යටත්වීම වෙනුවට...
අත් ඔසවා යටත්වීම හැර විකල්පයක් නැති වන්නේ අක‍්‍රිය මිනිසුන්ටය.
අපේ සමාජයට වසංගත නැතිවාට උපද්‍රව නම් බොහෝ තිබිණි. දැන් මේ වසංගතයද අප යටත් කිරීමේ දිශාවට ගමන් කරමින් තිබේ. දෙපයින් නැගී සිටි කාලයේ සිට මානව ශිෂ්ටාචාරයේ මුලූ ඉතිහාසය පුරාම මිනිසුන් එවැනි උපද්‍රවවලදී යටත් වූයේ නැත. දිවි දෙවැනි කොට ක‍්‍රියාත්මක වී මනුෂ්‍යත්වයට එරෙහි සියලූ උපද්‍රව පරාජය කළේ යටත්වීම වෙනුවට ක‍්‍රියාත්මක වීම තෝරාගත් මිනිසුන්මය. පුද්ගලයන් ලෙසත් සාමුහිකවත් මනුෂ්‍යත්වය අභිබවා යන සතුරු බලයන් පරාජය කිරීම, මිනිස් වර්ගයාගේ අභිමානවත් අපරාජිත ගමනේ රහස විය.
පරාජිත මිනිසුන් ලෙස අපව පෙලන්නට අවශ්‍ය වන්නේ, ඒ සඳහා සැලසුම් සකස් කරන්නේ නියෝග, අණ පනත් නීති සම්පාදනය කරන්නේ දුෂ්ට පාලකයන්ය. හිස ඔසවා ඉදිරියට යන, මනස යොදවා විමසන, ගතින් සිතින් වෙහෙසව ජීවත්වන මිනිස් සමූහයකට, ඒ අපරාජිත මනුෂ්‍යත්වයට මුහුණ දෙන්නට අසමත් පාලකයන් වහා වහා සූදානම් වන්නේ බලහත්කාරයෙන් මිනිසුන් යටත් කරවා සිය පාලනය මුලූ වෙර යොදා ආරක්ෂා කරගැනීමට මිස උපද්‍රවයෙන් ගැලවිය හැකි ලෙස ජන සමූහයා ඔසවා තැබීමට නම් නොවේ.
පාලකයන්ගේ සූත‍්‍රය වන්නේ එක් ආකාරයකින් නොහැකි නම් වෙනත් ආකාරයකින් ජනයා යටත් කිරීමය. පාලක නියෝග නුරුස්සනා ජනයා යටපත් කිරීමට හැකි හොඳම ක‍්‍රමය උන් වසංගතවලට හෝ වෙනත් උපද්‍රවවලට බිලිදීමය.
වසංගතය හමුවේත් හිස ඔසවා මිනිසුන් ලෙස ඊට මුහුණ දෙන්නට නම් මිනිස් අභිමානය, සාමුහිකත්වය අපට අවැසිය. වසංගතයත් පාලන උපක‍්‍රමයක් ලෙස යොදාගන්නා පාලක පෙලැන්තියට යටත්වීම හෝ යටහත්වීම නවතා, වඩා යහපත් ලෝකයක් ප‍්‍රාර්ථනා කරන, ඒ වෙනුවෙන් සිතන, පතන, වෙහස වී වැඩ කරන, මිනිස් සාමුහිකත්වය, මනුෂ්‍යත්වය වෙත දෑත් ඔසවා එකතු වෙමු.
Comments
Post a Comment