Posts

දරුවන් බිලිදීම: Sacrifice of Isaac

Image
පහත පළවන  කල්ප රාජපක්ෂගේ සේයාරුවෙන් දැක්වෙන්නේ පේරාදෙණි සරසවියේ රුක් සෙවණක විවේකයෙන් සිටින පාසල් දරුවන් පිරිසකි. ඊට පහළින් දැක්වෙන්නේ පැරණි බයිබලයේ කියැවෙන ‘ඉසාක් බිලිදීම’ නමැති සිදුවීම චිත්‍රශිල්පියකු දැක ඇති ආකාරයයි. මෙය 1720දී ගියොවන්නි බැටිස්ටා පිටනි නමැති ඉතාලි කලාකරුවාගේ නිර්මාණයකි. පැරණි බයිබලයේ එන ආකාරයට, දෙවියන්ට ඇති පක්ෂපාතිත්වය පරික්ෂා කරනු පිණිස සිය දරුවා, ඉසාක් බිලිදෙන ලෙස ඒබ්‍රහම්ට නියම කරනු ලැබිණි. ඒ අනුව සිය දරුවාගේ දෑස් බැඳ බිලිදෙන්නට සූදානම් වෙද්දී දේවදූතයකු පැමිණ ඔහු වළක්වාලයි. කුඩා දරුවන් හා කාන්තාවන් මරා දමමින් ඇදී යන පලස්තීන සංහාරය හමුවේ පමණක් නොව ලාභය හඹා යන ධනවාදය තුළද අප ජීවත්වන ලෝකයේ මිනිසුන්ට සිදුව ඇත්තේ සිය දරුවන් බිලි දෙන ම්ලේච්ඡ, නරුම, අයුක්තියක් ඉවසා දරා සිටින්නටය. ඔවුන් ගලවා ගන්නට දේවදූතයන් පැමිණෙන්නේද නැත. ජීවිතය ආරම්භ කරන වයසේ දරුවන්ට විඳින්නට ජීවිතයක් දෙනු වෙනුවට ඔවුන් බිලි දෙන ලෝකයක් මිනිස් වර්ගයා විසින් නිර්මාණය කර ඇත. දේවදූතයන් හෝ ගැලවුම්කරුවන් අපේක්ෂාවෙන් සිටිනු වෙනුවට කළ යුතු කුමක්දැයි මිනිසා තීරණය කළ යුතුව ඇත. (කල්ප රාජපක්ෂ - පේරාදෙණි සරසවි ...

‘රහස් කියන කඳු‘: සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස

Image
සිංහල සිනමාව තේමාත්මක වශයෙන් නූතන, තීක්ෂණ මෙන්ම විවිධත්වයෙන් පොහොසත් කලා ශානරයක් වලස හඳුන්වා දීමේ වරදක් නැත. විශේෂයෙන් ම පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන් අතින් ඒ සඳහා ලැබී ඇති දායකත්වය ප්‍රශස්ත ය. එහෙත් ඒ අතර ඔවුන් අතින් පවා මඟහැරුණු එහෙත් මතු කර ගත යුතුව  පවතින අතිශය වැදගත් තේමාත්මක මානයන් කිහිපයකි.    ශ්‍රී ලංකාව නමැති අපරාධ රාජ්‍ය ක්‍රියාත්මක වන ආකාරයත් එහෙත් එය ධර්ම රාජ්‍යයක් ලෙස  පවත්වාගෙන යෑමට හැකි වී ඇති ආකාරයත් මෙතෙක් සිංහල සිනමාවෙන්  සංවාදයට ලක් වී නොමැති එබඳු තේමාත්මකයක් ලෙස පෙන්වා දිය යුතුය. 1971 අප්‍රේල් අරගලය, 88 - 92 තරුණ සංහාරය හා තිස් අවුරුදු යුද්ධයත්   ඒ සම්බන්ධ ඇති තරම් අත්දැකීම් සපයා ඇති තත්වයක් යටතේ පවා මෙරට සිනමාවේදීන් ඒ සම්බන්ධයෙන් දක්වන නිහඬ භාවය පුදුම උපදවන සුළු ය.   ලෝක මට්ටවේ දී Santiago Mitre විසින් අධ්‍යක්ෂණය කරන ලද Argentina 1985,  Percy Adlon විසින් අධ්‍යක්ෂණය කරන ලද Five Last Days(ජර්මානු), Shaka King විසින් අධ්‍යක්ෂණය කරන ලද Judas and the Bl...

Song Zone- පිටකවරෙ

Image
තනුව, සංගීතය හා ගායනය : සංජීව් ලෝන්ලියෙස් පද රචනය : අත්තිඩියේ පුඤ්ඤරතන හිමි මේ සින්දුව ගැන කතා කරද්දි තීරණාත්මක වෙන කාරණයක් තමයි මේ සින්දුව වර්ගීකරණය කරන ස්ථානය. ‘අමු සින්දු’ කියන කැටගරියකට තමයි මේ සින්දුවෙ නිර්මාපකයො මේ සින්දුව දාන්නෙ. එතකොට අපි බලන්න ඕන කාරණයක් තමයි මොනවද, මේ ‘අමු සින්දු’ කියලා කියන්නෙ කියන එක.මේ කියන ‘අමුකම’ එතකොට සින්දුවට අදාළ අන්තර්ගතමය(ජදබඑැබඑ) කොටසෙ යි ස්වරූපමය(දෙරප) කොටසෙ යි කියන දෙපැත්තෙ ම තියෙන්න ඕන කියන එක නිශ්චිත යි. සින්දුවෙ අන්තර්ගතය අමු වෙනවා කියන එකේ අදහස ඒකෙ සාහිත්‍යයමය පැත්ත අමු වෙන්න ඕන කියන එක. ඒ කියන්නෙ මේ මොහොතේ අධිපතීත්වයට නැංවී තියෙන තේමා සහ දෘෂ්ටිවාද මේ අමු සින්දුවක දී අභියෝගයට ලක් වෙන්න ඕන. සාම්ප්‍රදායිකව සින්දු විදියට අධිනිශ්චය වෙලා තියෙන සරල ගීතවල ඉඳලා ශාස්ත්‍රීය ගායනාවන් දක්වාත් ජනප්‍රිය ගීතයේ ඉඳලා නන්ස්ටොප් වෙනකනුත් අහන්න ලැබෙන සින්දුවල තියෙන අධිපති අන්තර්ගතයට මේ සින්දුවෙන් කොයිතරම් අභියෝග කරලා තියෙනව ද, කියන එක මෙතන දි පරීක්ෂා කරන එක වැදගත්. ඒ පැත්තෙන් බැලු‍ව ම මේ සින්දුවෙ තියෙන  ‘අමු’ කියලා කියන්න පුළුවන් අදහස වෙන්නෙ සිංහල බෞද්ධ මධ්‍...

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

Image
2019 ජූලි මාසයේ දවසක් (2022) රාජිත දිසානායක “සිංහල වේදිකා නාට්‍ය කලාව” තුළ අඛණ්ඩ කලාත්මක, දේශපාලන අරගලයක යෙදී සිටින නාට්‍යකරුවෙකි. යොවුන් නාට්‍ය කරුවෙකු ලෙස ‘සක්වාදාවල’, ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද?’ යන සිය මුල්කාලින නිර්මාණ ත්‍රිත්වයෙන් අනතුරුව, ‘වීරයා මැරිලා’ වේදිකා නාට්‍ය හරහා, වෘත්තීය පරිණතභාවයක් සහිත නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිදු  කළ නාට්‍ය නිර්මාණ ප්‍රමාණය 13කට ආසන්න වනවා මෙන්ම කලාත්මක කාර්ය අතින්ද බරපතළය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලෙදී අපට නැරඹීමට හැකි වූ ඔහුගේ ‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍යද, ඔහුගේ සෑම නිර්මාණයක් මෙන්ම, අප ජීවත්වන සමාජය  කෙරෙහි සිදු කළ බරපතළ කාලාත්ම මැදිහත්වීමකි. එහෙයින් මෙවර රළ කලාපය තුළ ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කිරීමට අප තීරණය කළා.  ‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය ආරම්භ වනුයේ, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු වූ ධනුෂ්ක, කලක් විදේශ ගතව සිටි සිය ඉපරණි පාසල් පෙම්වතියක වූ දිනූෂි මුණ ගැසීමෙනි. දෙදෙනාගේම මිතුරෙකු වූ සුරවීරට අයත් මහල් නිවාසයේදී යොදාගත් හමුවීම අතර මැද, ධනුෂ්කට හදිසියේ ආපසු නිවස කරා යාමට සිදුවනුයේ, එම මහල් නිවාස සංකීර්ණයට 'මරාගෙන ...

ඉල් මහේ කවි

Image
 1987-89 අරගලය, මර්දනය කර සටන්කාමී විප්ලවවාදීන් ගින්නෙන් හා යකඩින් නිහඬ කරවා, ජනතාව භීතියට ඇද දැමූ පාලක ඝාතකයන් ජය පැන් බොන විට, අරගලයේ සහෘද කවියෝ ස්වකීය ආදරණීයයන්ගේ වියෝගය මෙන්ම සමස්ත සමාජයක් මුහුණ දුන් කම්පනය අකුරු බවට පත් කළහ. බියකරු සමයෙන් පසු, වසර ගණනාවක් යනතුරුම ඒ ප්‍රකම්පිත හදගැස්ම, පුවත්පත් පිටු මත කවියෙන් සටහන් කෙරුණි.  මුදලින් හා පදක්කමින් යහමින් ගෙවනු ලැබූ දඩ බල්ලන් අරගලයේ අක්මුල් සොයා යමින් ලේ සුවඳ ඉව කරද්දී උන්ට අභියෝග කරමින් ආරූඪ නාමයන්ගෙන් පමණක් නොව සැබෑ නමින්ද පත්තර මත සිය හෘදසාක්ෂිය සටහන් කරන්නට තරම් ඒ පෑන් පහරවල් නිර්භීත විය. එයින්ද ඔබ්බට ගොස්, මානව සමාජය සුවපත් කිරීමේ උස් අරමුණු දරාගෙන ජීවිත අවදානමට මුහුණ දුන් නිසාම අනේක වධ බන්ධනයට ගොදුරු කෙරුණු, දිවි අහිමි කෙරුණු ආදරණීය විප්ලවවාදීන්ගේ පුනරාගමනයක් සන් කරන්නට පවා ඔවුහු නොපැකිළුණාහ. දැන් දශක දෙකකට වැඩි කාලයක් ගෙවී,'ඇතැමුන්ට ඒ රුදුරු මතකයන් අමතකව ගොසිනි. එහෙත් එදා පෑන් තුඩුවලින් ජනකායකගේ වේදනාව, වීරත්වය, මානව ප්‍රේමය සටහන් කළ ඒ කවි, දිවි පිදුවන්ගේ උදාරත්වය නැවත නැවත අප හදවත්වලට මනාව සමීප කරවන්නට සමත්ය.  ඒ ...

Song Zone - අඳුරු කුටිය තුළ

Image
  ගායනය : ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර ඇතුළු පිරිස පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අපි මේ පාර කතා කරන්න තෝර ගත්තෙ පරණ සින්දුවක්. මේ සින්දුව ලංකාවෙ වාමාංශික දේශපාලන වේදිකාවල පවා පට්ට ගහන මැයි දින වේදිකාවෙත් සද්දෙට දාන සෑහෙන ප්‍රගතිශීලී සින්දුවක් විදියට සම්භාවනාවට පාත්‍ර වෙච්ච එකක් බව ඔබ දන්නවා.  ඒ වුණාට මේ සින්දුව ඇතුළෙ ගැබ් වෙලා තියෙන අන්තර්ගතයට අදාළ දාර්ශනික සංවාදය නිවැරදිව ග්‍රහණය කර ගන්න කෙනෙකුට නම් මේ සිංදුව එක්ක වැඩි දුරක් ගමන් කරන්න වෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න නම් ලෝකෙ රොමෑන්තිකවාදය නිර්මාණය වෙන්න පෙර යුරෝපීය සමාජයේ ක්‍රිස්තියානිය ලෞකිකරණය වීමේ ඉතිහාස කතාව දැන ගෙන ඉන්න එක වටිනවා.  ක්‍රි.ව. 16 වන සියවසෙන් පස්සෙ යුරෝපීය සමාජය ඇතුළෙ සිද්ධ වෙච්ච දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනයන් එක්ක තවදුරටත් ක්‍රිස්තියානියෙ ප්‍රභූත්ව ලක්ෂණ දෙදරුම් කන්නට වුණා. පුනරුදය, බුද්ධි ප්‍රබෝධය, කාර්මික විප්ලවය ආදිය මඟින් පැරණි ක්‍රිස්තියානියෙ ඉගැන්වීම් ඒ විදියට ම ඉස්සරහට අරගෙන යන එක සෑහෙන අමාරු වුණා. දෙවියන් ගැන පවා තිබුණු විශ්වාස පද්ධති...