Posts

Song Zone : ආච්චිට හාල් ගරන නිසා....

Image
පද - කුමාර හෙට්ටිආරච්චි ගායනය හා තනුව - ඉන්දිකා උපමාලි සංගීතය - ළහිරු ද කොස්තා අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්. කුමාර හෙට්ටිආරච්චි, ඒ බැරි වැඬේ කරන්න බර උත්සාහයක් දීලා තියෙනවා කියලා තමයි අපට මුලින්ම මේ සින්දුව ගැන කියන්න තියෙන්නෙ. හෙට්ටිආරච්චි ඒ වැඩේ කරන්න පාවිච්චි කරන්නෙ සිංහල ජනකතා, ප‍්‍රස්ථාව පිරුළු වගේ ජාතික සංකේත ටිකක්. හැබැයි ජාතික උපමා කතාවලට නව අර්ථකථන ලබා දෙන ලාබ සිල්ලර වැඩේ නෙවෙයි ගීත රචකයා මේ කරන්නෙ. ඒ වෙනුවට ගීත රචකයා අපට පෙන්වන්නෙ සන්නිවේදන අවශ්‍යතා විතරක් ඉටු කරගන්න තියෙන භාෂාවකින් සමාජයක් ශිෂ්ට කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඒ වගේ භාෂාවකින් සමාජයක් වඩා සුසාධිත, විනයගත, ආලෝකවත්, සුසමාදර්ශී තත්වයකට පත් කරන්න බෑ කියලා. ජනකතා උපදේශ කතා, උපදේශ කාව්‍ය වගේම ප‍්‍රස්ථාව පිරුළුවලින් අපට කොයි තරම් හරි වැරදි දේවල් වෙන් කරලා දීලා තියෙනවද? ‘ආච්චිට හාල් ගැරීමේ’ සිට ‘වැද්දන්ගෙන් බණ ඇසීම’ හොඳ නැති දේවල් කොයි තරම්ද? ඒත් සින්දුව කියන කථක ස්ත‍්‍රිය කියන්නෙ හැම නොකටයුත්තම දැන් ...

නටඹුන් නූතනත්වයක තතු...

Image
(උපුල් සේනාධීරිගේ පළ කළ ‘ගොම්මන කුසුම් උයනක’ කාව්‍ය එකතුව ගැන සටහනක්) නූතනත්වය යනු සබුද්ධිකත්වයයි. (වෙබර්) නූතනත්වය යනු නාගරික ජීවිතය හා මූල්‍ය ආර්ථිකයයි. (සිමෙල්) නූතනත්වයහි කාල නිර්ණය වශයෙන් ගතහොත් එය 18 වැනි සියවසේ ප‍්‍රබුද්ධ ව්‍යාපාරයෙන් හා ප‍්‍රංශ විප්ලවයෙන් ඇරඹෙයි. උපුල් සේනාධීරිගේ කවියාගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන, ‘ගොම්මන කුසුම් උයනක’ කෘතිය කියවීමට නූතනත්වය පිළිබඳව යම් එළඹුමක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු. උක්ත උපුටා ගැනීම ඒ වෙනුවෙනි. එයින් අදහස් වන්නේ උක්ත කෘතිය නූතනත්වය හරය කරගත් කෘතියක් බවද? නැත. ඒ වෙනුවට අප කියන්නෙ, එය නූතනත්වයේ අභාවය පිළිබඳව වන පශ්චාත්තාපයක් බවයි. සිංහල කාව්‍ය ක්ෂෙත‍්‍රයේ බහුලව හමුවන ග‍්‍රාමීය කෘෂි සමාජය අහිමිවීමේ පශ්චාත්තාපයෙන් එය පැහැදිලි වෙනසකි. එය එකම නටඹුන් නගරය කි. සැමතැනම දැකිය හැක්කේ නූතනත්වයේ උරුමයන් වන නාගරිකත්වය හා මානව සබදතා, සමානාත්මතාවය නටබුන් ව ගොස් ඇති ආකාරයයි. ඒ පිළිබඳ කවියාගේ පශ්චාත්තාපයයි. නැතිනම් විරෝධය යි. ඒ නටබුන් නගරය මැදින් වඩාත් නිවැරැුදි ව කිවහොත් ඒ නටබුන් තුළින් මතුවන පසුනූතන සමාජයේ මූලාංකුරද එහි වෙයි. බලන්න මේ උදුරා  ගැනීම්.......

අල්බොරාදා - කලා අවකාශයේ තාරකාවක් ව්‍යවච්ෙඡ්දනය කිරීම

Image
1904 චිලියේ පරාල් නගරයේ උපන් රිකාඩෝ බැසෝ අල්වෝගේ පියා දුම්රිය කම්කරුවෙකි. ගුරුවරියක් වූ මව, ඔහුගේ ඉපදීමත් සමග මිය ගියාය. වයස අවුරුදු 10-13 කාලයේ ලිපි හා කවි ලිවීම ඇරඹු රිකාඩෝ වයස අවුරුදු විස්සේ දී තම උපතින් ලද නම වෙනුවට පැබ්ලෝ නෙරුදා යන නමින් තමන් හඳුන්වා ගන්නට යෙදුනි. දහනවවන සියවසේ දී චෙකොස්ලොවැකියාවේ කවියෙක් මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ‘ජැක් නෙරුඩා’ නම් මාක්ස්වාදීන් නිර්මාණකරුවාගේ නිර්මාණ තමන්ට තදින්ම බලපෑම හේතුවෙන් ඔහුගේ නම භාවිතා කරමින්, පැබ්ලෝ නෙරුදා යන ලේඛක නාමය සකස් කරගෙන තිබිණි. ‘විසිවන සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම කවියා පැබ්ලෝ නෙරුදා ය.’  ගේබි‍්‍රයල් ගාර්ෂියා මාර්කේස් කවිය යනු භාෂාව තුළින් අර්ථ සැපයීමය. භාෂාව වචන අපූර්වත්වයෙන් යුතුව ගැලපීම සහ ඒ තුළින් පේ‍්‍රමය ශෘංගාරය වේදනාව ජීවිතය පිළිබඳ හැගීම්බර අර්ථ සැපයීම යි. නෙරුඩා යනු මේ සියළුම හැගීම් කවියට මුසු කළ කවියාය.  සිය තරුණ වියේදීම තානාපති සේවයට සම්බන්ධ වන නෙරුදාට 1929 දී ලංකාවේ චිලී කොන්සල්වරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. 1945 චිලී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව 1947දී සෙනෙට් සභිකයෙකු ලෙස ද සේවය කරයි. 1948 එහි ඔහුව අත්...

නඩු අවනඩු කෙරෙන රටකදී Jai Bhim

Image
පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූ ජනමාධ්‍ය වහරට අනුව, ‘ටින්කරින් ලසන්ත’ගේ මරණය සමාජය තුළ යම් කතා බහක් ඇති කිරීමට සමත් විය. ඒ ඔහුව ඝාතනය කිරීමට නියමිත බවට ඊට පෙරදින යම් යම් පාර්ශවයන්ට දැනගැනීමට ලැබීමත් සමගය. සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් වෙඩි වැදී හෝ ගඟක ගිලී මිය යාම සාමාන්‍ය සිදුවීමක් වන තරමට මෙරට සුලභය. මෙම සිදුවීම් ර`ගදක්වන නාට්‍යයන් බවත්, සැබෑ ලෙස සිදුවන්නේ සැකකරුවන් ඝාතනය බව අපි සියල්ලන් දනිමු. නමුත් අප එයින් කම්පා නොවෙයි. එම ඝාතනයට ලක්වූවන් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සමාජයට සිදුවන මෙහෙවරකි. මෙය සමාජයක් ලෙස අපව ඇබ්බැහි කරවූ බියකරු මිත්‍යාවකි. මෙම ඝාතනයට ලක්වන්නන්ගේ සමාජ ආර්ථික පසුබිම සොයා බැලූවහොත් එය අපට පැහැදිලිවනු ඇත.  කොළඹ ඇතැම් පැල්පත් ප‍්‍රදේශ වල ජීවත්වන්නේ කවරෙකු වුවද  අපරාධ කරුවෙකු යැයි බාහිර සමාජය සිතයි. කුමන හෝ අපරාධයක් සිදුවූ සැනි න් සැකකරුවන් සොයා පොලීසිය පීරන්නේද මෙම ප‍්‍රදේශයි. පොලිස් ප‍්‍රශ්න කිරීම් අතරතුර පහරදීම් නිසා මියයන සැකකරුවන් ගැනද වාර්තාවන අවස්ථා දුර්ලභ නොවන නමුත් එවැන්නකට නිසි දඩුවම් ලැබුණු අවස්ථාවක් අසන්නට නොමැත. එවැනි මරණ එළියට එන්නේද ගමේ මිනිස...

"අන් සතු ඔබ ගැන "

Image
පද රචනය - රුෂාන් සිල්වා සංගීතය   - ලහිරු ඞී කොස්තා ගායනය සහ තනුව - තිසර වීරරසිංහ  පහුගිය කාලයේ යූ ටියුබ් අවකාශයේ සෑහෙන ජනප‍්‍රිය වෙච්ච සින්දුවක්. ඒ වගේ ම ලංකාවෙ වික්ටෝරියානු සුචරිතවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වෙච්ච සින්දුවක්. ඒක නිසා අපි කල්පනා කළා මෙවර ‘රළ’ කලාපයෙන් මේ සින්දුව ගැන කතා කරන්න.  ඉස්සෙල්ලා අපි බලමු අර කියපු සුචරිතවාදී ශුද්ධෝත්තමවාදීන් මතු කරන විවේචනය පදනම් වන ප‍්‍රධාන තර්කය මොකක්ද, කියලා. ඒ ගොල්ලො කියන විදියට මේ වගේ සින්දුවලින් වෙන්නෙ මිනිස්සුන්ට අනියම් සම්බන්ධතාවලට උඩගෙඩි දෙන එක. මේ වගේ සින්දු  ශිෂ්ට සම්මත සමාජයකට නො ගැළපෙන බව තමයි ඒ අයගෙ මූලික ම තර්කය වෙන්නෙ.  සාහිත්‍යකරණයට අදාළව අපි මේක වටහා ගන්නෙ අසභ්‍යවාදය පැත්තෙන්. ඒ කියන්නෙ සභ්‍ය - අසභ්‍යභාවය තීරණය වෙන්නෙ තෝර ගත්ත අනුභූතිය හරි ඒ සඳහා භාවිත කළ ප‍්‍රතිනිර්මාණාත්මක මෙවලම් (re-constructive tools) හරි අනුව නෙවෙයි කියන එක. 1929 ඉඳලා 1960 වෙනකං කැනඩාව, එංගලන්තය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, ජපානය හා ඇමරිකාව(1959) වගේ රටවල තහනමට ලක් කරලා තිබුණ ඞී.එච්.ලෝරන්ස්ගෙ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කියන න...

ආකෘති බිඳින කාව්‍යාකෘති

Image
තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලුම’ කෘතිය විමසුමක්  සිංහල කවියේ’ බොහෝ කාව්‍ය අලංකාරයන් තවමත් පදනම් වී ඇත්තේ පූර්ව නූතන ආකෘතියක් තුළ යැයි කිව හැක. උදාහරණයක් ලෙස උපමාව, උපමේය, රූපක ආදී බොහෝ කාව්‍ය අලංකරණ, කවියේ ශ‍්‍රව්‍ය ගෝචර ආකෘතියෙන් අත් මිඳී නැති බව අපගේ අදහසයි. එනම්, ‘කණෙන් අසා සිතින් මවා ගැනීමේ’ ආකෘතියයි. එහෙත්, කවිය, කණින් අසනු වෙනුවට ඇසින් බලන (කියවන) අපේ යුගයේ (කඩදාසි මත හෝ විද්‍යුත් තිර මත) කවියේ සිදුවී ඇති වෙනස්කම්, විශේෂයෙන් එහි ආකෘතික පාර්ශ්වයේ වෙනස්කම් බොහෝ දිග දුර ගිය වෙනස්වීම්ය. තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලූම’ කාව්‍ය කෘතිය මෙම වෙනස්කම් පිළිබඳ අදහසක් ගැනීමට මෑතකදී පළ වූ හොඳ නිදර්ශනාත්මක කාව්‍ය කෘතියකි. (බලන්න 11 පිටුවේ කවිය) ඉලක්කයකට ඇදී යන උණ්ඩයක සරල රේඛීය ගමන්මග කවියේ දෘෂ්‍ය ආකෘතිය ලෙසින් අපට සිහි ගන්වන මෙය, දෘෂ්‍ය ආකෘතියේ කවියක මුල් අත්හදා බැලීම වූ මහගම සේකරගේ ඇතැම් කාව්‍ය උත්සාහයන් සිහිපත් කරයි. ඔහුගේ සුප‍්‍රකට කවියක් වන පහත කවිය ඊට උදාහරණ වේ. කුසලානේ ලූ මිදි යුෂ කුෂලානේ හැඩය ගනී කුෂලානේ ලූ විෂ වුව කුෂලානේ හැඩය ගනී දෘෂ්‍ය ගෝචර කාව්‍ය ආකෘතියකට...

හරුකි මුරකමි - දරාගත නොහැකි වූ බරක් සාහිත්‍යයට නැඟීම

Image
සමකාලීන ලෝක සාහිත්‍ය තුළ හමුවන විශිෂ්ටතම හා ප‍්‍රමුඛම ලේඛකයකු ලෙස ජපන් ලේඛක ‘හරුකි මුරකමි’ අපට හඳුනාගත හැක. කෆ්කා මුහුදු වෙරළේ, තීර්ථ යාත‍්‍රාවේ වසර ගණනාවක්, දකුණු මායිමේ, ගැහැනු නැතිව, අලියා අතුරුදන්, හිරු නැගෙන රටේ පෙම් පුවතක්, නිරුවත් කළුවර වැනි කෘති හරහා සිංහල භාෂාවෙන් කියවන පාඨක සමාජයටද ආගන්තුක නොවන ලේඛකයාගේ තවත් කෘතියක් සිංහල භාෂාවෙන් රසවිඳීමට අපිට හැකි වී තිබේ. ඒ දුමින්ද බොරලූගොඩ පරිවර්තන කාර්යයක ප‍්‍රතිඵලයක් වශයෙන් එළි දක්වා ඇති ‘මම නොවන මම’ කෘතිය ආශ‍්‍රයෙනි. මුරකමිගේ මෙම කෘතිය, ඇතැම් දේශපාලන විචාරකයන් විසින් ‘පසු ධනවාදය’ ලෙස නාමකරණය කරන ‘ධනේශ්වර සමාජයේ වර්තමාන මොහොත’ කියවා ගැනීම අපට වැදගත් වන බව අපගේ අදහසයි. ඒ මන්ද යත්, මුරකමි ලේඛකයකු ලෙස තම සමකාලීන පරම්පරාවේ ජීවන අත්දැකීම හා ධනවාදී සමාජයේ වත්මන් මොහොත මෙම කෘතිය තුළ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බැවිනි. එමෙන්ම එය ජපාන සමාජයට පමණක් උරුම වූවක් නොවන බව අපේ ජීවිත අත්දැකීම් විසින්ද ජපාන සමාජයට පමණක් උරුම තත්වයක් නොවන බව අපට පෙන්වා දී ඇත. ”අපි තමයි යුද්දෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණු මොනයම්ම හෝ පරමාදර්ශයන් පසු ධනවාදය විසින් ගිල ගන්න හදන...