“අසන්න සගයිනේ මෙය නෑසුණා යයි කියන්නෙපා“


කොළඹ නගරය සංචාරකයන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීම ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද එහි සැලසුම් සකස් කෙරුනේ නව ලිබරල් ධනවාදය හඳුන්වාදීමට සූදානම් වූ 70 දශකයේ සිටය. ජේ.ආර්. ජයවර්ධන විසින් පටන්ගත් ‘සුද්දය’ ඉදිරියට ගෙන යාම වර්තමාන ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් සිටී. එහි දරුණු ප‍්‍රතිවිපාක අත්වන්නට නියමිත එක් පාර්ශ්වයක් වන්නේ කොළඹ නගරයේ වාසය කරන ලක්ෂ ගණනක් පැල්පත්වාසීන්ය. ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ බටහිර පන්නයේ නාගරිකයක් බවට පත්කිරීමේ ක‍්‍රියාන්විතයක් දියත් කළේ මිනිස් ¥විලි ලෙස ධනවාදයෙන් බැහැර කෙරෙන අවවරප‍්‍රසාදිත ජනයා බැහැර කරමිනි. එක්කෝ මරා දැමීමෙන් පීඩිත දිළින්දන් නගරයෙන් පළවා හැරීම ඔහුගේ අරමුණ වූයේ ආර්ථික සැලසුම් බාධා විරහිතව ඉදිරියට ගෙනයාමට පහසුකම් සැපයීමය. එක් අතකින් නාගරික දිළින්දන්ට එහි වන්දිය ගෙවන්නට සිදුවන විට අනෙක් අතට එම අනිටු ප‍්‍රතිපල අත්විඳින්නට නියමිතව ඇතිතේ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ය.

අප එසේ කියන්නේ කොළඹ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හිමිව තිබුණු රංග ශාලා එකින් එක අහිමි කර දැන් පවතින රංගශාලා ද්විත්වයද කොයි මොහොතේ හෝ අහිමිවන්නට නියමිතව ඇති බැවිනි. මේ සිදුවෙමින් ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ එහෙත් එක් ආණ්ඩුවක් විසින් නොව, වසර ගණනාවක් ආණ්ඩු කිහිපයක් සැලසුම් කළ නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවීමය. ‘කොළඹ මුල්‍ය නගර සැලසුම’ ලෙස හඳුන්වන රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ ‘පෝට් සිටි’ ව්‍යාපෘතියද බස්නාහිර මහ නගර සංවර්ධන වැඩසටහනද දැන් ක‍්‍රියාත්මක වන්නේ කිසිදු වෙනසක් නැතිවය. ඒ යටතේ රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පැල්පත්වාසීන් කොළමින් පිටමං කරදැමීමද සක‍්‍රීය කරමින් තිබේ. කොටින්ම කිවහොත් පීඩිතයන්ගෙන් තොර කොළඹ නගරයක් වෙනුවෙන් සිදුකරණ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය ජනජීවිතය කොළඹින් බැහැරට පිටමං කිරීමද ඒ නිසාම තවදුරටත් කොළඹට අවශ්‍ය නොවන බවට ඔවුන් තීරණය කරන සාමාන්‍ය ජනයාට අවශ්‍ය යටිතල පහසුකම් නගරයෙන් පිටමං කිරීමද සිදු වේ. 

රඟහල් සම්බන්ධ ප‍්‍රශ්නය එන්නේ ඒ නිසාය. අප දන්නා කාලයේ සිට කොළඹ නගරයේ භාවිතයට ගතහැකි රඟහල් ගණනාවකි. නම් වශයෙන් ටවර් රඟහල, එල්ෆිපින්ස්ටන් රඟහල, ජෝන් ද සිල්වා රඟහල, ලූම්බිණි  විiාලයේ රඟහල, ලයනල් වෙන්ඞ්ට් රඟහල, රාජකීය විද්‍යාලයේ නව රඟහල, නාමෙල් මාලනී පුංචි තියටර්, නෙළුම් පොකුණ රඟහල, තරුණ සේවා සභාවේ රඟහල, ආනන්ද විiාලයේ කුලරත්න ශාලාව, බොරැුල්ල ශඵඊ් ශාලාව, නව නගර ශාලාව, බිෂොප් විද්‍යාලයීය රඟහල, එස්. ද එස්. ජයසිංහ රඟහල, මියුසියස් විද්‍යාලයීය රඟහල, සර්වෝදය රඟහල ලෙස රඟහල් ඇත. එහෙත් ඇත්ත වශයෙන්ම මේ අතුරින් සාමාන්‍ය ජනතාවගේ වියදම් හැකියාව අනුව භාවිතයට ගත හැකි රගහල් අල්පයකි. ලයනල් ටවර් රඟහල, ජෝන් ද සිල්වා රඟහල, ලූම්බිණි  රඟහල, බොරැුල්ල ශඵඊ් ශාලාව, නව නගර ශාලාව, එස්. ද එස්. ජයසිංහ රඟහල ඒ ගණයට ගත හැකිය. එසේ නමුත් නාට්‍ය ශාලා ලෙස මේවා අතුරින් හිරිහැරයක් නැතිව පේ‍්‍රක්ෂකයාට වින්දනයක් ගත හැකි ස්ථාන ඇත්තේ එකක් හෝ දෙකක් පමණකි. දැනට නාට්‍ය ශාලා ලෙස භාවිතයට ගන්නට හැකිව තිබෙන්නේ. ටවර් රඟහල සහ ලූම්බිණි පමණකි.

දිගු කාලයක් සාමාන්‍ය නාට්‍ය රසිකයාගේ තෝතැන්නක් බඳු වූ ජෝන්ද සිල්වා රගහල දැන් කඩා බිඳ දමා යළි ඉදිකරනු ලබයි. අඩුපාඩු රැුසක් මැද වුවද එහි නාට්‍ය පුහුණුවීමේ සිට වේදිකාගත කිරීම සහ නාට්‍ය රසවින්දනය දක්වා පහළ පන්තියේ කලාකරුවන්ට හා පේ‍්‍රක්ෂකයන්ට පහසුකම් සලසාගත හැකි විය. කෙසේවෙතත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ‘නෙළුම් පොකුණ’ රගහල යාබද ‘නොමෑඞ් පිටිය’ පරිශ‍්‍රයේ ඉදිකිරීමෙන් පසුව ඊට සරිලන ලෙස ජෝන් ද සිල්වා රගහල සංකීර්ණයක් ලෙස නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. පැවති රගහල කඩා ඉවත් කිරීම සඳහා පමණක් ලක්ෂ 38ක් වැය කළ බව හෙළි විය. ඇත්ත වශයෙන්ම දැන් කියනු ලබන්නේ ජෝන්ද සිල්වා රගහල ඉදිකිරීම් ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන දහසක් පමණ වන බවය. මේ තරම් අති විශාල වියදමක් දරමින් කළ සැලසුම් අනුව එය ගොඩනැගෙනු ඇත්තේ යළිත් සාමාන්‍ය පේ‍්‍රක්ෂාගාරයට අත්පත් කරගත හැකි දුරකින් නොවේ. රගහල් ඉදිකිරීම අවශ්‍ය වන්නේ මහජන විනෝදාස්වාදය හා උසස් වින්දනය පිණිස බව ඇත්තකි. ඒ සඳහා හැකි උපරිම හොඳින් රඟහල් පහසුකම් සංවර්ධනය කළ යුතු බවටද එකඟ විය හැකිය. නමුත් එයින් සිදුවන්නේ යළිත් ‘නෙළුම් පොකුණ’ පන්නයේ විසල් කුවේර පරිශ‍්‍රයක් බිහිවීම නම් එය සාමාන්‍ය ජනතාවට ළඟා විය හැකි කලා රසවින්දනයක් උදා නොකරයි. එය කොළඹ ඉහළ පැළැන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ලක්ෂ ගණනින් ලංසු තැබෙන කුල්ටූර් කලා දෙවොලක් පමණක් වනු ඇත. ‘නෙළුම් පොකුණ’ නමින් රඟහලක් වුවද එහි නාට්‍ය පෙන්වන්නේ නැත. ඒ වෙනුවට රුපියල් දහස් ගණන් ටිකට්පත් මිල කෙරෙන ඉහළ පැළැන්තියේ සංගීත සාජ්ජ සඳහා නෙළුම් පොකුණ වෙන් කෙරේ. රුපියල් ලක්ෂ දහස් ගණනක් වැය කරමින් ඉදිකළ පසුව සිදුවන්නේ ජෝන් ද සිල්වා රගහල එයින් වෙනස් නොවනු ඇත.

අනාගත කොළඹ නගරය පිළිබඳ සැලසුම්වල ඇත්තේ සංචාරකයන් ආකර්ෂණය කිරීමේ අරමුණකි. ඒ නිසාම කොළඹ නගරයේ සාමාන්‍ය ජනතාවගේ වාසය අහෝසි කරනු ඇත. බස්නාහිර සංවර්ධන හා මෙගාසිටි ඇමති චම්පික රණවක කියන ආකාරයට 2020 වනවිට කොළඹ වාසය කරන පැල්පත්වාසීන් හා අඩුආදායම් ලාභීන් හරි අඩකින් පිටමං කෙරෙනු ඇත. ඒ අනුව මධ්‍යම පන්තියේද ඉහළ ස්ථරය මිස සාමාන්‍ය ජනයාට කොළම වාසය තහනම් වනු ඇත. අප රගහල් අහිමි කිරීම පිළිබඳ කතාව ගෙන එන්නේද හුදු කලාවේ නාමයෙන් නොව, මිනිස් අයිතිවාසිකමක් ලෙස කලා සංස්කෘතික ජීවිතයට ඇති අයිතිවාසිකම් වෙනුවෙනි. ජීවත්වීමේ වරම අහෝසි කරන අනාගත කොළඹ නගරයකදී සංස්කෘතික අයිතිවාසිකම් හිමිවේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා කලාකරුවන් තමන්ගේ කෑල්ල වෙනුවෙන් ‘රගහල් බේරා ගනිමු‘ වැනි සටන් පාඨයකින් වීදි බැසීමෙන් මේ කියන ගැටලූවට විසඳුමක් නොවේ. තමන්ගේ කෑල්ල බේරාගැනීමේ සටන් අපමණ අප දකිමු. එහෙත් ඒවා යටපත් කරමින් නවලිබරල් ධනවාදයේ අරමුණු ජයගනිමින් තිබේ. මේ දක්වා අපරාජිතව දක්නට ඇති එක් සටනක් ලෙස ‘සයිටම් විරෝධී අරගලය’ නිදසුනකට ගනිමු. එහි ආරම්භක සටන්කරුවන් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය නිවැරදිව තෝරාගත්තේ තමන් පමණක් සිදුකරන සටනකට වඩා එය සමස්ත සමාජයේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කළ යුතු සටනක් ලෙසය. දැන් මේ වනවිට ආණ්ඩුවට බලවත් අභියෝගයක්ව එම සටන පුළුල් වී ඇත. ඊට ශිෂ්‍ය බලවේගයට අමතරව වැඩ කරන ජනතා බලවේග මෙන්ම විවිධ පරාසයක වෙනස් මත දරනවුන් ඒකරාශිව තිබේ.

”අසන්න සගයිනේ
මෙය නෑසුණා යයි කියන්නෙපා
මහ පොළොවෙ කුණු ගසළ
වළලන්න කාලයයි මේ....”

ආචාර්ය ගාමිණි හත්තොටුවේගම සිය වීදි රංගයක් සඳහා නිර්මාණය කළ ගීතයේ සටහන්ව තිබෙන්නේ එසේය. මහපොළොවෙ කුණු කසළ පිළිබඳ ලියමින් ‘හතා’ මේ කියුවේ නගරයේ කුණු කසළ ප‍්‍රශ්න ගැන නොවේ. වීදි නාට්‍යයේ පුරෝගාමියා විසින් වේලාසන ලියා තැබුවේ මිනිස් සමාජයේ අපද්‍රව්‍ය අහෝසි කොට මිනිස් ජිවිතය වඩා ශිෂ්ට සම්පන්න කළ යුතු බවය. ජීවිතය වෙනුවට මරණය දෙන, මහ පොළොව, මිනිස් වාසය සජීවී මිනිස්කමෙන් තොරව ලාභයම හඹායාම පිණිස මහා කසළ ගොඩක් බවට පෙරළන සමාජ ආර්ථික ක‍්‍රමය උපුටා දැමීමෙන් තොරව එය කළ නොහැකි බව ‘හතා’ දැන සිටියේය.
ඒ නිසා අපි කියමු. කොළඹ රගහල් අහිමි කිරීමේ ප‍්‍රශ්නය යනු ඇත්ත වශයෙන්ම කොළඹ නගරය තුළ පීඩිත ජනතාවගේ වාසය අහිමි කිරීමේ ප‍්‍රශ්නයේම කොටසකි. පැල්පත් කඩාදමනවිට නිහ`ඩව සිටිවුන්ට සිය සංස්කෘතික ජීවිතය අහිමි කිරීමේ ප‍්‍රශ්නයේදී හෝ නැගී සිටින්නට බල කරනු ලැබ තිබේ. කලාකරුවනි, කලා රසිකයනි, නාට්‍යපේ‍්‍රමීනි, රඟහල්මුදාගැනීමේ අරගලයට සීමා නොවී පහළ පන්තික ජනයාගේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බසින්නට කාලය පැමිණ ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?