Song Zone- දගර ගැහෙන සිතිවිලි කඳු
ගායනය / සංගීතය / පද රචනය
අමිල සඳරුවන්
ලංකාවේ අධිපති ධාරාවේ සංගීතඥයන් විතරක් නෙවෙයි, විකල්ප ධාරාවේ සංගීතඥයන් පවා සැළකිලිමත් නොවන ඉතා වැදගත් කාරණයක් තමයි, ‘ශාබ්දික දේශපාලනය’(Audio Politics) කියන එක.
සොබාදහමේ නියමයන්ට හැරුණම අද දවසේ අපට අහන්න සිද්ධ වෙලා තියෙන ශබ්ද නිෂ්පාදනය කරන මූලාශ‍්‍ර දිහා බැළුවම අපට මේක නිකන්ම තේරෙනවා. උදේ පාන්දරට උඩ ගිහිල්ලා විසිවෙලා ඇහැරෙන බෙර වාදන හා පිරිත් සද්ද. නැගිටපු වෙලේ ඉඳලා ඇහෙන හෝන් සද්ද, පැය බාගෙට දෙපාරක්වත් ඇහෙන ඇම්බියුලන්ස් හෝන් සද්ද, හවසට යන චූන් පාන් සද්ද, ?ට දිගටම අහන් ඉන්න වෙලා තියෙන මෙගා ටෙලි සද්ද කියන මේ ඒ හැම සද්දෙකටම අදාළ බල සම්බන්ධතාවක් තියෙනවා. ඒ ගැව සවිඤාඤාණක සංගීතඥයෙක් තමන් නිපදවන ශබ්දවලට වගකීම් සහගත වෙනවා.
අමිල සඳරුවන් (ජෝන් සීනා* ගෙ ‘ද`ගර ගැහෙන සිතිවිලි කඳු’ කියන අලූත් සින්දුව ඇහුවම ඌ එහෙම සංගීතඥයෙක් කියලා අපට හිතුණා. අමිල මේ සින්දුවට පාවිච්චි කරලා තියෙන්නෙ පහතරට බලි තොවිල් නාද මාලා. ඒ අතරිනුත් යක්ෂ කන්නලව් පැත්තට අමිල වැඩි බරක් තියලා තියෙනවා. පහතරට බෙරයයි උඩැක්කියයි ගෙජ්ජි සද්දෙයි එක්ක ගිටාරය මේ සින්දුවෙදි සෑහෙන වැඩ කොටසක් කරනවා. හැබැයි අමිල මේ කරලා තියෙන්නෙ අර ජන සංගීතයයි බටහිර සංගීතයයි මිශ‍්‍ර කරන හරි පරණ සංගීත භාණ්ඩ එක්ක මොකක් හරි අලූත් සගීත භාණ්ඩයක් කලවම් කරන ඊනියා පර්යේෂණයක් නෙවෙයි.
මේ සංගීතය අමිල පාවිච්චි කරන්නෙ ඉතාම සවිඤ්ඤාණිකව, තමන්ගෙ නිශ්චිත දේශපාලන මතවාදයක් තහවුරු කරන්න. ඒ තමයි නරුමවාදයෙන් (cynicism) මෙහෙයව පශ්චාත් නූතන ධනවාදී පුද්ගලත්වය සම්බන්ධයෙන් වන විවේචනය. අර්බුදය තියෙන්නෙ පුද්ගලයට පිටින් නෙවෙයි පුද්ගලයා තුළමයි කියන අදහස තමයි අමිලට උස්ස ගන්න ඕන වෙලා තියෙන්නෙ. සාමාන්‍ය සින්දුවක් වගේම පටන් ගත්තට පහළින් දක්වලා තියෙන කොටස ගැයෙන්න ගන්නවත් එක්කම මේ සින්දුවට ඇතුළුවන පෙරේත, පිසාච ගතියෙන් පැහැදිලි වෙන්නෙ අමිල මේ කරන්නෙ අර උඩ කියපු ව්‍යාජ පර්යේෂණයක් නෙවෙයි කියන එක.
‘මට ම මැවෙයි මගෙජඩකම, බලූකම, කුණුකම, අපෙකමබලූකම, ජඩකම’
ගායකයා විදියට අමිල මේ සින්දුවෙදි ර`ගපාන්නෙ යකෙක්ගෙ භූමිකාව. හැබැයි මේ යකා, අර අපි දන්න ?ට ගොරක ගස් හොල්ලා ගෙන එන එකෙක් නෙවෙයි. මේ යකා ඉන්නෙ අපි ඇතුළෙමයි. මේ සින්දුවෙදි ඒ අදහස ගොඩ න`ගන්නෙ ගී පදවලින් නෙවෙයි. ඒ වෙනුවට අමිල විශ්වාසය තියලා තියෙන්නෙ සංගීතයයි, ගායනයයි කියන විෂයන් දෙක ගැන.
ඇත්තටම මේ සින්දුව කියන්නෙ අමිල නෙවෙයි. ඒ තමයි යකා. ඒ නිසා අමිලට සිද්ද වෙනවා යකාගෙ භූමිකාවට ආවේශ වෙන්න. ඒ වෙනුවෙන් අමිල තමන්ගෙ ශරීරයෙනුයි කටහඬෙනුයි දෙකෙන්ම ර`ගපානවා. ශරීරයෙන්ම යකෙකුට සමාරෝපය වෙන නිසා අමිලට හරිම පහසුවෙන් කටහඬ රංගය සාර්ථක කරරගන්න ඉඩ ලැබෙනවා. සින්දුව මැද්දෙ අමිලගෙන් පිටවන හති දාන හූල්ලන, කෑ ගහන බෙරිහන් දෙන සද්ද බලහත්කාරයෙන් ආරෝපණය කරගන්න ඒවා නෙවෙයි. ඒවා ඇත්තටම මහන්සි වෙච්ච යකෙක්ගෙන් පිටවෙන සද්ද වගෙයි අපට ඇහෙන්නෙ. තමන්ගෙ කෘතිය වෙනුවෙන් කොයි තරම් නිර්මාණාත්මක ශ‍්‍රමයක් (creative labour) වැය කරන්න ඕන ද කියන එකට උදාහරණයක් විදියට වුණත් මේ සින්දුව අස්සන්න පුලූවන්.
කොච්චර යකා වැහිලා හිටියත් අමිල මේ සින්දුව කෙළවර කරන්නෙ යථාර්ථය ජය ගැනීමට ඕන කරන ධෛර්යය සම්පාදනය කරලා. ඒ කියන්නෙ අපි කොයි තරම් සමාජීය නරුමවාදයට ගොදුරු වුණත් සැබෑ මිනිස් සාරය හිමි කර ගැනීමේ විභවය තියෙන්නෙ මිනිසා ඇතුළෙමයි කියන එක මේ යක්ෂයා ලවාම කියලා දාන්න අමිල කල්පනාකාරී වෙනවා.
‘පිඹලා දාමි මම කටින්මගෙ ගෝත නරුම ගති’
සින්දුව ඉවර වෙන්නෙ ස්ථායී කොටස වගේ කියලා හිතා ගන්න පුළුවන් කොටස සෑහෙන මන්ද්‍ර රිද්මයකින් ගයාගෙන අමිල රූප රාමුවෙන් ඈත් වෙලා යන එකෙන්. ඒ කියන්නෙ අපට ඇත්තටම අපෙ ඇතුළෙ ජීවත්වන යකා පන්නගන්න ඕන නම් කරන්න පුළුවන් කියන එක. අන්තිමට අපට ඇහෙන්නෙ ඒ යකා ඈත් වෙලා යන කොට ඇහෙන අඩු වී ගෙන යන ගෙජ්ජි සද්දෙ.
ශාබ්දික දේශපාලනය ගැන අපි තව කොච්චර කල්පනා කරන්න ඕනද කියන එකට, ඔය කියන ගෙජ්ජි සද්දෙ අමිල පාවිච්චි කරරලා තියෙන විදියට වඩා අමුතු උදාහරණ ඕන වෙන එකක් නෑ.
Comments
Post a Comment