Posts

කැරපොත්තන් බවට පත්වූ මිනිසුන්ගේ 'ස්වරූප'

Image
ධර්මසේන පතිරාජගේ නවතම සිනමා කෘතිය සහ ඇතැම් විට ඔහුගේ මෑත කාලීන හොඳම චිත‍්‍රපටය විය හැකි ‘ස්වරූප‘ ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වී, ගැලවී ගොස් අවසන්ය. චිත‍්‍රපටයේ මංගල දර්ශනය සහ එය සිනමාහල් වලින් ගැලවීම අතර මතක හැටියටනම් තිබුනේ සති දෙකකටත් අඩු කාලයකි. ලංකාවේ කලාව පිළිබඳ සංවාදයේ ඉතිහාසයකට හිමිකම් කියන හොරණ සහ මාතර නගරවල සිනමාහල්වලින් ස්වරූප ඉවත්වී තිබුනේ එකම දර්ශනයක් පවා ප‍්‍රදර්ශනය නොකර බව කොහේ හෝ කියවූවා මතකය. එය ප‍්‍රදර්ශනය කරන ලද සිනමාහල් පවා ස්වරූප සඳහා වෙන් කර තිබුනේ කිසිවෙකු නොදන්නා, සාමාන්‍යයෙන් පේ‍්‍රක්ෂකයන් නොඑන අමුතුම දර්ශන කාලයන්ය. එබැවින් ධර්මසේන පතිරාජ ස්වරූප නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ බවත්, එය ලංකාවේ ප‍්‍රදර්ශනය වූ බවත් බොහෝ දෙනෙකු දන්නේ නැත. පුවත්පත් වල සිනමා අතිරේක සහ නිල විචාරකයන්ද ස්වරූප ගැන නිහඬය. අපි රළ අතිරේකයේ මේ කුඩා ඉඩ ස්වරූප වෙනුවෙන් වෙන් කරන්නේ එලෙස මග හැරුණු සම්පූර්ණ වපසරිය ආවරණය කිරීමේ අභිප‍්‍රායෙන් නොව රළ පාඨක ඔබ කිසියම් හෝ ආකාරයකින් අනාගතයේ දිනෙක ස්වරූප වෙත ප‍්‍රවේශ වීම උත්තේජනය කිරීම උදෙසාය. ස්වරූප චිත‍්‍රපටය ගැන කෙටියෙන් කියන්නේනම් එහි අන්තර්ගත වන...

“අසන්න සගයිනේ මෙය නෑසුණා යයි කියන්නෙපා“

Image
කොළඹ නගරය සංචාරකයන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීම ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද එහි සැලසුම් සකස් කෙරුනේ නව ලිබරල් ධනවාදය හඳුන්වාදීමට සූදානම් වූ 70 දශකයේ සිටය. ජේ.ආර්. ජයවර්ධන විසින් පටන්ගත් ‘සුද්දය’ ඉදිරියට ගෙන යාම වර්තමාන ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් සිටී. එහි දරුණු ප‍්‍රතිවිපාක අත්වන්නට නියමිත එක් පාර්ශ්වයක් වන්නේ කොළඹ නගරයේ වාසය කරන ලක්ෂ ගණනක් පැල්පත්වාසීන්ය. ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ බටහිර පන්නයේ නාගරිකයක් බවට පත්කිරීමේ ක‍්‍රියාන්විතයක් දියත් කළේ මිනිස් ¥විලි ලෙස ධනවාදයෙන් බැහැර කෙරෙන අවවරප‍්‍රසාදිත ජනයා බැහැර කරමිනි. එක්කෝ මරා දැමීමෙන් පීඩිත දිළින්දන් නගරයෙන් පළවා හැරීම ඔහුගේ අරමුණ වූයේ ආර්ථික සැලසුම් බාධා විරහිතව ඉදිරියට ගෙනයාමට පහසුකම් සැපයීමය. එක් අතකින් නාගරික දිළින්දන්ට එහි වන්දිය ගෙවන්නට සිදුවන විට අනෙක් අතට එම අනිටු ප‍්‍රතිපල අත්විඳින්නට නියමිතව ඇතිතේ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ය. අප එසේ කියන්නේ කොළඹ නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හිමිව තිබුණු රංග ශාලා එකින් එක අහිමි කර දැන් පවතින රංගශාලා ද්විත්වයද කොයි මොහොතේ හෝ අහිමිවන්නට නියමිතව ඇති බැවිනි. මේ සිදුවෙමින් ඇත්තේ රාජපක්ෂ ආ...

කවියේ හද බස සංවාදයට ගැනීම - අමරසේකරට එරෙහිව ඉලයප්ආරච්චි

Image
අප පක්ෂයේ තරුණ සංගමය විසින් පසුගිය දිනක ‘එරික් ඉලයප්පආරච්චි’ කවියාගේ ‘කපුටා සහ සිටානෝ’ කාව්‍ය කෘතිය පිළිබඳ විචාරාත්මක පිළිසඳරක් සංවිධානය කොට තිබුණි. එහිදි පෙ.ස.ප. කලා සංගමය විදිහට අප දැක්වු අදහස ආශ‍්‍රයෙන් මෙවර ‘රළ‘ කලාපයේ ප‍්‍රධාන ලිපිය සකස් කළ යුතුයැයි අප තීරණය කරන ලද්දේ, එය එරික්ගේ කෘතිය පමණක් නොව, ලංකාවේ, සිංහල කවිය පිළිබඳවම යළි සිතා බැලීමටකට අපට බලකළ නිසය. මුලින්ම අපි කවිය හඳුනා ගන්නේ කෙසේද? මේ පිළිබඳ භාරත කාව්‍ය රසාස්වාදයේ සහ යුරෝපා කාව්‍ය රසාස්වාදයේ හා විචාරයේ ඇති තරම් සංවාද ගිහින් තියෙනවා. අපි මෙතනදි උත්සාහ කරන්නේ එවන් න්‍යයික, නියාම පද්ධතියක් ආශ‍්‍රයෙන් එය වටහා ගන්නවාට වඩා (එවන් උත්සාහයක් නරක නැත) වෙනස් විදිහයකට  කවිය වටහා ගන්නයි. මේ සඳහා අපි උපයෝගී කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ, ‘පරාක‍්‍රම කොඩිතුවක්කු’ කවියාගේ මූලාශ‍්‍ර හරියටම මතකයේ නැති අදහසක්. ඒකදී ඔහු කවිය හඳුන්වන්නේ  ‘කවියක රෝස කැකුලක් තියෙන්න  ඕන, ගිනි පුලිගුවක් තියෙන්න  ඕන, එහි හංස ගීතය තියෙන්න  ඕන’ කියලායි. දැන් මේ අදහස දිග හැරලා ගත්තාහම  අපිට මෙහෙම කියන්න පුලූවන්. ‘කවියක මතුපිට, ආකෘත...

Twelve Angry Women - සත්‍යයේ මිනුම්ද`ඩු ඇත්තේ කොතැනද?

Image
මේ දිනවල මරදානේ ටවර් රගහලේ යොවුන් නාට්‍ය උළෙල පැවැත්වෙන අතර, පසුගිය දිනක එහිදී රංගගත කරන ලද ‘Twelve Angry Women’ නාට්‍ය නැරඹීමෙන් අනතුරුව, මෙවර ‘රළ’ කලාපයේ ඒ පිළිබඳ අදහසක් දැක්වීම සුදුසු යැයි අපි තීරණය කළෙමු. මීට කලින්ද ලාංකීය වේදිකාව මත පූජිත ද මෙල් නාට්‍යවේදියා අතින් ‘දොළහක්’ නමින් ප‍්‍රතිනිර්මාණය වූ ‘Twelve Angry Men’ කෘතිය ඉංග‍්‍රීසි චිත‍්‍රපටයකටද පාදක වී ඇති රෙජිනෝල්ඩ් රෝස් ගේ( Reginald Rose) එනමින් යුත් නාට්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත. කෙසේවුවද මෑත අවුරුදුවලදීම ‘දොළහක්’ නමින් අතුල පතිරණගේ තවත් නිෂ්පාදනයක් උක්ත පිටපතින් සිදුවී ඇති නිසා අපගේ විචාරයේදී මෙම නිෂ්පාදන දෙක සන්සන්දනය වීමට ඇති ඉඩකඩ මගහරවාගෙන (‘දොළහක්’ නාට්‍ය අමතක කොට) Twelve Angry Women, නාට්‍ය පිළිබද කතාකිරීමේ අසීරු කාර්යයට අපි උත්සාහ දරමු. කෘතියේ අන්තර්ගතය පිළිබද සාකච්ඡුාවක් අවළුවාගැනීමට පෙර එහි ආකෘතික පාර්ශ්වය පිළිබඳව යම් අදහසක් දැක්ම සිදුකිරීම මෙහිදී වැදගත්ය යන්න අපගේ වැටහීීමයි. එනම්, මුුලූමනින්ම ’පිරිමි පාත‍්‍රවර්ගයන්’ (චරිත) දොළොස්දෙනෙක්, පිරිමි නලූවන් 12 දෙනකු විසින් නිරූපණය කරන මුල් කෘතිය, මෙම නිෂ්පාදනයේද...

Nino Live - රියලිටිය නමින් ෆැන්ටසිය ගෙට ඒම

Image
'නිනෝ ලයිව්' චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය කරන ලදී. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පළමු කොටස ‘නිනෝ ලයිව්‘ නම් රියලිටි වැඩසටහනක නිෂ්පාදන කණ්ඩායමේ රූකඩයක් බවට පත් කොට සිටින නිනෝ නම් තරුණයා තමන් සිරකළ එම මායාමය අවකාශයෙන් මිදී සමාජයට පිවිසීමට දරණ උත්සාහයයි. දෙවැනි කොටස නිශාන්ත සහ රුචි නම් පහළ පාන්තික තරුණයා සහ තරුණිය රූපවාහිනී රියලිටි උන්මාදයෙන් මෝහනය වී සමාජයෙන් සහ තත්‍ය ජිවිතයෙන් මිදී එම ව්‍යාජ අවකාශයට පිවිසීමට දරන උත්සාහයයි. මෙහි පළමු කොටස පීටර් වෙයර් විසින් නිර්මාණය කරන ලද ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපටයේ සෘජු ආභාෂය ලබා තිබෙන බව පෙනේ. එම චිත‍්‍රපටයේද තරුණයා තමන් ගෙවන්නේ සැබෑ ජීවිතයක් නොව සුවිසල් චිත‍්‍රාගාරයක් තුළ සිරගතව, රියලිටි වැඩසටහනක චරිතයක් බවට පත්ව, සිය සමස්ත ජිවිතයම අනෙක් අයගේ නැරඹුම් වස්තුවක් බවට පත්වූ, වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමක පිටපතකට අනුව මෙහෙයවෙන ජීවිතයක් බව වටහාගත් පසු එයින් මිදී පලා යාමට තැත් කරයි. එහිදී ‘නිනෝ ලයිව්‘ සහ ‘ද ටෘමන් ෂෝ‘ චිත‍්‍රපට දෙකම යන්නේ එකම මාවතේය. දෙවැනි කොටස තුළ තරුණයා සහ තරුණියට...

‘මහජාතියේ යුතෝපියාව’ ජාතික රාජ්‍ය කරාමද?

Image
තම ඊනියා ස්වයංපරිපූර්ණත්වයට සැමවිටම බාධා පමුණුවන ‘අනෙකකු’ පිළිබඳ අදහස් අධිපති ජාතීන්ගේ මනස් තුළ සැමවිට රජයයි. අමෙරිකානුවාට මුසල්මානුවා මෙන් ලංකාව නම් ජාතික රාජ්‍ය තුළ සිංහල ජනයා විසින් දෙමළ ජනයාවද දෙමළ ජනයා විසින් මුස්ලිම් ජනයාවද මෙසේ වටහා ගනු ලබයි. එබැවින් මෙහි ජනකණ්ඩායම් දේශපාලනය තීරණය කිරීමේදී මෙසේ විනාශ කළ යුතු අනෙකා පිළිබඳ අදහස සෑහෙන කාර්යයක් ඉටුකරනු ලබයි. සිංහල ජනයා දෙමළ ජනයාවද දෙමළ ජනයා මුස්ලිම් ජනයාවද ස්වයංපරිපූර්ණත්වයට ඇති බාධාව ලෙස මෙසේ නාමකරණය කළද ඇත්තෙන්ම එම එක් එක් ජාතීන් තම අභ්‍යන්තරික පාන්තික ප‍්‍රතිවිරෝධතා සමහන් කරගනු ලබන්නේද මෙසේ බාහිර ප‍්‍රතිවිරෝධතා දෘෂ්ටිවාදාත්මකව ස්ථාපනය කිරීමෙන්මය.  නමුත් දෘෂ්ටිවාදයට පිටස්තරව සැබෑ ප‍්‍රතිවිරෝධතාවන් ස්ථාපිතව ඇත්තේ මෙහි නාමකරණය කරන ප‍්‍රතිවිරෝධයන්ට වෙනස්ව පමණක් නොව, හරියටම ඊට විරුද්ධ ආකාරයෙන්මය. මේ සාකච්ඡුාව මෙවර රළ කලාපයන් සාකච්ඡුා කිරීමට අප පොළඹවන ලද්දේ නිශ්ශංක විජේමාන්නගේ ‘හඳපළුව හා  තනිතරුව’ කෘතිය විසිනි. නිශ්ශංක විජේමාන්න වූකලී මෑතකාලීන සිංහල භාෂීය ප‍්‍රබන්ධ සාහිත්‍ය තුළ නවලිබරල් වෙළෙඳපොළ, පශ්චාත් නූතන සමාජ අවකාශය, ...

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර

Image
ප‍්‍රසන්න ජයකොඩි විසින් නිර්මාණය කරන ලද 28 සිංහල චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශන සහ විශේෂ ආරාධිතයන් සඳහා දර්ශන දැනටමත් පෙන්වා ඇති නිසා ඒ පිලිබඳ සංවාදයක් මේ දිනවල පුවත්පත්වල ආරම්භ වී තිබෙනවා. පේ‍්‍රක්ෂකයන් බොහොමයකට තවමත් සිනමා ශාලා වලින් එම චිත‍්‍රපටය දැක ගැනීමට හැකිවී නැතත් අපද එම සංවාදයට මැදිහත්වීම අවශ්‍ය බව නිගමනය කළ නිසා මෙවර රළ ප‍්‍රධාන ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන් වෙනවා. විශේෂයෙන් මාර්තු මාසය තුල ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති නිසාත්, ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳව බොහෝ දේ මේ මාසයේ සාකච්ඡුා කෙරෙන නිසාත් එම සංවාදයට ප‍්‍රවේශය ගැනීම වඩාත් සුදුසු බව අපේ හැඟීම. කෙසේ වෙතත් චිත‍්‍රපටය ඔබ අතරින් බොහෝ දෙනෙකු නැරඹු පසුව සංවාදය පුළුල්ව ආරම්භ කෙරෙන අපේක්ෂාවෙන් මෙවර ඒ සඳහා ප‍්‍රවේශයක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.     මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. චිත‍්‍රපටයේ නම පවා එම ක්ෂේත‍්‍ර දෙක පිලිබඳ ඉඟියක් ලබා දෙනවා. චිත‍්‍රපටයේ නම වන ‘28‘ සංඥා කිහිපයක් ලබා දෙන්නක්. 28 යනු කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ එක වටයක් සම්පූර්ණ වීම සඳහා යන දින ගණන. එබැවි...