නිදහස සොයා..... ?
තලේබාන් පාලනය ආරම්භ වූ ඇෆ්ගනිස්ථානයේ සිට පළා යන ජනතාව හොඳින්ම නිරූපනය කරන සේයාරුවක් ලෙස මෙය ලොව පුරා අවධානයට ලක්ව ඇත.
අන්තවාදයේ සිරගෙවල සිට ලිබරල් නිදහසේ ස්වර්ග රාජ්‍යයන් කරා යන සරණාගතයන්ගේ ඉරණමට ඇත්තේ සියවසක පමණ ඉතිහාසයකි. ඒ නිසා මේ සේයාරුව අර්ථ ගන්වන සංකේතාර්ථවලට අපට එකඟ විය හැක්කේ බොහෝ දෙනා කියන අරුතින් නම් නොවේ.
අදත් යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක එවැනි සරණාගතයන් ගෙවන ජීවිත නිරීක්ෂණය කළ විට කිසිදාක තමන් සෙවු නිදහස, රැුකවරණය ඔවුන්ට හිමිව නැති බව පැහැදිලිය. ලංකාවේදී මුහුණ පෑ ජීවිත තර්ජන නිසා පළා ගිය දකුණේ වේවා උතුරේ වේවා ජනයා වෙනත් රටවල වාසය කරති.
දියුණු යැයි කියන රටවලදී සංක්‍රමණිකයන් සාපේක්ෂ යහපත් ආර්ථික මට්ටමක දිවි ගෙවනු ලබන්නේ යැයි ඇති මිත්‍යා මතයට අමතරව පසුගිය කාලයේ ඇති වූ නව නාසි තර්ජන ආදිය සැළකූ විට ඔවුන්ට හිමිව ඇත්තේ තමන්ගේම නිදහස් ජීවිතයක් නොවේ.
මේ දැරිය වැනි මිලියන ගණනක් දරුවන් වෙනුවෙන් අපට ඇති අධිෂ්ඨානය විය යුත්තේ ඒ සා වූ නිදහස් මිනිස් සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම ය.
මේ දැරිය හෘදයංගම ලෙස ඔබගෙන් මෙන්ම මගෙන් ඉල්ලා සිටින්නේ එය ම නොවේද?.
Comments
Post a Comment