Posts

නඩු අවනඩු කෙරෙන රටකදී Jai Bhim

Image
පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූ ජනමාධ්‍ය වහරට අනුව, ‘ටින්කරින් ලසන්ත’ගේ මරණය සමාජය තුළ යම් කතා බහක් ඇති කිරීමට සමත් විය. ඒ ඔහුව ඝාතනය කිරීමට නියමිත බවට ඊට පෙරදින යම් යම් පාර්ශවයන්ට දැනගැනීමට ලැබීමත් සමගය. සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් වෙඩි වැදී හෝ ගඟක ගිලී මිය යාම සාමාන්‍ය සිදුවීමක් වන තරමට මෙරට සුලභය. මෙම සිදුවීම් ර`ගදක්වන නාට්‍යයන් බවත්, සැබෑ ලෙස සිදුවන්නේ සැකකරුවන් ඝාතනය බව අපි සියල්ලන් දනිමු. නමුත් අප එයින් කම්පා නොවෙයි. එම ඝාතනයට ලක්වූවන් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සමාජයට සිදුවන මෙහෙවරකි. මෙය සමාජයක් ලෙස අපව ඇබ්බැහි කරවූ බියකරු මිත්‍යාවකි. මෙම ඝාතනයට ලක්වන්නන්ගේ සමාජ ආර්ථික පසුබිම සොයා බැලූවහොත් එය අපට පැහැදිලිවනු ඇත.  කොළඹ ඇතැම් පැල්පත් ප‍්‍රදේශ වල ජීවත්වන්නේ කවරෙකු වුවද  අපරාධ කරුවෙකු යැයි බාහිර සමාජය සිතයි. කුමන හෝ අපරාධයක් සිදුවූ සැනි න් සැකකරුවන් සොයා පොලීසිය පීරන්නේද මෙම ප‍්‍රදේශයි. පොලිස් ප‍්‍රශ්න කිරීම් අතරතුර පහරදීම් නිසා මියයන සැකකරුවන් ගැනද වාර්තාවන අවස්ථා දුර්ලභ නොවන නමුත් එවැන්නකට නිසි දඩුවම් ලැබුණු අවස්ථාවක් අසන්නට නොමැත. එවැනි මරණ එළියට එන්නේද ගමේ මිනිස...

"අන් සතු ඔබ ගැන "

Image
පද රචනය - රුෂාන් සිල්වා සංගීතය   - ලහිරු ඞී කොස්තා ගායනය සහ තනුව - තිසර වීරරසිංහ  පහුගිය කාලයේ යූ ටියුබ් අවකාශයේ සෑහෙන ජනප‍්‍රිය වෙච්ච සින්දුවක්. ඒ වගේ ම ලංකාවෙ වික්ටෝරියානු සුචරිතවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වෙච්ච සින්දුවක්. ඒක නිසා අපි කල්පනා කළා මෙවර ‘රළ’ කලාපයෙන් මේ සින්දුව ගැන කතා කරන්න.  ඉස්සෙල්ලා අපි බලමු අර කියපු සුචරිතවාදී ශුද්ධෝත්තමවාදීන් මතු කරන විවේචනය පදනම් වන ප‍්‍රධාන තර්කය මොකක්ද, කියලා. ඒ ගොල්ලො කියන විදියට මේ වගේ සින්දුවලින් වෙන්නෙ මිනිස්සුන්ට අනියම් සම්බන්ධතාවලට උඩගෙඩි දෙන එක. මේ වගේ සින්දු  ශිෂ්ට සම්මත සමාජයකට නො ගැළපෙන බව තමයි ඒ අයගෙ මූලික ම තර්කය වෙන්නෙ.  සාහිත්‍යකරණයට අදාළව අපි මේක වටහා ගන්නෙ අසභ්‍යවාදය පැත්තෙන්. ඒ කියන්නෙ සභ්‍ය - අසභ්‍යභාවය තීරණය වෙන්නෙ තෝර ගත්ත අනුභූතිය හරි ඒ සඳහා භාවිත කළ ප‍්‍රතිනිර්මාණාත්මක මෙවලම් (re-constructive tools) හරි අනුව නෙවෙයි කියන එක. 1929 ඉඳලා 1960 වෙනකං කැනඩාව, එංගලන්තය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, ජපානය හා ඇමරිකාව(1959) වගේ රටවල තහනමට ලක් කරලා තිබුණ ඞී.එච්.ලෝරන්ස්ගෙ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කියන න...

ආකෘති බිඳින කාව්‍යාකෘති

Image
තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලුම’ කෘතිය විමසුමක්  සිංහල කවියේ’ බොහෝ කාව්‍ය අලංකාරයන් තවමත් පදනම් වී ඇත්තේ පූර්ව නූතන ආකෘතියක් තුළ යැයි කිව හැක. උදාහරණයක් ලෙස උපමාව, උපමේය, රූපක ආදී බොහෝ කාව්‍ය අලංකරණ, කවියේ ශ‍්‍රව්‍ය ගෝචර ආකෘතියෙන් අත් මිඳී නැති බව අපගේ අදහසයි. එනම්, ‘කණෙන් අසා සිතින් මවා ගැනීමේ’ ආකෘතියයි. එහෙත්, කවිය, කණින් අසනු වෙනුවට ඇසින් බලන (කියවන) අපේ යුගයේ (කඩදාසි මත හෝ විද්‍යුත් තිර මත) කවියේ සිදුවී ඇති වෙනස්කම්, විශේෂයෙන් එහි ආකෘතික පාර්ශ්වයේ වෙනස්කම් බොහෝ දිග දුර ගිය වෙනස්වීම්ය. තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලූම’ කාව්‍ය කෘතිය මෙම වෙනස්කම් පිළිබඳ අදහසක් ගැනීමට මෑතකදී පළ වූ හොඳ නිදර්ශනාත්මක කාව්‍ය කෘතියකි. (බලන්න 11 පිටුවේ කවිය) ඉලක්කයකට ඇදී යන උණ්ඩයක සරල රේඛීය ගමන්මග කවියේ දෘෂ්‍ය ආකෘතිය ලෙසින් අපට සිහි ගන්වන මෙය, දෘෂ්‍ය ආකෘතියේ කවියක මුල් අත්හදා බැලීම වූ මහගම සේකරගේ ඇතැම් කාව්‍ය උත්සාහයන් සිහිපත් කරයි. ඔහුගේ සුප‍්‍රකට කවියක් වන පහත කවිය ඊට උදාහරණ වේ. කුසලානේ ලූ මිදි යුෂ කුෂලානේ හැඩය ගනී කුෂලානේ ලූ විෂ වුව කුෂලානේ හැඩය ගනී දෘෂ්‍ය ගෝචර කාව්‍ය ආකෘතියකට...

හරුකි මුරකමි - දරාගත නොහැකි වූ බරක් සාහිත්‍යයට නැඟීම

Image
සමකාලීන ලෝක සාහිත්‍ය තුළ හමුවන විශිෂ්ටතම හා ප‍්‍රමුඛම ලේඛකයකු ලෙස ජපන් ලේඛක ‘හරුකි මුරකමි’ අපට හඳුනාගත හැක. කෆ්කා මුහුදු වෙරළේ, තීර්ථ යාත‍්‍රාවේ වසර ගණනාවක්, දකුණු මායිමේ, ගැහැනු නැතිව, අලියා අතුරුදන්, හිරු නැගෙන රටේ පෙම් පුවතක්, නිරුවත් කළුවර වැනි කෘති හරහා සිංහල භාෂාවෙන් කියවන පාඨක සමාජයටද ආගන්තුක නොවන ලේඛකයාගේ තවත් කෘතියක් සිංහල භාෂාවෙන් රසවිඳීමට අපිට හැකි වී තිබේ. ඒ දුමින්ද බොරලූගොඩ පරිවර්තන කාර්යයක ප‍්‍රතිඵලයක් වශයෙන් එළි දක්වා ඇති ‘මම නොවන මම’ කෘතිය ආශ‍්‍රයෙනි. මුරකමිගේ මෙම කෘතිය, ඇතැම් දේශපාලන විචාරකයන් විසින් ‘පසු ධනවාදය’ ලෙස නාමකරණය කරන ‘ධනේශ්වර සමාජයේ වර්තමාන මොහොත’ කියවා ගැනීම අපට වැදගත් වන බව අපගේ අදහසයි. ඒ මන්ද යත්, මුරකමි ලේඛකයකු ලෙස තම සමකාලීන පරම්පරාවේ ජීවන අත්දැකීම හා ධනවාදී සමාජයේ වත්මන් මොහොත මෙම කෘතිය තුළ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බැවිනි. එමෙන්ම එය ජපාන සමාජයට පමණක් උරුම වූවක් නොවන බව අපේ ජීවිත අත්දැකීම් විසින්ද ජපාන සමාජයට පමණක් උරුම තත්වයක් නොවන බව අපට පෙන්වා දී ඇත. ”අපි තමයි යුද්දෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණු මොනයම්ම හෝ පරමාදර්ශයන් පසු ධනවාදය විසින් ගිල ගන්න හදන...

ඡීවිතය සොයන මරණයේ ක්‍රීඩාව - Squid Game

Image
කොරියාව කියූ විට අපට එකිනෙකට වෙනස් රටවල් දෙකක් සිහි වේ. එකක් ‘උතුරු කොරියාව’යි. අත්තනෝමතික පාලනය, මිනිසුන් බඩගින්නේ සිටියදී න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන පාලනයක් සහිත ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක්. අනෙක් රට ‘දකුණු කොරියාව’ කියූ සැනින් සිහියට නැගෙනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූ දියුණු රාජ්‍යයක හැඩහුරුකමයි. මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් රාශියකගේ සිහිනය වන්නේ කොරියාවේ රැකියාවකි. කොරියාවට පැනගත්තොත් ජීවිතේ ගොඩ දමා ගත හැකිය යන්න ඔවුන්ගේ පරම විශ්වාසයයි. එකී කොරියානු සිහිනය අප හමුවේ ඔසවා පොළොවේ ගසන හා එහි යථාර්ථයට අපව අභිමුඛ කරන රූපවාහිනී කතා මාලාවකි Squid Game. කොරියානු රූපවාහිනී කතා මාලා ඇතැම් කාලවල උමතුවක් වන තරමට ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂාගාරය තුළ ජනප්‍රිය විය. ඉතා සුකුමාල නළුවන් හා නිළියන් රඟන ප්‍රේමණීය ෆැන්ටසිමය ආකාරයේ කොරියාවේ සශ්‍රීකත්වයත් නිරූපිත ටෙලි කතා කොරියාව කියූ සැනින් මතකයට එන පමණට මෙරට ජනපි‍්‍රය විය. ඉන්දියානු ටෙලි කතා මෙන් ම ඒවා ද බොහෝ විට ධනවත් පවුල් වටා ගොඩනැඟුනු කතාය. අනෙක් අතින් ජනප්‍රිය වූයේ කොරියාවේ ඓතිහාසික කාල පරිච්ඡේද පදනම් කරගනිමින් ගොඩනැ`ගුනු කතා මාලාවන්ය. නමුත් මීට බාහ...

චිනුවා අචිබි - මානවයකු වීමේ අබිරහස විනිවිද දුටු මනස

Image
  අප‍්‍රිකානු ලේඛක චිනුවා අචිබි මිය ගිය අවස්ථාවේ 'නදීන් ගෝඩිමර්' නමැති දකුණු අප‍්‍රිකානු ලේඛිකාව විසින් 'ලන්ඩන් ගාඩියන්' (London Guardian) පුවත්පතට ලියූ ලිපියේ අනුවාදය පහත පළ වේ. "චිනුවා අචිබි, සිය ප‍්‍රථම නවකතාවට  Things Fall Apart යන අපූරු නම සොයා ගත්තේ W.B.Yeats නමැති අයර්ලන්ත කවියාගේ වැකියකිනි. අචිබි උපන් නයිජීරියාවේ යටත් විජිත සමයත් ඉන් පසුව එළඹි සමයත් පිළිබඳ එම නවකතාවේ පුරෝකථනය නිවැරදිය. එය වූකලී නූතන අප‍්‍රිකානු සාහිත්‍යයක ආරම්භක නිර්මාණ කාර්යය විය. එසේම එය නයිජීරියානු ගමක උපන් අචිබි තමන් දැනගත් සාම්ප‍්‍රදායික ප‍්‍රකාශන මාදිලියෙන් ද යටත් විජිත ක‍්‍රමයෙන්, විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන්, අප‍්‍රිකානු විඥානය ගවේෂණය කිරීමට ගත් පළමු උත්සාහය ද විය. එම පළමු කෘතිය, අචිබිගේ පසුකාලීන කෘති දක්වා ඔහු සතු නිර්මාණ ශක්තීන් වර්ධනය කරවීමට තුඩු දුන්නා පමණක් නොව, අප‍්‍රිකානු ජනතාවගේ ජීවිතය හැඩගැස්වූ නැගිටීම්වලට ද එය ශක්තියක් විය. ඔහුගේ රටේ ඛේදජනක සිවිල් යුද්ධය ඇවිලෙන කාලය තුළ අචිබි එය අත්දකිමින් ජීවත් විය. ඒ තුළ ලේඛකයකු ලෙස ක‍්‍රියාකාරී වීමෙන් දේශපාලන බලය හමුවේ තම ජීවිතය ද අනතු...

ගලන්නේ ගඟ මිස ජීවිතය නොවේ!

Image
  'ත‍්‍රිවේණි සංගමම්' කාව්‍ය සංග‍්‍රහයේ පසු කවරයේ ලා ධනුෂ්කා නිෂාදි කුලරත්න කිවිඳිය මෙබඳු සඳහනක් කරන්නීය. "බටහිර හිමාලයේ ගංගෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලන ගංගා නම් ගංගාවත්, යමුනෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලා එන යමුනාවත් හමුවන තැන 'අදිසි' සරස්වතී ගංගාවේ ආගමනයෙන් අසිරිමත් 'ත‍්‍රිවේණි සංගමම්' බිහිවේ." ඇය ලියන්නේ භෙෘතික ලෝකයේ කොතැන හෝ දකින්නට ලැබෙන භූ රූපයක් පිළිබ`ද ය. අප සොයන්නේ එය නොවේ. භෞතික රූපයක් රූපකයක් ලෙස ක‍්‍රියාකාරී වන විට ඇයට මුණගැසෙන ලෝකය මොනතරම් අසිරිමත් ද යන්නය.  ඇගේ කාව්‍ය ව්‍යාපාරයෙහි ලා 'අසිරිමත්' යන වචනයට ඇත්තේ අප දන්නා ගතානුගතික අර්ථ ධ්වනිය නොවේ. ධනුෂ්කා කෘතිය අරඹන්නේ ශුෂ්ක ව‍්‍රතය නමැති පැදියෙනි. "සඳක් නම් සාවුනුත් තුරුල් කරගෙන කුඹුක්කන් ඔයටම පනින්නට තිබුණා අනිත්තේ වග තුග කියාගෙන කුමන උයනෙන්-මැරුණු ඉර මහ මුහුදෙ ගිලූණා වසන්තෙදි ලූණුගලින් බැහැගෙන රැළි නගා පාඩුවේ ගැලූවා මොනර, කොරවක්, කණ කෙකිණි ඇස් කලාපේ නැති තෙතින් බැලූවා ශුෂ්ක වූ පේ‍්‍රමයක පාමුල තිත් පොළොං දළ වැදී තිබුණා එදා නුඹ බිම වැටී හුන් තැන දූට ගත් හැඩ අකුරු තිබුණා" ශුෂ්ක ...