යුක්තිය ඉල්ලා සිටීම!


ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය සම්බන්ධයෙන් විරෝධතා තවදුරටත් ඇවිල යද්දී ඒ විරෝධතා සමග එක්වන මේ දැරිය පවසන්නේ තමන්ගේ උපන් දිනය නාස්ති කිරීම ගැනය. ෆ්ලොයිඞ් සාහසික ලෙස ඝාතනය කළ පොලිසිය විසින් එක්සත් ජනපදයේ ජනයාගේ කෝපය අවදි කරමින්, හෘද සාක්ෂිය අවදි කරමින් ඔවුන් දස දහස් ගණනින් වීදිවලට ඒ්කරාශි කළේ ‘මට හුස්ම ගන්න අමාරුයි!’(I can't Breathe!)  යන තේමාව පදනම් කරගෙනය. ඒසේම අප‍්‍රිකානු සම්භවයක් ඇති ජනයාගේ නිදහස සම්බන්ධ දිගු කාලයක් ගෙන ආ ‘කලූ ජීවිත වැදගත්!’(Black Lives Matter) යන සටන් පාඨයද නැවත අවධාරණය කරනු ලැබේ. තමන්ගේ පෞද්ගලික කාරණා පසෙක තබා සමේ වර්ණය නිසා කෙනෙහිලිකම්වලට ගොදුරු කරමින් ඉතිහාසයක් පුරා අවමානයට, අමානුෂික සැලකිල්ලට ලක්කළ සහෝදර ජනතාව වෙනුවෙන් සාතිශය බහුතරයක් අමෙරිකානුවෝ හ`ඩ නැගූහ. මේ 

දැරියට ඒ් විරෝධතා සමය නිසා සිය උපන් දිනය නිසි ලෙස සැමරීමට හැකියාවක් නැත. 

ඇය උපන් දින ත්‍යාග ලෙස ඉල්ලන්නේ බෝනික්කකු හෝ වෙනත් එවැනි යමක් නොවේ. .මගේ උපන්දිනයෙදි  ඕන ඒකම දේ, යුක්තිය!’(All I want in my birth day, Justice!) ඒ උපන් දිනය දවසේ  ඇගේ එකම ආයාචනයයි. 

මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්, අයුක්ති සහගත තත්වයන්ට ඒරෙහිව, සමානාත්මතාව වෙනුවෙන් මේ පුංචි දැරියගේ නියෝජනය වැදගත්ය. 

එක්තරා සුදු ජාතික මවක් සිය පාසල් වයසටවත් ළඟා නොවූ දරුවන් විරෝධතා මැදට ගෙනැවිත්  මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේ මෙවැන්නකි.

”එයාලා ප‍්‍රවෘත්තිවල යන දර්ශන දැකලා මගෙන් ප‍්‍රශ්න අහනවා... මොකද මේ වෙන්නෙ කියලා එයාලට ප‍්‍රශ්නයක්... ඒ් නිසා මම එයාලට ඇත්ත දැනගන්න අවස්ථාවක් ලබා දෙනවා...” 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?