Posts

රුදුරු යුධ බිමක ප්‍රේමයේ පණිවිඩකාරිය - Ayla, The Daughter of War

Image
  සමාජ වෙනසක් වෙනුවෙන් කලාව භාවිතාවන ආකාරය, කලාව තුළ දේශපාලනය ආදී නොයෙකුත් මාතෘකා පිළිබඳ අප කලින් කලට සාකච්ඡා කරනවා. ඒ සියල්ල එසේ පැවතියදී ඉතිහාසය පුරා බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් කලාව භාවිතා වුණා. විශේෂයෙන්ම හොලිවුඩ් වැනි ලෝක ප්‍රසිද්ධ සිනමා කර්මාන්තයන් තුළ මේ කාරණය ප්‍රබලව භාවිත වුණා. ප්‍රධාන කතාංගය පසුබිමින් තමන්ට සමාජය තුළ තහවුරු කරන්නට අවැසි මතවාදයන් ඇතුලත් කෙරුණා. යුධ සමයන් තුළ එම යුද්ධයට අවශ්‍ය මානසිකත්වය සමාජය තුළ ගොඩනගන්නට සිනමාව ප්‍රබලව භාවිතා වුණා. ඒ අනුව හමුදා සේවයට බැදීම වීරත්වය වෙත ඔසවා තැබීමක් වුණා. මෙරට තුළද මේ කාරණය අපට හඳුනාගත හැකියි.  සෑම විටම මෙම නිර්මාණයන් තුළ තමන්ගේ කඳවුර වීරයන් ලෙසත් සතුරු කඳවුර දුෂ්ඨයන් ලෙසත් රූපාන්තරණය වුණා. තමන්ගේ කඳවුරේ හමුදා සෙබලුන්ගේ මානුෂිකත්වය, දක්ෂතාව පිළිබඳ වර්ණනා කරන අතරම සතුරන් අතින් සිදුවන යුධ අපරාධ වැනි දෑ ඉතා සංවේදීව නිරූපණය කරන්නට වුණා.  වියට්නාම් යුද්ධය වැනි ඇමරිකාව ප්‍රමුඛ කඳවුරට ඉතිහාසගත පරාජයක් ගෙන දුන් අපකීර්තිමත් යුද්ධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අමෙරිකාවට යුධ අපරාධ සම්බන්ධයෙන් පවා චෝදනා එල්ලවුණ අවස්ථාවල නිශ්චිතව ඇ...

Song Zone - රංජන්ගෙ සින්දුවයි - 'ඇත්තම අමු සින්දුව'යි

Image
  අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු දෙකක් ගැන කතා කරන්න තීරණය කළා. එකක් රන්ජන් රාමනායක කරපු අලු‍ත් සින්දුව - ‘උන් ඔක්කොම යාළුවො මල්ලි”’ අනෙක ‘ඇත්ත ම අමු සින්දුව’ කියලා මුහුණු පොතේ ‘ෂෙයාර්’ වෙච්ච කේ.ජී.සමන් කුමාරගේ ‘පිටකවරෙ’‍ සින්දුවෙ රීමික්ස් එක.  මේ සින්දු දෙක ගැන කතා කරන්න හිතුවෙ මේ සින්දු දෙකේ තියෙන සමානකම් වගේ ම වෙනස්කම්වල තියෙන ආකර්ෂණශීලී බව නිසා. සමානකම් විදියට ගත්තොත් මේ සින්දු දෙක ම අයිති වෙන්නෙ දේශපාලන විරෝධාකල්ප ගණයට. ඒක නිසා සින්දු දෙකේ ම තියෙන්නෙ දේශපාලනයට අදාළ අන්තර්ගතයක්. සින්දු දෙකෙන් ම මේ පවතින පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරලා නව ජීවිතයක් ඉල්ලා සිටිනවා. රන්ජන්ගෙ සින්දුවෙ ඒ බලාපොරොත්තව ඍජුව ම ඇහෙනවා. ඒ මෙහෙම : ‘ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ’ සමන් කුමාරගේ සින්දුවෙ ඒ තරම් ඍජුව ඒ ප්‍රාර්ථනාව ඇහෙන්නෙ නෑ තමයි. හැබැයි ඒ සින්දුවෙ හැම පදයක ම ඒ පැතුම ගැබ් වෙලා තියෙනවා. සින්දු දෙකෙන් ම පශ්චාත් යටත්විජිත ලංකාවෙ තට්ටු මාරු දේශපාලනය විවේචනය කරන...

'70 ජනප්‍රිය සිනමාවේ දේශපාලනය

Image
ලාංකීය සිනමා ඉතිහාසය සහ ලාංකීය සිනමාවේ ඉදිරි ගමන් මග පිරික්සීමේදී ජනප්‍රිය සිනමාව නැත්නම් වානිජ සිනමාව එසේත් නැත්නම් විනෝදාස්වාද සිනමාව අමතක කොට, එය නොසලකා හැර ඉදිරි පියවරකට යා නොහැක.  විශේෂයෙන් 70 දශකයේ ජනප්‍රිය සිනමාව ගැන කතා කරද්දී ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, තිස්ස විජේසුරේන්ද්‍ර, රෝයි ද සිල්වා, ජෝ අබේවික්‍රම, රෙක්ස් කොඩිප්පිලී, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු, ලයනල් දැරනියගල, මර්වින් ජයතුංග, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ඇන්තනී සී. පෙරේරා, ප්‍රෙඩී සිල්වා, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවී, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි,  ලතා වල්පොල,  ඇන්ජලින් ගුනතිලක,  සුජාතා අත්තනායක අමතක කළ නොහැකි නාමයන්ය.  එසේම එම්. මස්තාන්,  ජේ.  සෙල්වරත්නම්, මිල්ටන් ජයවර්ධන,  නීල් රූපසිංහ, තිමති වීරරත්න, ලෙනින් මොරායස්, කේ. ඒ.  ඩබ්ලිව්. පෙරේරා,  යසපාලිත නානායක්කාර, කේ. වෙන්කට්, එම්. වී. බාලන්, එස්. වී. චන්ද්‍රන්, ධර්ම ශ්‍රී කල්දේරා, සේන සමරසිංහ, එච්. ඩී. ප්‍ර...

සමාජයීය මිනිස් ආත්මය කවියට නැගීම

Image
  (ඉසුරු චාමර සෝමවීරගේ ‘මමත්වතා’ කාව්‍ය කෘතිය පිළිබඳ විචාරාත්මක අදහසක්) ඉසුරු චාමර සෝමවීර දිර්ඝකාලීන අභ්‍යාසයක් මාර්ගයෙන් ස්වකීය කවියේ භාෂාව, උපමා අලංකාරය දියුණු තියුණු කරගත් කවියෙකි. ‘ඒ සුද’ (2005)  ‘තාණ්ඩව’ (2011) ‘අප දෙදෙන මැද මහ මුහුද’ (2016) යන කාව්‍ය කෘති හරහාය. ඉසුරුගේ කවියේ අප ඉහත සඳහන් කළ ආකෘතික ලක්ෂණවල පදනමෙහි ඇත්තේ, බහුතරයේ කතිකාවෙන් බැහැර වන අල්පතරයේ කතිකාවයි. අල්පතරයේ දෘෂ්ටිවාදයට එරෙහි බහුතරයේ ජීවන අත්දැකීමයි. ජීවන අරගලයයි.  “සිහින නිවහන” යන මැයෙන් යුතු පළමු කාවිය 70 දශකයේ ප්‍රකට කවියෙකු වූ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ‘කුලී ගෙදරකට මාරුවන වගයි’ වැනි කවියක් අපට සිහිපත් කරන්නේය.  “මා පසෙක නිදියන,  දහස් පෙති ගාලේ  සමනැලුන් හඹායන,  සුදුම සුදු, නිදිමත බැළලියෙක් විය අපට” (1. පිටුව)  කොඩිතුවක්කු කවියාගේ කවියේ එන බළලුන් දෙදෙනා කතකයා ඉදිරියේ නිෂ්ක්‍රිය අසන්නන් දුක්ගන්නාරාලලා දෙදෙනෙකු පමණක් වුවත් ඉසුරුගේ කවියේ එන බැළලිය ‘ගෙයින් ගෙට මාරුවීමේ’ ඛේදවාචකයේ ඓන්ද්‍රීය ගොදුරුය. “ඊළඟ කුලී නිවසට  රැගෙන ආවත් ඇය සංකාවෙන් හිඳ දිවිනසා ගත්තාය චප්ප වී ලී ...

"ඔබ දැන් කරමින් ඉන්න දේ"

Image
ගිනි තබාගෙන මිය ගිය අමෙරිකානු සෙබළාගේ ප්‍රකාශය පසුගිය පෙබරවාරි 25 වැනිදා අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා සාමාජිකයකු සිය ජීවිත කාලයේ අවසන් වචන අන්තර්ජාලයේ සජීව ලෙස විකාශය කළේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙයයි. “මගේ නම ආරොන් බුෂ්නෙල්. මම එක්සත් ජනපද ගුවන් හමුදාවේ ක්‍රියාන්විත රාජකාරි සාමාජිකයෙක්. මම තවදුරටත් ජන සංහාරයට හවුල් නොවන්නෙමි. මම දැන් සූදානම් වන්නේ ආන්තික විරෝධතා ක්‍රියාවක නිරත වීමටය. නමුත් පලස්තීනයේ මිනිසුන් සිය යටත් විජිතවාදීන් යටතේ අත්විඳින දේවල් සමඟ සසඳන විට, එය කිසිසේත්ම අන්තයේ ඇති දෙයක් නොවේ. එහෙත්, අපේ පාලක පන්තිය විසින් එය සාමාන්‍ය දෙයක් බවට තීරණය කර ඇත. නිදහස් පලස්තීනයක්! නිදහස් පලස්තීනයක්! නිදහස් පලස්තීනයක්!”‍ ගිනි දල්වා ගත් ආරොන් වේදනාවෙන් කෑ ගසන විට ඔහුට සහාය වීමට ආරක්ෂක නිලධාරියකු ළං වෙද්දී ජුගුප්සාජනක දෙයක් සිදු විය. එනම්, ගිනි අවියක් මානාගෙන පැමිණි තවත් ආරක්ෂකයකු වින්දිතයාට බිම දිගාවන ලෙස විධාන කිරීමය. නමුත්, පළමු නිළධාරියා තම සගයාට දැනුම් දී ඇත්තේ ‘මෙතැනට අවශ්‍ය තුවක්කුවක් නොව ගිනි නිවන උපකරණයක්’ බවය.  ආරොන් සිය දිවි පිදුමට පැය කීපයකට පෙර තම ෆේස්බුක් මුහුණතේ මෙසේ...

අමෙරිකානු සිහිනය, බයිසන් සහ සිනහව අහිමි වීම : Butcher's Crossing

Image
Butcher's Crossing යනු 1960 දී ජෝන් එඩ්වඩ් විලියම්ස් විසින් රචනා කරන ලද එම නමින් ම වූ නවකතාව පාදක කරගනිමින් ගේබ් පොල්ස්කි විසින්  2022 දී අධ්‍යක්ෂණය කරන ලද ආඛ්‍යාන වෘතාන්ත චිත්‍රපටයකි. Nicolas Cage, Fred Hechinger, Xander Berkeley, Jeremy Bobb සහ Paul Raci යන නළුවන් සහ Rachel Keller නිළිය ඊට රංගනයෙන් ප්‍රමුඛ ලෙස දායක වී ඇත. මේ චිත්‍රපටයට මෙන් ම නවකතාවට පාදක වී ඇත්තේ 1860 - 1880 අතර කාලයේ බටහිර අමෙරිකාවේ සිදු වූ මහා ‘බයිසන්’ ගව ඝාතන ක්‍රියාවලිය යි. බයිසන් ගවයන්ගේ හම් ලබා ගැනීම වෙනුවෙන් සිදු වූ එම ඝාතන ක්‍රියාවලිය කෙතරම් බරපතළ වූවක් ද යත් 1860 වන විට බටහිර අමෙරිකානු ප්‍රදේශයන්හි සැරිසැරූ මිලියන 60ක් පමණ වූ බයිසන් ගව ගහනය දශක දෙකක් ගත වන විට 300කට වඩා අඩු වී තිබිණ. එහෙත් අද වන විට උතුරු අමෙරිකාවේ එම ගවයන් 30,000ක් පමණ ජීවත් වන අතර ඒ සඳහා සහය වී ඇත්තේ ශේෂ වූ ස්වදේශික අමෙරිකානු ගෝත්‍රික කණ්ඩායම් ය. එය මෙතෙක් ලෝකයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංරක්ෂණ ක්‍රියාවලීන්ගෙන් එකක් ලෙස සැලකේ. 2016 දී අමෙරිකානු රජය සිය ‘ජාතික ක්ෂීරපායී සත්ත්වයා’‍ ලෙස මෙම බයිසන් ගවයා නම් කිරීමට පවා හේතු වූයේ මෙම සංරක්ෂණ ක්‍ර...

Song Zone- සැමදාම අඬලා

Image
  ගායනය - එම්.එස් ප්‍රනාන්දු, දයානි සේනාරත්න  සංගීතය හා තනුව ආර් ඒ චන්ද්‍රසේන මේ පාර අපි ආයෙමත් පරණ සින්දුවක් ගැන කතා කරන්න තීරණය කළා. එම්.එස්.ගෙ ඉතා ම ජනප්‍රිය සින්දු ගොඩේ නිතර ඇහෙන්නෙ නැති සින්දුවක් වුණාට මේක රහ සින්දුවක්. සින්දුව ගායනා වෙන්නෙ ‘ඩුවට්’ එකක් විදියට. හැබැයි සාමාන්‍ය යුගල ගීයක දි හම්බ වෙන පෙම්වතී - පෙම්වතා කියන සම්භාෂකයන් දෙන්නා වෙනුවට මේ සින්දුවෙ දි ශ්‍රාවකයා ඉස්සරහට එන්නෙ වෙනස් දෙන්නෙක්. ඒ තමයි රසිකාවිය - ගායකයා කියන යුගල ය. ඒ වගේ ම මේ රසිකාවිය යි ගායකය යි අයිති වෙන්නෙ ගුවන් විදුලි යුගයට; ග්‍රැමෆෝන් යුගයට; අද වගේ ගායකයාගෙ ශරීරය රසිකාවියට සුලබව දැක ගන්න නො ලැබෙන කාලයකට. ඒ අර්ථයෙන් සැලකුවොත් මේ සින්දුවෙ එන සමහර පද අද දවසට ඒ විදියට ම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. “ඔබ කවුද කියලා නැත තාම දැකලා ඔබෙ ගීතෙ මගෙ ජීවිතේ” මේ,  අද වගේ දවසක මේ සින්දුව කළා නම් බොහෝ විට ලියවෙන්නෙ නැති උද්ධෘතයක්. මොකද, අද වෙනකොට ගායකයාව අවශ්‍ය නම් නිරුවතින් වුණත් බලා ගන්න තරමට තාක්ෂණය දියුණු(උත්ප්‍රාසයක් ද සහිතව) වෙලා. සමහර ගායකයො නම් එයාලා විසින් ම නිරුවත් වෙලා. ගායකයාගෙ ශරීරය එහෙම නිතර ද...