Castaway on the Moon - ජීවිතය සොයන අතරමංවූවන්ගේ කතාව -
අප ඉතිහාසයේ ඉතා නිශ්චිත තීරණාත්මක කාලසීමාවක් පසුකරමින් සිටිමු. නව ලිබරල්වාදය විසින් ඉහළට ඔසවා තබන ලද සාමූහික ජීවිතයෙන් විතැන්වූ හුදු පවුල් තුලට එයිනුත් එක් එක් පුද්ගලයා වෙත හුදෙකලා කරන ලද සමාජයක මිනිසුන් තවදුරටත් එසේ පැවතිය නොහැකි බව පසක් කරමින් ගෝල්ෆේස් පිටිය ඇතුලු බොහෝ තැන්වල කඳවුරු බඳිමින් සිටී. කිසිදු දිනෙක මේ ආකාරයේ සාමූහික ක්‍රියාකාරකම් සමග එක් නොවුන පිරිසක් මේ අරගල බිම් තුළ අපට හමුවෙයි සරළව ‘අපි හම්බකළොත් අපි කනවා’ යන සංකල්පය තීරණාත්මක ලෙසින් අභියෝගයට ලක්වෙමින් ඇත. සාමූහික අරගලයකින් තොරව විමුක්තියක් නොවන බව මිනිසුන්ට පසක් වෙමින් ඇත. මෙම නිමේෂය අප ජීවත්වන සමාජය කෙතෙක් දුරට ඉහළට ඔසවා තබයිද යන්න පිළිබඳව අපට දැනට පුරෝකථනය කළ නොහැක. කෙසේ නමුත් මෙය ඉතිහාසයේ හුදෙක් තවත් එක් සිදුවීමක් පමණක් නොවන බව යන කාරණය පැහැදිලිය. මේ සමාජ අර්බුදයෙන් තනිව කොහේ දිව ගියත් අපට එයින් ගැළවීමක් නොවන බව පැහැදිලිය. එය අප හමුවට තව තවත් තහවුරු කරණ චිත්‍රපටයකි, ක්‍්ිඒඅ්හ දබ එයැ පදදබග
මනුස්සයෙක් පාලමක් උඩට වී තමන්ට ණය ලබාදුන් ආයතනයක පාරිභෝගික සේවා අංශයට දුරකථනයෙන් අමතා තමන්ට ගෙවන්නට ඇති ණය පිළිබඳ විමසා සිටී. ඔහු පවසන්නේ ඔහුට දෙයක් තහවුරු කිරීමට අවශ්‍ය වූ බවයි. ඒ සියදිවි නසා ගැනීමේ තීරණයයි. ඔහු එම පාලම මතින් පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි. කෙසේ නමුත් ඔහුව එම විශාල ගංගාව මැද තිබෙන කුඩා අතහැර දමන ලද දූපතකට ගොඩ ගසයි. ඔහු එම දූපතෙන් ගැළවී යාමට උත්සාහ දරණ අතර ක්‍රමක් ක්‍රමයෙන් එම දූපතේ ජීවිතයට හැඩ ගැසෙයි. නැව ගිලී දූපතක තනිවෙන රොබින්සන් කෲසෝ වැනි කතා අප අසා ඇත. නමුත් මෙහි ණසප ීැදබට-ටමබ අතරමං වන්නේ ආසන්නයේ නගරය පෙනෙන දුරෙන් තිබෙන දූපතකය. ගඟ හරහා යන පාලම එම දූපත මතින්ද ඇදෙන අතර එහි එක් පාලම් කණුවක් දූපත මතුවෙයි. ඈතින් දිස්වෙන දහස් ගණනක් මිනිසුන් දෙස බලාගෙන ඔහු හුදෙකලා වෙයි.
ණසප ීැදබට-ටමබ ගග මැද හුදෙකලා වෙද්දි ණසප න්‍මබට-ශැදබ විසල් නගරයක නිවාස සංකීර්ණයක් තුළ දහසක් දෙන මැද හුදෙකලාව දිවි ගෙවයි. ඇය සමාජ මාධ්‍යන්ට ඇබ්බැහි වී සිටින තැනැත්තියකි. ඇය අවම තරමින් මව හෝ පියා සමග හෝ සබඳතාවක් නොපවත්වන අතර අන්තර්ජාලය හරහා ව්‍යාජ අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ජීවිතය ගත කරයි. ඇය සිය කාමරය තුළ ඇවිදීමේ ව්‍යායාම කරණ අතර එහිදී සෑම දිනකම ඇය නිශ්චිත පියවර ප්‍රමාණයක් සම්පූර්ණ කරයි. එහිදී ඇය පවසන්නේ ඇය ශරීර යෝග්‍යතාව සඳහා එය නොකරන බවත් එමගින් ඇයට මහන්සි වී දවස ගත කළ බවට හැගීමක් දැනෙන බව ඇය පවසයි.
ඇයගේ විනෝදාංශය වන්නේ සදේ ඡායාරූප ගැනීමයි. එයට හේතුව වන්නේ සඳේ ඇති හිස් හුදෙකලා ස්වභාවයයි. එම නගරයේ වසරකට එක් දිනක් ඇදිරි නීතිය පනවා නගරය හුදෙකලා කරයි. ඊට අදාළ සයිරන් හඬ ඇසෙද්දීම ඇය නගරයේ ඡායාරූප ගැනීම අරඹයි. ඊට හේතුව වන්නේද එම අවස්ථාවේ නගරයේ ඇති පාලු හුදෙකලා ස්වාභාවයයි. කෙසේ නමුත් අහම්බෙන් සිය කැමරාව මගින් දූපතට වී සියදිවි නසා ගැනීමට උත්සාහ කරන ණසප ීැදබට-ටමබ දැකීමෙන් එම අරුම පුදුම සම්බන්ධය ආරම්භවේ.
ඔහු වෙරළේ ්‍යෑඛඛධ ලෙස ලියන අතර ඇය පිළිතුරු ලෙස සිය ප්‍රතිචාරය ලියා බෝතලයක් තුළට දමා පාලම මත සිට දූපතට වෙත විසිකරනු ලබයි. ඔහුට මාස කිහිපයක් යන තුරු බෝතලය ඇස නොගැටෙන අතර ඇය පිළිතුරක් බලාපොරොත්තුවෙන් රැදී සිටී. එම බෝතලය හමුවීමත් සමග ඔහු වෙරළේ ඊට පිළිතුර ලියයි, ඇය නැවතත් බෝතලයක බහා පිළිතුරු යවයි. කිසිදු සමාජ ආශ්‍රයක් නොමැති ඔවුන් දෙදෙනා එකිනෙකා අතර මිත්‍රත්වයක් අරඹයි. ඇය දිනපතා නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණය කරන අතර ඔහු ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් වාසය කරයි.
ඔහු මුළින් දූපතෙන් ගැළවීයාමට උත්සහ කළද පසුව ඔහු ක්‍රම ක්‍රමයෙන් දූපතේ ජීවිතයට හුරුවන අතර දූපතෙන් ගැලවී යාමට ලැබුනු අවස්ථාවන් පවා නොසලකමින් එම ජීවිතයට ඇලුම් කිරීමට පටන් ගනියි. මෙහි ඔහුට ගෙවීමට ණය හෝ කිසිදු වෙනත් බැඳීමක් නොමැති අතර ඔහු තමන්ගේම වූ ලෝකයක ජීවත් වෙයි. ඔහු එයට ඇබ්බැහි වෙයි. දහස් ගණනක් සෙනග වාසය කරණ නගරය තුළද දහසක් මිනිසුන් මැද ඔහු ගෙවා ඇත්තේ හුදෙකලා ජීවිතයක් බව අපට පැහැදිළි වෙයි. කෙසේ නමුත් බෝතලයක බහාලූ පණිවිඩ මගින් සන්නිවේදනය කරන සැබෑ මනුෂ්‍යය සබදතාවක් ඔහුට හමුවන්නේ හුදෙකලා වූ දූපතකය.
ඔහුට දූපතට ගසාගෙන පැමිණ තිබූ එක්තරා නූඩ්ල්ස් වර්ගයක කවරයක් හමුවෙයි. පෙර ඔහු පිළිකුල් කළ එම ආහාරය ආහාරයට ගැනීමට ඔහුට දොළදුකක් ඇතිවෙයි. දූපතේ ඇති කුරුලු වසුරුවලින් නූඩ්ල්ස් සෑදීමට අවශ්‍ය බඩඉරිඟු බීජ සොයා ගන්නා ඔහු මහත් වෙහෙසක් දරමින් ඒවා වගා කරයි. මෙය බලා සිටින ණසප න්‍මබට-ශැදබ එම දූපතට අදාළ නූඩ්ල්ස් වර්ගය ප්‍රවාහන සේවයක් හරහා යැවීමට කටයුතු කරයි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ප්‍රකාශ කරන්නේ එම නූඩ්ල්ස් සෑදීමට වෙහෙසීම ඔහුට බලාපොරොත්තුවක් ගෙන එන බවයි. සත්‍ය ලෙසම අප සියලු දෙනාටම අද දවසේ ජීවත්වීමට හෙට දවස පිළිබඳ අවම හෝ බලාපොරොත්තුවක් අවැසිය. එක් වරක් ඔහු සියදිවි නසාගැනීමට තැත් කරන්නේද මෙලෙස අනාගතය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් ඔහු වෙත ශේෂ නොකොට මූල්‍ය සමාගම් ඇතුලු සමාජය ඒ සියල්ල ගිල ගැනීමත් සමගය.
එක්වරම දිනක් අධික වර්ෂාවක් සමග කුණාටුවක් හමා එන අතර එමගින් ණසප ීැදබට-ටමබ ගොඩනගාගත් සියල්ල ගසාගෙන යයි. පසුදින උදයේ ගංවතුරින් පසු එම දූපත පිරිසිදු කිරීමට පැමිණෙන නිලධාරීන්ට මොහුව හමුවෙයි. ඔවුන් මොහුට පවසන්නේ මෙය රජයේ ඉඩමක් වන බවත් මෙහි රැඳී සිටීම තහනම් වන බවයි. ඔහු තමන්ට මෙහි රැදී සිටීමට ඉඩ ලබාදෙන මෙන් ඉල්ලා සිටින නමුත් එම නිලධාරීන් ඔහුව නැවත ඔහු පලා ආ ලෝකයටම රැගෙන යයි.
අප සැම මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නෙමු. ණසප ීැදබට-ටමබ වැනි බොහෝ දෙනෙකු අපට එදිනෙදා ජීවිත තුළ මුණ ගැසෙයි. මෙතෙක් ඔවුන් සියල්ලන් හුදෙකලා දූපත්වල සිය ගැටලුවලට පිළිතුරු සෙවූ අතර මෙහි සාමූහික පිළිතුරක් විනා තනි තනි උත්තර නොමැති බව මේ වන විට සැලකිය යුතු මට්ටමින් සමාජය තුළ තහවුරු වී ඇත. අපට අප මුහුණ දෙන අර්බුදයන්ට තනි තනි පිළිතුරු නොමැති බව යන යථාර්ථයට අභිමුඛ වන්නට සිදු වෙයි. සමාජයක් ලෙස ගොඩනගාගත් අර්බුදයන්ට තනි තනි පිළිතුරු නොමැති බවත් පිළිතුර සාමූහිකව ඊට පිළිතුරු සෙවීම පමණක්ම බව අප වටහාගත යුතුය.
Comments
Post a Comment