොයා ගන්නා අනභිබවනීය උරුමයක් නැත.ඔහු වනාහී දේශීය කොම්ප්‍රදෝරු ධනේෂ්වරයේ නූතන නියෝජ...

සත්‍ය හා බොරුව අතර මැද අපේ ජීවිත නොහොත් Jana Gana Mana

Image
'ලෝකය රඟමඩලක් අපි එහි නළුවෝ වෙමු’ යන්න අපිට අසා පුරුදු කතාවයි. නමුත් සත්‍ය ලෙසම ලෝකය රඟමඩලක් අපි එහි නරඹන්නෝ වෙමු යන්න වඩා නිවැරදිය. සත්‍ය ලෙසට අප ලෝකය ලෙස දකින්නේ සැබෑව නොව අපට ලෝකය මේ යැයි පාලකයන්ට පෙන්වීමට අවශ්‍යය ලෝකයයි. කුඩා කාලයේ සිට අපේ ආසාවන් සිහින වැනි අපි අපේම යැයි සිතා සිටින දේවල් පවා තීරණය කරන මාධ්‍ය ආයතනයන්ද ඇතුළත් ශක්තිමත් සංවිධාන ව්‍යූහයක් පවතී. අපේ ආසාවල් සිහින පවා අනුන්ගේ වුන සමාජ ක්‍රමයක ඇත්තටම අපව වෙනම රැවටීමට දෙයක් නොමැති අතර ජීවිතය යැයි අප දකිනා දෙයම රැවටීමකි.  විටින් විට සමාජයේ දැඩි කතා බහට ලක්වෙන අපරාධ සිදුවන අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අතර මාධ්‍ය සහ සමාජය එක්ව එම සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඔවුන් විසින්ම වරදකරුවන් බවට තීරණය කරයි. ඇතැම් මාධ්‍ය වලින් එම සිදුවීම වාර්තා කරන ආකාරයට එම පුද්ගලයාටමවුවද තමා මෙය සිදුකල බව හැගෙන තරම් ස්ථිරව අදාල පුද්ගලයාට විරුද්ධව චෝදනා ගොඩනංවයි. සේයා සදෙව්මිණී ඝාතන සිදුවීම, කහවත්ත ඝාතන ආදී සිදුවීම් වල අප මාධ්‍ය හරහා අපට හදුන්වා දුන් පුද්ගලයන් වරදකරුවන් කළ අතර ඔවුන්ගේ පෙර හැසිරීම් ආදී එසේ සිතීමට උ...

'තව ම පණ තියෙනවා'

Image
  පද ,සංගීතය හා ගායනය - අභිෂේකා විමලවීර.  සින්දුවක පද, සංගීතය හා ගායනය කියන පැති තුන ම තනිය ම අල්ලපු, අල්ලන නිර්මාණකරුවන් මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. හැබැයි ඒ පැති තුනෙන් ම එක වගේ සාර්ථක වෙච්ච අය නම් ටිකක් අඩු යි. අද අපි කතා කරන්න තීරණය කළ සින්දුවත් ඒ වගේ එකක්.එහෙම කියලා අභිෂේකා මේ පැති තුනෙන් ම එක තරමට ම සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න අපි හදිස්සි වෙන්නෙ නෑ.  ඒ වුණාට මේ සින්දුවෙ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ සින්දුව ලියවිලා තියෙන්නෙ කයින් පිරිමි වුණත් මනසින් ස්ත්‍රියක් වෙච්ච තැනැත්තියක් ගැන. ඒකෙන් අදහස් වෙන්නෙ එම ජන ප්‍රජාව විශේෂිත කණ්ඩායමක් කියන එක නෙවෙයි. ඒ ජන කණ්ඩායම විශේෂ යි කියල හිතන එක ම වර්ගවාදී දෘෂ්ටිවාදයකට ලඝු වීමක් කියල යි අපිට හිතෙන්නේ. ලංකාවෙ සමහර ඛඨඊඔෂූ ක්‍රියාකාරීන් ම සමහර වෙලාවට මේ වර්ගවාදයට ඇද වැටෙනව කියලා පේන්න තියෙනවා.  අපි මේ සින්දුවෙ දකින විශේෂත්වය වෙන්නෙ මේ සින්දුවෙ දි ඒ ජන කණ්ඩායමට කටහඬක් ලබා දෙන එක. මොකද, ලංකාවෙ සින්දු ඇතුළෙ ඉන්නෙ එක්කො සම්පූර්ණයෙන් ම පිරිමි නැත්නම් ගැහැනු කථකයන්. සංක්‍රාන්ති ලිංගික කථකයන් හරි කථක ස්ත්‍රීන් හරි ...