නිවුන්ගේ නිවීම
(‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ පිළිබඳ සටහනක්)
වසන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ල සිය සාහිත්‍ය දිවියේ වසර 25 ක් පිරීම සනිටුහන් කළේ ඔහුගේ නව කාව්‍ය සංග‍්‍රහය වූ ‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ පාඨක පර්ෂදය වෙත දිගු කරමිනි.
සමනල කන්ද (2001),
සිතක උපන් කවි (2005),
සුළ`ග(2009),
ඔබ මට සිදුහත් (2011),
නිහඬව ගලන මේ ග`ග (2015),
මට දුරද මල් පිපෙන හදවත(2021),
සුනිල මිණි (2025)
යන කාව්‍ය සංග‍්‍රහයන් තුළින් ඔහු සිය කවි දිවිය සහෘද හදෙහි සටහන් කොට ඇත.
පාසැල් පියස තුළ පේ‍්‍රමයෙන් තෙත ගුරු හදවතක විප්ප‍්‍රලම්භ දෝංකාරය මේ කවි පන්ති තුළ අපට නිරායාසයෙන් ඇස ගැටෙන්නට සලස්වයි. පරිස්සමට නිරීක්ෂණය කරන්නෙකුට මෙහි සැ`ගවුන නිවුණු නිවුන්ගේ අතීතකාමී සැරිසැරීම හසුවේ. එය කවි පොතෙහි මහා පොදු සාධකය වැන්න.
සීතලයි දැන් සැඳෑ සුළඟ
හෙන්දිරික්කා මල් පිපෙන
සැඳෑ කල
පාළුවක් දැනෙයි
ඔබ මතකයට එන විට
ඔබ හලෝ කියනා හ`ඩ
අන් අයට වඩා මිහිරිය
කෙටිම කෙටි දිවියක
ඉතා කෙටි කලකට
මහද උයනෙහි ඇවිද ගිය
ඔබේ පිය සටහන්
හරිම ගැඹුරුය
.................. (30 පිටුව)
පාසැල් සිසුන් අතර ගොඩනැගෙන ප්‍රේම කලාපය, පාසල් ප්‍රේමය, නමින් ජනප‍්‍රිය වහරේ හඳුන්වයි. අඩු වැඩි වශයෙන් අප කා අතරත් එවන් ප්‍රේමයක සෙවණැලි නැත්තේ නැත. ‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ තුළ හමුවන ගුරු හදක සැඟවුණු ප්‍රේමයට නිවුන් පවා නමක් නොදී පිරිනිවෙයි. එවන් හැඟීමක සංකීර්ණත්වය එයයි.
මෙහි කවි කිහිපයක් හැර සියලූ කවිවල සිතින් පෙම් කරන, හදින් බැඳුණු එහෙත් නිවුණු අපූරු පෙම්වතියක් සඟවා ඇත මේ බලන්න. ඒ හැම කවියකම ‘ඔබ අඳින ලද’, ඔබ හිටියේ, ඔබේ නිවසට පැමිණි විට, ඔබ සිටියේ සුදුවලාවක වැතිර, ඒ ඔබේ කට හඬ ඔබේ නමට පමණයි, සූම් පාඩමට විත් ඔබ අද හවස.. ආදී ලෙස මෙහි ලඔබල යනුවෙන් සැඟවුණු යටි බිම් ගත, පෙම්වතියකගේ බැඳීම කවියට බැඳ දමා නිවුන් පෙම්වතෙකු ලෙස පෙනී සිටී.
හදවතෙහි නොමැකෙන ඔබ රුව
සීගිරි අප්සරාවක් සේ
ඔබේ රුව ඇඳිණ
හද බිත
ඔබ සිටියෙ
වෙසක් කූඩුවක් හදමින්
ගැහැණු ළමයින් අතර
ඔබ කතුර අල්ලන විදිහ පවා
ප‍්‍රීතියක් ඇති කළා මා සිතට
ඔබ දෙසට
ඔබ කපන වෙසක් රැළි දෙසට
ඇස් දුවන එක
නතර කරගන්න
බැරිවිය මට
................ (39 පිටුව)
නිවුන් සිය කාව්‍යාවලියේ උත්කර්ෂයට නංවන තේමාවෙන් පිට මන් වන කවි කිහිපයක් මෙහි එයි. එයින් කවි දෙකක් මෙහි ලියා තැබිය යුතුය.
එයින් එකක් පාසලේ හමුවන දරිද‍්‍රතාවයේ ලකුණකි. එය නිවුන්ගේ කවිවල පුරුදු රිද්මය හ`ගවන්නකි.
දසමහ යෝධයෝ සහ කෙස`ග දරුවෝ
ප්‍රෞඪ ඉතිහාසයක්
ඇති රටක්
මෙ සිරිලක
ඇසෙයි
උදෑසන
ඉතිහාස
ගුරුතුමියගේ
කටහඬ
ඈනුම් අරින’තර
සුරනිමල
වේලූසුමන
ගෝඨාභය
ගල් කනු උරෙන් ගෙන ගිය
දස මහ යෝධයින් ගැන
වන පොත් පොත් කරති
මන්ද පෝෂණයෙන් පෙළෙන
දරු කැල
................... (58 පිටුව)
අනෙක් කවිය මතවාදී ගැටුම් අතර වෙන් වුණු කණ්ඩායම් දෙකක් මැද පලා යන , හුදකලා වන කවියෙකි. මේ නිවුන්ගේ හදබසයි.
එපස මෙපස නොරැඳී
ඇසෙයි මට
එපසින් මෙපසට
මෙපසින් එපසට
වචන හීසර
වදින හඬ
නො රැඳෙමි
එපස හෝ මේ පස හෝ
කිසි විට
නික්ම ගොස්
ඈතට
තනිවෙමි
......................... (44 පිටුව)
වසන්ත ප‍්‍රියංකර නිවුන්හැල්ල සිය අටවෙනි කාව්‍ය සංග‍්‍රහය තුළ නිවුණා ද. විවේකයෙන් සන්තාපයෙන් ආත්මය දෙස හැරී බලා ද. කොහොමටත් අතීත මතකයන් අවුස්සා රිද්දවා ගන්නවාට වඩා එහි හුමාලය වද්දා ගන්නා සේ ඔහු මතක ආඝ‍්‍රාණය කරයි. කවි පොත ජනගත කරන දා අදහස් දක්වමින් ඔහු අවධාරණය කළ කරුණකි. එහිදී ඔහු ප‍්‍රකාශ කළේ ගුරුවරයකු ලෙස තමන් ලියන අවසන් කවි පොත මෙය බවයි. එයින් ඔහු හැඟවූයේ වැඩ බිමෙන් වෙන්ව යෑමේ කැමැත්ත අකමැත්ත අතර මානසික සංක‍්‍රාන්තියයි. ‘සිත්තරා සහ සම්බුදු පිරිනිවන’ කවි ගෙත්තම ඔහු එකී සීමාවේ තබන්නේ එනිසා විය යුතුය.

Comments
Post a Comment