Posts

සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters

Image
  අපි මේ ගතකරමින් සිටිනුයේ දෙදහස් පන්සිය වසරක මොකක්දෝ අභිමානයක් කර ගසාගෙන, ඒ අභිමානවත් රටින් තොලොන්චි වී යාමට මිනිසුන් දස අතේ මං සොයන සමයකයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් පමණක් නොව පාස්පෝට් පෝලිම්ද දැන් අපට හමුවෙයි. මේ ‘පිං බිමෙන්’ යන්නට ලැබෙනවා නම් බෝට්ටුවකින් සෝමාලියාවට හෝ කම් නැති බව මිනිසුන්ගේ මතයයි. මේ රට හැර යාමට මගක් හොයන තරුණයන්ගේ සිහින ගමනාන්තයන් අතරින් මුල් පෙළේ රැඳෙනා රටකි ජපානය. ලොව ‘කඩිසරම’, ‘හැම විටම සිනා මුසු මුහුණින් සිටින’ මිනිසුන්ගෙන් පිරි ලොව ‘සංවර්ධිතම’ රටක් ලෙස සැලකෙන ජපානයට පැන ගැනීමට හැකි නම් ජීවිතයේ සියලු ගැටලු විසඳේවි යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ පිවිතුරු ජපන් සිහිනය හැඩිකරන චිත්‍රපටයකි, සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters. සමාජයේ ඕනෑම දෙයක ජනප්‍රිය මතය හෝ අප මතුපිටින් දකිනා දෙය බොහෝ විට යථාර්ථයෙන් ඉදුරාම වෙනස් වෙයි. එම යථාර්ථය බොහෝ විට අප දැකීමට අකමැති දෙය වෙයි. නමුත් අපට මගහැර යා නොහැකි දේ වන්නේද එයමය. එය කෙබඳුද යත් කහ ඇඳුම් ඇඳන් ක්‍රිකට් මැච් බැලීමට ගියත් තෙල් පෝලිමේ සිටීමට සිදුවෙනවා වැනිය. කලාව හෝ සිනමාව මගින් සිදුකල යුත්තේ මෙයයි හෝ සිදුකරනුයේ මෙ...

"පිට දීප දේශ ජය ගත්තා"

Image
  ගායනය - ලක්ෂ්මී බායි පද - ඩබ්.ඩී. මර්සිලීන් ඇල්බට්  මේ සැරේ අපි කතා කරන්න තෝර ගත්තෙ ටිකක් පරණ සින්දුවක්. ටිකක් කිව්වට මේ සින්දුව තැටි ගත වෙලා තියෙන්නෙ 1939. ඒ සින්දුව නිර්මාණය වෙන්නෙ 1937 තිර ගත වෙච්ච ‘චින්තාමණි’ කියන ද්‍රවිඩ චිත්‍රපටයේ ‘අස්වත්තම්මා’ විසින් රඟමින් ගයන ‘දිවා දර්ශනම්’ කියන සින්දුවේ තනුව ඇසුරින්. ඉහළ නම් දක්වලා තියෙන තැන ‘සංගීතය’ කියලා දක්වලා නැත්තෙ ඒ නිසා. සින්දුව ඇතුළත් ග්‍රැමෆෝන් තැටියෙ ලේබලයේ පවා මේ සින්දු හඳුන්වලා තියෙන්නෙ ‘චින්තාමණි රාගයක’ ඇසුරින් කළ සින්දුවක් විදියට. පහළ තියෙන්නෙ ලේබලයේ තිබුණ සටහන.  “සිංහල වේදිකාවේ චින්තාමණි ලෙස ජනතාවගෙන් නොයෙක්වර ප්‍රශංසා ලැබූ ලක්ෂ්මි බායි නෝනා මහත්මී විසින් ගයන චින්තාමණි රාගතාල ඇසුරින් නිපදවූ අලුත්ම සින්දු දෙකක් ඔබතුමන්ලා සියලුදෙනා විසින් ඇසිය යුතුමය.” ලංකාව අධිරාජ්‍යවාදී පාලනයකට ඍජුව යටත් වෙලා තිබ්බ කාලෙ මේ වගේ අදහස් තියෙන රචනා සෑහෙන බිහි වෙලා තියෙනවා. කොළඹ යුගයේ පළමු තරංගය නියෝජනය කළ කවීන් අතින් බහුලව ම ලියවුණේ මේ වගේ කවි. මේ වගේ කවිවල තිබ්බ පොදු ලක්ෂණයක් තමයි අතීත ලංකාවෙ පැවති ශ්‍රී විභූතිය හා සශ්‍රීකත්වය වර්ණන...

සාංදෘෂ්ටිකවාදය ඇසුරින් ‘මුක්ති’ නවකතාව කියවීමක්

Image
“ඔබ ඔබගේ සියලු ආවේණික ලක්ෂණ, සියලු නියත අවශ්‍යතා, රුචිකත්වයන් සහ විශ්වාස පසෙක ලූ විට ඉතිරි වන්නේ, විෂයයි. විෂය යනු පෞද්ගලික සහ ඔබට ආවේණික හැඩගැන්වීම් කරන සාරයට එරෙහි ඔබගේ විඥානයේ මාදිලියයි.”    - ස්ලැවොජ් ජිජැක් විෂය මග ගනුදෙනු කිරීමේදී සාහිත්‍යකරුවන් හැසිරෙන ආකාර හා ප්‍රාකාර අතර සංදෘෂ්ටිකවාදී  (Existentialist)  ගනුදෙනුව පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය කරනුයේ නියත වශයෙන්ම සෝමරත්න බාලසූරියගේ ‘මුක්ති’ නවකතාව (2020 පළමු මුද්‍රණය) එබඳු ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන බැවිනි. සාංදෘෂ්ටිකවාදී සාහිත්‍ය (භවසත්තාවාදී සාහිත්‍ය / අස්තිත්වවාදී සාහිත්‍ය)  හඳුනාගැනීමේ මූලික ප්‍රවේශයක් ලෙස විහිදී කේ.කේ. සමන් කුමාරගේ ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’ යන සිද්ධාන්ත කෝෂය භාවිත කළ හැකිය. “සාරයක් ආදේශ කිරීම කෙරෙහි නැඹුරුවීම් ද දක්නට හැකිය. එසේ නොවේ නම් පැවැත්ම සාරයට ප්‍රාථමික බව උපේක්ෂාසහගතව පසක් කරයි. යථාර්ථවාදයේ ආ තත්ත්ව ස්වාරෝපිත ඒකීය චරිත නිරූපණය, සහේතුක විකාශනය හා මොවුන්ගේ පරාරෝපිත චරිත, අරමුණු වටිනාකම් හරයන්ගෙන් තොර පැවැත්ම විෂයකොට ගැනීම ක්ෂණ භංගුර සිදුවීම්, හේතූන්ගේ අහේතුක බව නොගැළපිණි.” (කේ.කේ....

"ආකාස බින්දු"

Image
වැස්ස ගැන බොහෝ කවීන් කවි,සින්දු ලියලා තියෙනවා.ගුණදාස අමරසේකර,සරත් අමුණුගම,මඩවල ඇස්. රත්නායක,මහගම සේකර,ධර්මසිරි රාජපක්ෂ විතරක් නෙවෙයි සිරි ගුනසිංහත් වැස්ස ගැන ලියලා තියෙනවා.මේ බොහෝ දෙනෙක් වැස්ස වගේ භෞතික අත්දැකීමක් ඉදිරියේ ගමන් කරලා තියෙන්නෙ ආත්මීයත්වය දෙසට.වැස්ස දිහා බලා ගෙන සමාජීය මානයන් ස්පර්ෂ කරන්න පෙළඹිච්ච කවීන් හරි අඩු යි;නෑ නෙවෙයි. ප්‍රසාද්(වීරයා) වැටෙන්නෙ අන්න අර අඩු ගොඩට.අපිට හිතෙන විදියට වීරයා මේ කල්පනා කරලා තියෙන්නෙ පොඩි එකෙක් උගෙන් “වහින්නෙ ඇයි ?” කියලා ඇහුවොත් ඌට දෙන්න වෙන උත්තරේ.එහෙම නැත්නම් වීරයා මේ කරන්නෙ වැස්ස ගැන පොඩි කාලෙ ඉඳල ම අපි ඇතුළෙ හදන සාම්ප්‍රදායික සෞන්දර්ය චින්තන පද්ධතිය ප්‍රශ්න කරන එක.හැබැයි වීරයා ඒක කරන්නෙ සෞන්දර්යාත්මක විදියට. ඒකට වීරයා පාවිච්චි කරන ප්‍රධානතම සාහිත්‍යයික මෙවළම වෙලා තියෙන්නෙ උත්ප්‍රේක්ෂාලංකාර ය."අහස පොළොව නුහුලන අපරාද” කියලා ජනවහරෙ එන උත්ප්‍රේක්ෂාවට වීරයා සමාජීය අර්ථයක් සම්පාදනය කරනවා.අහසට පවා දරා ගත නො හැකි තරමේ අර්බුදයක් පහත තිබෙන බව අහසට පෙනෙනවා.ඒවා දරා ගැනීමට ම නො හැකි වූ තැන වැස්ස නිපදවෙනවා.නැහැ…කිසි තැනක වීරයා ඒකට වැස්ස කියන්නෙත් ...

Castaway on the Moon - ජීවිතය සොයන අතරමංවූවන්ගේ කතාව -

Image
අප ඉතිහාසයේ ඉතා නිශ්චිත තීරණාත්මක කාලසීමාවක් පසුකරමින් සිටිමු. නව ලිබරල්වාදය විසින් ඉහළට ඔසවා තබන ලද සාමූහික ජීවිතයෙන් විතැන්වූ හුදු පවුල් තුලට එයිනුත් එක් එක් පුද්ගලයා වෙත හුදෙකලා කරන ලද සමාජයක මිනිසුන් තවදුරටත් එසේ පැවතිය නොහැකි බව පසක් කරමින් ගෝල්ෆේස් පිටිය ඇතුලු බොහෝ තැන්වල කඳවුරු බඳිමින් සිටී. කිසිදු දිනෙක මේ ආකාරයේ සාමූහික ක්‍රියාකාරකම් සමග එක් නොවුන පිරිසක් මේ අරගල බිම් තුළ අපට හමුවෙයි සරළව ‘අපි හම්බකළොත් අපි කනවා’ යන සංකල්පය තීරණාත්මක ලෙසින් අභියෝගයට ලක්වෙමින් ඇත. සාමූහික අරගලයකින් තොරව විමුක්තියක් නොවන බව මිනිසුන්ට පසක් වෙමින් ඇත. මෙම නිමේෂය අප ජීවත්වන සමාජය කෙතෙක් දුරට ඉහළට ඔසවා තබයිද යන්න පිළිබඳව අපට දැනට පුරෝකථනය කළ නොහැක. කෙසේ නමුත් මෙය ඉතිහාසයේ හුදෙක් තවත් එක් සිදුවීමක් පමණක් නොවන බව යන කාරණය පැහැදිලිය. මේ සමාජ අර්බුදයෙන් තනිව කොහේ දිව ගියත් අපට එයින් ගැළවීමක් නොවන බව පැහැදිලිය. එය අප හමුවට තව තවත් තහවුරු කරණ චිත්‍රපටයකි, ක්‍්ිඒඅ්හ දබ එයැ පදදබග මනුස්සයෙක් පාලමක් උඩට වී තමන්ට ණය ලබාදුන් ආයතනයක පාරිභෝගික සේවා අංශයට දුරකථනයෙන් අමතා තමන්ට ගෙවන්නට ඇති ණය පිළිබඳ විමසා සිටී. ඔහු...

'පල් හොරුනි'

Image
පද - මංජුල වෙඩිවර්ධන ගායනය/සංගීතය - ඉන්දිකා උපමාලි   මංජුල වෙඩිවර්ධන මේ සින්දුවට මුල් වෙච්ච කෙටි කවිය ලියන්නෙ 1997ට ආසන්න කාලෙ. ඒ අවුරුද්දෙ පළ වෙච්ච “නිරුත්තර සමාධිය” කියන පොතේ තමයි මේ කවිය මුල් වතාවට පළ වෙන්නෙ. එතන තිබුණෙ මෙහෙම;  “පල් හොරුනි මල් නො වන මගේ කවි ගල්වගේ දමා ගසනෙමි තොපට පල් වෙච්ච මඩ වලක් කෙරුවාට මල් සුවඳ හමා ගිය මගේ රට”  මේ පද සින්දුවක් වෙනකොට  ‘මඩ වලක්’ කියන කොටස යි ‘මල් සුවඳ ගලා ගිය’ කියන කොටසයි අයින් වෙනවා. ඒ කොටස් ඉවත් නො කෙරුවත් සින්දුවෙ සුගායනීය භාවය යි රිද්මයයි පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නො වෙන්නෙ සින්දුවෙ ස්ථායි කොටසෙන්  ඒවා ඉවත් කෙරුවට අන්තරා කොටස්වලින් ඒ සංඥා පූර්ණය වෙලා තියෙන නිසා.  අන්තරා කොටස් ගැන කතා කළාට මව් කවියෙ තියෙන්නෙ අර ඉහළ දක්වලා තියෙන කොටස විතර යි. අන්තරා කොටස් රචනා වෙන්නෙ ම මේ කවිය සින්දුවක් කිරීමට ඇති වෙච්ච අවශ්‍යතාවය නිසා. කවිය ලියැවිලා අවම වශයෙන් අවුරුදු 25කට පස්සෙ මේ කවිය ගායනා කරන්න කෙනෙකුට හිතුණ නම් වෙඩ්ඩා ඒ වෙනුවෙන් අමුතුවෙන් අන්තරා කොටස් ලිවුව ම මොනව වෙනව ද ?  වැදගත් වෙන්නෙ සින්දුව ඇත...

ජෙට් එකේ දී සමන්සිරිට හමුවන්නේ ප්‍රතිසංස්කෘතික කවියෙක් ද?

Image
(ටිම්රාන් කීර්තිගේ ‘ඒ ජෙට් එකේ ගියේ සමන්සිරිමයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසුමකි) “ජෙට් එක” ටිම්රාන් ගේ සිවුවැනි කාව්‍ය සංග්‍රහයයි. කවි පොත් හතරකට පසු, රාජ්‍ය සම්මාන දෙකක් ද රජත පුස්තක සම්මානයක් ද, ගොඩගේ සම්මානයක් ද, විද්‍යෝදය සම්මානයක් ද අතැතිව ටිම්රාන් ‘නිල’ කවියකු බවට පත් වී සිටී. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ඔහු වටා ගොනු වෙමින් සිටින රසිකාගාරය ය. ජනප්‍රිය ම තරුණ කවියා වැනි සම්මානයක් ද වේ නම්, බන්දුජීව හා තියුණු තරගයකට පසුව, එය ද හිමි කර ගැනීමේ විභවතාවක් ටිම්රාන් සතුය. මේ වන විටත් කවියට ඇතුලු වෙමින් සිටින නව රසිකාගාරය තුළ ටිම්රාන් සුරුවමක් බවට පත් වෙමින් සිටී. ඔහු වටා ගොනු වෙමින් සිටින මේ රසිකාගාරය වනාහී, ඔහුගේ කවිය ස්ථානගත වී ඇත්තේ කොතැනදැයි පිළිබිඹු කෙරෙන විශ්වාසවන්ත කැඩපතක් වැනිය. තරුණ රසිකාගාරය තුළ ටිමා ජනප්‍රිය වන ලක්ෂ්‍ය වනාහී ප්‍රවීණ යා පරල වූ තැනමය.ටිමා ගේ කවිය විසේකාරය. රස්තියාදුකාර ය. එහි ඇත්තේ ලක්ෂාන්ත අතුකෝරලගේ කවියේ වන ශාන්ත දාන්ත බව නොවේ. මස්ඉඹුල ගේ කවියේ වන ඇස් බොඳ කරන සුළු අවිහිංසක බව ද එහි නොවේ. ටිමා ගේ කවිතාව හා සමාන්තරව දිවෙන්නේ නමුත් බන්දුජීව ගේ කවිය සරාගී නැත. (බන්...