Posts

‘මහජාතියේ යුතෝපියාව’ ජාතික රාජ්‍ය කරාමද?

Image
තම ඊනියා ස්වයංපරිපූර්ණත්වයට සැමවිටම බාධා පමුණුවන ‘අනෙකකු’ පිළිබඳ අදහස් අධිපති ජාතීන්ගේ මනස් තුළ සැමවිට රජයයි. අමෙරිකානුවාට මුසල්මානුවා මෙන් ලංකාව නම් ජාතික රාජ්‍ය තුළ සිංහල ජනයා විසින් දෙමළ ජනයාවද දෙමළ ජනයා විසින් මුස්ලිම් ජනයාවද මෙසේ වටහා ගනු ලබයි. එබැවින් මෙහි ජනකණ්ඩායම් දේශපාලනය තීරණය කිරීමේදී මෙසේ විනාශ කළ යුතු අනෙකා පිළිබඳ අදහස සෑහෙන කාර්යයක් ඉටුකරනු ලබයි. සිංහල ජනයා දෙමළ ජනයාවද දෙමළ ජනයා මුස්ලිම් ජනයාවද ස්වයංපරිපූර්ණත්වයට ඇති බාධාව ලෙස මෙසේ නාමකරණය කළද ඇත්තෙන්ම එම එක් එක් ජාතීන් තම අභ්‍යන්තරික පාන්තික ප‍්‍රතිවිරෝධතා සමහන් කරගනු ලබන්නේද මෙසේ බාහිර ප‍්‍රතිවිරෝධතා දෘෂ්ටිවාදාත්මකව ස්ථාපනය කිරීමෙන්මය.  නමුත් දෘෂ්ටිවාදයට පිටස්තරව සැබෑ ප‍්‍රතිවිරෝධතාවන් ස්ථාපිතව ඇත්තේ මෙහි නාමකරණය කරන ප‍්‍රතිවිරෝධයන්ට වෙනස්ව පමණක් නොව, හරියටම ඊට විරුද්ධ ආකාරයෙන්මය. මේ සාකච්ඡුාව මෙවර රළ කලාපයන් සාකච්ඡුා කිරීමට අප පොළඹවන ලද්දේ නිශ්ශංක විජේමාන්නගේ ‘හඳපළුව හා  තනිතරුව’ කෘතිය විසිනි. නිශ්ශංක විජේමාන්න වූකලී මෑතකාලීන සිංහල භාෂීය ප‍්‍රබන්ධ සාහිත්‍ය තුළ නවලිබරල් වෙළෙඳපොළ, පශ්චාත් නූතන සමාජ අවකාශය, ...

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර

Image
ප‍්‍රසන්න ජයකොඩි විසින් නිර්මාණය කරන ලද 28 සිංහල චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශන සහ විශේෂ ආරාධිතයන් සඳහා දර්ශන දැනටමත් පෙන්වා ඇති නිසා ඒ පිලිබඳ සංවාදයක් මේ දිනවල පුවත්පත්වල ආරම්භ වී තිබෙනවා. පේ‍්‍රක්ෂකයන් බොහොමයකට තවමත් සිනමා ශාලා වලින් එම චිත‍්‍රපටය දැක ගැනීමට හැකිවී නැතත් අපද එම සංවාදයට මැදිහත්වීම අවශ්‍ය බව නිගමනය කළ නිසා මෙවර රළ ප‍්‍රධාන ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන් වෙනවා. විශේෂයෙන් මාර්තු මාසය තුල ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති නිසාත්, ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳව බොහෝ දේ මේ මාසයේ සාකච්ඡුා කෙරෙන නිසාත් එම සංවාදයට ප‍්‍රවේශය ගැනීම වඩාත් සුදුසු බව අපේ හැඟීම. කෙසේ වෙතත් චිත‍්‍රපටය ඔබ අතරින් බොහෝ දෙනෙකු නැරඹු පසුව සංවාදය පුළුල්ව ආරම්භ කෙරෙන අපේක්ෂාවෙන් මෙවර ඒ සඳහා ප‍්‍රවේශයක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.     මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. චිත‍්‍රපටයේ නම පවා එම ක්ෂේත‍්‍ර දෙක පිලිබඳ ඉඟියක් ලබා දෙනවා. චිත‍්‍රපටයේ නම වන ‘28‘ සංඥා කිහිපයක් ලබා දෙන්නක්. 28 යනු කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ එක වටයක් සම්පූර්ණ වීම සඳහා යන දින ගණන. එබැවි...

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

Image
චාමික හත්ලහවත්ත විසින් නිර්මාණය කළ ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍යය නැරඹීමේ අවස්ථාවක් අපට පසුගියදා ලැබුනා. ඒ නාට්‍ය සමන්විත වෙන්නේ සංචාරක නාට්‍ය කණ්ඩායමක් ඇවිත් ඉදිරිපත් කරන කතා තුනකින්. මේ කතා තුනෙන් එකක් සුරංගනා කතාවක්, තව එකක් ඓතිහාසික කතාවක්. අන්තිම එක අපේ සමකාලීන කතාවක්. මේ කතා තුනම හරහා දිවෙන ඒකත්වයක් තිබෙනවා. සුරංගනා කතාවක, ඓතිහාසික කතාවක, සමකාලීන කතාවක ආකෘතික විවිධත්වය තිබියදී මේ නාට්‍යය පුරා දිවෙන තේමාවක් තිබෙනවා. ඒ තේමාව එක පැත්තකින් ගත්තාම ආදරය සහ වෛරය අතර සම්බන්ධය කියලා අපට හිතන්න පුළුවන්. එකිනෙකට පරස්පර ලෙස පෙනුනත් ආදරය සහ වෛරය එකට පවතින විදිය. ආදරයත් වෛරයත් එකට මුසුවී එකම කෙනා තුල තිබෙන විදිය. ආදරය වෛරය බවටත්, වෛරය ආදරය බවටත් පරිවර්තනය වීමේ හැකියාව. සමාජයට යුද්ධය හරහා වෛරය මුදා හරින කෙනෙකු කුටුම්භයට, පවුලට ආදරය මුදා හරින ආකාරය. මේ විදියට ආදරය සහ වෛරය නමැති පරස්පරයන්ගේ ඒකත්වයත්, අරගලයත් මේ පොදු තේමාව ලෙස දකින්න අපට පුළුවන්. එහෙමත් නැතිනම් තවත් පැත්තකින් ආදරය නමැති පුද්ගලික හැඟීමට සමාජමය බලපෑම එල්ල වන ආකාරය මේ නාට්‍යයේ පොදු තේමාව ලෙස ගන්නත් පුළුවන්. පළමු කතාවේදී පන්ති පරතර...

යා හැකි දුරින් නතර වෙමුද ඉන් ඔබ්බට යමුද? මිතුරු යෝජනාවක්....

Image
ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම සිනමා කෘතිය වන ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය මේ වනවිටත් මුල්පෙළ සිනමාහල් වලින් ඉවත්වී ගිහින්. නමුත් එය ලංකාවේ සමකාලීන තාරුණ්‍යය ගැනත්, නාගරික පහළ පංතියේ ජීවිත ගැනත්, කලාවේ ඥානන පාර්ශවය ගැනත් සංවාදයක් ඇතිවී තිබෙන නිසා මෙවර ‘රළ‘ තුළින් ඒ ගැන කතා කරන්න අපි තීරණය කළා. අපි උත්සාහ කරන්නේ නළු නිළියන්ගේ රඟපෑම් මෙහෙමයි, සංගීතය මෙහෙමයි, කැමරා හැසිරවීම මෙහෙමයි ආකාරයේ සම්ප‍්‍රදායික සිනමා විචාරයක් කරන්න නෙවෙයි. මෙහිදී අපේ අවධානය යොමු වෙන්නේ විශේෂයෙන් මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේ දෘෂ්ටිමය පාර්ශවය ගැන.     නමුත් අපි මුලින් සිනමාත්මක පාර්ශවයෙන් ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ ඇති විශේෂත්වය පිළිබඳ කෙටියෙන් අදහසක් නිර්මාණය කර ගමු. සිනමාව එහි ආරම්භයේ සිටම පැන නැගුනේ සමාජමය සිදුවීම්, විශාල පසුතල, භුමි දර්ශන ආදියත් සමග. කෙටියෙන් කියන්නේනම් එයට පදනම් වුනේ විෂය ලෝකය. සිනමා කැමරාවකින් ගත් ප‍්‍රථම දර්ශනය කර්මාන්ත ශාලාවකින් වැඩ ඇරී එන කම්කරුවන්ගේ දර්ශනයක් වීමේ සිට ‘ඔයැ ඨරු්එ ඔර්සබ ඍදඉඉැරහ‘ වැනි මුල් කාලීන චිත‍්‍රපට ධනවාදයේ සමාජමය ස්වභාවය සමග සිනමාවට ඇති සම්බන්...

බෙනඩික්ගේ කවිය සහ විචාරය එපා කියන ඝෝෂාව

Image
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ ‘මයෙ අම්මෙ යමු යංඩ‘ කවි පොත සැප්තැම්බර් 15වැනිදා එළි දැක්වුවා. එහිදී පක්ෂයටද දේශනයක් සඳහා ආරාධනා ලැබී තිබුනා. එම පොත් එළිදැක්වීමේදී පක්ෂයේ නියෝජිතයා කවිය සහ දේශපාලනය පිළිබඳව දැක්වූ අදහස් මේ දිනවල ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. ඒ අදහස් කතා කිරීමට පෙර බෙනඩික්ගේ කවිය ගැන දැක්වූ විවේචනාත්මක අදහස කෙටියෙන් පැහැදිලි කරගත යුතුයි.     ඔහුගේ කවියේ අන්තර්ගතය බෙහෙවින් පදනම් වී තිබෙන්නේ පීඩිතයාගේ වේදනාව මත. බෙනඩික් ලියු කවි වල ඔහු උත්සාහ කරන ප‍්‍රධාන සමාජමය ව්‍යාපෘති තුනක් පිළිබඳව අපේ විචාරය යොමු වුනා. ඔහුගේ කවියේ සමාජමය අරමුණු අතර ප‍්‍රධාන වන්නේ, 1. පීඩිතයාගේ වේදනාව ප‍්‍රතිනිර්මාණය කර එය රසිකයා වෙත ගෙනයාම 2. මානසික ශ‍්‍රමය අධි නිශ්චය වූ සමාජයක කවිය හරහා කායික ශ‍්‍රමයට හිමි වටිනාකම හිමි කර දීම 3. සිය කවිය හරහා මානව දයාව සමාජගත කිරීම     නමුත් බෙනඩික්ගේ කවියේ දේශපාලන අන්තර්ගතයේත් කාව්‍යමය ආකෘතියේත් පවතින සීමාවන් නිසා මේ සමාජ අරමුණු ඉටු කරන ව්‍යාපෘතිය වෙනුවට එම අරමුණු වලට එරෙහි ව්‍යාපෘතියත් සමග ඔහුගේ කවි පෙළ ගැසෙන්නට ඉඩ තිබෙන බවයි අපේ අදහ...

Second Hand ජීවිත ගැන Broadband විවරණයක්

Image
අතොල් ෆොගාඞ් නම් දකුණු අපි‍්‍රකානු  නාට්‍යකරුවාගේ නාට්‍යාවලිය සැලකීමේදී ඔහුගේ මුල්කාලීන Master Harold and the Boy's සහ Swizwe Bannsi is Dead (මේ නාට්‍ය දෙකම බුද්ධික දමයන්ත නාට්‍යවේදියා විසින් ‘මාස්ටර් හැරල්ඞ් සහ බන්සි මැරිලා’ නමින් ලංකාවේ වේදිකාවට ගෙනාවා) වැනි නාට්‍යවලදී ප‍්‍රබල ලෙස දක්නට ලැබුණු ‘කළු ජාතික පාරභෞතිකයන්’ ප‍්‍රතිනිෂ්පාදනය කිරීම වෙනුවට, ඔහුගේ පසුකාලීන නාට්‍යවලදී දක්නට ලැබෙන්නේ, කළු ජාතික විමුක්ති ව්‍යාපාරය දෙසට හෙළන වඩා සූක්ෂම විචාරශීලී බැල්මකි. සුදු ජාතිකයන් විසින් නෙල්සන් මැන්ඩෙලා ‘රොබන්’ දූපතේ සිරකරගෙන සිටි අවධිය පාදක කරගෙන රචනා වූ The Island නාට්‍යය විසින් ද මැන්ඩෙලාගේ  දේශපාලනයේ සිමාව කලාත්මකව විවරණය කරන ලද්දේ වුවද, ‘කළු ජාතික අනන්‍යතාවය’ රැුඩිකල් දේශපාලන මූලයන් ලෙස ගැනීමේ ෆොගාඞ්ගේ පැරණි සම්ප‍්‍රදායම ඉදිරියට ගෙනයන්නක් විය. කෙසේ වුවද, පසුගිය යෞවන නාට්‍ය උළෙලට, ෆොගාඞ්ගේ Hello and Good Bye නාට්‍යය ඇසුරින් ‘සනත් කරුණාරත්න’ නාට්‍යවේදියා විසින් නිෂ්පාදනය කොට  ඉදිරිපත් කළ Second Hand ජීවිත’ නාට්‍ය ඇසුරින් ‘ෆොගාඞ්’ පිළිබඳ කතිකාව අලූත් වූ බවයි අපේ අදහ...

රඟරසියා සොයා යාම

Image
මෙවර අපේ විචාරක ඇස යොමු වන්නේ 19වන සියවසේ ජීවත්වූ ඉන්දීය චිත‍්‍ර ශිල්පියෙකුවූ රාජා රවී වර්මා නම් කලාකරුවාගේ ජීවිතය අළලා නිර්මාණය වූ රඟරසියා චිත‍්‍රපටයටයි. ලෝකය  වෙනස්  කරන්නේ  මිනිසුන්ය.. ලෝකය  වෙනස්  කිරීමේ  ඝානය අත් පත්  කරගත්  මිනිසුන්    එය  විකාශනය  කිරීමෙහිලා  ලෝකය  වෙනස්  කිරීමේ  දේශපාලනය නිර්මාණය වන්නේය. සිත්තරුවා, රඟරසියා සිනමා  කෘතිය  ලෝකය  වෙනස්  කිරීමේ ඝානය අත් පත්  කර  ගැනීමේ දේශපාලනය  සන්නිවේදනය  කරගැනීමෙහිලා  සමත්ය. එක් අතකට  ගලන  මේ  ක‍්‍රමය  තුල  උඩුගම්  බලා  යන  පළමු මොහොත  එකී  පළමු  පුහුණුව  ලෝකය  කිසි  සේත් භාර  ගන්නේ  නැත . එය  විකුර්තියක්  පිස්සුවක්  බවට  පත්  වේ.  මේ  සංවාදය  ගොනු වන්නේ  නිර්මාණයට  පාදක  වූ  ඉන්දියාවේ  එකී  මොහොතේ  සමාජ  වටපිටාව  දේශපාලනය  විග‍්‍ර...