Posts

PIETA : වෛරය, ප්‍රේමයෙන් වුව අවසන් විය හැකිය!

Image
සමාජයක් ලෙස අප ඛේදවාචකයක් අභිමුවට පැමිණ ඇත. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල පැය ගණන් ගෙවීමට සිදුව ඇති අතර අනිත් අතින් උද්ධමනය ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ යමින් සමාජයේ ඉහළම ස්ථරය හැර අනෙකුත් සියලුම දෙනාගේ ජීවිත අර්බුදයට යවමින් සිටී. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරයන් බිඳවැටෙමින් පවතී. නමුත් සමාජයම මේ ලෙසින් අර්බුදයට යමින් පවතින මොහොතක ඇතැම් මහා පරිමාණ ව්‍යාපාර රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභය පසුගිය වසරෙහි ලබාගැනීමට සමත් වී ඇත. වසංගත තත්වයක් තුළ මාස ගණන් රට වසා දමා පැවති වාතාවරණයක මෙලෙස පෙර නොවූ විරූ ලාභ ලැබීම පුදුම සහගතය. නමුත් එම සමාගම් මොනවාද යන්න විමසා බැලුවහොත් සත්‍ය පැහැදිලිවේ. ඒ සියල්ලම පාහේ මූල්‍ය සමාගම්ය. එනම් ණය පහසුකම් වැනි විවිධ මූල්‍ය පහසුකම් ජනතාවට ලබාදෙමින් එමගින් ලාභ ලබන සමාගම්ය. තවත් සරලව ප්‍රකාශ කලහොත් කිසිදු නිෂ්පාදන කාර්්‍යයකට සම්බන්ධ නොවී මුදල් පොළියට ලබාදී පොහොසත් වන සමාගම්ය. එම මූල්‍ය සමාගම්වල ලාභය ඉහළ යාමේ රහස කුමක්ද? ඉතා සරලව වසංගතය ඇතුලු මතුවූ අර්බුදය හමුවේ බොහෝ සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පිරිස්වල ආදායම් අහිමිවීම හෝ පහළ වැටීම සිද...

Song Zone - උතුරු මැද කඳුළු වතුර - (North Central Tear Drops)

Image
පද - සාවිත්‍රී උදයංගී දිසානායක ගායනය/සංගීතය - තිළිණ බ්ලිස් තිළිණ බ්ලිස් - ඌ ලංකාවෙ අනෙක් ගායකයන්ගෙ සින්දු අහන්නෙ නැති ගායකයෙක්. ඇත්තට ම ලංකාවෙ අහන්න කියලත් ඒ හැටි සින්දුවක් බිහි නො වෙන එකේ එහෙම ඉන්න එක හොඳ යි කියලා අපිටත් හිතෙනවා. අඩු ම තරමෙ ඒකෙන් උගෙ කන පරිස්සම් වෙනවා. ඒ නිසා තමයි අපි අද කතා කරන සින්දුව වගේ මියුසික් වැඩක් ඌට කර ගන්න පුළුවන් වෙන්නෙ.  අපි අද කතා කරන්නෙ තිළිණ, 2021 අවුරුද්දෙ කරපු Tales of a Failed Public (පරාජිත ජනතාවකගේ කතා) කියන සින්දු තුනක් තියෙන යූ ටියුබ් ඇල්බම් එකේ මුලින් ම ඇහෙන ‘උතුරු මැද කඳුළු වතුර’ කියන සින්දුව ගැන. මේක සාවිත්‍රී උදයංගී දිසානායක, 2019 අවුරුද්දෙ පළ කරපු ‘අලිවැට’ කියන කවි පොතෙන් ගත්ත කවියක්. කතා කරන්නෙ මේ වෙනකොට ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ගැන.  උතුරු මැදට විශේෂයෙනුත් ලංකාවෙ අනෙක් පැතිවලට පොදුවේත් බලපාන වකුගඩු ප්‍රශ්නෙ ගැන මේ වෙනකොට ලංකාවෙ සෑහෙන තරම් නිර්මාණ බිහිවෙලා තියෙනවා. විශේෂයෙන් කවි.ඒ කවි ගොඩක දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි අධිසංවේදී බව. අතිශය භාවාත්මක හෘදයග්‍රාහී බව. අඬවන්න හදන ගතිය. මරණය. ඒ සියලූ ලක්ෂණ මේ කවියෙත් තියෙනවා. වකුගඩු අමාරුව...

අවිචාර සමහයක මානව ප්‍රහසනය

Image
(චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත, සදාත් හසන් මන්ටෝගේ කෙටිකතා ඇතුළත් ‘දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය’ කෘතිය පිළිබඳ විමසුමක්) සදාත් හසන් මන්ටෝ, වරින්වර ලංකාවේ පරිවර්තකයන් විසින් සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් ලේඛකයෙකි.  1912 දී බ්‍රිතාන්‍ යටත්ය විජිතයක්ව තිබුණු ඉන්දියාවේ පන්ජාබයෙහි උපත ලද මන්ටෝ, 1947 පාකිස්තානය බිහිවීමෙන් පසු එරටට සංක්‍රමණය විය. උර්දු බසින් ලේඛනයේ නියැලූණු මන්ටෝ නවකතාවක්ද, කෙටි කතා සංග්‍රහ විසි දෙකක්ද, ගුවන්විදුලි නාටක සංග්‍රහ පහක්ද පමණ රචනා කොට ඇත.  එරික් ඉලයප්ආරච්චි විසින් මන්ටෝ සම්බන්ධ විචාර ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇති අතර චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත ඔහුගේ කෙටි කතා රැගත් කෘතියක් මේ වන විට සිංහල පාඨකයන් වෙත පිරි නමා ඇත. ලොව ප්‍රමුඛ පෙළේ කෙටිකතා රචකයකු ලෙස මේ වනවිට ලංකාවේ අවධානයට ලක්ව සිටින ඔහු, පුවත්පත් කලාවේදියෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු හා ගුවන්විදුලි වැඩසටහන් රචකයකු ලෙසද කටයුතු කර ඇත.  ඉන්දියාව දෙකඩවීම සහ පාකිස්තානය බිහිවීම යන හේතුවෙන් මිනිසුන්ට විඳින්නට සිදු වූ දුක් ගැහැට විවිධ පැතිකඩ ඔස්සේ  සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගත් මන්ටෝ, කිය...

කවුරුවත් එන්නේ නැතිනම් අපි කුමක් කරමුද?

Image
(අමාලි දීපිකා දහනායකගේ ‘කවුරුවත් එන්නෙ නෑ’ නාට්‍ය නිර්මාණය පිළිබඳ විවරණයක්) පතිරාජ එල්. එස්. දයානන්ද විසින් රචනා කරන ලද පිටපතකට අනුව අමාලි දීපිකා දහනායක විසින් නිර්මාණය කරන ලද ''කවුරුවත් එන්නේ නෑ”‍ නාට්‍යය ජනවාරි 28 වැනිදා බොරැුල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත විය. එහි ප‍්‍රධාන චරිත දෙක චමින්ද බටුකොටුව සහ චතුරි ලොකුගේ විසින් නිරූපණය කරනු ලැබීය. මෙම නාට්‍යය පතිරාජ එල්. එස්. දයානන්ද විසින් මුල් වරට වේදිකාගත කරනු ලැබුවේ 1969 වසරේදීය. මුල් නාට්‍යයේ ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරනු ලැබුවේ විමල් කුමාර ද කොස්තා සහ මර්සි එදිරිසිංහ විසිනි.  මෙවර අප දුටුවේ අමාලි දීපිකා විසින් එම පිටපතට අනුව කරන ලද නව නිෂ්පාදනයයි. නාට්‍යයේ කතාව මෙබඳුය. අඹු සැමි යුවළක් තම විවාහ දිවියේ පනස් වසර සැමරීමේ උත්සවයට තම විවාහ මංගල්‍යයට පැමිණි අයට ආරාධනා කරති. අඹුසැමි යුවළ ඔවුන්ගේ පැමිණීම ගැන බලාපාරොත්තු සහගතව සිටියත් කිසිවෙක් නොපැමිණෙති. මේ අතර සිය අපේක්ෂිත අමුත්තන් සඳහා මහලූ‍ යුවල ආසන පනවන අතර එම ආසන වල සිටිතැයි අපේක්ෂා කරන අදෘශ්‍යමාන අමුත්තන් සමග ඔවුහු කතා බස් කරති. අවසානයේදී මහලූ‍ මිනිසා මිය යන අතර ගැ...

යථාර්තය හිස මත කඩාවැටෙන තුරු - Don’t Look Up

Image
වසංගතය හා ආර්ථික අර්බුදය සංකීර්ණවන මේ දවස්වල මෙරට සිදුවන බොහෝ දේ ප‍්‍රහසනයන් බවට පත්ව ඇත. රාතී‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය විකට චිත‍්‍රපටයක් නරඹනවා මෙන් සිනහ වෙමින් නැරඹිය හැක. නමුත් ඒ සිනහවන් පිටුපස ඇත්තේ ඛේදවාචකයකි. බලය සදහා පාලක ස්ථරයේ තරගය මාධ්‍යයන් හමුවේ නාටකීය ලෙස දිගහැරෙන අතර එම නාටකයන්ගේ පිටපත් රචනා කරන ධනපති පැලැන්තියේ ලාභය සඳහා වූ තරගය සීතල යුද්ධයක් මෙන් මේ සියල්ල පසුපසින් දිවයයි. රට සංවර්ධනය කිරීම, දුප්පත්කම දුරලීම ආදී අලංකාර තේමා පාඨ ප‍්‍රදර්ශනය කළද මේ සියල්ල පිටුපස නැවත නැවතත් දිවයන්නේ එකම අරමුණකි, තේමාවකි. එයනම් ලාභයයි.  ගංවතුරක්, සුනාමියක් හෝ වසංගතයක් වැනි ව්‍යසනයක්වුව ඔවුන්ගේ ලාභ ඉපැයීමේ ව්‍යාපෘතීන්ට බාධාවක් නොවෙයි. පසුගිය වසංගත සමයෙහි මෙරට මිනිසුන් ආදායම් අහිමිව ජීවිත ඛේදවාචක බවට පත්වන පසුබිමක මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභ ලැබූ වසර බවට පසුගිය වසර පත් විය. එතැනින් නොනැවත වසංගතය සමාජය බිලි ගන්නා මොහොතක දැවැන්ත සමාගම් එන්නත්, ඇන්ටිජන් කට්ටල ආදියෙන්ද ඉහළ ලාභ ඉපැයීය. එය අපගේ කලාපයට එන විට දූෂිත දේශපාලන යාන්ත‍්‍රණයන් තුල කොමිස් හා අනෙ...

Song Zone- දගර ගැහෙන සිතිවිලි කඳු

Image
ගායනය / සංගීතය / පද රචනය අමිල සඳරුවන් ලංකාවේ අධිපති ධාරාවේ සංගීතඥයන් විතරක් නෙවෙයි, විකල්ප ධාරාවේ සංගීතඥයන් පවා සැළකිලිමත් නොවන ඉතා වැදගත් කාරණයක් තමයි, ‘ශාබ්දික දේශපාලනය’(Audio Politics) කියන එක. සොබාදහමේ නියමයන්ට හැරුණම අද දවසේ අපට අහන්න සිද්ධ වෙලා තියෙන ශබ්ද නිෂ්පාදනය කරන මූලාශ‍්‍ර දිහා බැළුවම අපට මේක නිකන්ම තේරෙනවා. උදේ පාන්දරට උඩ ගිහිල්ලා විසිවෙලා ඇහැරෙන බෙර වාදන හා පිරිත් සද්ද. නැගිටපු වෙලේ ඉඳලා ඇහෙන හෝන් සද්ද, පැය බාගෙට දෙපාරක්වත් ඇහෙන ඇම්බියුලන්ස් හෝන් සද්ද, හවසට යන චූන් පාන් සද්ද, ?ට දිගටම අහන් ඉන්න වෙලා තියෙන මෙගා ටෙලි සද්ද කියන මේ ඒ හැම සද්දෙකටම අදාළ බල සම්බන්ධතාවක් තියෙනවා. ඒ ගැව සවිඤාඤාණක සංගීතඥයෙක් තමන් නිපදවන ශබ්දවලට වගකීම් සහගත වෙනවා. අමිල සඳරුවන් (ජෝන් සීනා* ගෙ ‘ද`ගර ගැහෙන සිතිවිලි කඳු’ කියන අලූත් සින්දුව ඇහුවම ඌ එහෙම සංගීතඥයෙක් කියලා අපට හිතුණා. අමිල මේ සින්දුවට පාවිච්චි කරලා තියෙන්නෙ පහතරට බලි තොවිල් නාද මාලා. ඒ අතරිනුත් යක්ෂ කන්නලව් පැත්තට අමිල වැඩි බරක් තියලා තියෙනවා. පහතරට බෙරයයි උඩැක්කියයි ගෙජ්ජි සද්දෙයි එක්ක ගිටාරය මේ සින්දුවෙදි සෑහෙන වැඩ කොටසක් කරනවා. හැබැයි අම...

Song Zone : ආච්චිට හාල් ගරන නිසා....

Image
පද - කුමාර හෙට්ටිආරච්චි ගායනය හා තනුව - ඉන්දිකා උපමාලි සංගීතය - ළහිරු ද කොස්තා අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්. කුමාර හෙට්ටිආරච්චි, ඒ බැරි වැඬේ කරන්න බර උත්සාහයක් දීලා තියෙනවා කියලා තමයි අපට මුලින්ම මේ සින්දුව ගැන කියන්න තියෙන්නෙ. හෙට්ටිආරච්චි ඒ වැඩේ කරන්න පාවිච්චි කරන්නෙ සිංහල ජනකතා, ප‍්‍රස්ථාව පිරුළු වගේ ජාතික සංකේත ටිකක්. හැබැයි ජාතික උපමා කතාවලට නව අර්ථකථන ලබා දෙන ලාබ සිල්ලර වැඩේ නෙවෙයි ගීත රචකයා මේ කරන්නෙ. ඒ වෙනුවට ගීත රචකයා අපට පෙන්වන්නෙ සන්නිවේදන අවශ්‍යතා විතරක් ඉටු කරගන්න තියෙන භාෂාවකින් සමාජයක් ශිෂ්ට කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඒ වගේ භාෂාවකින් සමාජයක් වඩා සුසාධිත, විනයගත, ආලෝකවත්, සුසමාදර්ශී තත්වයකට පත් කරන්න බෑ කියලා. ජනකතා උපදේශ කතා, උපදේශ කාව්‍ය වගේම ප‍්‍රස්ථාව පිරුළුවලින් අපට කොයි තරම් හරි වැරදි දේවල් වෙන් කරලා දීලා තියෙනවද? ‘ආච්චිට හාල් ගැරීමේ’ සිට ‘වැද්දන්ගෙන් බණ ඇසීම’ හොඳ නැති දේවල් කොයි තරම්ද? ඒත් සින්දුව කියන කථක ස්ත‍්‍රිය කියන්නෙ හැම නොකටයුත්තම දැන් ...