"අන් සතු ඔබ ගැන "
පද රචනය - රුෂාන් සිල්වා
සංගීතය - ලහිරු ඞී කොස්තා
ගායනය සහ තනුව - තිසර වීරරසිංහ
පහුගිය කාලයේ යූ ටියුබ් අවකාශයේ සෑහෙන ජනප‍්‍රිය වෙච්ච සින්දුවක්. ඒ වගේ ම ලංකාවෙ වික්ටෝරියානු සුචරිතවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වෙච්ච සින්දුවක්. ඒක නිසා අපි කල්පනා කළා මෙවර ‘රළ’ කලාපයෙන් මේ සින්දුව ගැන කතා කරන්න.
ඉස්සෙල්ලා අපි බලමු අර කියපු සුචරිතවාදී ශුද්ධෝත්තමවාදීන් මතු කරන විවේචනය පදනම් වන ප‍්‍රධාන තර්කය මොකක්ද, කියලා. ඒ ගොල්ලො කියන විදියට මේ වගේ සින්දුවලින් වෙන්නෙ මිනිස්සුන්ට අනියම් සම්බන්ධතාවලට උඩගෙඩි දෙන එක. මේ වගේ සින්දු ශිෂ්ට සම්මත සමාජයකට නො ගැළපෙන බව තමයි ඒ අයගෙ මූලික ම තර්කය වෙන්නෙ.
සාහිත්‍යකරණයට අදාළව අපි මේක වටහා ගන්නෙ අසභ්‍යවාදය පැත්තෙන්. ඒ කියන්නෙ සභ්‍ය - අසභ්‍යභාවය තීරණය වෙන්නෙ තෝර ගත්ත අනුභූතිය හරි ඒ සඳහා භාවිත කළ ප‍්‍රතිනිර්මාණාත්මක මෙවලම් (re-constructive tools) හරි අනුව නෙවෙයි කියන එක. 1929 ඉඳලා 1960 වෙනකං කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, ජපානය හා ඇමරිකාව(1959) වගේ රටවල තහනමට ලක් කරලා තිබුණ ඞී.එච්.ලෝරන්ස්ගෙ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කියන නවකතාවට එරෙහිව එංගලන්තයේ අශ්ලීල ප‍්‍රකාශන පනත යටතේ 1959 පවත්වපු නඩු විභාගයේ දි ඊ.එම්. ෆෝස්ටර්, හෙලන් ගාඞ්නර්, රිචර්ඞ් හොගාර්ට් වගේ සාහිත්‍යධරයන් ඉදිරිපත් කරපු සාක්ෂි හා ඒ නඩු විභාගයෙ තීරණය මෙතන දි අපිට ගොඩක් වැදගත් වෙනවා.
සාමාන්‍ය සමාජයේ අසභ්‍ය කියලා සම්මත වෙලා තියෙන යෙදුම් කොයිතරම් ගණනක් කෘතියෙ තියෙනවද, කී පාරක් ඒවා පාවිච්චි කරලා තියෙනවද, කියන එක පදනම් කර ගෙන කෘතියක් අසභ්‍ය යි කියලා කියන්න බෑ කියන එක තමයි සමස්තයක් විදියට ඒ නඩුවෙන් කියවෙන්නෙ. සමාජ යථාර්ථය කුණුහරුපවලින් පිරිලා තියෙද්දි ඒක කලාත්මක විදියට පරිකල්පනය කරන්න ඒ කුණුහරුප යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම තමයි ඒ කුණුහරුප පාවිච්චි වෙලා තියෙන්නෙ ඒ කුණුහරුපවලට ම එරෙහිව කියලා ඒ නඩුවෙදි ඔප්පු වෙනවා. එතකොට ලෝරන්ස් මැරිලත් අවුරුදු 30ක්.
ඇන්ටන් චෙකොෆ්ගෙ ‘බල්ලා කැටුව යන කාන්තාව’ වගේ කෙටිකතාවකින් පැහැදිලි කළොත් කෙටිකතාකරුවා ගුරොෆ්ගෙ යි ආන්නාගෙ යි අනියම් සම්බන්ධය පාඨකයා ඉදිරියට ගෙන එන්නෙ පාඨකයන්ට අනියම් සම්බන්ධයන් ආරම්භ කරන්න ආරධනා කරන්න නෙවෙයි කියන එක. ඒ වෙනුවට චෙකොෆ් කරන්නෙ පූර්ව විප්ලවීය රුසියාවෙ පේ‍්‍රමය මුහුණ දී තිබුණ ඇද වැටීම නිරූපණය කරන එක. එහෙම නැත්නම් සාම්ප‍්‍රදායික විවාහයෙන් පේ‍්‍රමය උපද්දන්න පුළුවන් කියන මතයේ තියෙන මළවිකාර සහගත බව නිරූපණය කරන එක.
අපි දැන් ජීවත් වෙන පශ්චාත් - නූතන මොහොත කියන්නෙ කොහොමත් ‘නියම සබඳතා’ කියලා පෙන්නන්න පුළුවන් සියලූ සබඳතා බිඳ වැටුණු කාලයක්. මව් පිය - දූදරු සබඳතා පවා කිසියම් කරණය තර්කණයකට ලඝු වෙච්ච සමාජයක් මේක. ඒ කියන්නෙ උපයෝගීතාව යි ආත්මාර්ථය යි ම`ගින් මෙහෙයවන සමාජයක්. මේ සින්දුව විවේචනය කරන සදාචාරවාදීන් - අනෙක් සදාචාරවාදීන් එක්ක පවත්වන සම්බන්ධතාවල වුණත් ඇත්ත තත්ත්වය ඕක යි.
අන්න එහෙම බලද්දි තමයි තේරෙන්නෙ පශ්චාත් - නූතන ධනවාදයේ මොහොත මේ සින්දුවෙන් අල්ලලා නෑ කියන එක. මේ සින්දුවෙ කථකයා අනියම් සබඳතාවයක් පවත්වනවා කියලා කියන්න බෑ. රූප රචනයෙන් දෙන අර්ථකථනය අමතක කරලා බැලූවොත් ඔබට පෙනේවි මේ සින්දුවෙ එන ගැහැනිය කථකයාගෙ සිතුවිලි ලෝකයේ තමන් නිරූපණය කරන්නෙ මොන වගේ භූමිකාවක් ද,කියලා දන්නෙ නෑ. ඈ ගැන කථකයාට තියෙන්නෙ ඒකපාර්ශ්වීය අප‍්‍රකාශිත පේ‍්‍රමයක්. ඒ වගේ ම තමයි මේ කථකයා සිතෙන් මිසක් කයෙන් අර ගෑනු කෙනා සම`ග කිසිම සම්බන්ධයක් නො පවැත්වීම. ඒ කියන්නෙ මේ ඉන්නෙ පිවිතුරු මධ්‍යම පාන්තික පිරිමියෙක්.
බලන්න,
‘දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී’
‘වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිඳ විඳිමී’
මෙන්න මේ නිසා තමයි අපි නම් මේ සින්දුවට විරුද්ධ. විරුද්ධ යි කියනවටත් වඩා ඇත්තට ම කියන්න ඕන ලෝරන්ස්ලා චෙකොෆ්ලා සමාජය හා පුද්ගලත්වය ගැන මතු කරපු සංකීර්ණ සංවාදය මේ සින්දුවෙන් මතු වෙලා නෑ කියන එක. එහෙම වෙලා තියෙන්නෙ සින්දුව කියන ශානරයේ තියෙන සීමාව නිසා ම නෙවෙයි. ඒ, ඒකට තියෙන්න ඕන නිර්භීතකම මේ සින්දුවෙ නිර්මාපකයන්ට නැති නිසා ඊනියා සදාචාරවාදීන් වලිගෙ පාග ගත්තට ඇත්තට ම කුළප්පු වෙන්න තරම් හේතුවක් මේ සින්දුවෙන් දීලා නැති නිසා.
මේ සින්දුවෙ ඉන්නෙත් මේ සින්දුව විවේචනය කරන අර සුචරිතවාදී ශුද්ධෝත්තම මධ්‍යම පාන්තිකයා ම යි. ලෝරන්ස් ඒ තක්කඩිකම නො කරපු නිසා තමයි එයාට මැරිලත් අවුරුදු තිහක්, එයාගෙ පොත අසභ්‍ය ප‍්‍රකාශනයක් නෙවෙයි කියලා ඔප්පු කරන්න බලාගෙන ඉන්න වුණේ.
Comments
Post a Comment