නා අරටු සිය දහසක් පසු කරමින් ගලන 'අලු පැහැ වැව් දිය'

 


'අළු පැහැ වැව් දිය’ සිසිර කුලතිලකගේ කුළුදුල් කාව්‍ය සංග‍්‍රහයයි. කිසිවෙකුගේ කුළුදුල් කාව්‍ය සංග‍්‍රහයකදී පාඨකයා කෙසේ වෙතත් විචාරකයා මුහුණ දෙන අභියෝගයක් තිබේ. කෘතිය පිළිබඳව දක්වන කවර අදහසක් හෝ කතුවරයාගේ ආධුනික බව යන මුඛ්‍ය කරුණ සිත්හි තබා කළ යුතු වන්නේ අවංක විචාරය යනු ඇතැම් විට දෙපැත්ත කැපෙන පිහි තලයක් සේ භයානක නිසාය. ‘අළු පැහැ වැව් දිය’ කෘතියට අදාළව යමක් සටහන් කරන්නට සිතන විචාරකයා එබඳු අබග්ගයකට මුහුණ නොපානු ඇත්තේ ලියා මතු කර පෙන්වන්නට තරම් සියුම් වූ ද ගැඹුරු වූ ද මනස්කාන්ත වූ ද කාව්‍යමය පරිචයක් සිය කුළුදුල් කෘතියෙහිම ලා ප‍්‍රදර්ශනය කරන්නට තරම් සිසිර සමත්ව ඇති බැවිනි.

ඔහු කාව්‍ය සරණිය රසිකයා අබිමුව තබන්නේ තරමක දුලබ ආකෘතියක් යොදා ගනිමිනි. ‘දියවරක ආත්මීය චාරිකාව’ යනුවෙන් සරණිය සිව් වැදෑරුම් මාවතක ගලා යාමට සලස්වන්නේ ‘ගිරි මුදුන මගේ නිවහන’ වැනි කෘතියකදී සුනිල් විජේසිරිවර්ධන භාවිතයට ගත් ආකෘතිය සිහිපත් කරමිනි. සුනිල්ගේ කෘතියේ හැඳින්වීමේදී ඔහු කියා තිබුණේ ධාරා කීපයකට වෙන් කරනු ලැබුවද එහි සීමා හැම විටම එක් එක් ධාරාවකින් සපුරාම වෙනස් නොවන අතර සීමා බොඳ වීමේ සහ මුසු වීමේ ඉඩක්ද ඇති වගය. සිසිරගේ ‘දියවර’ද පාඨක හද මනස හරහා ගලා බසින්නේ දියවරකට අනන්‍ය වූ නොබ්ඳුණු අඛණ්ඩ බවෙහි රස මුසුව සමගින් මිස බෙදා වෙන් කරන ලද කල් තියා සැලසුම් කළ ධාවන පථ ඔස්සේම නොවේ.

ඔහු කෘතියේ පළමු කොටස නම් කරන්නේ ‘දිය මත ඇඳි සිතුවම්’ ලෙසිනි.

එහි ලා කවි අටක් අඩංගු වන අතර ඊට  ‘කාලය විසින් මකා දමන්නට වෙර දරන, මතකයේ ඉතිරි වූ අළු පාට රේඛා.’ යනුවෙන් පූර්විකාවක්ද සපයා තිබේ. නමුත් සමීප කියවීමකදී කෙනෙකුට තේරුම් යන්නේ ඒ වනාහී හුදු අළු පැහැති ස්මරණයන් පමණක්ම නොවන බවය.

ජීවත් වීමේ ක‍්‍රියාවලිය තුළ  ඕනෑම සාමාන්‍ය මිනිසෙකුටද දාර්ශනික වීමේ ප‍්‍රතිභාව නැතුවා නොවේ. ඒ දාර්ශනික ප‍්‍රතිභාව වනාහී දිවා ? වන පොත් කොට ශාස්ත‍්‍රීය වෙහෙසකික් උපයා සපයා ගන්නක් නොව ජීවිතයේම අනේක විධ හැලහැප්පීම් තුළින්ම නිරායාසයෙන් මතුව එන්නකි. එහිලා තමන් අත් පත් කරගන්නා ජීවනාවබෝධය මුවින් කියා ගත නොහී දරාගත් කොතෙකුත් සාමාන්‍ය මිනිසුන් සිටිනවා ඇත්ද? මේ එබඳු සාමාන්‍ය මිනිසෙකු දාර්ශනික ප‍්‍රතිභාව අත් පත් කරගත් මොහොතක් නොවේද?

දහවලේ හමුවුණා එළිය මත අඳුරක්

ඉන් උපන් සෙවණැල්ල තවත් එක   කවියක්

කොහේවත් දුටුවේ නැත,එළිය මත එළියක්

ජීවිතේ හැම තැනම එළිය බැඳි අඳුරක්”

  - පිටුව 3

එළිය බැඳී අඳුර’ යනුවෙන් රචිත මේ කවි පංතියේදී කතුවරයා මතු කරන්නේ ජීවිතයේ කවරම හෝ දීප්තිමත් මොහොතක පවා අඳුරක් ගෑවී ඇති වග නම් ජීවිතයේ අරුත කුමක්දැයි යනුවෙන් කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති විපිළිසර බව නොවේද? ජීවිතය නම් සිදුවීම විසින් එබඳු අසීරු පැන හැම විටම අප හමුවේ තබන අතර ඊට ඒත්තු යන සුළු පිළිතුරු සැපයීම විධිමත්

දාර්ශනික ව්‍යාපාරයක වගකීමකි. සාංකාවේ හිස් තැන පිරවීමේ උද්යෝගීමත් වූ මෙහෙවර සියතට ගන්නේ ආගමය. ‘මැරුණු සමනලූන්ගේ ඉර සේවය’ යනුවෙන් රචිත පද්‍ය පංතියේදී රූපකයක් සේ උස්ව නැගී සිටින සමනල කන්ද සාංකාව මුවා කරනා සෙවණැල්ල බවටද පත් වේ. ජීවිතය යනු කිසියම් උස් වූ ප‍්‍රාර්ථනාවක් සපුරා ගැනීම බවත් ඒ කරා වැටුණු මග සමනොල කරුණා කිරීම තරම් අසීරු වූ ද දුෂ්කර වූ ද ගමනක් බවත් චිර ප‍්‍රකට අදහසකි. ගීත කාව්‍ය සාහිත්‍යය තුළ ‘ඔලොගුව’ යනු හැම විටම තෘෂ්ණාවේ නිරූපණය වූ අතර නව අධි පාරිභෝජනවාදී මොහොත තුළ තෘෂ්ණාව කෑදරකම දක්වා විපරිණාමය වී තිබෙන අතර ඔලගුව යනු ඊට කැපෙන රූපකයක් නොවන්නේ එහි වන චාම් සරලත්වය නිසාය. සංකීර්ණ සමාජ මොහොතකදී අපට මුණ ගැසෙන්නේ ජීවිතයට කල් තියා සපයා ඇති ඉලක්ක සපුරා ගැනීමෙන් උපේක්ෂා සහගතව සිනා නගන මිනිස් දෙතොලක් වෙනුවට විජිගීෂාවෙන් පාරම් බාන මිනිස් දෙතොලකි. එහෙත් කවිය වසා වෙලී වැටෙනා සමනල කන්දේ සෙවණැල්ල කොතෙක් ‘ආනුභාව සම්පන්නද යත්’ සත්‍යය තිත්ත බව පවා මඳකට අපට අමතක වී යයි.

 

සීත සමනොළ කන්ද පාමුල

මැරුණු සමනල තටුව හමුවෙනවා

 

හදේ ගැඹුරේ තටුව ස`ගවා

ඔලොගු උසුලා, ගමන අරඹනවා

 

ඇයට ගෙත්තම්පාන හමුවෙනවා

මවා ගෙත්තම් ඇය සිනාසෙනවා

 

ඇයට ඉඳිකටුපාන හමුවෙනවා

ඇණී ඉඳිකටු කඳුළු වැගිරෙනවා

 

ඇයට මහගිරිදඹ සිනාසෙනවා

මැරුණු සමනල තටුව දිරි දෙනවා

 

දෑස් මීදුම් පටලයෙන් වැසෙනා

වෙහෙස නිමවී ඇය සිනාසෙනවා..

 

නැගෙනහිර අහසේ,බලා ඉර සේවේ

කන්ද මුදුනේ අයෙක් හිනැහෙනවා!

කන්ද මුදුනින් පහළ බලමින්

ඔහු සිනාසෙනවා!”..

  - පිටු 9-10

මුළුමනින්ම නොවූවද  චිරාගත ලෝකෝත්තර දෘෂ්ටිවාද තුළින් යම් පමණකට හෝ ගලවා ගැනීමට  සමත් වන්නේ නම්  කවිය වඩාත් තියුණු දේශපාලනික අඩවියකට ඔසවා ගන්නට සිසිරට හැකි බව අවිවාදිතයැයි හැෙ`ගන්නේ ‘කළඹා වැටෙන දිය රාවය’ යනුවෙන් ඔහු නම් කරන දෙවන කොටස කියවා බලද්දීය. ‘සමාජ කැළඹීම, දේශපාලන උපහාසය සහ නූතනත්වයට එරෙහි විප්ලවීය හඬ’ යනුවෙන් ඊට සපයන පූර්විකාවට ගැලපෙන ලෙසින්ම ඔහු අදාළ ප‍්‍රස්තුත හා සෘජු වූ ද ප‍්‍රවනතාත්මක වූ ද ගනුදෙනුවකට එළඹේ. ‘සඳ සහ තරුව ඇලවූ බෝම්බය’ යනුවෙන් රචිත පද්‍යයේ ලා තැනක පුපුරා හැලෙන ඔහුගේ කාව්‍යාත්මය මොනතරම් අපූරු කාව්‍යෝක්තීන් නිම වන්නේ දැයි බලන්න.

දෙවියන්ට ඇණ තුනක් ගලවනු

නොහැකි හින්දයි - ජේසු මියගියේ

බෝම්බය කෙළවරේ මුදුනෙද

සඳයි තරුවයි - එකට ඇලවුණේ?”

  - පිටුව 27

මෙබඳු කවියකදී ඔහුගේ කාව්‍යෝක්තීන් හුදු ආවේගශීලී වීමෙන් ¥ෂණය නොවී කිසිවෙකු අත පත ගාන්නට පැකිලෙන ශුද්ධ වූ අඩවියක් පිළිබඳ  විමංසනශීලීව  සිතන්නටයැයිද ආරාධනා කරයි.

ආගමේ සුදු එළිය වැටුණම

අනෙක් පැත්තේ අඳුර බෝ වුණී

පුදසුනේ තැබු නිසා වෙන්නැති

කලින් සැ`ගවුණේ - බොහෝ මල් පෙතී”

  - පිටුව 28

ශිෂ්ටාචාරයේ අනවරත ගලා යාමේදී ආගමක් විසින් කරන ලද කාර්යාභාරය ඉතිහාසය තුළ තබා විග‍්‍රහ කරන්නේ නම් අපට බොහෝ ශාස්ත‍්‍රීය කාරණා මතු කර ගත හැකි වග ඇත්තක් වුවත් ආගමේ නාමයෙන් කෙරෙන්නා වූ කෛරාටික ප‍්‍රයෝග හෙළිදරව් කිරීමට අතීත විභූතිය බාධාවක් කර ගත යුතු නැත. ‘නව ලිබරල්වාදයේ පින්තාලිය’ යනුවෙන් සිසිර රචිත පද්‍යය නූතන සන්දර්භය තුළ තබා ආගම තේරුම් ගන්නට ගත් වෑයමක් සේ හැෙ`ග්.

වාමන රූප-මුරගල,

ඊට පහළින්-ධර්මාසනය

පඩිපෙළ කෙළවර-නෙතු මානයේ

අපි උන්නු තැන-සඳකඩපහණ!”

 

පිටතට ගිනි විහිදුවන පලාපෙති

ඇත්-අශ්ව-සිංහ=ගව

( පසු කලෙක ගවයා ඉවත් කළා විජාතික බලපෑමට *

සංසාර චක‍්‍රයේ දැවි දැවී ඇවිදින

 

ලියවැලෙන් සෝභන තණ්හාව

හංස වැල-විමුක්තිය සොයා යන උතුමන්ය

දියෙන් කිරි වෙන් කරත්‍ව

අපිට උණු වතුර විතරක් ලබා දෙන අපූරුව!

 

සාදු කියපන් මයෙ පුතේ

කිරි ලැබෙන්නේ පිං කළ ඇත්තන්ටයි..!

සාදු! සාදු! සාදු!”

  පිටුව 31

 

පිටු තුනක් පුරා දිග හැරෙන මේ කවිය අවසන් කරන්නේ මෙලෙසිනි.

දෙව්ලොව කප්රුක සක් දෙවිඳු                                     මැතිඳුන්ට

අපේ මේ මනුලොව සියලූ දෑ

                        රජ සිටු මැතිවරුන්ට

සාදු කියන්න නව ලිබරල්වාදයට!”

  පිටුව 33

 

කවියේ ඉසියුම් භාව ප‍්‍රකාශනය පිළිබඳ වද වෙන කිසිවෙකුට මෙබඳු කවියක වන්නේ කුමක කවිතාවක්දැයි පැනයක් ඇති වීම සාධාරණ වුවත් ඇතැම් විරෝධාකල්පයක් අමුවෙන් දෙසා බාන තරමට එහි ඒ අමුවටම ආවේණික වෙනත් සෞන්දර්යයක් වේ. තමන්ගේ ජීවන පීඩාවට හේතුව නව ලිබරල්වාදයේ අධම සමාජ කොන්දේසි යැයි තේරුම් ගන්නා දේශපාලන ජීවියෙකුට එබඳු

කවියක් හා අනන්‍ය විමට පහසුවෙන්ම හැකිය.

 

කෙනෙකු කවියෙකු බවට පත් කරන්නේ ප‍්‍රතිභාව පමණක් නොවේ. ජීවිතය සහ ලෝකය පිළිබඳ ඔහුට ඇති ඇසූ පිරූ තැන් කවියෙන් පරාවර්තනය කරන්නට සමත් වන්නේ නම් ඔහුගේ කවිය නොඅනුමානවම ගම්භීර භූමිකාවක් උසුලනු ඇත. ‘නිසල දියෙහි සැ`ගවුණු සෙවණැලි’ යනුවෙන් රචිත තුන් වෙනි කොටසට කවියා සපයා ඇත්තේ මෙබඳු පූර්විකාවකි. ‘ජීවිතයේ යටි පෙළ, හුදෙකලාව, මරණය සහ අහිමි වීම්වල ගැඹුරු ශෝකය’.

එහි ලා ඔහු රචිත ‘හෙරොයින් පෙමක සඳපාන’  සුලභ ඛේදවාචකයක් සංවේදීව රූපණය කිරීමකි.

පෙරෝගෙන නිදයි - ඝනඳුර පිනි බාන

දිරෝගන්න බැරිවද - පෙම්බර හීන

සරෝජනී ඇයි - පරවුණේ මල් යහන

හෙරෝයින් පෙමක - එතුණිද සඳපාන?

 

ගමේ මැද ගෙදර - තල මල පිපිලාය

පළේ මුදුනේ - උළලේනිය හැඬුවාය

පිළේ තෙල් පාන - සුළ`ගට නිවුණාය

රැුයේ පරව ගිලිහුණි - නිල් තරු යාය

 

උතුරා බත පිටාරව - ළිප නිවිලාය

ඉකිලා බාල දුරකථනය - හැඬුවාය

සාරසියක් දුක් - දොම්නස් ගෙලලාන

ලාභ සාරි පොට - ගෙල සිර කරලායත්‍

අඳුරු ?ක දුක් සීපද’ යනුවෙන් ලියන කවියෙහිද කවියාගෙන් පළවන්නේ අපූරු මානවවාදී දැක්මකි.

හීතල පපුව - උණුසුම් කරන බීඩියේ

සීත ගිනි අවුල්ලා - ගිනි තපිමි වාඩියේ

මගේ පොඩි පැටව් - නිදි ඇති පැදුරු වාටියේ

හරි හරි ඉතින් - නාඬනු මැනවි සොඳුරියේ

 

තරණය කරනු නොහැකිව - දුප්පත් පවුර

පේදුරු තුඩුව අපි හෙව් හැටි - දෙවුන්දර..!

පැරදුණු සිතට - තව කුමකටද හිරිහැර

`ගට කැපූ ඉනි ගැන - ඇයි තව තැවුල?”

  - පිටුව 48

එය දෟෂ්ටිවාදයකින් පිරිපහදු කරගත් මානවවාදයක් නොවන අතර කවියෙකු එසේ කළ යුතුමදැයි කෙනෙකුට ප‍්‍රශ්නයක් නගන්නටද බැරිකමක් නැත. දියවරකට බෙදා වෙන් කළ පරිදිම ජීවිතය යනු මේ සියලූ භාව කලාපයන්ගේ නියෝජනයකි. විටෙක දේශපාලනිකව ගිනියම් වී අවි අමෝරා ගන්නට සිතෙතත් ඒ ඇසිල්ලේම හුදෙකලා අඳුරු මුල්ලකට වී ඉටිපන්දම් එළියක් යට හඩා වැටෙන්නටද හැකිය. අළු පැහැ වැව් දිය රැුළිති නගන්නේ කඳුළෙන් සුසුමෙන් සහ සාංකාවේ ආවේගයෙනි. ඒත් ඒ කිසිවක් නිසා ජීවිතය පිළිබඳව ලාලසාව මීදි සිඳී නොයන්නේය. ජීවිතය මේ තරම් අපූර්ව එබැවින් නොවන්නේද?

පිපී බාලොලිය මල් රඟාගෙන සුළං රැළි සැරට

සලකුණක්වත් නැතිව දිය වෙලා දැන් කොහේද?

ඒත් නා අරටුවක් තිබෙනවා සොහොන ළ`ග තවම

මේ මහා ජල කඳට අදටත් මරන්නට බැරිව”

 - පිටුව 60

ජීවිතය නම් දියවර ගලායන්නේ එබඳු නා අරටු සිය දහසක් පසුකරමින් නොවේද? කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය තුළ සිසර සලකුණු කරන කාව්‍යාත්මයද නොසිඳී නොමිදී පෙරට ගලා යා යුතු වන්නේ සිංහල කවිය පෝෂණය කිරීමේ ලා ඔහු සතු ශක්‍යතාවය අළු පැහැ වැව් දිය තුළින් මනාව විද්‍යමාන වන බැවිනි.

 

 

 

 


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම