කලා පුවත් විපරම - Art News Round Up
ආශාවරී
මැදිරිගිරියේ දැරියන් පිරිසකගේ දායකත්වයෙන් බිහි වූ ‘ආශාවරී‘ සංගීත කණ්ඩායම විසිරුවා හරින ලෙස දැනුම්දී තිබුණා. බාලවයස්කාරයන් වීම නිසා ඔවුන් සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රසංග වේදිකාවට නැඟීම නීති විරෝධී බවට පොලිසිය තීරණය කළා. එපමණක් නෙවෙයි, ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යා නොහැකියි කියලා චෝදනා නගා තිබෙනවා. මේ දක්වා ළමුන් යොදාගෙන මුදල් හම්බ කළ චිත්‍රපට, වෙළඳ දැන්වීම් හා වෙනත් ප්‍රාසාංගික අවස්ථා විශේෂයෙන් රියලිටි වැඩසටහන් ආදිය සම්බන්ධව පොලිසිය විසින් මේ චෝදනාව නැගුවෙ නැහැ. කොළෙඹ නගරයේ බලවත් වෙළඳ ආයතනවලින් ළමුන් යොදවා මුදල් ඉපයීම් නීතියට පටහැනි නොවන්නටත් මැදිරිගිරියෙ ගොවි දරුවන්ට සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යාම තහනම් වන්නටත් බලපාන නීතියේ වෙනස හඳුනාගත යුතුයි.
සුපර්ණකා
![]() |
ස්ත්‍රිය සම්බන්ධ කතා පුවත් බොහෝ විට ගොඩ නගනු බන්නේ පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. මෙම අභියෝගය ජයගැනීමට දරණ උත්සාහය සාහිත්‍ය කලාවන්ගේ මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවන්ගේ ප්‍රකාශමානවන තත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. කංචුකා ධර්මසිරිගේ ‘සුපර්ණකා‘ වේදිකා නාට්‍ය නිර්මාණය නොවැම්බර් 5 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊ.ඕ.ඊ. පෙරෙයිරා රඟහලේදී රංගගත කෙරුණා. එම නාට්‍ය නොවැම්බර් 12 වනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී දැක ගන්නට ලැබෙනවා.
‘රාවණ’ පරාවෘත්තයේ ‘සීතා’ චරිතය වටා මේ දක්වා ගොඩනගන ලද ගතානුගතික ස්ත්‍රී භූමිකාව වෙනුවට රාවණගේ නැගෙණිය ‘සුපර්ණකා‘ කේන්ද්‍ර කරගෙන ස්ත්‍රිය හා ස්ත්‍රී පුරුෂ සබඳතා සම්බන්ධ වෙනස් මානයකින් බලන්නට කංචුකා උත්සාහ කරනවා.
ආදුරු සාලෙයි
මෙවර රාජ්‍ය සමාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටින සිවලිංගම් ආරූලන් විසින් හිමිකරගැනීම අවධානයට ලක් විය.
සිවලිංගම් රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට මේ රාජ්‍ය සම්මානය හිමිවුවත් 2006 වසරේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ බවට සැක කරමින් ඔහු, අවුරුදු 16ක් කිසිදු චෝදනාවක් නැතිව මැගසීන් බන්ධනාගාරයේ අඳුරු සිරකුටියක දමා තිබෙනවා.
ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පශ්චාද් උපාධිය හදාරමින් සිටියදීය. මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් සිවලිංගම් ආරූලන් විසින් දෙමළ බසින් පොත් 7ක් සහ ඉංග්‍රීසි භාෂාවෙන් එක් පොතක් රචනා කර ඇති අතර මෙම පොත් සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා. 2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසින්.
රජා මං වහලා
නේපාල අන්තර් ජාතික නාට්‍ය උළෙලෙ ශ්‍රී ලංකේය නියෝජනය විදිහට චාමික හත්ලහවත්තගෙ ‘රජා මං වහලා’ නාට්‍යය තෝරාගෙන තිබුණත් නාට්‍ය කණ්ඩායමට කත්මණ්ඩු නගරය බලා යන්න මුල්‍ය හැකියාවක් නෑ.
ලෝකයේ රටවල් 84 කින් ඉදිරිපත් වූ'නාට්‍ය නිර්මාණ අතරින් අවසන් වටයේ නාට්‍ය 18 අතරට චාමිකගෙ නාට්‍ය තේරුණත් මේ රටේ කලාව සංස්කෘතිය වෙනුවෙන් වෙන්කරන බව කියන කිසිදු රාජ්‍ය ප්‍රතිපාදනයක් ඔවුන්ගෙ අවශ්‍යතාව වෙනුවෙන් හිමි වෙන්නෙ නෑ. 2016 රාජ්‍ය නාට්‍ය උලෙලේදී සම්මාන 10ක් දිනාගත් ‘රජා මං වහලා’ නාට්‍යයේ පිටපත 2019දි විශිෂ්ටතම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ගත්තා.
ප්‍රොසීනියම් වේදිකාව ඉක්මවා යන ආකෘතියකින් සියලු කලාවන් එක් කරමින් නිමවා ඇති මේ විචිත්‍ර නාට්‍ය නිර්මාණය නොවැම්බර් 6 වැනිදා එල්පින්ස්ටන් රඟහලේ වේදිකා ගත කෙරුණෙ අරමුදල් සෙවීමේ අරමුණින්. ලෝක නාට්‍ය වේදිකාවේ අවසන් වටයට යන ‘රජා මං වහලා’ කණ්ඩායමට සුභ පැතුම්!
Comments
Post a Comment