ප්‍රසාද් හෙට්ටිආරච්චි Menacing Landscapes




පෙබරවාරියේ කොළඹ ආශ්‍රිතව චිත්‍ර ශීල්පීන් දෙදෙනකුගේ ප්‍රදර්ශන පැවති බවත් ඉන් එකක් සුජිත්ගෙ ස්ථාපන ප්‍රදර්ශනය කියලා පළවෙනි පිටුවෙදිම අපි කිව්වනෙ.

දෙවැනි ප්‍රදර්ශනය තිබුණේ කොල්ලුපිටියෙ ‘බෙයාෆුට්’ ගැලරියේ. චිත්‍ර කලා නිර්මාණයේ වෙනස් සලකුණක් තබමින් සිටි ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ නිර්මාණ ප්‍රදර්ණය නම්කර තිබුණේ ‘තර්ජනකාරී භූදර්ශන’ :ඵැබ්ජසබට ඛ්බාිජ්චැි* වශයෙන්.

ජනශ්‍රැතිය, පුරා කතා, ආගමික කතා මෙන්ම ජනප්‍රිය සංස්කෘතිය ආදිය භාවිත කරමින් ප්‍රසාද් තම නිර්මාණ ඇසුරින් සමකාලීන සමාජ ආර්ථිකයේ දේශපාලනය සහ සංස්කෘතික ගැටලු අර්ථකථනය කරන්න උත්සාහයක් දරනවා. ගතානුගතික හෝ ශාස්ත්‍රීය චිත්‍රකලා ක්‍රමවේදයන් වෙනුවට බිතුසිතුවම් රූප ශෛලිය අනුගමනය කරමින් ඔහු මෙම ව්‍යායාමයේ යෙදෙන්නේ කොළඹ නගරයේ භූදර්ශනය වෙනස් කරමින් පැන නගින නව රටාව සහ එහිදී ඇතිවන සංස්කෘතික ගැටලු දෙස දෘෂ්ටියක් හෙළීමටයි. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ ඒ ආශ්‍රිතව කොම්පඤ්ඤ වීදියේ දැවැන්ත ඉදි කිරීම් හා නාගරික ජන සමාජයේ පැවැත්ම ඔහුගේ අවධානයට ලක්ව ඇත. මින් පෙර පැවැත්වූ ප්‍රදර්ශන දෙකක් තුළම ඔහු ඒ වෙනුවෙන් ගත් උත්සාහයේම ඉදිරි පියවරක් ලෙස මේ ප්‍රදර්ශනය සැළකිය හැකියි. විශේෂයෙන්ම රාවණ පුරාවෘත්තය, පාටාචාරා කතාව, අරාබි නිසොල්ලාසය වැනි මූලාශ්‍රයන් භාවිත කරන ප්‍රසාද්, නවලිබරල් ධනවාදයේ සමකාලීන සංකේතිකයන් ද පැතිමාන ලෙස ස්පර්ශ කරමින් තමන්ගේම අර්ථකථන සහිත සංකල්පකරණයකට උත්සාහයක් ගෙන ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර