Song Zone- පිටකවරෙ
තනුව, සංගීතය හා ගායනය : සංජීව් ලෝන්ලියෙස්පද රචනය : අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
මේ සින්දුව ගැන කතා කරද්දි තීරණාත්මක වෙන කාරණයක් තමයි මේ සින්දුව වර්ගීකරණය කරන ස්ථානය. ‘අමු සින්දු’ කියන කැටගරියකට තමයි මේ සින්දුවෙ නිර්මාපකයො මේ සින්දුව දාන්නෙ.
එතකොට අපි බලන්න ඕන කාරණයක් තමයි මොනවද, මේ ‘අමු සින්දු’ කියලා කියන්නෙ කියන එක.මේ කියන ‘අමුකම’ එතකොට සින්දුවට අදාළ අන්තර්ගතමය(ජදබඑැබඑ) කොටසෙ යි ස්වරූපමය(දෙරප) කොටසෙ යි කියන දෙපැත්තෙ ම තියෙන්න ඕන කියන එක නිශ්චිත යි.
සින්දුවෙ අන්තර්ගතය අමු වෙනවා කියන එකේ අදහස ඒකෙ සාහිත්‍යයමය පැත්ත අමු වෙන්න ඕන කියන එක. ඒ කියන්නෙ මේ මොහොතේ අධිපතීත්වයට නැංවී තියෙන තේමා සහ දෘෂ්ටිවාද මේ අමු සින්දුවක දී අභියෝගයට ලක් වෙන්න ඕන. සාම්ප්‍රදායිකව සින්දු විදියට අධිනිශ්චය වෙලා තියෙන සරල ගීතවල ඉඳලා ශාස්ත්‍රීය ගායනාවන් දක්වාත් ජනප්‍රිය ගීතයේ ඉඳලා නන්ස්ටොප් වෙනකනුත් අහන්න ලැබෙන සින්දුවල තියෙන අධිපති අන්තර්ගතයට මේ සින්දුවෙන් කොයිතරම් අභියෝග කරලා තියෙනව ද, කියන එක මෙතන දි පරීක්ෂා කරන එක වැදගත්.
ඒ පැත්තෙන් බැලුව ම මේ සින්දුවෙ තියෙන ‘අමු’ කියලා කියන්න පුළුවන් අදහස වෙන්නෙ සිංහල බෞද්ධ මධ්‍යම පාන්තික සුචරිතවාදයට එරෙහි වීම.
‘ටැටුව බලල චරිතෙ ලියන
ගොඩක් උන්ට කෝමා’
‘අපි පොතට කලින් හැමදාමත්
පිටකවරෙ ම බැලුවෙ’
ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුව ම අදහසක් විදියට මේකෙ ඔය කියන තරම් ‘අමුකමක්’ තියෙනවා කියලා කියන්නත් බෑ. 1990 දශකයේ වගේ කියවුණා නම් අලුත් අදහසක් වගේ දැනෙන්න ඉඩ තිබ්බට දැං ඔය කියන අදහස සාමාන්‍යකරණයට ලක් වෙච්ච එකක්.ඒ විතරක් නෙවෙයි ඔය කියන රස්තියාදුකාරකම පවා මේ වෙනකොට ගීතදේව වගේ සංගීතඥයෙකු අතින් විවේචනයට ලක් වෙලා අවසන්.
‘මාලෙ ගෙලේ චේ පපුවෙ
කිසිම දෙයක් නෑ ඔළුවෙ’
එහෙම බලනකොට ගීතදේව ගේන අදහස අපේ මේ සින්දුවට වඩා දේශපාලනික වශයෙන් සෑහෙන ඉදිරිගාමී කියලා කියන්න පුළුවන්. ඔව්...ඇත්ත තමයි... අපේ මළගෙදරට උදව්වට ඉන්නෙ කන විඳලා කරාබු දාපු කොණ්ඩෙ වවපු, ටැටුව ගහලා සූස්තිය අඳින අපේ යාළුවා තමයි. හැබැයි ඒක ආයෙ කියන එකේ නෙවෙයි ”අමුව” තියෙන්නෙ. අන්න ඌගෙත් ”අඩුව” කියන එකේ තමයි වැඩේ තියෙන්නෙ.
‘පපුව ඇතුළෙ චේ ගුවේරා
ඕෂෝ දළයි ළාමා’
ගීතදේව කියන්නෙත් මේක ම තම යි. හැබැයි හදවතේ විතරක් වීරයො තියාගෙන හිටියට වැඩක් තියෙනවද, කියලා අහන එකේ ඊට වඩා වැඩි රැඩිකල් බවක් තියෙනවා. අන්න එතකොට තමයි තේරෙන්නෙ පිටකවරෙ විතරක් නෙවෙයි ඇතුළෙ වුණත් දේවල් තිබ්බට වැඩක් නෑ ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් කියලා.
හදවතේ චේ, ඕෂෝ, දලයි ලාමා හිටියට වැඩක් නෑ කියන එක මේ සින්දුව ඇතුළෙ ම තහවුරු වෙන තැනක් තියෙනවා.ඒ තමයි මේ සින්දුවෙන් මතු වෙන ස්ත්‍රී දෘෂ්ටිය. ඒක තියෙන්නෙ අතිශය පසුගාමී තැනක. මේ බලන්න...
‘පිටුව පෙරළුවට සීතා
පොත දන්නවා රාමා
නටුව දන්නෙ මල් වෙනුවෙන්
දරා ගත්ත සීමා’
මෙතන දි මේ සින්දුවෙ නිර්මාපකයො ‘රාමා - සීතා’ ප්‍රබන්ධයේ නිර්මාතෘන්ටත් වඩා පුරුෂාධිපති වැඩවසම් දෘෂ්ටියකට පසු බහිනවා. රස්ටා කොල්ලෙක් ගැන සංවේදී වෙන ගමන් ගෑනු ගැන එහෙම හිතෙන එකෙන් කියවෙන්නෙ මොකක්ද ?
ඒ තමයි ඇත්තට ම අදහස් කියන්නෙ ක්‍රියාත්මක වෙන දෙයක් කියන එක. අදහස් කොච්චර සුන්දර ද කියලා තීරණය වෙන්නෙ ඒවා භාවිත වෙන විලාසය අනුව. ඒ නිසා චේලා පොතේ පිටකවරෙ විතරක් නෙවෙයි පොත ඇතුළෙ හිටියත් වැඩක් නෑ.
ස්වරූපමය පැත්තෙන් මේ සින්දුවෙ තියෙන ‘අමු’කම මොකක්ද, කියලා ඊළඟට බලන්න ඕනෙ. එතකොට අපිට පේනවා සින්දුවට භාවිත කරලා තියෙන්නෙ ගිටාර් එක විතර යි කියන එක. ඉතිං ගිටාර් එක විතරක් භාවිත කළා ම ඒක ‘අමු’ වෙනවද ? අපි හිතන්නෙ එහෙම වෙන්නෙ නෑ. ‘අමු’ වෙන එක තීරණය වෙන්නෙ පාවිච්චි කරන වාදන භාණ්ඩ සංඛ්‍යාව අනුව නෙවෙයි; ඒවා පාවිච්චි වෙන්නෙ කොහොමද, කියන එක උඩ.
පොඩි ළමයින්ට පවා මතක හිටින තනුවක් මේ සින්දුවෙ තියනවා තමයි. ඒ වුණාට ඒ මතක හිටින්නෙ මේ සින්දුවෙ තියෙන සරලකම නිසා මිසක් වෙන මැජික් එකක් නිසා නෙවෙයි. ‘අමු’කම ඇතුළෙ සරල බව තියෙන්න පුළුවන්. හැබැයි සරල වුණා කියන එකෙන් ම ඒක ‘අමු’ කියලත් කියන්න බෑ. වෙන විදියකට කියනව නම් ඉතා ම සරල වෙච්ච පළියට ජන ගීත අමු යි කියලා කියන්න බෑ.සංජීවගෙ සින්දුවල ගොඩක් අපිට ඇහෙන්නෙ ඒ ජන ගී හඬ මිසක් අමු හඬක් නෙවෙයි.
අජිත් කුමාරසිරි, ගීතදේව, අමිල සඳරුවන් වගේ සංගීතඥයන්ගෙ වැඩ එක්ක සන්සන්දනය කරද්දි මේ අඩුව අපිට මේ සින්දුවෙ තදින් දැනෙනවා කියලා ලියන්න ඕන.
මේකෙන් කියවෙන්නෙ ‘පිටකවරය’ සම්බන්ධයෙන් මේ සින්දුවෙන් කරන යෝජනාව, මේ සින්දුවට අදාළවත් ඇප්ලයි කරන්න ඕන කියන එක. ඒ කියන්නෙ සින්දුවක වුණත් නාමකරණය, ගායකයාගෙ විදිය, එයමපඉබ්සක එක, වීඩියෝ එක වගේ දේවල් බලලා නිගමනයවලට එළඹෙන්න හොඳ නෑ කියන එක.
අඩු ම තරමෙ එහෙම සින්දුවක් අමු ද, ඉදිල ද කියලවත් හොයා ගන්න බෑ.
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ
පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා//
සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ
දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ///
Comments
Post a Comment