Second Hand ජීවිත ගැන Broadband විවරණයක්
අතොල් ෆොගාඞ් නම් දකුණු අපි‍්‍රකානු නාට්‍යකරුවාගේ නාට්‍යාවලිය සැලකීමේදී ඔහුගේ මුල්කාලීන
Master Harold and the Boy's සහ Swizwe Bannsi is Dead (මේ නාට්‍ය දෙකම බුද්ධික දමයන්ත නාට්‍යවේදියා විසින් ‘මාස්ටර් හැරල්ඞ් සහ බන්සි මැරිලා’ නමින් ලංකාවේ වේදිකාවට ගෙනාවා) වැනි නාට්‍යවලදී ප‍්‍රබල ලෙස දක්නට ලැබුණු ‘කළු ජාතික පාරභෞතිකයන්’ ප‍්‍රතිනිෂ්පාදනය කිරීම වෙනුවට, ඔහුගේ පසුකාලීන නාට්‍යවලදී දක්නට ලැබෙන්නේ, කළු ජාතික විමුක්ති ව්‍යාපාරය දෙසට හෙළන වඩා සූක්ෂම විචාරශීලී බැල්මකි. සුදු ජාතිකයන් විසින් නෙල්සන් මැන්ඩෙලා ‘රොබන්’ දූපතේ සිරකරගෙන සිටි අවධිය පාදක කරගෙන රචනා වූ The Island නාට්‍යය විසින් ද මැන්ඩෙලාගේ දේශපාලනයේ සිමාව කලාත්මකව විවරණය කරන ලද්දේ වුවද, ‘කළු ජාතික අනන්‍යතාවය’ රැුඩිකල් දේශපාලන මූලයන් ලෙස ගැනීමේ ෆොගාඞ්ගේ පැරණි සම්ප‍්‍රදායම ඉදිරියට ගෙනයන්නක් විය.
කෙසේ වුවද, පසුගිය යෞවන නාට්‍ය උළෙලට, ෆොගාඞ්ගේ Hello and Good Bye නාට්‍යය ඇසුරින් ‘සනත් කරුණාරත්න’ නාට්‍යවේදියා විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ Second Hand ජීවිත’ නාට්‍ය ඇසුරින් ‘ෆොගාඞ්’ පිළිබඳ කතිකාව අලූත් වූ බවයි අපේ අදහස. එය හුදෙක් ෆොගාඩි පිළිබඳ කතාවකට වඩා ‘පීඩිත ජාතිකවාදයන්’ සම්බන්ධ කතාවක්ද වන බැවින් මෙවර ‘රළ’ කලාපයේ යම් ඉඩක් ඒ සඳහා වෙන් කළ යුතුයැයි අප තීරණය කළා.
ශ‍්‍රාමීය තදාසන්න ජනාවාස පරිසරයක ජීවත්වන ජෙනී (තිලිණි පෙරේරා) සිය රෝගී පියාට උවටැන් කරමින්, දුෂ්කර රැුකියාවක් කරමින් ජීවත්වන අතර, වසර ගණනකට පෙර නිවෙස අතහැර නගරයට සංක‍්‍රමණය වූ ඔහුගේ සොයුරිය හෙස්ටර් (උමා දමයන්ති) යළිත් නිවෙසට පැමිණ ඇත්තේ, පියාගෙන් උරුමවූ යම් දෙයක් ඇත්නම් එයද රැුගෙන යළිත් නගරය වෙත යෑමටයි. නාට්‍යයේදී ඇගේ වචනාර්ථයෙන්ම එය කියන්නේ නම් ‘මම නිකං Hello කිව්වා, Good Bye කිව්වා, එච්චරයි’.
රෝගී පියා ‘අබ්බගාත’ වී ඇත්තේ ගල්කොරියක සේවයේ නියුතුව සිටින විට සිදුවන අනතුරකින් කළු ජාතික කම්කරුවන්ගේ දුෂ්කර සේවා කොන්දේසි, ජීවිතවල අනාරක්ෂිත බව පිළිබඳ කතිකාවක් හරහා ඉදිරියට ගලාගෙන යන නාට්‍යය අවසන් වනුයේ, පියා සතු වූ යම් වස්තුවක් වේනම් එය රැුගෙන පිටව යෑමට යුහුසුළුවන සොයුරිය (හෙස්ටර්) ඒ සඳහා පියාගේ කාමරය තුළට යෑමත්, එහිදි සිය සොහොයුරා ජීවත්වනුයේ මියගිය පියාගේ සිරුරක් සමඟ (හෝ මතකයත් සමඟ) බව හෙස්ටර්ට හෙළිවීමත්, ඒ හරහා ඇගේ ‘වස්තුලෝභය’ සිදි බඳී ගොස්, ඇය යථාර්ථයට අවධිවීමත් තුළය. ඒ හරහා හෙස්ටර්ගේ නාගරික ධනවාදී මිනිස් සබඳතාවයන්හි අර්ථ ශුන්‍යභාවය, නිර්මානුෂිකභාවය ප‍්‍රශ්න කරන නාට්‍ය කරුවා, එම වාස්තවික දේශපාලන ආර්ථික සබඳතා කේවල පුද්ගලයන්ට අවබෝධ වු පමණින් හිතු හිතු ලෙස වෙනස් කළ නොහැකි බව අඟවමින්, යළි හෙස්ටර් සිය ජීවිකා වෘත්තීය ගෙනයාමට (ඇත්තටම ඇය නාගරික ලිංගික ශ‍්‍රමිකයෙකි.) නගරයට යන හැටි නිරූපණය කරයි. අනෙක් අතින් නිවසේ තනිවුණු ජෙනී පියාගේ කිහිලිකරු දෙක රැුගෙන (නාට්‍ය ආරම්භයේ සිට පියාගේ කිහිලිකරු දෙක රැුගෙන කොර ගසමින් ආයාසයෙන් ඇවිදීමට ජෙනී පුරුදු පුහුණුවීමේ අර්ථය එළිවනුයේ දැන්ය) කොරා සහ අබ්බගාතයාගේ භූමිකාවට ආරෝපණය වෙයි. එනම් කර්මාන්ත ශාලාවේ දුෂ්කර සේවා කොන්දේසිවලින් මිදී අබ්බගාතය පෙන්වා අන්අයගේ අනුකම්පාවෙන් යැපෙන්නෙකු බවට පත්වේ. ගල්කොරියේදී පාදය අහිමිවු පියාගේ ජීවිතය ඛේදවාචකයක් නම් කකුල් දෙකම හොඳට තියෙන කල එම ජීවන භූමිකාවම රඟදැක්වීමට සිදුවූ පුතාගේ ජීවිතය උත්ප‍්‍රාසයක් බව නාට්‍යකරුවා අපට පැහැදලි කරයි.
අප කලින්ද සඳහන් කළ පරිදි ‘ෆොගාඞ්’ ඔහුගේ නාට්‍ය කලා ජිවිතයේ පොර බදන මූලික අක්ෂය ඇත්තේ මෙතැනයි. ‘සදා නොවෙනස් වන සුළු කළු ජාතිකභාවයයි.’ ෆොගාඞ්ගේ පසුකාලින විවේචනය ගොනුවෙනුයේ මෙන්න මේ ‘කළු ජාතික පාරභෞතිකයන්ට’යි. මෙය ෆොගාඞ්ගේ පසුකාලීන නාට්‍යවල දිගින් දිගට කතා කරන මාතෘකාවකි.
සුප‍්‍රකට කළු ජාතික ශිෂ්‍ය නායක ‘ස්ටීව් බිකෝ’ හා ෆොගාට් නම් සුදු ජාතික විනිශ්චයකරුවා අතර සිදුවු නඩු විවාදයේදී අපි දන්නවා ‘කළු සුන්දරයි’ කියන පදනමෙන් බිකෝ තර්ක කළ ආකාරය. එම මුළු නඩුව පුරාම ‘බිකෝ’ උත්සාහ දරන්නේ ‘කළු’යැයි අනන්‍යතාවයක් තාර්කික කිරීමටය. නමුත් ෆොගාඞ්ගේ මෙම නාට්‍යයෙන්ද ඔහුගේ පසුකාලීන වෙනත් නාට්‍යයන්ගෙන්ද අපට හෙළිවනුයේ කළු ජාතික අරගලයේ මෙම මුල්කාලීන තර්කයට වඩා වෙනස් තර්කයකි.
පසු කාලීනව, ලෝක විමුක්තිවාදින්ගේ දැස් නිලංකාර කරවන ත්වරණයකින් සිදුවු නෙල්සන් මැන්ඩෙලාගේ හදිසි විපර්යාසයන් පවා පිළිවෙළකට කියවා ගැනීමේ යතුර ඇත්තේ කළු ජාතික ව්‍යාපාරය මුහුණ දුන් මේ සංකිර්ණතා තුළය. ඒ හරහා කළු ජාතික ව්‍යාපාරයේ, අඩංගු වූ රැුඩිකල් විමුක්තිවාදි ජාතිකවාදි ප‍්‍රකාශමාන වීමේ කෙළවර සනිටහන් කිරීමට ‘ෆොගාඞ්’ සමත්වේ. (අප කලින්ද සඳහන් කළ පරිදි ජෙනීගේ ස්වයං ඛේදවාචී අවසානයෙන්)
කලකට පෙර බුද්ධික දමයන්ත නාට්‍යවේදියා විසින් ‘සිංදු කිරිල්ලී’ නමින් නිෂ්පාදනය කළ ෆොගාඞ්ගේ නාට්‍යයෙන්ද පේ‍්‍රක්ෂකයාව මෙසේ ද්වත්ව ප‍්‍රතිපක්ෂ අර්ථයක් මත සිරකරවනු ලැබු හැටි අපට මතකයි. එකෙදි ‘ෆොගාඞ්’ ප‍්‍රශ්නය ගේන්නේ සම්ප‍්‍රදායක ගොවිබිම්වල බීජ හිටවනු ලැබීමෙන් ස්වයං පරිපුර්ණභාවයේ සතුට විදින පියෙකු ිමචැරිඒර සිහිනයක් පසුපය ලූහුබඳින දියණියක අතර ගැටුමයි. නෙල්සන් මැන්ඬේලාගේ දේශපාලනය ස්ථානගත වනුයේ හරියටම මෙන් නමේ ගම සහ නගරය වෙන් කරන රේඛාව මතයි. වහල් අපි‍්‍රකාව සහ ධනවාදී අපි‍්‍රකාව සහ වෙන්වන රේඛාව මතයි. සම්ප‍්‍රදාය සහ නවීකාරකත්වය වෙන්වන රේඛාව මතයි.
‘උනුත් එකයි - මුනුත් එකයි’ ශෛලියෙන් ඔය දෙකම එකයි යැයි ලාබෙට කිව හැකි වුවත් එසේ කිව නොහැකි මානයකට කෘතිය පේ‍්‍රක්ෂකයාව රැුගෙනයයි. ඒ අනුව මානව සංහතියේ විමුක්තියේ විමුක්ති මාර්ගය ඇත්තේ ‘හෙස්ටර්ගේ ප‍්‍රවේශය තුළ යැයි කෘතිය සමඟ ගැඹුරු සංවාදයකදී අපට වැටහී යයි. මන්ද සීමා සහිත, භූමියට බැදුනු, සීමාකාරී අනන්‍යතාවකට වඩා අපේ යුගයේ මිනිස් නිදහස පිළිබඳ අභිලාෂ බැඳි ඇත්තේ ‘පෘතුවි ගෝලීය පරිමාණ අපේක්ෂා සමගයි. එය නියෝජනය වනුයේ, නාගරික, කාර්මික හා වැටුප් ශ‍්‍රමික ‘හෙස්ටර්ගෙනි. ඒ අනුව තමාගේම සීමාවන්ගෙන් පීඩා විඳිනු ලබන ඊනියා ‘කළු ජාතික ආත්මය’ පිළිබඳව නාගරික කම්කරු පන්තික චින්තනයක් තුළ පමණක් උපදිනු ලබන දේශපාලනික අවබෝධයකින් කෘතිය පේ‍්‍රක්ෂක මනස පුරවාලයි. ‘ජෙනී කෙරෙහි පේ‍්‍රක්ෂකයා තුළ හටගැනෙන ආකල්පය මෙයයි. ඒ හරහා අප ජීවත්වන ලෝකයේ මානවීය සබඳතා දේශපාලන මානයකින් කිරා මැන බලා අවබෝධ කරගැනීමට කෘතිය අප පොළඹවාලයි.
කෘතිය අවසානයේ ‘පියාගේ නිවහන’ අතහැර තමා සමඟ නගරයට යෑමට එන ලෙස හෙස්ටර් කරන යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම පිටුපස ඇත්තේ, හුදු ජෙනීගේ ඇට්ටරභාවයක් පමණක් නොව කළු ජාතික ව්‍යාපාරයේ එක්තරා සීමාවකි.
කෙසේ වුවද මේ කියන්න යන්නේ අපේ කාලයේ ඊනියා විශ්ව ගම්මානය තුළ ‘ප‍්‍රදේශීයවාදී’ ‘ජාතික විමුක්තිවාදී’ ‘අනන්‍යතාවාදී’ අරගල අවසන් බව නොව මේ කුමණාකාරයේ අරගලයක් වුවද, ජාත්‍යන්තරවාදී, ලෝක පරිමාණ, ගෝලීය පර්යායක් මත නොපිහිටන්නේ නම්, ඒවා අනාගතය දෙසට නොව අතීතය දෙසට හැරුණු අරගලය පමණක්ම වන බවය. මන්ද ධනේශ්වරය කි‍්‍රයාත්මක වනුයේ එවැනි ගෝලීය පරිමාණ පර්යායකිනි.
කෘතිය පිළිබඳ කලාත්මක තක්සේරුවක් දෙසට අප අවධානය යොමුකරන්නේ නම් අධ්‍යක්ෂවරයා සහ නාට්‍යයේ චරිත දෙක ර`ගපෑ රංගන ශිල්පිනිය හා ශිල්පියා උක්ත කාර්යයන් සාධනය කිරීමට සෑහෙන උත්සාහයක් ගන්නා බව පැවසිය යුතුය.
නාට්‍යයේ සියුම් රිද්මය බිඳවැටේ යැයි යන භීතියෙන් රංග ශෛලිය අනවශ්‍ය ත්වරණයකින් හා ආකෘතියකින් පවත්වාගෙන යෑමට ගත් උත්සාහය තුළ, නාට්‍යයේ සංසරණයේ පේ‍්‍රක්ෂාවන්ගේ හා මනෝ වෘතයේ සියුම් තැන් මතුකර ගැනීමට තිබු අවස්ථා මගහැරී ගියාදෝයි අධ්‍යක්ෂකවරයා යළි සිතා බැලිය යුතුව ඇත.
Comments
Post a Comment