Posts

ගිනිගත් සමාජයක නඩු විභාගය හෙවත් Trial by Fire

Image
  ඔහු සමාජයෙන් හංවඩු ගසා කොන්කරන ලද පහළ සමාජ ස්ථරයකට අයත් තරුණ පියෙකි. විරැකියවෙන් හා එයටම බැදුණු දරිද්‍රතාවයෙන් පීඩාවිදින පවුලක ස්වභාවයෙන්ම ඇතිවෙන අඩදබර බහුල යුවලක්. හදිසියේම නිවසේ ඇතිවෙන ගින්නකින් ඔවුන්ගේ දියණියන් තිදෙනා ඛේදජනක ලෙස මියයයි. සිය දියණියන් තිදෙනා පණපිටින් ගිනි තබා ඝාතනය කළ රාක්ෂසයකු ලෙස අධිකරණයෙන් තීන්දුවන අපගේ කථානායකයා වන Todd Cameronට මරණ දඩුවම නියම වෙයි. කොළඹ මුඩුක්කුවාසී තරුණයකු දුටු විට බොහෝ දෙනකු ඔහුව දකිනුයේ කුඩුකාරයකු, සොරෙකු වැනි අපගේ සිත් තුළ අපම ගොඩනගාගන්නා ලද රාමුවක් තුළ ඔහුව ස්ථානගත කොටය. යම් තැනක සොරකමක් හෝ වෙනත් අපරාධයක්වූ විට වැරදීමකින් හෝ ඒ අවට මෙවැනි සමාජ ස්ථරයකට අයත් තරුණයකු දුටුවහොත් බොහෝ විට ඔහු මෙම අපරාධය කළ බවට පූර්ව නිගමනයක් ඇතිවෙයි. පොලිසියටද ඉහළින් මත්ද්‍රව්‍ය හෝ වෙනයම් වැටලීමක් කිරීමට අවශ්‍යයවූ විට ඔවුන් සිදුකරන්නේද මෙවන් පෙදෙසකට ගොස් අසුවන තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමය. පසුගිය දිනෙක ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂණයක් අතරතුර කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී මලික අබේකෝන් සහෝදරයා අත්අඩංගුවට ගැනෙන්නේද ඔහුගේ බාහිර පෙනුම මතය. මෙය ඇතැම් වාර්ගි...

නිදහස සොයා..... ?

Image
  තලේබාන් පාලනය ආරම්භ වූ ඇෆ්ගනිස්ථානයේ සිට පළා යන ජනතාව හොඳින්ම නිරූපනය කරන සේයාරුවක් ලෙස මෙය ලොව පුරා අවධානයට ලක්ව ඇත. අන්තවාදයේ සිරගෙවල සිට ලිබරල් නිදහසේ ස්වර්ග රාජ්‍යයන් කරා යන සරණාගතයන්ගේ ඉරණමට ඇත්තේ සියවසක පමණ ඉතිහාසයකි. ඒ නිසා මේ සේයාරුව අර්ථ ගන්වන සංකේතාර්ථවලට අපට එකඟ විය හැක්කේ බොහෝ දෙනා කියන අරුතින් නම් නොවේ.  අදත් යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක එවැනි සරණාගතයන් ගෙවන ජීවිත නිරීක්ෂණය කළ විට කිසිදාක තමන් සෙවු නිදහස, රැුකවරණය ඔවුන්ට හිමිව නැති බව පැහැදිලිය. ලංකාවේදී මුහුණ පෑ ජීවිත තර්ජන නිසා පළා ගිය දකුණේ වේවා උතුරේ වේවා ජනයා වෙනත් රටවල වාසය කරති.  දියුණු යැයි කියන රටවලදී සංක‍්‍රමණිකයන් සාපේක්ෂ යහපත් ආර්ථික මට්ටමක දිවි ගෙවනු ලබන්නේ යැයි ඇති මිත්‍යා මතයට අමතරව පසුගිය කාලයේ ඇති වූ නව නාසි තර්ජන ආදිය සැළකූ විට ඔවුන්ට හිමිව ඇත්තේ තමන්ගේම නිදහස් ජීවිතයක් නොවේ. මේ දැරිය වැනි මිලියන ගණනක් දරුවන් වෙනුවෙන් අපට ඇති අධිෂ්ඨානය විය යුත්තේ ඒ සා වූ නිදහස් මිනිස් සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම ය.  මේ දැරිය හෘදයංගම ලෙස ඔබගෙන් මෙන්ම මගෙන් ඉල්ලා සිටින්නේ එය ම නොවේද?.

'නිදහස් අධ්‍යාපනයේ ගීතය'

Image
  පද රචනය - විදර්ශන කන්නංගර සංගීතය සහ ගායනය  - ඉන්ද්‍රචාප ලියනගේ සාහිත්‍ය-කලා ව්‍යාපෘති ඇතුළෙ සෑහෙන්න ඇහෙන වචනයක් තමයි ‘සර්වකාලීනත්වය’ කියන්නෙ. ඒ වචනෙ ඇතුළෙම විරුද්ධාභාසයක් (paradox) එකක් තිබුණට සාමාන්‍යයෙන් ඒකෙන් කියවෙන අර්ථය ගැන මේ ව්‍යාපෘති ඇතුළෙ ඉන්න අයට පොදු අදහසක් තියෙනවා. බොහෝ විශිෂ්ට කලාකරුවන් ඒ වගේ ‘උත්තර්-ඓතිහාසික’ නිර්මාණ බිහි කරලා තියෙනවා. අපි ඒවා ඉතාම ආදරයෙන් බදා වැලඳ ගන්නවා. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නෑ අපි ‘සර්වකාලීනත්වය’ හා බැඳුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය මොහොත අමතක කළ යුතු බව. අර කියන උත්තර්-ඓතිහාසික බව දරාගෙන ම අපට සිදු වෙනවා කලාකරුවන් විදියට අප ජීවත්වන මේ මොහොතට අදාළ අපගේ ප‍්‍රතිචාර දක්වන්න. ‘නිදහස් අධ්‍යාපනයේ ගීතය’ අපි ස්ථානගත කර ගන්නෙ ඒ වගේ මැදිහත් වීමක් විදියට. නව ලිබරල් ධනේශ්වර මොහොතක ‘නිදහස’ කියන වචනෙ වලංගු වෙන්නෙ වෙළඳපොළ අර්ථයකින් විතරයි. එබඳු මොහොතක අධ්‍යාපනයේ නිදහස මෙන්ම නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංවාදය ඉදිරියට ගැනීම කියන්නෙ ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට අභියෝග කිරීමක්. හැම දේම විකිණෙන සමාජයක අධ්‍යාපනය විතරක්වත් ඒ ප‍්‍රාග්ධනයේ ලාභ කේන්ද්‍ර‍්‍රීය තර්කණයෙන් බේ...

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම

Image
  කසුන් සමරතුංගගේ 'කරුවලට බය කාමරේ ඇතුළෙ' කෙටිකතා සංග්‍රහය පිළිබඳ විමසුමක් මගේ අතේ දැන් තියෙන්නෙ කසුන් සමරතුංග කියන අපූරු කෙටිකතාකරුවාගේ පළමු කෙටිකතා සංග‍්‍රහය, ‘කළුවරට බයේ කාමරේ ඇතුළේ’. ඉතාම කෙටියි කියලා හඳුන්වන්න පුළුවන් කෙටි කතා 8ක් මේ පොතේ තියෙනවා. මේ කෙටිකතා අටෙන් එකක් ඇරුණම අන් සියල්ලෙම අන්තර්ගතමය වශයෙන් දක්නට ලැබෙන සමානතාවයක් තියෙනවා.  ‘ඉතින් හාවට නින්ද ගියා’ කියන කෙටිකතාව හැරුණම අනෙක් සියල්ලම ඍජුව හෝ වක‍්‍රව ස්ත‍්‍රී-පුරුෂ සම්බන්ධතාවයේ විවිධ පැතිමාන ගැන කතාකරන කෙටිකතා. පෘථිවියට කෝවිඞ් වසංගතය පැමිණි ආකාරය පරිකල්පනය කරන ‘දහනවය’ වගේ කෙටිකතාවක් වුණත් නතර වෙන්නෙ පිටසක්වල ජීවි පෙම්වතකු සිය පෙම්වතියගේ ඉල්ලීමක් ඉටු කරන්න පෘථිවියට ආව වෙලාවක පිට වුණ කිවිසුමකින් පැතිරිච්ච විෂබීජයකින් තමයි කෝවිඞ් 19 ආරම්භ වෙන්නෙ. අන්තර්ගතමය වශයෙන් තියෙන මේ ස්වභාවය පාඨකයාට දරාගන්න බැරි තරම් එකක් නෙවෙයි. ඒකට බලපාන ප‍්‍රධාන සාධක දෙකක් තියෙනවා. 1 ස්වරූපමය (forrm) වශයෙන් පවත්වාගෙන යන විචිත‍්‍රතාව 2 කියවීම් කාලයෙහි වන කෙටි බව ස්වරූපමය වශයෙන් පවත්වාගෙන යන විචිත‍්‍රතාව මෙහි එන ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතාවට අ...

පර්සියස්ට එරෙහිව මෙඩූසා......

Image
මෙඩුසා ග‍්‍රීක දේවකතා සාහිත්‍යයේ යක්ෂණියක ලෙස නිරූපිතය. සර්පයන්ගෙන් සැදි කෙස්වැටියක් ඇති ඇය දෙස බැලූවන් පවා ශෛලමය පිලිරූ බවට පත් වේ.  පසු කාලයක ග‍්‍රීක සාහිත්‍යයේ මුල් අර්ථකථන අභිබවා ‘ඔවිඞ්’ නමැති රෝම කවියා විසින් විස්තර කරන ආකාරයට මෙඩුසා රූමතියකි. සයුරට අධිපති ‘පොසිඩන්’ නමැති දෙවියා යුද්ධයට අධිපති ඇතීනාගේ දෙවොලේදී මෙඩුසා ලිංගික අපහරණයට ලක්කරමින් සිටියදී ඇතීනාට හසු විය. වරද මෙඩුසාගේ බව තීරණය කරමින් ඇයට දඬුවම ලෙස රුදුරු මුහුණක් ඇති කෙස්වල සර්පයන් ඇති සත්වයකු බවට පරිවර්තනය කළේ ඇතීනා විසිනි. පර්සියස් විසින් මෙඩුසා පරාජයකර හිස ගෙනැවිත් ඇතීනාට ලබාදෙන අතර එය ඇගේ පළිහට යොදා ගනී. 1545දී බෙන්වනුටෝ සෙලිනි(Benvenuto Cellini) විසින් නිර්මිත, ඉතාලියේ ෆ්ලොරන්ස්හි ස්ථාපිත පර්සියස්ගේ නග්න පිළිරුවෙන් නිරූපණය වන්නේ මෙඩුසාගේ හිස රැගත් පර්සියස්ය. එහෙත් මෙඩුසාට සාධාරණයක් ඉටු කළ යුතු බව සිතූ ඉතාලියානු කලාකරු ලූසියානෝ ගර්බටි(Luciano Garbati) විසින් 2008දී මෙඩුසාගේ පිළිරුවක් නිමවන ලදී. නිව්යෝක් නගරයේ අපරාධ අධිකරණය ඉදිරිපිට ස්ථාපනය කර ඇති එහි නිරූපණය වන්නේ මෙඩුසා පරාජය කළ බවට ඉතිහාසයේ කියැවෙන පර්සියස්ගේ හි...

නංගියේ

Image
ගායනය - සුවිනි සුදර්ශනී පද - සශික සදීප් සංගීතය - දීපති ජයසූරිය පෞද්ගලික දේපළ නිර්මාණය වීමෙන් පසු පවුල සැබැවින්ම ඒකභාර්යා ස්වරූපයකින් දිස්වුවද එය එසේ නොවුණු බව ෆෙඞ්රික් එංගල්ස් සිය ‘පවුල පෞද්ගලික දේපළ සහ රජය ඇතිවූ සැටි’ නමැති ග‍්‍රන්ථයේ පෙන්වා දෙයි. මේ ගීතයෙන් අපට ඇසෙනුයේ ඒ කුටුම්භය තුළ සිරගත වූ ගැහැණියගේ විලාපයයි. යසෝධරා විලාපය මෙයින් විෂම වනුයේ මෙහි එන ස්වාමිපුරුෂයා හඹා ගොස් ඇත්තේ බුද්ධත්වය නොවන බැවිනි. තම පළමු බිරිඳ දික්කසාදකර දමා ඔහු තරුණ මනමාලියක කැදවාගෙනපැමිණ ඇත. ‘නංගියේ‘ යනුවෙන් ඒ නව මනාලිය අමතමින් පළමු බිරිඳ රචනා කරන ලිපියක ස්වරූපයෙන් ගීතය ඉදිරිපත් වෙයි. ඒ අනුව මෙහි ඇසෙන කටහඬ අයත්වනුයේ ඒ පළමු බිරිඳටය. ගීතය ආරම්භයේදීම ඇසෙන ගද්‍යමය කොටස ගීතය ඇසීම සදහා වන ශ‍්‍රාවක ධෛර්ය බිද දැමුවද එය ඉවසා සිටියහොත් ඔබට මේ සම්බන්ධයෙන් වෙනස් චින්තනයක් විෂදවන නිර්මාණයක් රස විදීමේ අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම මේ වර්ගයේ රචනයකදී නිර්මාණකරුවකු ඇද වැටිය හැකි අන්ත දෙකක් පවතී. ඒ අනවශ්‍ය තරමේ සංයමය හෝ ආවේගශීලිත්වයයි. මේ රචනයේදී රචකයා ඒ අන්ත දෙකටම ඇද නොවැටී සිටීමට උත්සාහ දරයි. තමන් හැර ගිය මිනිසා කෙරෙහි සුවිශ...

අර්නස්ට් හෙමිංවේගේ මරණය: FBI ඔත්තු සේවයේ භූමිකාව

Image
  Ernest Miller Hemingway (July 21, 1899 – July 2, 1961)  තමා පසුපස ෆෙඩරල් ඔත්තු සේවාවේ ( FBI ) උකුසු ඇස් ලුහුබඳින බව අර්නස්ට් හෙමිංවේ සිය මිතුරන්ට කීවේ 1960 නොවැම්බරයේ දීය. මිතුරන් කල්පනා කළේ සිය මිතුරා යම්කිසි උමතුවකින් පෙළෙන බවයි. නමුත් ඔහු කී කතාව සත්‍ය බව 1984 දී අමෙරිකානු තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ හෙළිදරව්වකින් අනාවරණය කරගනු ලැබිණි. අර්නස්ට් මිලර් හෙමිංවේ 1899 ජූලි 21 වැනිදා අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඕක් පාක්හි උපන්නේය. ඔහු 1951 ලියූ Old Man and the Sea (මහල්ලා සහ මුහුද) කෘතිය 1952 දී අමෙරිකාවේ පුලිට්සර් සම්මානයට පාත්‍ර වූ අතර 1954 දී නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට හේතු විය. 1940 වර්ෂයේ හෙමිංවේ පළමු වතාවට කියුබාවට ගොස් එහි ජීවත් වනවිට ' මුලින්ම ත්‍ඊෂ නිලධාරින් සමග එක්ව වැඩකර තිබිණි. කියුබාව අවට ප්‍රදේශයට , ජර්මනියේ නාසිවාදී හමුදා සබ්මැරීන්වල පැමිණීම හා වෙනත් නාසි යුද මෙහෙයුම් වැළැක්වීමට ඔහු විසින් සිය පෞද්ගලික යාත්‍රාව භාවිත කරමින් ‘තොරතුරු සැපයීමේ‘ කාර්යයක නිරතව තිබිණි. නාසිවාදීන් ජයගනු වැළැක්වීමට අමෙරිකානු රජයට සහායවීම හෙමිංවේගේ අරමුණ වූ ' බව ප...