Posts

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

Image
කලාකරුවාට ඔහු ජීවත්වන සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ සාධකවලින් සහ එයින්ම නිමවන මිනිස් පෞරුෂත්වය විසින් දෙනලද තත්වයන්ගෙන් බැහැර විය නොහැකිය. ඒ නිසාම යුද්ධය අවසාන වූයේ කලාකරුවන්ට ඒ පිළිබඳ සිය ප‍්‍රකාශනයන් සඳහා ආරාධනා කරමිනි. සමහරු එය භාර ගත්හ. සමහරු කල් දැමූහ. ජයන්ත චන්ද්‍රසිරි සමකාලීන පශ්චාත් යුද සන්දර්භය ආමන්ත‍්‍රණය කළ සිනමාකරුවෙකි. ඔහු දුටුගැමුණු කතාව ප‍්‍රතිනිර්මාණය කරමින් සිදු කළේ යුද්ධයෙන් ‘පරාජිත’ සමාජය ආමන්ත‍්‍රණය කිරීමකි. දකුණේ මිනිසුන් කිරිබත් උයාගෙන කෑවේ වසර තිස් ගණනක් පීඩා විඳි ඒ පරාජය වසා ගන්නටය. පරාජය වී තිබුණේ එල්ටීටීඊය පමණක් නොව, දෙමළ සමාජය පමණක් නොව, දකුණේ සිංහල බෞද්ධයන් පමණක් නොව, වෙනත් ආගමික, ජාතික අනන්‍යතා ඇතිවුන් පවා පරාජය වී සිටි නිසා ඒ පරාජයේ වේදනාව ප‍්‍රකාශ කළ යුතු වූයේ ‘ඉතින් දැන්වත් අපි සමගි වෙමු’ වැනි බැලූ බැල්මට මානුෂික ප‍්‍රකාශනයකිනි. ජයන්ත සිය දුටුගැමුණු චිත‍්‍රපටයේ එළාරගේ සොහොනට ගරු කිරීමේදී හෙළිදරව් කරන්නේ ඔහුද ඇතුළුව අප විසින් යුද්ධය අවසානයේ ඒ මහා පරාජය සම්බන්ධව දරා සිටි වරදකාරිත්වයයි. එළාරගේ සොහොනට ගරුකිරීමෙන් යුද්ධයේ සාමුහික පරාජය නිරූපණය කළ ජයන්ත ‘ව...

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

Image
දැවෙන විහඟුන් සිනමා පටය සිනමා ශාලාවලින් ගැලවී අවසන්ය. චිත‍්‍රපටය පිළිබඳ සිදුකෙරුණු කතා බහ, චිත‍්‍රපට කණ්ඩායම තුළම මතුවූ විසංවාදයන්ගෙන් ගිලීගිය අතර, (එම විවාදයට මැදිහත්වීමට අප බලාපොරොත්තු නොවන අතර) ”කලාකෘතියක් ලෙස චිත‍්‍රපටය පිළිබඳ” සංවාදයකට පැවැතියේ ඉතාමත් අවම මට්ටමේ ඉඩකි. ඒ අතර, චිත‍්‍රපටයේ කලින් දර්ශනවාරවල නොතිබූ දර්ශන කොටස් පසුකාලීන දර්ශනවලට ඇතුල්වීමක් පිළිබඳවද කතා බහක් ඇති විය. ඉතින්, ‘දැවෙන විහගුන්’ චිත‍්‍රපටය පිළිබඳ විචාර කතිකාව මෙවන් සංදර්භකය පවතින අතරම චිත‍්‍රපටය පිළිබඳව අපගේ අදහස ‘රළ’හි සටන් කිරීමට අප තීරණය කළා. චිත‍්‍රපටයේ කතා වින්‍යාසයට පාදක වෙන සිද්ධි දාමය 80 දශයේ අග භාගයේ, ලංකවේ නැගෙනහිර පළාතේ සිදුවූ, තමාමද අත්දුටු සත්‍ය සිදුවීම් දාමයක් බව චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාරම පුවත් පතකට පවසා තිබුණි. කෙසේවෙතත්  චිත‍්‍රපටයේ දිගහැරෙන පරිදි, එකී සිදුවීම් දාමයේ ආරම්භය සහිටුහන් වනුයේ, 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ සන්නද්ධ අරගලය තුළ කි‍්‍රයාකාරී වූ සුනිල් නම් ජ.වි.පෙ. කි‍්‍රයාධරයා, ආණ්ඩුවේ අතුරු හමුදා ඛණ්ඩයක් විසින් පැහැරගෙන ගොස්, සමූහ මිනීවලක් තුළ මරා...

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

Image
'කූඹියෝ' සහ 'සහෝදරයා' ටෙලි නාට්‍ය දෙක දැන් අවසන් වී තිබෙනවා. නමුත් ඒ නාට්‍ය දෙක ගැන සංවාදය අවසන් වී නැහැ. ඒ නාට්‍ය දෙක මඟින් සමාජ සිතීමට කරන ලද බලපෑමත් අවසන් වී නැහැ. ඒ නිසාම අපට එම නාට්‍ය දෙකේ දේශපාලනය පිළිබඳ කතාබහ අවසන් කරන්නත් බැහැ. මෙවැනි නාට්‍ය පිළිබඳව විචාරයක් ගෙනෙද්දී මතුවන ප‍්‍රධාන ගැටලූවක් තිබෙනවා. ඒ අපි මේ කෘති විග‍්‍රහ කර ගන්නේ කුමක් ලෙසද යන ප‍්‍රශ්නය. මේවා කලා කෘතිද, නැත්නම් වෙළඳපොළට නිකුත් කරන වෙළඳ භාණ්ඩද? මේවායේ අරමුණ කලාවේ පුරුෂාර්ථ සමාජයට සමීප කරවන නූතනවාදී අරමුණුද, නැතිනම් හුදු ලාභ ගොඩ ගැසීමේ අරමුණුද? වර්තමාන ධනවාදී සමාජය තුළ කලාව ඒකාධිකාර සමාගම්වල ලාභ උල්පතක්, හුදු වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට තිබෙනවා. ඒ නිසා කලා කෘති වෙනුවට අපට මුණ ගැසෙන්නේ වෙළඳ භාණ්ඩ. කලාවේ ලක්ෂණ අන්තර්ගත කරගත් වෙළඳ භාණ්ඩ. කලාකරුවා වෙනුවට අපට මුණ ගැසෙන්නේ එම විනෝද කර්මාන්තයේ ප‍්‍රාග්ධන හිමියන් ළඟ භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන ශ‍්‍රමිකයකු. සමහර විට එම කලා ශ‍්‍රමිකයාගේ ඉරණම අනෙකුත් කර්මාන්තවල නිරත වැටුප් ශ‍්‍රමිකයාටත් වඩා අර්බුදකාරීයි. එවන් තත්වයක් තුළ අපට හමු වන්නේ කලාවේ දායාදයන් ස්වසන්තක ක...

කැරපොත්තන් බවට පත්වූ මිනිසුන්ගේ 'ස්වරූප'

Image
ධර්මසේන පතිරාජගේ නවතම සිනමා කෘතිය සහ ඇතැම් විට ඔහුගේ මෑත කාලීන හොඳම චිත‍්‍රපටය විය හැකි ‘ස්වරූප‘ ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වී, ගැලවී ගොස් අවසන්ය. චිත‍්‍රපටයේ මංගල දර්ශනය සහ එය සිනමාහල් වලින් ගැලවීම අතර මතක හැටියටනම් තිබුනේ සති දෙකකටත් අඩු කාලයකි. ලංකාවේ කලාව පිළිබඳ සංවාදයේ ඉතිහාසයකට හිමිකම් කියන හොරණ සහ මාතර නගරවල සිනමාහල්වලින් ස්වරූප ඉවත්වී තිබුනේ එකම දර්ශනයක් පවා ප‍්‍රදර්ශනය නොකර බව කොහේ හෝ කියවූවා මතකය. එය ප‍්‍රදර්ශනය කරන ලද සිනමාහල් පවා ස්වරූප සඳහා වෙන් කර තිබුනේ කිසිවෙකු නොදන්නා, සාමාන්‍යයෙන් පේ‍්‍රක්ෂකයන් නොඑන අමුතුම දර්ශන කාලයන්ය. එබැවින් ධර්මසේන පතිරාජ ස්වරූප නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ බවත්, එය ලංකාවේ ප‍්‍රදර්ශනය වූ බවත් බොහෝ දෙනෙකු දන්නේ නැත. පුවත්පත් වල සිනමා අතිරේක සහ නිල විචාරකයන්ද ස්වරූප ගැන නිහඬය. අපි රළ අතිරේකයේ මේ කුඩා ඉඩ ස්වරූප වෙනුවෙන් වෙන් කරන්නේ එලෙස මග හැරුණු සම්පූර්ණ වපසරිය ආවරණය කිරීමේ අභිප‍්‍රායෙන් නොව රළ පාඨක ඔබ කිසියම් හෝ ආකාරයකින් අනාගතයේ දිනෙක ස්වරූප වෙත ප‍්‍රවේශ වීම උත්තේජනය කිරීම උදෙසාය. ස්වරූප චිත‍්‍රපටය ගැන කෙටියෙන් කියන්නේනම් එහි අන්තර්ගත වන...

“අසන්න සගයිනේ මෙය නෑසුණා යයි කියන්නෙපා“

Image
කොළඹ නගරය සංචාරකයන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීම ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද එහි සැලසුම් සකස් කෙරුනේ නව ලිබරල් ධනවාදය හඳුන්වාදීමට සූදානම් වූ 70 දශකයේ සිටය. ජේ.ආර්. ජයවර්ධන විසින් පටන්ගත් ‘සුද්දය’ ඉදිරියට ගෙන යාම වර්තමාන ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් සිටී. එහි දරුණු ප‍්‍රතිවිපාක අත්වන්නට නියමිත එක් පාර්ශ්වයක් වන්නේ කොළඹ නගරයේ වාසය කරන ලක්ෂ ගණනක් පැල්පත්වාසීන්ය. ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ බටහිර පන්නයේ නාගරිකයක් බවට පත්කිරීමේ ක‍්‍රියාන්විතයක් දියත් කළේ මිනිස් ¥විලි ලෙස ධනවාදයෙන් බැහැර කෙරෙන අවවරප‍්‍රසාදිත ජනයා බැහැර කරමිනි. එක්කෝ මරා දැමීමෙන් පීඩිත දිළින්දන් නගරයෙන් පළවා හැරීම ඔහුගේ අරමුණ වූයේ ආර්ථික සැලසුම් බාධා විරහිතව ඉදිරියට ගෙනයාමට පහසුකම් සැපයීමය. එක් අතකින් නාගරික දිළින්දන්ට එහි වන්දිය ගෙවන්නට සිදුවන විට අනෙක් අතට එම අනිටු ප‍්‍රතිපල අත්විඳින්නට නියමිතව ඇතිතේ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ය. අප එසේ කියන්නේ කොළඹ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හිමිව තිබුණු රංග ශාලා එකින් එක අහිමි කර දැන් පවතින රංගශාලා ද්විත්වයද කොයි මොහොතේ හෝ අහිමිවන්නට නියමිතව ඇති බැවිනි. මේ සිදුවෙමින් ඇත්තේ රාජපක්ෂ ආ...

කවියේ හද බස සංවාදයට ගැනීම - අමරසේකරට එරෙහිව ඉලයප්ආරච්චි

Image
අප පක්ෂයේ තරුණ සංගමය විසින් පසුගිය දිනක ‘එරික් ඉලයප්පආරච්චි’ කවියාගේ ‘කපුටා සහ සිටානෝ’ කාව්‍ය කෘතිය පිළිබඳ විචාරාත්මක පිළිසඳරක් සංවිධානය කොට තිබුණි. එහිදි පෙ.ස.ප. කලා සංගමය විදිහට අප දැක්වු අදහස ආශ‍්‍රයෙන් මෙවර ‘රළ‘ කලාපයේ ප‍්‍රධාන ලිපිය සකස් කළ යුතුයැයි අප තීරණය කරන ලද්දේ, එය එරික්ගේ කෘතිය පමණක් නොව, ලංකාවේ, සිංහල කවිය පිළිබඳවම යළි සිතා බැලීමටකට අපට බලකළ නිසය. මුලින්ම අපි කවිය හඳුනා ගන්නේ කෙසේද? මේ පිළිබඳ භාරත කාව්‍ය රසාස්වාදයේ සහ යුරෝපා කාව්‍ය රසාස්වාදයේ හා විචාරයේ ඇති තරම් සංවාද ගිහින් තියෙනවා. අපි මෙතනදි උත්සාහ කරන්නේ එවන් න්‍යයික, නියාම පද්ධතියක් ආශ‍්‍රයෙන් එය වටහා ගන්නවාට වඩා (එවන් උත්සාහයක් නරක නැත) වෙනස් විදිහයකට  කවිය වටහා ගන්නයි. මේ සඳහා අපි උපයෝගී කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ, ‘පරාක‍්‍රම කොඩිතුවක්කු’ කවියාගේ මූලාශ‍්‍ර හරියටම මතකයේ නැති අදහසක්. ඒකදී ඔහු කවිය හඳුන්වන්නේ  ‘කවියක රෝස කැකුලක් තියෙන්න  ඕන, ගිනි පුලිගුවක් තියෙන්න  ඕන, එහි හංස ගීතය තියෙන්න  ඕන’ කියලායි. දැන් මේ අදහස දිග හැරලා ගත්තාහම  අපිට මෙහෙම කියන්න පුලූවන්. ‘කවියක මතුපිට, ආකෘත...

Twelve Angry Women - සත්‍යයේ මිනුම්ද`ඩු ඇත්තේ කොතැනද?

Image
මේ දිනවල මරදානේ ටවර් රගහලේ යොවුන් නාට්‍ය උළෙල පැවැත්වෙන අතර, පසුගිය දිනක එහිදී රංගගත කරන ලද ‘Twelve Angry Women’ නාට්‍ය නැරඹීමෙන් අනතුරුව, මෙවර ‘රළ’ කලාපයේ ඒ පිළිබඳ අදහසක් දැක්වීම සුදුසු යැයි අපි තීරණය කළෙමු. මීට කලින්ද ලාංකීය වේදිකාව මත පූජිත ද මෙල් නාට්‍යවේදියා අතින් ‘දොළහක්’ නමින් ප‍්‍රතිනිර්මාණය වූ ‘Twelve Angry Men’ කෘතිය ඉංග‍්‍රීසි චිත‍්‍රපටයකටද පාදක වී ඇති රෙජිනෝල්ඩ් රෝස් ගේ( Reginald Rose) එනමින් යුත් නාට්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත. කෙසේවුවද මෑත අවුරුදුවලදීම ‘දොළහක්’ නමින් අතුල පතිරණගේ තවත් නිෂ්පාදනයක් උක්ත පිටපතින් සිදුවී ඇති නිසා අපගේ විචාරයේදී මෙම නිෂ්පාදන දෙක සන්සන්දනය වීමට ඇති ඉඩකඩ මගහරවාගෙන (‘දොළහක්’ නාට්‍ය අමතක කොට) Twelve Angry Women, නාට්‍ය පිළිබද කතාකිරීමේ අසීරු කාර්යයට අපි උත්සාහ දරමු. කෘතියේ අන්තර්ගතය පිළිබද සාකච්ඡුාවක් අවළුවාගැනීමට පෙර එහි ආකෘතික පාර්ශ්වය පිළිබඳව යම් අදහසක් දැක්ම සිදුකිරීම මෙහිදී වැදගත්ය යන්න අපගේ වැටහීීමයි. එනම්, මුුලූමනින්ම ’පිරිමි පාත‍්‍රවර්ගයන්’ (චරිත) දොළොස්දෙනෙක්, පිරිමි නලූවන් 12 දෙනකු විසින් නිරූපණය කරන මුල් කෘතිය, මෙම නිෂ්පාදනයේද...