මධ්‍යකාලීන යුගය - (ඓතිහාසික පසුබිම සහ කාලවිභාගය)


මෙවර කලාපයේ සිට මධ්‍යකාලීන යුගයේ චිත‍්‍ර කලාව පිළිබඳ  අපගේ අවධානය යොමු කරමු. එහෙත් වසර දහසක පමණ කාලයක් පුරා විහිද යන්නා වූත් අතිශය සංකීර්ණ වූත් මේ යුගයේ චිත‍්‍ර කලා ඉතිහාසය කලාප කිහිපයකින් සහෘද පාඨක ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

යුරෝපීය ඉතිහාසයේ ‘මධ්‍යකාලීන යුගය’ (Middle Ages) ලෙස හැඳින්වෙන්නේ පුරාණ ලෝකයේ අවසානයත් නූතන යුගයේ ආරම්භයත් අතර කාල පරාසයයි. සාමාන්‍යයෙන් ක‍්‍රි.ව. 5 වන සියවසේ බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමේ සිට ක‍්‍රි.ව. 15 වන සියවසේ පුනරුද යුගය (Renaissance) දක්වා වූ කාලය මෙයට අයත් වේ.

සාම්ප‍්‍රදායික ඉතිහාස විද්‍යාවේ දී මෙම කාලය කොටස් තුනකට බෙදයි

මුල් මධ්‍යකාලය (ක‍්‍රි.ව. 500-1000)

උසස් මධ්‍යකාලය (ක‍්‍රි.ව. 1000-1300)

අවසාන මධ්‍යකාලය (ක‍්‍රි.ව. 1300-1500)

මෙසේ වර්ගීකරණය කළ හැකි වුව ද පොදුවේ මධ්‍යකාලීන යුරෝපය, ප‍්‍රධාන වශයෙන් සංවිධානය වී තිබුණේ වැඩවසම් (Feudal) සමාජ ක‍්‍රමයක් ලෙස ය.

එහි දේශපාලන-ආර්ථිකයේ ප‍්‍රධාන ලක්ෂණ පහත පරිදි ය.

ඉඩම් හිමිකාරීත්වය අධිපති වංශාධිපතීන් අත පැවතිණි.

ගොවීන් සහ වහළුන් නිෂ්පාදන කටයුතු සිදු කළහ.

කතෝලික පල්ලිය විශාල ආර්ථික හා දේශපාලන බලයක් හිමි ආයතනයක් විය.

දැනුම, අධ්‍යාපනය සහ සංස්කෘතික නිෂ්පාදන පල්ලියේ පාලනය යටතේ පැවතිණි.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ යුගයේ යුරෝපයේ විසූ සාක්ෂරතාවයෙන් තොර යටත්වැසියන් වෙත ආගමික ඉගැන්වීම් ගෙන යාමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස චිත‍්‍ර කලාව භාවිත විය.

දේවස්ථාන බිත්ති, මෝසෙයික් නිර්මාණ, අලංකාරිත බයිබල් පත‍්‍ර සහ අයිකන ම`ගින් ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රචාරය කළ අතර පල්ලියේ අධිකාරිය, නෛතිකමය හා දිව්‍යමය තත්ත්වයට පත් කෙරිණි. විශේෂයෙන් ම පවතින සමාජ ක‍්‍රමය ‘දේව කැමැත්ත’ ලෙස ඒවා ම`ගින් ඉදිරිපත් කෙරිණි.

රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් පසු ඇරඹෙන මුල් මධ්‍යකාලයේ යුරෝපයේ ආර්ථික හා නාගරික ජීවිතය පසුබැස ගියේය. කලා නිෂ්පාදනය ද පල්ලි හා ආරාම කේන්ද‍්‍ර කරගත් ස්වභාවයක් ගත්තේය.

මෙම යුගයේ කලාකරුවන්ගේ අරමුණ යථාර්ථය නිවැරදිව පෙන්වීම නොව, ආගමික අදහස් හා ආධ්‍යාත්මික පණිවිඩ ප‍්‍රකාශ කිරීම විය. එනයින් මිනිස් සිරුරු ස්වභාවික අනුපාතවලින් නොදැක්වුණු අතර වර්ණ, ඉරියව් සහ වස්තූන් සංකේත ලෙස භාවිතා කරන ලදී. රූපවල අලංකාර හා ආගමික අර්ථය, යථාර්ථවාදයට වඩා වැදගත් විය. ඊදදන දෙ ණැකකිහි මනුෂ්‍ය හා සත්ව රූප මීට නිදසුන් ලෙස දැක්විය හැකිය.

මේ යුගයේ මනුෂ්‍ය රූප ආත්මීය අර්ථයකින් ඉදිරිපත් විය. ක්‍යරසිඑ ඡු්බඑදජර්එදර අයිකන රූපවල ක‍්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ගාම්භීරව, විශාල ඇස් සහිතව නිරූපණය කර ඇත. මෙහි අරමුණ සැබෑ මනුෂ්‍ය පෙනුම පෙන්වීම නොව දිව්‍යමය බලය හා ආත්මිකත්වය පෙන්වීමයි. ශුද්ධවන්තයන්ගේ රූප බොහෝවිට දැක්වෙනුයේ හිස වටා ප‍්‍රභාමණ්ඩලයක් (halo) සහිතව ය.

එසේ ම නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් Byzantine Empire මෙම කාලයේ දී තවමත් ශක්තිමත්ව පැවති බැවින් එහි කලා සම්ප‍්‍රදායන් මේ වන විට බටහිර යුරෝපයට බලපෑම් කළේය.රන් පසුබිම් භාවිතය, ඉදිරිපසින් (frontal) නිරූපිත ශුද්ධ රූප, විශාල ඇස් සහ ගාම්භීර මුහුණු හා මෝසෙයික් හා ආගමික අයිකන කලා විශේෂ ප‍්‍රචලිත වීම එහි ප‍්‍රතිඵලයෝ ය. Hagia Sophia හි මෝසෙයික් චිත‍්‍ර බයිසන්ටයින් කලාවේ ප‍්‍රසිද්ධ නිදසුනකි.

11-13 වන සියවස්වල දී - එනම් උසස් මධ්‍යකාලයේ දී යුරෝපයේ කෘෂිකාර්මික නිෂ්පාදනය වර්ධනය වූ අතර නගර ද නැවත සංවර්ධනය විය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විශාල දේවස්ථාන ඉදිකිරීම ආරම්භ වූ අතර රෝමානෙස්ක් සහ ගොතික් කලා ශෛලීන් බිහි විය. Durham Cathedral, Speyer Cathedral, Basilica of Saint-Sernin  වැනි රෝමානෙස්ක් ශෛලියේ දේවස්ථාන හා Chartres Cathedral, Notre-Dame de Paris, Canterbury Cathedral වැනි ගොතික් ශෛලියේ දේවස්ථාන මේ සඳහා සුප‍්‍රසිද්ධ නිදසුන් ය. එසේ ම මෙම නිර්මාණයන් මගින් පෙනී යන්නේ දෘශ්‍ය කලා සඳහා වැඩි සම්පත් ප‍්‍රමාණයක් වෙන් කිරීමට ද මේ යුගයේ පාලක පන්තිය කටයුතු කර ඇති බව යි.

අවසාන මධ්‍ය කාලය වන විට යුරෝපයේ ක‍්‍රමයෙන් වෙළඳ නගර වර්ධනය වූ අතර ශක්තිමත් නාගරික වාණිජ හා මධ්‍යම පන්තියක් බිහි විය. මෙතෙක් ආර්ථික හා දේශපාලන බලය හිමි කරගෙන සිටි පල්ලියේ බලය අභියෝගයට ලක් වීමට මේ තත්ත්වය හේතු විය.

දේශපාලන - ආර්ථිකයේ මේ සිදුවෙමින් පැවති වෙනස්කම් මේ යුගයේ කලා නිර්මාණ ම`ගින් ද පිළිබිඹු විය. මනුෂ්‍ය රූපය වඩාත් යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීමට මේ යුගයේ කලාකරුවන් පෙළඹෙනුයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ය. ලෝ ප‍්‍රකට මොනාලිසා හා ඬේවිඞ් ප‍්‍රතිමාව මෙහිලා ප‍්‍රබල නිදසුන්හු ය. ඒ සමග ම ලෞකික විෂයයන් පදනම් කර ගැනීමට නිර්මාණකරුවන් නිබය වූ ආකාරය The Birth of Venus  හා Primavera බඳු කෘති ඇසුරින් දැක ගත හැකිය. මේ හේතුවෙන් පුද්ගලත්වය හා මනුෂ්‍ය අත්දැකීම් චිත‍්‍ර ශිල්පීන්ගේ අවධානයට ලක් වූ අතර The School of Athens බඳු සිතුවමක් ඊට ජීවමාන සාක්ෂියකි.

මධ්‍යකාලීන යුගයට අදාළව යුරෝපයේ දේශපාලන - ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් හා   එම වෙනස්කම් සංස්කෘතික ප‍්‍රකාශනයන් ම`ගි න් දෘශ්‍යමාන වූ ආකාරය පිළිබඳ අප පාඨකයාට දැන් වැටහීමක් ඇත. එය වඩා සංක්ෂිප්ත ලෙස අවබෝධ කර ගැනීම සඳහා පහත උද්ධෘතය කියවමු.

"මධ්‍ය යුගය එක ම ඒකාකාර යුගයක් නොව, ප‍්‍රාථමික මධ්‍ය යුගයේ ස්වභාවික ආර්ථිකය, උසස් මධ්‍ය යුගයේ රාජකීය-මහේශාක්‍ය සංස්කෘතිය සහ අවසාන මධ්‍ය යුගයේ නාගරික බුර්ෂුවා (මධ්‍යම පන්තික) සංස්කෘතිය ලෙස වෙනස් අවධි තුනකට බෙදේ." The Social History of Art- Arnold Hauser

 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!