වසංගත සමයේ සිනමාව



වසංගත ආසාදන සම්බන්ධ කතා පුවත් ඇසුරින් නිර්මාණය වූ සිනමා නිර්මාණවලට වැඩි අවධානයක් ලැබිණි. මේ කෙටි සටහන, වැඩි අවධානයකින් එකිනෙකා සමග හුවමාරු කරගනිමින් බාගත කරගනිමින් ලංකාවේ සහෘදයන් ද නැරඹූ එවැනි චිත‍්‍රපට කිහිපයක් සම්බන්ධවය.


The Flu
දකුණු කොරියාව වෙත භාණ්ඩ ප‍්‍රවාහන කන්ටේනරයක් මගින් පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් හරහා ඇතුලූවන මාරාන්තික වෙරෙසයක් නිසා සම්පුර්ණ නගරයක් මරණය අභිමුවට යන ආකාරය දැක්වෙන සිනමා නිර්මාණයකි. මිනිස් ජීවිත හුදු ඉලක්කම් බවට පත්වී ආසාදනය නොවූු පිරිස් සමග මුළු නගරයම වසා දමා මියයන්නට ඉඩහරින තීන්දුවත් එයට එරෙහිව ජීවිත වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේත් කථාවයි The Flu. 2013 වසරේ නිකුත්වූ මෙම චිත‍්‍රපටය Kim Sing-su නම් කොරියානු අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ කාර්යයකි.


Train to Busan
අසාමාන්‍ය ලෙසින් පැතිරෙන වෛරසයක් මගින් මිනිසුන් මෘගයන් බවට පත්වෙයි. තම දියණියගේ උපන්දිනය දින ඇයව ඇයගේ මව වන සිය පෙර බිරිඳ වෙත රැුගෙන යන පියකු හා දියණියක වටා චිත‍්‍රපටය දිවෙයි. තමන් පසුකර යන නගර එකින් එක අසාදනයෙන් බිඳවැටෙන අතර දුම්රියේ මගීන් තම දිවි රැකගනිමින් ආරක්ෂිත Busan නගරය වෙත යාමට කරණා අරගලය නිරුපණය වෙයි. තම පැවැත්ම අභියෝගයට ලක්වන තැන මතුවන අවස්ථාවාදී නරුමත්වයත් මනුෂ්‍යත්වයත් මෙහිදී අපට හමුවෙයි. 2016 වර්ෂයේදී තිරගතවූ ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපටයකි.


Virus
සත්‍ය කතාවක් පදනම් කරගත් චිත‍්‍රපටයකි. කේරළ ප‍්‍රාන්තයේ ව්‍යාප්තවන ‘නේපා’ නම් මාරාන්තික වෛරසයක් මැඩලීමට කේරළයේ සෞඛ්‍ය අංශ ගන්නා වෙහෙස හා කැපකිරීම නිරූපිතය. එම වෛරසය කේරළයේ ප‍්‍රදේශ කිහිපයකට සීමා කරගනිමින් බාහිර ලෝකයට එය ගමන් කිරීමට ඉඩ ලාබා නොදෙමින් ඉතා වගකීම් සහගත ලෙස අදාල පිරිස් කටයුතු කරන ආකාරය දැකගත හැකියි. කේරළයේ නේපා ව්‍යාප්තිය ඉතා කුඩා ආසාදිතයන් ප‍්‍රමාණයකින් නවත්වා ගැනීමට හැකියාව ලැබුණු අතර එසේ නොවන්නට තවත් දකුණු ආසියානු ඛේදවාචකයක කතාවක් ඉතිහාසයට එක්වීමට ඉඩ තිබුණි.


The Outbreak
කාලයකට පෙර අප‍්‍රිකාවේ අමෙරිකානු හමුදා කඳවුරක සෙබළුන් අතර හදුනා නොගත් රෝග යක් පැතිරෙන අතර එය පෙර කිසිදා හමු නොවූ මාරාන්තික වෛරසයක් බව හදුනා ගනී.
ආසාදිත හා ආසාදිත නොවූ සියළු සෙබළුන් සමග හමුදා කඳවුර විනාශකර දමන අතර එම වෙරෙසය ජෛව අවියක් ලෙස ඇමරිකානු විද්‍යාගාර වල රහසිගතව තැන්පත්වෙයි. අප‍්‍රිකාවෙන් ඇමරිකාවට අපනයනය කරන ලද වඳුරකු හරහා මෙම වෛරසය නැවත ඇමරිකාවෙන්ම හමුවන අතර මෙවර එය පරිණාමයවී වඩා භයානක වෙරෙසයක් බවට පත්වෙයි. අසාදිත ග‍්‍රාමීය කුඩා නගරයක් සියළුම නගර වැසියන් හා වෛරසය සමග විනාශ කර දැමීමට පහසු තීරණයක් පාලකයන් විසින් ගන්නා අතර එය වැළැක්වීමට හැකි ඉක්මනින් ප‍්‍රතිජීවකයක් සොයා ගැනීමට පරීක්ෂකයන් සටන් වදී. 1995 වසරේ තිරගතවු හොලිවුඞ් චිත‍්‍රපටයකි.


12 Monkeys
හඳුනා නොගත් රෝගයක් නිසා අනාගතයේදී ලෝකයේ මිනිසුන් විශාල වශයෙන් මියයන අතර ඉතිරිවන පිරිස පොළව අභ්‍යන්තරයේ ජීවත්වෙයි. මේ අතර අතීතයට යාමට ක‍්‍රමයක් සොයාගන්නා අතර ඒ අනුව අනාගතයෙන් අයෙක් වර්තමානයට පැමිණෙන්නේ එම රෝගය ව්‍යාප්තිය ආරම්භවන ආකාරය හඳුනාගෙන එය වැළැක්වීමටයි. 1995 වසරේදී තිරගතවූ සම්මානනීය චිත‍්‍රපටයකි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?