Posts

ව්‍යාජ ජනතාවාදයෙන් මිදුණු සැබෑ විප‍්‍රවාසී කවියක් - "නිමා වූ ඍතුවක ශේෂ පත‍්‍ර"

Image
මාලන් සැබෑ සැබෑ විප‍්‍රවාසී කවියකු වී ඇත. ඔහුගේ ‘නිමා වූ ඍතුවක ශේෂපත‍්‍ර’ නමැති නවතම කාව්‍ය සංග‍්‍රහය මගින් විශද වන ඒ අවංකත්වය ප‍්‍රථමයෙන් ම අගය කළ යුතුව ඇත. ස්වකීය මධ්‍යම පාන්තික කුටුම්භ සංස්ථාව රැුක ගැනුමට විදෙස්ගත ව මෙරට පීඩිතයන් පිළිබඳ ලියන ව්‍යාජ මානවවාදී කාව්‍යයන්ට සාපේක්ෂව මාලන්ගේ කවිය අවංක ය. අතීතකාමයෙන් මිදිය නො හැකි වන අවස්ථා කිහිපයක දී හැර ඔහු ලංකාවේ ඔහු හැර දමා පැමිණි චරිත, පරිසරය පවා තම කාව්‍ය වෙත කැඳවන්නේ නැත. මා එය දකින්නේ ඉදිරිගාමී පියවරක් ලෙස ය. සැබැවින් ම කවියෙකුට ජාතික රාජ්‍යයක් අවශ්‍ය නො වන බව මාලන් අපට පවසනු වැනි ය. ලාංකික පරිසරය ඇසුරු කරමින් ඔහු අතින් ලියැවෙන කාව්‍යයන්හි පවා අපට හමු වනුයේ තමන්ගේ අතීතකාමය සමග ගැටෙන කවියෙකි. විටෙක අතීත කාමයෙන් මිදීමට ඔහු අසමත් වුව ද තැනක ඒ සමග පොරබදන කවියෙකු මේ කාව්‍ය සංග‍්‍රහයෙන් මතු වෙයි. ‘සෝමාවතී වන්දනය’ හා ‘වියළි වැව් පිටිය මැද සිහිනය’ බඳු කාව්‍ය නිර්මාණ ඉක්මවා ‘පිරිත් හඬ’, ‘සඳ සහ මහද්වීපයක තනිය’ බඳු කවක් ළඟ මගේ පය පැකිළෙන්නේ එනිසා බව මට දැනෙයි. ‘ඒ මතක දෝතින් ම ගෙන සිඹ සඳ වතුර යට අතුරා යළි පිය නගමි කුටියට’ - (පිටුව.33) ලාංකේය කව...

හාදුවක්!

Image
ගායනය - සමනලී ෆොන්සේකා සංගීතය - අරුණ ගුණවර්ධන පද - සුජීව හෙට්ටිතන්ත‍්‍රී මේ සින්දුව ගැන ලියන්න තීරණය කරන වෙලාව වෙනකොටත් යූ නාලිකාවෙ මේ සින්දුව බලපු ගණන 100K (ලක්ෂයක්) පසුකරලා. ඒ තරම් ප‍්‍රමාණයක් මේ සින්දුව බලන්න එක හේතුවක් සමනලී වෙන්න පුළුවන්. අනෙක් හේතුව වීඩියෝ ඒකේ තියෙන රූපෙ වෙන්නත් පුළුවන්. ලොකුම හේතුව ඔය කිව්ව දෙවන හේතුව වෙන්නත් පුළුවන්. ඒ රූපෙ තියෙන්නෙ ‘කිස්’ එකක්. ක්ෂේවියර් කණිෂ්ක, සමනලී ෆොන්සේකාට දෙන ‘කිස්’ එකක්. ලංකාවෙ මිනස්සුන්ගෙ මේ ලිංගික හීනමානයෙන් වැඩිපුරම වැඩ ගත්තෙ ඉරාජ්. සින්දු ඇතුළෙ විවේචනයට ලක් වෙන මේ කරුණම සින්දුව මේ තරම් ජනප‍්‍රිය වෙන්න හේතුව වෙච්ච ඒකේ තියෙන්නෙ බරපතළ උත්ප‍්‍රාසයක්. සින්දුව ගැන ලියන එක අත ඇරලා ඒ ගැන ලියන්නත් හිතෙනවා. සමනලී ගයන මේ අලූත් සින්දුව අපිට නම් කරන්න පුළුවන් නූතන සින්දුවක් කියලා. ඒ්ත් ඒක නූතන වෙන්නෙ මේ වගේ සමාජයක විතරයි. ඒ කියන්නෙ සින්දුව නූතන වෙලා තියෙන්නෙ අපි ඉන්නෙ පුරාතන සමාජයක නිසා. බටහිර යුරෝපෙ වැඩවසම් යුගයේ නම් මේ වගේ සින්දුවක් කියලා වැඩක් නෑ. මේ සින්දුවෙන් අහන කිසිම  ප‍්‍රශ්නයක් එහෙ ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ ප‍්‍රශ්න ටික මෙන්න ම...

කම්කරු දේශපාලනයෙන් ජාතිකවාදී දේශපාලනයට ‘නැති වූ පුරුක’ - "බඹරු ඇවිත්"

Image
සමාජ ප‍්‍රතිවිරෝධයන්ගේ වර්ධනය, සමාජ ව්‍යාපාරයන්ගේ එළිපත්ත මත නොනවතී. ඒවා වඩා ප‍්‍රගතිශීලි දිශාවට මෙහෙයවා ගැනීමට වැඩකරන පන්තින් අසමත් වන්නේ නම්, සමාජ ව්‍යාපාරයන් යට කරමින් ගලා යයි.  ලාංකීය දේශපාලනයේ මීට මාස කිහිපයකට පෙර පැවති නිස්කලංක බව බිඳ දමමින් මහජන බලවේගයන් සටන් බිමට තල්ලූ කර දමා ඇත. මෙහි සමාරම්භය සනිටුහන් වනුයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහයට වරාය කම්කරුවන් ඇතුළු ලංකාවේ කම්කරු ව්‍යාපාරය නැගී සිටීමෙනි. මෙවන් සන්දර්භයක් තුළ 40 වසරකට වඩා පැරණි සිංහල චිත‍්‍රපටයක් යළි කියැවීමකට ලක්කිරීමට මෙවර ‘රළ‘ තුළ අපි උත්සාහ කරමු. ඒ චිත‍්‍රපටය ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයයි. එහි තිරගත වර්ෂය වනුයේ 1978 වසරයි. 1978 වර්ෂය ආරම්භ වනුයේම 77 මහමැතිවරණයෙන් 5/6 බහුතර ජයග‍්‍රහණයකින් බලය පිහිටවූ එ.ජා.ප. ආණ්ඩුව සිය නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය දිගේලි කරගැනීමට අවශ්‍ය වන පරිදි මර්දන උපකරණ ශක්තිමත් කර  ගැනීමෙනි. චිත‍්‍රපටය තුළ නිරූපණය වනුයේ මෙවන් වාස්තවික පසුතලයක් මත කොළඹින් දුර බැහැර කල්පිටියේ ධීවර ගම්මානයක් හරහා ප‍්‍රාග්ධනය විස්තාරණය වන ආකාරයත්, ඒ් තුළ ධී...

ගෙදර වට සිතියම - ලියනගේ අමරකීර්ති

Image
කතා කීම ඉපැරණි වූද අර්ථවත්වූවද මනුෂ්‍ය ක‍්‍රියාවක් බව සැබෑය. නවකතාව, කෙටිකතාව, මතු නොව, නාට්‍ය, කාව්‍යාදී වෙනත් සාහිත්‍යංග සඳහා බොහෝ විට කතාවක් (Story) පදනම්වන බවද සත්‍යය. ඒහෙත් තවදුරටත් නවකතාව හෝ කෙටිකතාව යනු හුදු කතන්දරයක් පමණක් නොවේ. එකට ගලපා ඇති සිද්ධි මාලාවක් තිබු පමණින් අප එයට කතාවක් හෝ කෙටිකතාවක් ලෙස පැවසිය යුතු නැති. එය සිංහල කෙටිකතා කලාවට අදාලව මාටින් වික‍්‍රමසිංහ යුගයේදීම ඉක්මවා යන දැනුමකි.  තමා අවට ඇති ලෝකය සමඟ සම්බන්ධ වීමේදී මිනිසා සිය මනුෂ්‍යත්වය සනිටුහන් කිරීමේ පැරණිම ආකෘතියක් ලෙස කතාව ගත හැකි නමුදු සාහිත්‍ය බිහිකර ගැනීමේදි මිනිසා එයිනුත් ඉදිරියට යාමට සමත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දවසේ කෙටිකතාකරුවා, කතාව භාවිත කරනුයේ පාඨකයා ප‍්‍රබන්ධ ලෝකය වෙත කැඳවන උපක‍්‍රමයක් ලෙසය. එමගින් පාඨකයා වෙත මනුෂ්‍යත්වය, ජීවිතය හා සමාජය පිළීබඳ නව තේමාවන් හා අන්තර්දෘෂ්ටීන් ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ දරයි. ලියනගේ අමරකීර්ති කිසිසේත්ම මේ පිළිබඳ අවධානයකින් තොරව ලේඛනයේ යෙදෙන කටිකතාකරුවකු නොවේ. එහෙත් දැන් දැන් ඔහුගේ කෙටිකතාවන්හි කතා රසයට ලැබෙන ස්ථානය අනෙක් අංග යටපත් කරමින් නැගී සිටින බවක් දක්නට ලැබේ....

නිසලව ගලා බසින්නේ දොන් නදිය පමණක් නොවේ!

Image
මිහයිල් ෂොලහොව් විසින් රචිත Quietly Flows the Don කෘතිය, වඩාත් ලෝක සාහිත්‍යයේ අවධානයට ලක්වූ කෘතියකි. සෝවියට් ලේඛකයකු වූ ෂොලහොව් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ මෙම කෘතිය හේතුවෙනි. මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තිත වෙළුම් 4කින් පාඨකයා අතට පත්ව වසර කිහිපයකි. මේ වෑයම, එම කෘතිය සාහිත්‍යමය හා දේශපාලනමය කියවීමක් කිරීමටය. මිහයිල් ෂෝලහොව් පිළිබඳව ජනප‍්‍රිය අදහස වන්නේ ඔහු කොමියුනිස්ට් ලෝකයක් අරභයා අනුත්තර ප‍්‍රාර්ථනාවකින් සාහිත්‍යකරණයේ නියැළුණු සමාජ සත්තා යථාර්තවාදී රීතිය අනුදත්, ලේඛකයකු ලෙසය. වැඩිමනත් මහන්සියකින් තොරවම ප‍්‍රචාරක ලේබලය අලවා, සාහිත්‍ය කතිකාවේ බැරෑරුම් ඉසව් කෙරෙන් ඔහුගේ කෘති බැහැර කරන්නට ඇතැම් සාහිත්‍ය විශේෂඥයන් පෙළඹෙන්නේ එබැවිනි. එහෙත් ෂෝලහොව් එසේ බැහැර කළ නොහැක්කේ ඔහු සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනා ඇති නිසා නොවේ. සිය දේශපාලන පක්ෂපාතීභාවය තිබියදී සාහිත්‍යය කෙරෙහි ඔහු තුළින් පළවූ අකපට අව්‍යාජභාවය නිසාය. එහි ලා කෘතහස්ත උදාහරණය වන්නේ ‘දොන් නදිය නිසලව ගලා බසී’ නවකතාවය. පිටු දෙදහස් දෙසියයක් පුරා විහිදුණු මේ දීර්ඝ නවකතාව තුළ කතුවරයා අපට ආරාධනා කරන්නේ ඔහුත් සමගින් දොන් පෙදෙස...

සාස්තර

Image
  ගායනය හා සංගීතය - තරිඳු දම්සර පද රචනය - රුහුණුකෙත ධම්මදේව සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප‍්‍රජාව පත්ව ඇතැයි ප‍්‍රකාශ කළේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග‍්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග‍්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත‍්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ  ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි.  අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ.  ‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක‍්‍රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්...

‘සූස්ති’ ජිවිතයේ out of focus රූපයක්!

Image
අසමත් රාජ්‍යයක out of focus  ජීවිතයක්’. ඒ තේමා පාඨය රැුගෙන සිනමාහල්වල ප‍්‍රදර්ශනය වූ කුෂාන් වීරරත්නගේ ‘සූස්ති‘ චිත‍්‍රපටය සම්බන්ධ කතාබහ කරන්න අපි කල්පනා කරන්නෙ වත්මන් තාරුණ්‍යයේ පීඩාව සම්බන්ධ  සාකච්ඡා කරන්න උත්සාහ කිරීම නිසයි. කළණ ගුණසේකරගෙ පිටපතක ඔහුම ‘මාලක’ නමැති ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන මෙම චිත‍්‍රපටයේ ඇත්තටම ප‍්‍රධාන චරිතය ලෙස සැළකිය හැකිවන්නේ සමනලී ෆොන්සේකා නිරූපණය කරන ‘සූසා‘ ගේ චරිතයයි.  මේ චිත‍්‍රපටයෙ කතා පුවත කෙටියෙන් කිවහොත්, අපේ සාකච්ඡුාවට පහසුවක් වේවි. ‘සූසා’ මධ්‍යම පන්තික පවුලක එකම දියණිය. මව්පියන්ගෙ ඉලක්කයන් වෙනුවෙන් අපහරණයවීම ඇගේ පීඩාවයි. අකැමැති කෙනෙකු හා විවාහ වීමට බල කෙරුණු තත්වය යටතේ සූසා සියදිවි නසාගන්න සූදානම් වෙනවා. ඇය උස් ගොඩනැගිල්ලකින් පහළට පැනීමට සිතමින් විපිළිසර වෙමින් සිටියදී ‘මාලක‘ එතැන පෙනී සිටිනවා. ඔහු කියන්නෙ ”කොච්චර හිත හදාගත්තත් අන්තිම තප්පරේදි හිත ගැස්සෙනව. ඒත් තනියම බැරි උනත් දෙන්නෙක් එකතු උනොත් පුළුවන්. සතියක් ගිහිල්ල මෙතැනට ඇවිල්ලා මැරෙමු” කියලා. ඉන්පස්සෙ ඔවුන් හිතවත් වෙනවා. මිතුරන් ලෙස ලංකාවේ කල්පිත සංචාරයක යෙදෙමින් අත්කර ගන්නා අත්...