"අපි ජය ගනිමු!"

බේකරියෙ කට්ටිය සමග කලාකරුවන් සමාජ ක්‍රියාකාරිකයන් එක්වීම

අප්‍රේල් හිරු තාපයේ උණුසුම මැද ජනතා කෝපය ඇවිළ ගියේ පාලක රාජපක්ෂ පවුල මෙන්ම ඔවුන්ගේ අන්තේවාසිකයන් ජනතාවගේ අභියෝගයට ලක් කරමිනි. ගාලු‍ මුවදොර පිටිය වෙත ඒකරාශි වූ'තරුණ ප්‍රජාවකගෙන් ආරම්භ වූ විරෝධය, පොදු ජනයාගේ අරගල බිමක් ස්ථාපනය කරනු ලැබිණි.

මේ එම විරෝධතා බිමෙහි සීමාවන් ඉක්මවමින් කලා සංස්කෘතික අරගලයක නිරතවන කලාකරුවන්ය. ජෙහාන් ශ්‍රීකාන්ත, සුජිත් රත්නායක, අජිත් කුමාරසිරි, මිහිරි ප්‍රියංගනී යාපා ඇතුළු දීර්ඝ නාමාවලියක් මෙන්ම කලා සංස්කෘතික අවකාශයක් ලෙස ගතානුගතිකත්වයට හා මානව පීඩනයට එරෙහිව කැරලි ගැසූ බේකරියෙ කට්ටිය ආදීහු එහිදී මූලිකත්වය දුන්හ. 

සුජිත් රත්නායක: අරගල බිමේ දායකත්වය

මේ ලියන මොහොත වන විට ඒ පූර්වාදර්ශයන් ගෙන තරුණ කලාකරුවෝ අරගල බිමේ සිට පිටත සමාජයට ස්වකීය නිර්මාණාත්මක ශ්‍රමය හෙළමින් ජන අරගලය තවදුරටත් සක්‍රිය කරමින් සිටිති. රට පුරා ඇවිළ යන විරෝධතා බිම් තුළ සංස්කෘතික අරගලයක පෙරගමන්කරුවන් ලෙස ඔවුන්ටද කාර්යභාරයක් පැවරී ඇත.

සහෘදයිනි, මේ අරගලයේ අවසන් අරමුණු වෙත ගෙන යන්නට සමත් දේශපාලන වටපිටාවක් නිර්මාණය කරගත යුතුව ඇත. එය සාමුහික ක්‍රියාදාමයකි. 

නමුත් කලා සංස්කෘතික ක්ෂේත්‍රයේදීත් දේශපාලන ක්ෂේත්‍රයේදීත් මහජන පරිමණ්ඩලය පොහොසත් කිරීමට දරනු ලබන වෑයමෙන් අප ජය ලබනු ඇත. එය ගාලු‍ මුවදොරට සීමා නොවන අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්ද වනු ඇත.

ජෙහාන් ශ්‍රීකාන්ත කුරුසිය රැගෙන එමින්


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?