වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?
'කූඹියෝ' සහ 'සහෝදරයා' ටෙලි නාට්‍ය දෙක දැන් අවසන් වී තිබෙනවා. නමුත් ඒ නාට්‍ය දෙක ගැන සංවාදය අවසන් වී නැහැ. ඒ නාට්‍ය දෙක මඟින් සමාජ සිතීමට කරන ලද බලපෑමත් අවසන් වී නැහැ. ඒ නිසාම අපට එම නාට්‍ය දෙකේ දේශපාලනය පිළිබඳ කතාබහ අවසන් කරන්නත් බැහැ.
මෙවැනි නාට්‍ය පිළිබඳව විචාරයක් ගෙනෙද්දී මතුවන ප‍්‍රධාන ගැටලූවක් තිබෙනවා. ඒ අපි මේ කෘති විග‍්‍රහ කර ගන්නේ කුමක් ලෙසද යන ප‍්‍රශ්නය. මේවා කලා කෘතිද, නැත්නම් වෙළඳපොළට නිකුත් කරන වෙළඳ භාණ්ඩද? මේවායේ අරමුණ කලාවේ පුරුෂාර්ථ සමාජයට සමීප කරවන නූතනවාදී අරමුණුද, නැතිනම් හුදු ලාභ ගොඩ ගැසීමේ අරමුණුද? වර්තමාන ධනවාදී සමාජය තුළ කලාව ඒකාධිකාර සමාගම්වල ලාභ උල්පතක්, හුදු වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට තිබෙනවා. ඒ නිසා කලා කෘති වෙනුවට අපට මුණ ගැසෙන්නේ වෙළඳ භාණ්ඩ. කලාවේ ලක්ෂණ අන්තර්ගත කරගත් වෙළඳ භාණ්ඩ. කලාකරුවා වෙනුවට අපට මුණ ගැසෙන්නේ එම විනෝද කර්මාන්තයේ ප‍්‍රාග්ධන හිමියන් ළඟ භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන ශ‍්‍රමිකයකු. සමහර විට එම කලා ශ‍්‍රමිකයාගේ ඉරණම අනෙකුත් කර්මාන්තවල නිරත වැටුප් ශ‍්‍රමිකයාටත් වඩා අර්බුදකාරීයි. එවන් තත්වයක් තුළ අපට හමු වන්නේ කලාවේ දායාදයන් ස්වසන්තක කර ගැනීමට උත්සාහ කරන රසිකයකු නොව තමන් ගෙවන මුදලට සහ කාලයට උපරිම විනෝදයක් අපේක්ෂා කරන පාරිභෝගිකයකු. මේ වගේ සන්දර්භයක් තුළ අපි සාම්ප‍්‍රදායික ආකාරයෙන් කලා විචාරය කරන්න ගියොත්, මේවා කලා කෘති ලෙස සලකා බැ?රුම්ව එහි කලාත්මක ලක්ෂණ කතා කරන්න ගියොත්, විචාරකයාත් වෙළඳ ප‍්‍රවර්ධකයකුගේ තත්වයට ඇද වැටෙනවා. වෙළඳ භාණ්ඩයක් සම්බන්ධව ප‍්‍රචාරයේ යෙදෙමින් එහි පාරිභෝගික කවය පුළුල් කරන කර්තව්‍යයේ යෙදීමට අප අකමැතිනම් විචාරය නැවත ප‍්‍රති ව්‍යුහගත කරන්නට සිදු වෙනවා. ඒ නිසා අපේ විචාරය තුළ උත්සාහ දරන්නේ මේ කෘතිවල කැමරා කෝණ, තිරපිටපතේ කලාත්මක ලක්ෂණ, රංගනයේ විශේෂතා ආදී වට්ටෝරුවක් කතා කරන්න නෙවෙයි. අපේ උත්සාහය කලා පාරිභෝගිකයා නැවත කලා රසිකයකු බවට පත් කිරීම. ‘කූඹියෝ‘ නියමයි, හැම කොටසකදීම ඒක අපිව ඇඳ බැඳ තබා ගත්තා, අපි ඊළඟ කොටස එනතුරු බලාගෙන හිටියා, ‘සහෝදරයා‘ නියමයි, ඒකේ හැම කොටසකම අපට උපුටා ගන්න දෙබස් උපුටන තිබුණා, වෙන නාට්‍යවලින් අපට වැය කරන ඬේටා ප‍්‍රමාණයට හෝ විදුලි බල ප‍්‍රමාණයට සරිලන විනෝදයක් ලැබෙන්නේ නෑ, හදන්න ඕන මේ වගේ ‘ත‍්‍රිල්‘ එක වැඩි නාට්‍ය, බ්ලා, බ්ලා,.... වගේ දේවල් කියමින් ඉන්න සමාජයක් යළි සිහි කල්පනාවට ගෙනෙන්න නම් කෘතිය ඇසුරින් කලාකරුවා ගැනත් රසිකයා ගැනත් තියුණු දෘෂ්ටිමය විචාරයක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි කරන්නේ ටෙලිනාට්‍ය වෙළඳපළේ තිබෙන වෙළඳ භාණ්ඩ සිය ගණනක් අතරින් පාරිභෝගිකයා මේ භාණ්ඩම තෝරාගත යුතු බවට නිර්දේශ කිරීම නෙවෙයි, මේවා උපරිම විනෝදය දෙන බවට සහතික නිකුත් කිරීමත් නෙවෙයි. ඒ වෙනුවට මේ කෘති හදන අයගේ සහ බලන අයගේ චින්තනය පසුපස තිබෙන දේශපාලනය හෙළිදරව් කිරීම.
මේ වෙනකොට පාලක පන්තියේ දේශපාලනය හැම අතින්ම කුණුවෙලා, විනාශ මුඛයට ගිහින් තියෙන්නේ. ඔවුන්ට වෙනදා වගේ පවතින එකට එරෙහිව පෙන්වන්න කිසිම විකල්පයක් ඉතිරි වෙලා නෑ. 2015දී මහින්දගේ ව්‍යාපෘතිය පරාජය කෙරුණා, 2018 වනවිට මෛත‍්‍රී - රනිල් ව්‍යාපෘතියත් ඉවරයි. ඒ ගැනත් විශ්වාසය භංග වෙලා. ජාතිකවාදය උත්තරයක් නෙවෙයි කියලා පැහැදිලියි. නව ලිබරල් ධනවාදයට විශාල ජනතා විරෝධයක් හැදිලා. 2015 දී ගෙනාව ලිබරල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතාව විහිළුවක් වෙලා. දේශපාලනය විළිබිය නැති තැනකට ඇවිත්. එක තේරුමකින් සිස්ටම් එක අවසන්. ඉතිරිව තිබෙන එකම විකල්පය සමාජවාදය. ඒ සඳහා වාමාංශික දේශපාලනය. දැන් ගොඩ එන්න බැරිව නරා වළකට ඇද වැටී තිබෙන ධනවාදයට, ධනේශ්වර දෘෂ්ටිවාදයට කරන්න තිබෙන්නේ තමන් විකල්පයක් ඉදිරිපත් කිරීම වෙනුවට තිබෙන එකම විකල්පයට පහර දීම. ඒ නිසා වම ඉවර කරන්න ඕන කියලා ගොඩක් අයට ලොකු හදිසියක් ඇවිත්. තවත් පිරිසකට වම ගැන රොමැන්ටික් ආකර්ෂණයක් තිබෙනවා. නමුත් එය සමාජයට විකල්පයක් ලෙස ශක්තිමත් කළ හැකිදැයි විශ්වාසයක් නැහැ. මේ දෙපාර්ශ්්්වයම වමට ගහන්න පටන් අරන්. වම ගැන ඔවුන්ට තිබෙන අවිශ්වාසය සමස්ත සමාජයටම ආසාදනය කරවන ව්‍යාපෘතිවලට අත ගහලා.
කූඹියෝ සහ සහෝදරයා ටෙලි නාට්‍ය දෙක වටහා ගත යුත්තේ මේ සමාජ සන්දර්භය තුළ, ඒ වගේම මේ දෘෂ්ටිවාදී ප‍්‍රවණතාව තුළ. කූඹියෝ පසුගිය කාලයේ අතිශය පුළුල්ව පැතිර ගිය වම විවේචනය කිරීමේ මෝස්තරකාරී ප‍්‍රවණතාවේ බලපෑමට හසුවූ කෘතියක්. සහෝදරයා වම සම්බන්ධයෙන් සිවිල් සමාජ මැද පාන්තිකයන්ට තිබෙන අවිශ්වාසයේ සහ අසාර දර්ශනයේ බලපෑමට හසුවූ කෘතියක්. පොදුවේ සුළු ධනේශ්වරයට සමාජ සාමූූූහිකත්වයන් සහ දේශපාලන ව්‍යාපාර ගැන තිබෙන සෘණාත්මක ආකල්පය සහ තනි පුද්ගල කැරලි සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන ආකර්ෂණය මේ කෘති දෙකෙන්ම ප‍්‍රකට වෙනවා. කූඹියෝ නාට්‍යයේ කියන්නෙත් වාමාංශික ව්‍යාපාර හැසිරෙන්නෙත් ජෙහාන් වගේ ගේම් කාරයන්ගේ ප‍්‍රාණ ඇපකාරයන් වගේ කියලා. සහෝදරයා එකේ අජන්ත ගත්තත් ඔහු වාමාංශිකයෙක් කීවාට කිසිම ව්‍යාපාරයකට සම්බන්ධ බවක් පෙනෙන්නේ නෑ. මේ දෙකම උත්කර්ෂයට නගන්නේ තනි පුද්ගල වීරත්වයන්. සාමාන්‍ය හින්දි චිත‍්‍රපට සහ ලංකාවේ වාණිජ චිත‍්‍රපට බොහොමයක් තනි පුද්ගල වීරත්වයන් සහ තනි පුද්ගල කැරලි හුවා දක්වනවා. එහි ඇති අමුත්තක් නෑ. නමුත් මේ ටෙලි නාට්‍ය දෙක කේවල පුද්ගලයා ඔසවා තබන අතරම සමාජ ව්‍යාපාර වලට නියමින් හා අනියමින් පහර දෙනවා. එක්කෝ එම ව්‍යාපාර හයිරාකි, ධූූූරාවලි සහිත ගේම් කාරයන්ගේ පක්ෂ ලෙස පෙන්වනවා, එහෙමත් නැතිනම් ව්‍යාපාර ගැන බරපතළ අවිශ්වාසයක් නිර්මාණය කරනවා.
කලාකරුවකුට වම ගැන ප‍්‍රශ්න ඇසීමට තිබෙන අයිතිය අපි පිළිගන්නවා, ඒ අයිතියට අපි ගරු කරනවා. නමුත් ප‍්‍රශ්නය අසන දේශපාලන පදනම ප‍්‍රශ්න කිරීම සඳහා අපටත් අයිතියක් තිබෙනවා. ඒ කියන්නේ හැම කෘතියකම අවසානයේ රතු කොඩි ඔසවන්න කියනවා නෙවෙයි. එහෙත් මේ කෘතිවල නිර්මාපකයන්ගේ සහ මේ කෘතිවල රසික සමාජවල දේශපාලන දැක්ම අනිවාර්යයෙන් සැලකිය යුතුයි. එය නොසලකා වියුක්ත සෞන්දර්යවාදී විචාරවලින් පලක් නැහැ.

කූඹියෝ නාට්‍යය උදාහරණයකට ගනිමු. එහි නිරූපණය වෙන්නේ දැඩි ආත්මාර්ථයට කැපවුණු හැකියාවන් සහිත තරුණ පරපුර. ඔවුන් සමාජයේ අන් සියල්ල සම්බන්ධයෙන් වන වගකීම තමන්ගේ වින්දනය හෝ වාසිය වෙනුවෙන් අත හරින්න සූදානම්. ඔවුන් ඉන්නේ අපේ ආත්මය විකසිත වෙනවානම් මොනවා උනත් කමක් නෑ කියන අදහසේ. ඔවුන් තමන්ගේ ආත්මීයත්වය වෙනුවෙන් විප්ලවයට එකතු වෙන්නත් පුළුවන්. විප්ලවයෙන් බැරිනම් ප‍්‍රති විප්ලවයට එකතු වීමෙන් හෝ ඔවුන් සිය ඉලක්ක කරා යනවා. ජෙහාන්ගේ චරිතයෙන් නිරූපණය වෙන්නේ ඒ සමාජ ස්ථරය. කූඹියෝ බලන විට අපට හමුවන ජෙහාන් වගේම එම කෘතියේ නිර්මාපකයා වන ලක්මාල් ධර්මරත්නත් නියෝජනය කරන්නේ එම සමාජ ස්ථරය. ඔවුන් මේ නව ලිබරල් ධනවාදී සමාජ සංස්කෘතියට කෙතරම් අනුගත වෙලාද, කොයි තරම් දුරට තමන්ගේ ජීවිත ගේම්වල ගොදුරක් බවට පත් කරගෙනද කියන එක කූඹියෝ ජෙහාන් තුළින් මෙන්ම ලක්මාල් ධර්මරත්න පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක මතක පද වැඩසටහනට පවසන ඔහුගේ ජීවිත කතාව තුළිනුත් හොඳින් වටහා ගන්න පුළුවන්.
මේ නාට්‍යයේ පෙන්වන දේ යථාර්ථයද? වමේ ව්‍යාපාර ඔය කියන තරම් ගේම් මත තීරණය වනවාද? වම කම්කරුවන් සංවිධානය කරන්නේ, බහුජන අරගල කැඳවන්නේ යටිකූට්ටු වැඩ, ගේම් සහ කුමන්ත‍්‍රණ හරහාද? වමේ පක්ෂවල නාට්‍යයේ පෙන්වන තරම් ‘හයිරාකි‘ ධූූූරාවලි තිබෙනවාද? වමේ ව්‍යාපාරවල වැඩ කරන අය සහ එම ව්‍යාපාර සමීපව අධ්‍යනය කරන අය ඒවා අතිශයෝක්තියක් බව දන්නවා. අනෙක් අතට ලක්මාල් ඔය වර නැගලා තිබෙන්නේ සමාජ ව්‍යාපාර වලින් පලා යන්නන්, උදාසීන වන්නන්, මඟහැර යන්නන්, පෞද්ගලික ජීවිතවල පටු කුහර තුළ සැඟවෙන්නන් ඒ සඳහා භාවිත කරන මුර පදය. ඔය කතාවෙන් වෙන්නේ ව්‍යාපාර නිවැරදි වීම නෙවෙයි, සමාජ ක‍්‍රියාකාරීත්වය බැහැර කරන්නන්ට ඒ සඳහා අමතර තර්ක කිහිපයක් නිර්මාණය කර දීම. වමේ ව්‍යාපාරයට දේශපාලන විවේචන සිදු කිරීමේ ප‍්‍රශ්නයක් අපි දකින්නේ නෑ. ඒ විවේචන අපි සාදරයෙන් භාර ගන්නවා. වමේ ව්‍යාපාර තුළ තිබෙන පීලිපැනීම්වලට තියුණුම විවේචන සම්පාදනය කර තිබෙන්නේත් වමේ සම්ප‍්‍රදායන් තුළින්මයි කියන එකත් අමතක කළ යුතු නෑ. නමුත් තමන්ගේ ජීවිතයේ එක තත්පරයක්වත් සමාජ ව්‍යාපාරයක් හෝ සමාජ සාමූහික කාර්යයක් වෙනුවෙන් වැය නොකරන ගමන් සමාජ ව්‍යාපාරවලට පහර දෙන විට එහි කිසිඳු වගකීමක් නැහැ. තිබෙන ව්‍යාපාරවල, සමාජ ක‍්‍රියාකාරීත්වයන් වල වැරදි, අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලට පහර දී විනාශ කළ පසුව සමාජයට සිදු වන්නේ මොකක්ද? පහර දෙන අය, වම ඉවර කළ යුතු බවට ලොකු හදිසියක් තිබෙන අය ඒ වගකීම භාරගත යුතුයි. වලං කඬේට පැන්න ගොනා මෙන් හතර වටේ හැම දේටම පහර දීම ප‍්‍රගතිශීලී වන්නේ නෑ. වමේ ව්‍යාපාර සහ වමේ දේශපාලනය විවේචනය කළ යුත්තේ එය සමීපව අධ්‍යනය කරලා ඉතා ගැඹුරින් මිස මේ ආකාරයට සරලමතිකව නෙවෙයි. මතුපිට විවේචන ප‍්‍රඥාවක් ජනිත කරන්නේ නෑ, ‘ඔක්කොම ගේම් කාරයෝ, අපි අපේ වැඩක් බලා ගන්නවා‘ වැනි අසුභවාදයක් රෝපණය කරනවා පමණයි.
සහෝදරයා ටෙලි නාට්‍යය ගත්තත් එය වම ගැන ඉතා රොමැන්ටික් ආකල්පයක් හදලා එය තුළින් යළි අසාර දර්ශනයකට යනවා. ටෙලි නාට්‍යය තුළ රජීව් සහ අජන්ත අතර සංවාදයක් යනවා. විමුක්ති දේශපාලනයේ ආකෘතිය කුමක්ද? විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සහ එමඟින් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමද? එසේත් නැතිනම් තනි පුද්ගලයන් විසින් සිදු කරනු ලබන සමාජය ඇවිස්සවීම් අවසානයේ එක තැනකට නාභිගත කිරීමද? විමුක්ති ශක්‍යතාව තිබෙන බලවේගය කුමක්ද? කම්කරුවන්, ගොවීන් ඇතුළු පීඩාවට පත් පන්තීන් සහ ඔවුන්ගේ ජීවන අර්බුදයට අදාළ අරගලද? එසේත් නැතිනම් නාගරික මැද පන්තිය සහ දුෂණ විරෝධය වැනි ඔවුන්ගේ ලිබරල් සටන්පාඨද? නාට්‍යය තුළ දිගින් දිගටම මේ සංවාදය යනවා. මුලින් පේ‍්‍රක්ෂකයාට පෙනෙන්නේ මේ සංවාදය රජීව් සහ අජන්ත අතර කෙරෙන සංවාදයක් විදියට. නමුත් රජීව් මියගොස් ඇති බවත්, සංවාදය අජන්තගේම සිතේ පවතින පරස්පරයන්ගේ ප‍්‍රකාශනයක් බවත් පසුව හෙළිදරව් වෙනවා. මේ ව්‍යාකූලකම නාට්‍යයේ අජන්ත තුළ පමණක් නොව නාට්‍යයේ නිර්මාපකයා වන නාමල් ජයසිංහ තුළත් තිබෙනවා. පසුගිය වසර හතර පහ තුළ ඔහුගේ දේශපාලන අදහස් විචලනය වූ ආකාරය නිරීක්ෂණය කරද්දී එම පරස්පරයන් හොඳින් වටහා ගත හැකියි. එය නාට්‍යයේ අජන්තගේ චරිතය තුළ සහ නාමල් ජයසිංහ තුළ පමණක් නොව පුද්ගල කැරලි සහ ලිබරල් සටන්පාඨ මත විශ්වාසය තබාගෙන සිටින දැවැන්ත සමාජ ස්ථරයක් තුළ තිබෙනවා.

මේ නාට්‍යය ඉතා හොඳයි කියමින් එයට ආකර්ෂණය වන රසික ප‍්‍රජාව තුළත් තිබෙන්නේ එම ව්‍යාකූලතාවමයි. ඒ වගේම නාට්‍යයේ අවසානය බරපතළ ලෙස අසුභ වාදයක් නිර්මාණය කරනවා. අවසානයේදී අජන්ත සියදිවි නසා ගන්නේ ඇයි? ඔහුට ජීවිතයෙන් පලා යාමට තරම් පරාජිත මනෝ භාවයක් එන්නේ ඇයි? ආසන්න හේතුව ලෙස නාට්‍යයේ පෙනෙන්නේ උත්තරාදේවී පිළිබඳව අජන්තට ඇතිවන පේ‍්‍රමය සහ උත්තරාදේවී විදේශගතවීම නිසා ඇතිවන අපේක්ෂා භංගත්වය. නමුත් පුළුල් සමාජ ක‍්‍රියාකාරීත්වයක සිටි කෙනකු සියදිවි නසා ගැනීමක් සඳහා පොලඹවන්නේ එවැනි පෞද්ගලික පරාජයක් පමණක් නෙවෙයි. අජන්තගේ ජීවිතයේ අර්බුදයේ පතුලේ ඇත්තේ ඔහුට පවතින ක‍්‍රමයට අනුගත වීමට නොහැකි වීම වගේම ඊට එරෙහි විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් ගැන විශ්වාසය නැති වීම බව ඉතා පැහැදිලියි. අජන්තගේ චරිතය සහ එය අනුරාගීව වැළඳ ගන්නා පේ‍්‍රක්ෂකයා යන දෙදෙනාම ධනවාදය යටතේ සිය සුළු දේපළ පදනම් බිඳ වැටීම නිසා අතෘප්තියට පත්ව සිටින, එහෙත් එයට එරෙහි විකල්පයක් පිළිබඳව ඉදිරි දර්ශනයක් නැති සුළු ධනේශ්වර තට්ටුවේ මනෝ භාවයන්වල ප‍්‍රකාශනයක්.
මෙම ටෙලිනාට්‍යයේ එම දෘෂ්ටිමය ඌනතාවයට හේතුව වන්නේ නාමල් ජයසිංහගේ දේශපාලන ව්‍යාකූලභාවය පමණක් නෙවෙයි. ඔහු තමන් කලාත්මකව ප‍්‍රතිනිර්මාණය කරන්නට යන විෂය වන වාමාංශික ක‍්‍රියාධරයාගේ ජීවන ව්‍යවහාරය ගැඹුරින් අධ්‍යනය කර නැති බව කෘතියෙන් පැහැදිලි වෙනවා. එම විෂය පුළුල්ව අධ්‍යනය කළානම් පවතින යථාර්ථය බහු පාර්ශ්වීයව ග‍්‍රහණය කර ගැනීමට මෙන්ම සිය කලාත්මක පරිකල්පනය හරහා එය වඩාත් ඉහළ තැනකට එසවීමට හැකියාව ලැබෙනවා. කලාකරුවා සතු පෙරටුගාමී කාර්යභාරයක් ඇති බවට විශ්වාස කෙරෙන්නේ ඒ නිසා. නමුත් සහෝදරයා තුළ නිරූපණය වන වාමාංශික ක‍්‍රියාධරයාගේ චරිතය අපට ඒ සඳහා වන ඉදිරිගාමී පරිකල්පනයක් ඇති කිරීමට අසමත්වනවා පමණක් නොව අවම වශයෙන් පවතින තත්වය පිළිබඳ සාදෘශ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමටද අසමත් වෙනවා. මේ කෘතියේ එන අජන්ත අප ප‍්‍රායෝගික
ජීවිතයේදී අත්දකිනු ලබා තිබෙන විප්ලවවාදී ක‍්‍රියාධරයාට සාපේක්ෂව සිටින්නේ ඉතා පිටුපසින්. ඔහු උත්තරාදේවිගේ දරුවා ගැන සිතන ආකාරය තමන්ගේ පවුලේ උරුමය ගෙන යන සහෝදරයාගේ දරුවා ගැන ආසියාතික පිරිමියාගේ ආකල්පවලට වෙනස් නැහැ. ඔය ආකාරයේ සිතීම් අපේ පවුල්වල බාප්පලාගෙන් සහ මහප්පලාගෙන් අනාවරණය කර ගන්න පුළුවන්. වාමාංශික ක‍්‍රියාධරයන් සැබෑ ජීවිතයේදී ඒ ගැන ප‍්‍රදර්ශනය කර තිබෙන ජීවන ආදර්ශයන් ඊට වඩා බෙහෙවින් සංවර්ධිතයි. එමෙන්ම මේ කෘතියේ අජන්ත තමන් උත්තරාදේවිට ආදරය කිරීම සම්බන්ධයෙන් වරදකාරී හැඟීමකින් පෙළෙනවා. 1987-89 අරගලයෙන් පසු බොහෝ සහෝදරවරුන් සිය මියගිය සගයන්ගේ පවුල් භාරගැනීමේ ජීවමාන අත්දැකීම ලංකාවේ අපි හොඳින් දන්නවා. ඔවුන් කිසිවෙක් වරදකාරී හැඟීමකින් පෙළුනෙත් නැති අතර ඔවුන් ගෙදර දොරේ වැඩවලට කර ගසා දේශපාලනය අත හැරියේත් නැහැ. දරුවන් ගැන ඔවුන් දරන ලද ආකල්ප ආසියාතික පුරුෂෝත්තමවාදයේ අගතීන්ගෙන් ආලෝක වර්ෂ ගණනාවක් දුරස්ව පැවතුනු බවට අපේම අත්දැකීම් සාක්ෂි දරනවා. කෘතිය වාමාංශික ක‍්‍රියාධරයන් සඳහා ජීවන ශෛලියක් පිිිිළිබඳ විෂයේදී පෙරටුගාමී පියවරක් තැබීමට අසමත්ව ඇතිවා පමණක් නොව මේ සමකාලීන ආදර්ශයන් හොඳින් ග‍්‍රහණය කරගෙනද නැහැ.

ප‍්‍රශ්නය තිබෙන්නේ කූඹියෝ මෙන්ම සහෝදරයා නිර්මාණ දෙකම වමේ ව්‍යාපාර සම්බන්ධව තම තේමාව තෝරා ගත්තද ඔවුන් වමේ ව්‍යාපාරවල ධනාත්මක සහ නිශේධනීය පැති ගැඹුරින් අධ්‍යනය කර නොතිබීම තුළයි. ඒ සියල්ල ස්පර්ශ කර තිබෙන්නේ මතුපිටින්. කූඹියෝහි වම සම්බන්ධ විවේචනය වගේම සහෝදරයාහි වම සම්බන්ධ පරමාදර්ශී ප‍්‍රතිරූපයන්ද අතිශය අසාර්ථක වන්නේ ඒ හැදෑරීමේ නොගැඹුරුකම නිසා. මේ නිර්මාණකරුවන් වමේ ව්‍යාපාර උද්ඝෝෂණ කරනවා සහ පොලිිිසිය සමඟ ගහ ගන්නවා දැක ඇතත්, වමේ පක්ෂවල වේදිකා කතා අසා ඇතත්, ඔවුන් වමේ සමස්ත දැක්ම, සංවිධාන සම්ප‍්‍රදායන්, පක්ෂ සංස්කෘතීන්, බුද්ධිමය පරිශ‍්‍රමයන් දැක නැත, අසා නැත, ග‍්‍රහණය කරගෙන නැත. මේවායේ එන්නේ සිවිල් සමාජයේ සැරිසරන අයට එන අසුභවාදය පමණයි. නමුත් කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන්, තරුණයන් අතර, මාක්ස්ගේ භාෂාවෙන් කියන්නේනම් මනුෂ්‍ය සමාජය අතර වැඩකරන අපට ඒ අසුභවාදය නැහැ. අපට මේ පහළ පන්තීන්ගේ දේශපාලන විභවය වගේම දැන් ඔවුන් සිරවී සිටින උගුලත් හොඳින් තේරෙනවා. අපට පුද්ගල කැරලි හෝ ගේම් මත විශ්වාසය තබන්න අවශ්‍ය නෑ. අපට අපේ පන්තිය පිළිබඳව අවිශ්වාසයකුත් නෑ. වමේ ප‍්‍රශ්නය තවමත් විකල්පය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ එය සමාජයට ගෙනයන භාෂාව වර්ධනය කර ගැනීමට අසමත් වීමේ ප‍්‍රශ්නය මිස සමාජයේ දේශපාලන විමුක්ති විභවයන් අහෝසි වීම නෙවෙයි. කලාකරුවෙක් තමන්ගේ පන්ති දෘෂ්ටිවාදයේ සිරගත නොවී පෙරටුගාමී කලාවක් නිර්මාණය කරන්නනම් ඒ සඳහා සැලකිය යුතු නිර්මාණාත්මක ශ‍්‍රමයක් වැය කළ යුතු වෙනවා. වමේ ව්‍යාපාරය තේමාව කර ගන්නට තීරණය කරද්දී ලක්මාල් හෝ නාමල් එම ශ‍්‍රමය වැයකර නැති බව කෘති දෙකෙන් පැහැදිලි වෙනවා.
Comments
Post a Comment